Watch Trailer

Pulimurugan (2016) with Sinhala Subtitles | පුලියුර් වනාන්තරයේ ව්‍යාඝ්‍ර දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

පුලියුර් ගම්මානය…තෙරක් නොපෙනෙන ඝන වනාන්තරයක් ආසන්නයේ පිහිටා ඇති, හුදෙකලා ගම්මානයක්. මෙම ගම්මානයට, මෙම නම ලැබීමට හේතුවක් තිබෙනවා. එනම්, වනාන්තරයේ සිටින්නාවූ අති දරුණු, මිනීකන ව්‍යාඝ්‍රයින්, නිරන්තරයෙන්ම මෙම ගම්මානයට කඩාවැදී, මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීමයි. මිනීකන ව්‍යාඝ්‍රයින්, දරුණු සතා සිව්පාවා බහුල…

Pulimurugan (2016)පුලියුර් ගම්මානය…තෙරක් නොපෙනෙන ඝන වනාන්තරයක් ආසන්නයේ පිහිටා ඇති, හුදෙකලා ගම්මානයක්. මෙම ගම්මානයට, මෙම නම ලැබීමට හේතුවක් තිබෙනවා. එනම්, වනාන්තරයේ සිටින්නාවූ අති දරුණු, මිනීකන ව්‍යාඝ්‍රයින්, නිරන්තරයෙන්ම මෙම ගම්මානයට කඩාවැදී, මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීමයි.

මිනීකන ව්‍යාඝ්‍රයින්, දරුණු සතා සිව්පාවා බහුලව වාසය කරන්නාවූ, පුලියුර් වනාන්තරයේ වාසය කරන්නාවූ කුඩා දරුවෙක්…සිය මවගේ අවෑමෙන් පසු, පියා සහ සිඟිති සොහොයුරා සමගින් කල්ගෙවන අතරතුරේදී, තමාට හිමි එකම ආරක්ෂකයා වූ, සිය පියාණන්, ව්‍යාඝ්‍රයකුගේ ගොදුරක් බවට පත්වීමෙන් පසුව කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණ වන මුරුගන්…සියළු දෙනාම මවිතයට පත්කරමින්, සිය පියාණන් ඝාතනය කරන ලද ව්‍යාඝ්‍රයා, මුරුගන් දෙවිඳුගේ තෝමරය අධාරයෙන් දඩයම් කල නිසාවෙන්ම පුලිමුරුගන් බවට පත්වූ නිර්භීත දඩයම්කරුවා…දශක ගණනාවක් මුළුල්ලේම, පුලියුර් ගම්වැසියන්, ව්‍යාඝ්‍ර දඩයම් බවට පත්වෙමින් තිබුනාවූ සමයක, ඔවුන්ගේ වාසනා බලමහිමය නිසාවෙන්ම, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පහලවූ ඉෂ්ඨ දේවතාවන්…තම සතුරා, සතෙකු හෝ වේවා, මනුෂ්‍යයෙකු හෝ වේවා, සතුරාගේ අඩවියට සොයා ගොස්, සතුරාව දඩයම් කිරීමට තරම් නිර්භීතවූ මෙම දඩයක්කරුවා, කාලය ගතවෙත්ම පුලියුර්හි නිහඬ ආරක්ෂකයා බවට පත්වෙනවා.

නමුත් හදිසියේම, සියල්ල කණපිට පෙරළෙනවා. මෙතෙක් කාලයක් පුරාවට සමස්ත වනය පුරාවටම සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි, මෙම නිර්භීත දඩයක්කරුවාට, සිය බල ප්‍රදේශයෙන්, නගරයට පැන යෑමට කාරණා ඉෂ්ට සිද්ධ වෙනවා. මිනීකන ව්‍යාඝ්‍රයින් දඩයම් කරමින්, සමස්ත පුලියුර් වනාන්තරයම ප්‍රකම්පා කළාවූ මෙම දඩයම්කරුවා හට, සමස්ත නගරයම විස්මයට පත්කිරීමට ගතවන්නේ නිමේශයක් පමණි. නමුත්, අවාසනාවන්ත අයුරින්, වනාන්තරයේදී මෙන්ම, නගරයේදීද, මෙම දඩයම්කරුවා හට යහපත් කල දසාවක් ලබන්නේ නම් නැහැ. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ, මෙම නිර්භීත දඩයම්කරුවා හට, තමන්ගේ සහ තම පවුල රැකගැනීම උදෙසා, නැවත වාරයක් පලායෑම පමණි.

නමුත් ඔබ දන්නවාද…සිංහයා පියවර කීපයක් පිටුපසට ගොස්, හිස පහතට නමන්නේ, සිය සතුරා විනාශ කර දැමීමේ අරමුණින්, එම ගොදුර වෙත පැනීමට වාරු ගැනීමට බව…? උපන්දා සිටම තමන්ට වඩාත් හුරු පුරුදුවූ ඝන වනාන්තරයේදී, සිය පරම සතුරාට එරෙහිව සටන් වැදීමට, මෙම දඩයම්කරුවා අවසානයේදී තීරණය කරනවා. මිනීකන ව්‍යාඝ්‍රයන් හට පවා දමනය කල නොහැකිවූ, මුරුගන් දෙවිඳුන්ගේ තෝමරයෙන් පන්නරය ලැබ, සමස්ත ගම්මානයක්ම ආරක්ෂා කළාවූ, යුක්තියේ මුර දේවතාවන්ව දමනය කිරීමට, මෙම මාරක බලවේගයට හැකියාව ලැබේවිද…?

එදා මෙදාතුර මලයාලම් චිත්‍රපට ඉතිහාසය තුල සිය ආධිපත්‍ය පතුරුවා හරිමින්, වසර ගණනාවක් මුළුල්ලෙහිම ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණියාවූ, Drishyam (2013) චිත්‍රපටය, එම ලයිස්තුවේ තෙවෙනි ස්ථානය දක්වා ඇද දමමින්, මේ වනවිටත් ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නාවූ චිත්‍රපටය…එදා මෙදාතුර මලයාලම් චිත්‍රපට ඉතිහාසය තුල, ඉන්දියානු රුපියල් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කල පළමු සහ එකම චිත්‍රපටය බවට පත්වෙමින්, එතකින් නොනැවතී, ඉන්දියානු රුපියල් බිලියන එක හමාරක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සිය ගමන නිමා කරමින්, මලයාලම් චිත්‍රපට ඉතිහාසය තුල ස්වර්ණමය අකුරින් සිය නාමය සනිටුහන් කරගත් චිත්‍රපටය…එදා මෙදාතුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ බිහිවුනාවූ ජනප්‍රියතම රංගන තරුව, Mohanlal ගේ තවත් අති විශිෂ්ඨ රංගන දායකත්වයකින් හැඩ වැඩ ගැන්වී, ඉන්දියානු රුපියල් කෝටි 25ක බරපැනක් දරමින් නිර්මාණය කෙරෙමින්, Imdb දර්ශකයේ 7.8 ක අගයකින් සරසවන ලද සිනමා පටය…දීර්ඝ කාලයක් මුළුල්ලේ මතකයේ රඳවාගත හැකි, නැවුම්වූ අත්දැකීමක් විඳගැනීමට රුචිකත්වය ඇති, සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත, ආදරයෙන් පිළිගැන්වීමට, අවසරයි සියලු දෙනාගෙන්ම…

ලබාදී ඇති උපසිරැසිය, පහත සඳහන් පිටපත් සඳහා අදාළ වේ.
Pulimurugan Malayalam DVDRip x264 1GB ESubs
Pulimurugan 2016 DVDRip 720p x264 DTS 5 1 ESubs
Pulimurugan Malayalam 1080p DVDRip x264 DTS 4GB ESubs
Pulimurugan (2016) Malayalam 720p DVDRip x265 HEVC
Pulimurugan (2016) Malayalam DVDRip 720p x264 AAC 5.1 E-Sub-MBRHDRG

NEW

Pulimurugan (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pulimurugan Malayalam DVDRip x264 1GB ESubs
Pulimurugan 2016 DVDRip 720p x264 DTS 5 1 ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,240 downloadsDownload Pulimurugan-2016.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

4,240 downloadsDownload Subtitles71 KB

25 comments

  1. mithun

    අද මම තම පස්ට්.. උදේම බාන්න කියල හැදුවෙ ෆිල්ම් එක හොද එකක් නිසා ගොඩක් ස්තුතියි සිසිල සහෝ ඔයාගෙ ෆිල්ම් බලනව ඔන්න ඔක්කොම දෙන සහෝ.. මෙක නෙට් එකෙ දැකල හුග දවසක් උන උපසිරැසි දැම්ම එකට ගොඩක් ස්තුතියි සහෝ සතුටුයි .
    720ටත් සබ් දුන්න එක වටිනව ඔබට ජය පාර්තණා කරනව..

  2. Oshanda

    Aluth tamil film godak thiyenawa saho...

  3. manoj

    oyagolllo karana nihada sewayata godak sththuthi karanawa

  4. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  5. thisal

    thanks mcn

  6. avish

    bogan movie eakata sub dennako.mekata thnx

  7. Kamal

    Thanks for the sub

  8. sanka

    sub ekata sthuthiyi puluwannam bogan film ekatath sub denna

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kasun Widusha

    Tnx aiye sub ekata kalin malayalam box ofc wala 1 and 2 tibuna film 2 tat sub denda balanda time tiyenam tnx

  12. Thilina

    ela machan balan indiya kalayak meka denakan,thanks

  13. Nirodha uthpala

    Onna sisilaya ge tavath ela vadak ohoma yanzz jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. gihan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  16. Chami.S

    Thanks..
    Good Luck..

  17. samee

    supiri machan wade nam.singam 3 ekat ikmanata labeida

  18. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  19. Amila

    Singam 3 ai parakku....?

  20. Palitha de Silva

    thankyou verymuch..

  21. yasitha

    supiri....kalekin balapu pattama filumak..me wage ewa thama wediyen oni..thanku sahoo subata...

  22. Mahesh Jaali

    NIYAMAI AAAAAH..... THANKSSSS

  23. කසුන් මධුශංඛ

    සුපිරි සහෝ

  24. pradeep hashan

    thanks bro

  25. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් ජයවේවා