Watch Trailer

V (2020) Sinhala Subtitles | “වි”ජයග්‍රහණය…!!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් අඩවියට පිවිසි සියලුම සහෝදර සහෝදරියන් හට. ඔබ තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවෙන තුරු මග බලාගෙන ඉන්න ඇති මට හිතෙන විදිහට. මොකද හැමෝම එනකන් ඇඟිලි ගනිමින් සිටි බයිස්කෝප් එකක් තමයි මේ උස්සන් එන්න හදන්නේ. කොවිඩ් උවදුර නිසා පහුගිය මාර්තුවෙන් පස්සේ හරිහමන් චිත්‍රපටි…

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් අඩවියට පිවිසි සියලුම සහෝදර සහෝදරියන් හට. ඔබ තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවෙන තුරු මග බලාගෙන ඉන්න ඇති මට හිතෙන විදිහට. මොකද හැමෝම එනකන් ඇඟිලි ගනිමින් සිටි බයිස්කෝප් එකක් තමයි මේ උස්සන් එන්න හදන්නේ. කොවිඩ් උවදුර නිසා පහුගිය මාර්තුවෙන් පස්සේ හරිහමන් චිත්‍රපටියක් අපි හැමෝටම බලාගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ නොවැ. බොහොම සීමිත චිත්‍රපටි ප්‍රමාණයක් තමයි පහුගිය මාස ගාන තිස්සෙම හැමෝටම අලුතින් බලන්න හම්බ වුනේ. සමහර ඒවා හිතපු තරම් අල්ලල ගියේ නැහැ. සමහර ඒවා නොසිතු විදිහට හැමෝගෙම හිත් දිනාගන්න සමත් උනා. ඒ කෙසේ වෙතත් සිනමා කර්මාන්තයට ලොකු බලපෑමක් කරන්නට කොවිඩ් උවදුර සමත් වීමත් සමග සිනමා රසිකයින්ගේ රසවින්දන රටාව යම්කිසි පෙරලියක් කරන්නට සමත් වුවා.ඉන්දියානු චිත්‍රපට පමණක් නැරඹුවන් වෙනත් භාෂාවන් වල චිත්‍රපට පවා බලන්නට පෙළඹුනා. ඉංග්‍රීසි චිත්‍රපටවලට පමණක් ඇල්මක් දක්වන අය වෙනත් වෙනත් භාෂාවන් වල චිත්‍රපටද බලන්නට පෙළඹුනා. ආදර කතා පමණක් නැරඹූ අයට ත්‍රිලර් චිත්‍රපටි බලන්නට සිදුවුවා. මිනිමරාගන්න, ප්‍රචණ්ඩකාරී සිනමා රටාවන් ඇසුරු කල අය කොරියානු ආදර කතාද නරඹන්නට අවස්තාව හිමි වුවා. ඔන්න ඔය වගේ කොවිඩ් නිසා ලැබුණු තාවකාලික නිස්කලංකය නිසා බොහෝ දෙනාට තමන් ඇසුරු කල සිනමා රටාවෙන් ඔබ්බට ගොස් පුළුල් සිනමා ගවේෂණයක යෙදෙන්න අවස්තාව පහුගිය කාලය තුල ඉඩ ලැබුනා. ඒ කොහොම උනත් ඔය දේවල් ඔහොම සිද්ධවෙන අතරේ අපි කාලයක් තිස්සෙම එනකන් බලාපොරොත්තු වෙන් සිටින චිත්‍රපටියක් තියේ නම් ඒ ගැන උනන්දුව හැමදාමත් ට්‍රිගර් වෙනවනේ. එවන් චිත්‍රපටි ගැන කොයි මොහොතක හෝ ආරංචියක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් තමයි ඒ ගැන උනන්දුව දක්වන අය බලාගෙන ඉන්නේ. අන්න එහෙම චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන එන V කියන චිත්‍රපටියත්. පහුගිය අවුරුද්ද තිස්සෙම මේ ගැන නිතර නිතර කතාබහට ලක් වූ බව තෙලුඟු සිනමාව එක්ක ඉන්න අය නම් හොඳටම දන්නවා ඇති. ඉතින් කලක් තිස්සෙම මේක කොවිඩ් ප්‍රශ්නෙන් පසුව සිනමාහල් හරහාම පමණක් නිකුත් කරනවා යන ස්ථිර කතාව එක්කම ගිහින් හදිසියේම පහුගිය දවසක V චිත්‍රපටය Amazon Prime හරහා නිකුත් කරන නිවේදනය නිකුත් වුවා.

V චිත්‍රපටය ඇක්ෂන් ත්‍රිලර් ගණයට අයත් තෙලුඟු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Mohana Krishna Indraganti මහතා විසින්. මින් පෙර ඔහු අධ්‍යක්ෂණය කල Sammohanam (2018) ඔබ නරඹා ඇති. දිල් රාජු යටතේ තියෙන Sri Venkateswara Creations. බැනරය යටතේ ඉන්දියානු රුපියල් කෝටි 25ක පමණ වියදමකින් නිපදවෙන V චිත්‍රපටය සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශනයට නියමිතව තිබුනේ පහුගිය මාර්තු 25 වෙනිදා සිටයි. එත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ සියලු සිනමාහල් වසා දැමීමත් සමග V චිත්‍රපටයට පමණක් නොවේ නිකුත් වන්නට තිබුණු සියලුම චිත්‍රපටි එක තැනම නතර කරන්නට නිෂ්පාදකවරුන්ට සිදුවූවා. තත්වය දරුණු වීගෙන යනවාත් සමග සිනමාව OTT මාධ්‍යයට බරවෙන්නට ගත්තා. විශාල පිරිවැය යොදා නිපදවූ චිත්‍රපට යලි සිනමාහල් විවෘත වූ කලක නිකුත් කරන ස්ථිර තීරණයේම සිටි අතර OTT මාධ්‍යයන් හරහා නිකුත් කර පාඩුවක් නොලබිය හැකි චිත්‍රපට සියල්ල ඒ හරහා නිකුත් කරන්නට තීරණය කෙරුනා. අද මේ මොහොත වනවිටත් යලි ඉන්දියානු සිනමාව තියේටර් වෙත පැමිණෙන ඉඟියක් පේන තෙක් මානයක නැහැ. එයට හේතුව ඉන්දියාව මේ මොහොතේ කොවිඩ් අර්බුධයෙන් දැඩිව බැටකන රටක්ව පැවතීම හේතුවෙන්. ඉතිං ඔය ආකාරයටම V චිත්‍රපටයත් අවසානයේ Amazon Prime ආයතනය සමග අත්වැල් බැඳ ගනිමින් OTT මාධ්‍යය හරහා සැප්තැම්බර් 5 වනදා නිකුත් කරන්නට තීරණය කෙරුනා. කැමරාව හසුරවමින් චිත්‍රපටයේ සිනමාකරණය P. G. Vinda විසින් සිදුකර තිබෙනවා. ( OTT Platform – [ over–the–top media services] – Run 2020 සහ Penguin 2020 යන චිත්‍රපට සඳහා ලියු ලිපිවල මේ ගැන සඳහන්ව ඇති)

V චිත්‍රපටය තෙලුඟු සිනමා රසිකයින් හැමෝටම විශේෂ වන්නේ නානි නිසාවෙන්. තෙලඟු සිනමාවේ ඉන්න විශේෂඥ නළුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් පුද්ගලයෙක් තමයි නානි කියන්නේ. පෞද්ගලිකව මම නානිව නම් කරන්නේ තෙලුඟු සිනමාවේ අමිර්කාන් විදිහට. දැවැන්ත තරුවක් විදිහට සලකලා නෙමේ. පිටපත් තෝරාගැනීමේ විශේෂත්වය නිසාවෙනුයි. නානිගේ පිටපත් තෝරාගැනීමේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒක ඔහුටම විශේෂිතයි. වර්තමාන සිනමා පරම්පරාවේ ඒ ප්‍රවනතාව හොඳින්ම පැතිරිලා යන බවක් දකින්න පුළුවන්. අමීර් කාන්, අයුශ්මාන් කුරානා, විජේ සේතුපති, යනු එවන් බුද්ධිමත් පිටපත් තෝරාගැනීම් කරන නළුවන් අතර උදාහරණ කීපයක්. නානිගේ සිනමා ගමන පිලිබඳව මම ලොකු විස්තරයක් මීට පෙර ඔහුගේ නිකුත් වුනු Gang Leader 2019 චිත්‍රපටය වෙනුවෙන් ලියු ලිපියේ සඳහන් කර ඇති. ඉතිං මේ V චිත්‍රපටය නානිගේ සිනමා දිවියේ ප්‍රධාන නළුවා ලෙසින් දායක වන 25 වන චිත්‍රපටය ලෙසිනුයි නම් වෙන්නේ. ඉතින් කෙනෙකුගේ වෘත්තියක සිල්වර් ජුබිලියක් වෙද්දී මොකක් හරි විශේෂත්වයක් තියෙන්නම එපැයි. ඔව් මේ චිත්‍රපටියේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි නානි මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක් උනාට ඒක ප්‍රතිවීර චරිතයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. නානිගේ සිනමා දිවියේ පලවෙනි වතාවට තමයි ඔහු මෙවන් චරිතයක් නිරූපණය කරන්නේ. සාමාන්‍යයෙන් සිනමාවේ ජනප්‍රිය ප්‍රධාන නළුවෙකු ප්‍රතිවීර චරිතයකට අත ගහන එක තරමක අවධානම් සහගත කාරණයක්. නමුත් ඒ අවධානම අති සාර්ථකව මග හැර එම අභියෝගය සාර්ථකව ජයගත් නළුවන්ගේ උදාහරණ සිනමාවෙන් ගෙන දක්විය හැකියි. එවන් චරිතයක් නළුවකුට හිමිවීම සහ එම අභියෝගය සාර්ථකව ජය ගැනීම සිනමාවේ නළුවකුට ලැබෙන ලොකු ආශිර්වාදයක් ලෙසින් හැඳින්විය හැකියි. ඉන්දියානු සිනමාව එක්ක ඉන්න ඔබ හොඳින්ම දන්නා උදාහරණය ශාරුක් කාන් තම සිනමා දිවිය ඇරඹුමේදී නිරූපණය කල ප්‍රතිවීර චරිත කිහිපය ඔහුගේ සිනමා දිවිය කෙතරම් ඉහලින් ඔසවා තැබුවාද කියන වග. තෙලුඟු සිනමාව ගත්තොත් ගෝපිචන්ද් ප්‍රතිවීර චරිතය නිරූපණය කල ප්‍රභාස්ගේ වර්ෂම් චිත්‍රපටය අදටත් ප්‍රධාන නළුවන්ගේ ප්‍රතිවීර චරිත ගැන කතා කරද්දී Reference Point එකක් විදිහට ගන්නවා. මං කිව්වනේ කලින්ම නානි කියන්නේ පිටපත් තෝරාගැනීමේ විශේෂඥයෙක් කියලා. ඉතිං ඔහු මේ අත ගහල තියෙන ප්‍රතිවීර චරිතය තුලත් මොකක්හරි විශේෂත්වයක් ඇති කියන විස්වාසය මට වගේම නානිගේ මෙන්ම තෙලුඟු සිනමාවේම රසිකයින් හැමෝටම තියෙනවා. එවන් විශ්වාසයක් නානි මින් පෙර නිරූපණය කල චරිත වලින්, තෝරාගත් චිත්‍රපටි වලින් ඔහු රසිකයින් අතර ගොඩනගා තිබෙනවා.

නානි ප්‍රතිවීර චරිතය කරනවානම් ඔහුගේ Opposite Side එකට ප්‍රධාන වීර චරිතය කරන කෙනෙකුත් ඉන්න එපැයි. ඒ සඳහා V චිත්‍රපටය වෙනුවෙන් එක් වෙලා ඉන්නේ සුධීර් බාබු. සුධීර් බාබු ගැන කතා කරොත් ඔහු අතිදක්ෂ නළුවෙක් ලෙසින් මෙන්ම තමන්ට ලැබෙන චරිතයක් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන නළුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ආන්ද්‍ර ප්‍රදේශයේ සහ කර්ණාටකයේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි ඔහු සිනමාවට පිවිසෙන්නේ සහය චරිතයක් ලෙසින් ගෞතම් මෙනන්ගේ Ye maya chesave චිත්‍රපටයත් සමගින්. සිනමාපට 15කට ආසන්න සංඛ්‍යාවකට දායක වී ඇති සුධීර් බාබු 2016 වසරේදී Baaghi චිත්‍රපටයේ නිරූපණය කල චරිතය බොලිවුඩ් සිනමාවේ මහත් පසසුමකට ලක් වුවා. එමෙන්ම Prema Katha Chitram (2013), Nannu Dochukunduvate (2018), and Sammohanam (2018) යන චිත්‍රපට සුධීර්ගේ රංගනයෙන් සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙසින් හැඳින්විය හැකියි.

අතිදක්ෂ නළුවන් දෙදෙනෙකු මුහුණට මුහුණ චරිත නිරූපණය කරද්දී ඒ හා එක්ව V සිනමාපටය හැඩ කරන්නට සුරූපී රූමතියන් දෙදෙනෙකු එක්වනවා. ඒ Aditi Rao Hydari සමගින් Nivetha Thomas හුරුබුහුටි අදිති ගැන කතා කරනවානම් බටහිර පෙනුමක් සමග මුසු වූ ඉන්දියානු රූමතියක් වන ඇය මින් පෙර හින්දි, දමිල, තෙලුඟු, මලයාලම් චිත්‍රපට රාශියක් හැඩ කරන්නට සමත් වූ අතිදක්ෂ නිලියක්. ඇය රංගනයෙන් හැඩ කල Psycho, Antariksham 9000 KMPH, Chekka Chivantha Vaanam, Sammohanam, Padmaavat, Kaatru Veliyidai, Fitoor, Wazir, Rockstar, වැනි ජනප්‍රිය චිත්‍රපට පෙළක්ම ඇයගේ චිත්‍රපට ලයිස්තුවට ඇතුලත්. ඒ අතර පද්මාවත් චිත්‍රපටයේ ඇය නිරූපණය කල චරිතය වෙනුවෙන් හොඳම සහය නිලියට හිමි අයිෆා සම්මානයද ඇයට හිමිවූවා. නිවේතා ගැන කතා කරනවා නම් ඇයද අදිති සේම දමිල, තෙලුඟු, මලයාලම් චිත්‍රපට රැසකට දායක වී ඇති අති දක්ෂ සුරූපී නිලියක්. තවමත් 24 වන වියේ පසුවන නිවේතා මේ වනවිටත් ඇය චරිත නිරූපණය කල සිනමාපට කිහිපයෙන් තම රංගන කුසලතාව මනාවට පෙන්වන්නට සමත් වූ නිලියක් ලෙසින් හැඳින්විය හැකියි. ඇය රංගනයෙන් හැඩකල Darbar, 118, Ninnu Kori, ඒ අතර විශේෂයි.

V චිත්‍රපටය සංගීතයෙන් හැඩ කරන්නේ Amit Trivedi, සමගින් S. Thaman විසින්. අමිත් විසින් චිත්‍රපටයේ ගීත ඇල්බමය වර්ණවත් කරන අතර එස්.තමන් විසින් චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කොට තිබෙනවා. දෙදෙනාම අතිදක්ෂ සංගීත නිර්මාණකරුවන් වන අතර අමිත් ත්‍රිවේදී විසින් අවසන් වරට Sye Raa Narasimha Reddy (2019) චිත්‍රපටය සංගීතවත් කල අතර එස්.තමන් විසින් අවසන් වරට සංගීතයෙන් හැඩ කල Ala Vaikunthapurramuloo චිත්‍රපටය ගැන නම් ආයේ අමුතුවෙන් විස්තර කතා කරන්නට දෙයක් නැහැ.

ඉතිං එහෙනං ඔය කාරනා හැමදේම සමගින් ඔන්න V චිත්‍රපටය දැන් ඔබේ අතටම ඇවිල්ල තියෙනවා. මගහැර ගන්නේ නැතිව අනිවාරෙන්ම නරඹන්න කියල ආරාධනා කර සිටිනවා. හැමදාමත් වගේ උපසිරසිය කරන්න අවස්ථාව ලබාදුන් හසන්ත අයියා ඇතුළු ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිය පුද කර සිටිමින් බයිස්කෝප් සහෝදර උපසිරසි කණ්ඩායමේ අනෙකුත් සියලුම සහෘදයින්ද මතක් කරමින් සමුගන්නයි මේ ලෑස්තිය. යන්න කලින් ලංකාවේ අංක එකේ සිංහල උපසිරසි වෙබ්අඩවිය වන, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙහි නිළ ෆේස්බුක් ගෘපය වෙත https://www.facebook.com/groups/Baiscopesinhalen ලින්ක් එක හරහා එක්වෙන්න කියල ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. සිංහල උපසිරසි සහ සිනමාව සම්බන්ධ ඕනෑම දෙයක් ඔබට මෙතුලින් බෙදා-හදාගැන්මට අවකාශය ලැබෙනවා.:) අපිට නිරතුරුවම දිරිය ලබා දෙන ඔබ සැම තමයි අපි මෙතෙක් උපයාගත්ත ධනය වෙන්නේ. බොහොම ස්තුතියි ඔබ අප වෙත මේ ලබා දෙන සවියට සහ දිරි ගැන්වීමට. ඉදිරියටත් ඔබගේ සවි-ශක්තිය මෙන්ම දිරි ගැන්වීම මෙලෙසම අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම උපසිරැසිය අරගෙන යන ගමන් වචනෙකින් හරි පහලින් අදහසකුත් දක්වාගෙන යන්න කියලත් ආරාධනා කර සිටිනවා. ඔබගේ අදහස අපට මහමෙරක් තරම් වටිනවා. එහෙනම් කැපෙන්න වෙලාව හරි. යලිත් මෙවන් සොඳුරු සිනමා අද්දැකීමක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මෙන්ම සියලු දෙනාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!!

” හැම කාසියකම දෙපැත්තක් තියෙනවා….
අපරාධය සහ යුක්තිය…
එත් කාසිය උඩ දැම්මම…
ජයග්‍රහණය එහෙමත් නැත්නම් “V”ictory,
තෝරාගන්නේ… එකම එක පැත්තයි… “

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

40,340 downloadsDownload V-2020.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

40,340 downloadsDownload Subtitles67 KB

37 comments

  1. Gihan perera

    නියමයි මචන් නියමයි..... දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ..... හැඳින්වීම ත් පට්ටම පට්ට මචන්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.....

  2. Anonymous

    Thanks brother sub ekta.. teluguwak enakan balan hitiye agili gena gena.. jaya wewa

  3. Aravinda Fernando

    Thanks buddy

  4. ශසිත් සඳරුවන්

    සබ දෙනකල් බලන් හිටියේ රත්තරනේ...
    ලිපියත් කියෙව්වා. සබත් ගත්තා ඔන්න එහෙනම්...
    ෆිලුම ගැන කියන්න දෙයක් නෑ ඉතින් සබ වගේම සුපිරි ඇති.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  5. Prabodha

    ගොඩක් ස්තුති...

  6. geeganagamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  7. indika75

    thanks.

  8. Udaya Fdo

    Thank you

  9. muditha

    thanks tharaka

  10. rangika Kariyawasam

    ්යම ෆිලුමක් .බෝම ස්තුතියිිි සහෝ.ජයම වේවා

  11. Anonymous

    film eka dwn karanna link ekak thiyenawada

  12. හෙළිලි

    වෙලාවක් ලැබුන ගමන් බලන්න ඉන්න චිත්‍රපටයක්. උපසිරැසියට ස්තූතියි!

  13. Anonymous

    meka copy ekak wage neda

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. ප්‍රසන්න

    බැලුවා.. ආයේ ලොවෙත් නෑ.. සුපිරිම සුපිරියක්.. තෑන්ක්ස් බ්‍රෝ......

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Chandima Prasad

    Thanks..

  18. Chandima Prasad

    Thanks Machan sub ekt

  19. nish47

    ස්තූතියි සහෝ

  20. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  21. kasun

    tharaka nuwan saho...thank you brother...jayen jayama wewa...

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. lakmal

    thanks

  24. B A D P Ashan

    thank you aiyeeee......

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. kevin D...

    Thanks...

  27. Anonymous

    Thanks❤️

  28. Dileepa

    Thanx machan
    good job

  29. Bandaramudiyansi

    සෙට් උනේම නැ. එකම රටාවකින් මේ ඉන්දියාවේ මුවි නම් යන්නෙ.. අර මලයාලම් එව වෙනසක් ඇතිකරනව එයාලගෙ නිර්මාණ
    ලිපී ලිවීමේ හැකියාව තමා ඩව්න්ලොර්ඩ් කරගන්න සලස්වන්නත්

  30. Shaggy

    Thank you very much

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  32. Anonymous

    Thanks for the sub

  33. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  34. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝ..ඔබට ජය...බුදුසරණයි !!

  35. Danuka

    Thanks for sub

  36. vindana

    thanks saho

  37. channa

    oyalage su ekayi..video copy ekayi ekama thanin ganna puluwan wenna..site eka update kara nam hari..ochara kal gihillath..koma hari good luck..oyalata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.