Watch Trailer

Pulimada (2023) Sinhala Subtitles | කොටියෙක් සමග රාත්‍රියක් [සිංහල උපසිරැසි]

Pulimada (2023) Sinhala Subtitles මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ.IMDB අගය 5.7ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක. කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ…

Pulimada

Pulimada (2023) Sinhala Subtitles

මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ.IMDB අගය 5.7ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක.

කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ්කර ගමක වෙසෙන ඔහු අවිවාහකයෙක්.තම පියාගෙන් ලැබුනු නිවස හා දේපළ දමා වඩා දියුණු පරිසරයකට යාමට ඔහු අකමැතියි. එමෙන්ම කාලයක්ම මානසික රෝගියෙක් ලෙස දිවි ගෙවූ අම්මා නිසා ඔහුට ඇති වුන බලපෑම නිසාත් මදක් කාන්තාවන් කෙරෙහි බියක් දක්වන බවකුත් පෙනී යනවා.ඔහුගේ කසාද කිහිපයක්ම අවලංගු වෙනවා.

කවුද මේ කැලේට එන්න කැමති වෙන්නෙ? අනිත් එක එයා කැමති නෑ ගේ ඇතුලෙ බාත් රූම් එකක් හදන්න. ඔහොම ඉන්න කොට එයාට කසාදයක් සෙට් වෙනවා.ලොකු බලාපොරොත්තු තියාගෙන වින්සන් මේකට ලක ලෑස්ති වෙනවා.එදාම කොටියෙක් ගමේ සැරිසරන්න පටන් ගන්නේ බුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.ඒත් වින්සන්ට ලොකුම ශොක් එක වදින්නෙ උදේ පල්ලියට ගියාම. මනමාලි පැනල ගිහින්.

ඒ සිදුවීමෙන් වියරු වැටෙන වින්සන් යකා නටනවා.එයාගෙ දැන් බලාපොරොත්තුව එයාගෙ මගුල් රාත්‍රිය මොන විදිහකින් හරි කාන්තාවක් සමග ගත කරන්න.වියරුවෙන් ඉන්න වින්සන්ව සනසන්න කිසි කෙනෙක්ට බෑ.පුළුවන් එකම කෙනා එයාගෙ හොඳම මිතුරා අන්බු.හෙවත් උප පොලිස් පරීක්ෂක අශෝකන්. ඒත් එයා කොටිය අල්ලන්න කැලේ මෙහෙයුමක.දිගින් දිගටම අරක්කු ගංජා සමග මත් වෙන වින්සන් ගෑණියෙක් හොයාගෙන ඒ බියකරු රාත්‍රියේ නිවසින් පිටතට යනවා.ඔහුට හමු වෙන්නේ කවුද?

මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ මේ ව්සරේ ගොඩක් ජනප්‍රිය වුන ඉරට්ටා චිත්‍රපටයෙ ද්විත්ව ප්‍රධාන චරිතය රඟ පෑ Joju Georje.මේකෙත් ඔහු පොලිස් කාරයෙක්.මම හිතන්නෙ මේකෙ ඔහුගෙ රඟපෑම නම් ඉරට්ටා එකටත් අභිබවා යනවා.සෙසු චරිත වලින් Lijomaol Jose. Ayishwarya Rajesh,Chenban Vinod Jose, Jaffer Idukki,සහ Jhony Anthony දැක ගන්න පුළුවන්.

මේ චිත්‍රපටයත් මීට පෙර Kannur Squad චිත්‍රපටයත් ලබා දීම ගැන ‍රවිඳු සහෝදරයට මගේ ස්තූතිය පුද කරනවා.තව ලස්සන එකකින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,503 downloadsDownload Pulimada-2023-Sinhala-Subtitles-Baiscopelk.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pulimada, Pulimada Sinhala Sub, Pulimada (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

4,503 downloadsDownload Subtitles45 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Anonymous

    Thanks jayawewa...!

  3. sumith

    Dhokha Round D Corner 2022
    Freddy 2022
    The Road 2023
    Chiththa 2023
    Raavana Kottam 2023
    Kazhuvethi Moorkkan 2023
    (SRT) sub denna puluwada.?

  4. Vijitha

    බොහොම ස්තූතියි දිගටම මලයාලම් වලට උපසිරැසි දෙන්න. අපි බලනවා.

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P