ආයුබෝවන්! කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වග…
ආයුබෝවන්!
කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වගේම තරහකුත් දැනෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන් පමණක් බලන එක තමයි සුදුසු.එහෙනම් වැඩි දෙයක් නැතුවම සාරාංශ කරල කතාව කියන්නම්..
හේ වොන් (Ji Sung-won) කියන්නෙ බැංකුවක වැඩ කරන සාමාන්‍ය නිලයක් තියෙන සෝල් වල තනියම ජීවත් වෙන ගෑණු කෙනෙක්.මෙයාට හැමදාම රස්සාව කරලම මානසික ආතතියෙන් ඉන්නෙ..ඉක්මණට තරහ යනවයි කාවවත් රුස්සන්නෙ නෑ.ඉතින් රස්සාවෙ ප්‍රශ්නයක් වෙලා මෙයාව තාවකාලිකව රස්සාවෙන් අයින් කරනවා.නිවාඩුවක් අරන් එන්න කියලා.. ඉතින් මේ හේ වොන්, එයාගෙ සීයා ජීවත් වෙලා හිටපු වගේම එයාගෙ යාළුවා බොක් නම්(Seo Young-hee)ඉන්න මූදෝ දූපතට යන්න තීරණය කරනවා. දූපතට ගියාම බොක් නම් එයාව ඉහළින්ම ආදරෙන් පිළිගන්නවා.. බොක් නම්, හේ වොන්ව දකින්නෙ අවුරුදු ගානකින්.පොඩි කාලෙ ඉදන් බොක් නම් හේ වොන්ට ලියුම් ලිව්වට හේ වොන් ගනන් ගන්නෙවත් නෑ.
දූපතේ ජීවත් වෙන්නෙ මිනිස්සු 09 දෙනයි.කිසිම සංවර්ධනයක් නෑ.හුඟක්ම ජරා විදියට තමයි ජීවත් වෙන්නෙත්.බොක් නම්ගෙ මහත්තයයි නැන්දම්මයි එයාට වහලියකට වගේ තමයි සළකන්නෙ.බොක් නම් ඒ කිසි දෙයක් ගැන හිතන් නැතුව එයාගෙ දුව හින්දම ජීවත් වෙන ගෑණියෙක්.මෙයාට තමයි හැම දේකටම බණින්නෙ ගහන්නෙත්.දූපතේ අනිත් අයත් කිසි දෙයක් කියන්නෙ නෑ.මේ හින්දම බොක් නම්ට දුවවත් අරන් සෝල් වලට යන්න ඕනෙ වෙනවා.ඒ නිසා එයා හේ වොන්ට කියනව එක්කන් යන්න කියලා.ඒත් හේ වොන් බොක් නම්ව විශ්වාස කරන්නෙ නෑ.
තවත් සිදු වීම් හුඟක් වුණාට පස්සෙ බොක් නම් දුවවත් අරගෙන දූවෙන් පැනල යන්න හදද්දිම මහත්තයට අහු වෙනවා.බොක් නම්ට ගහද්දි එයාගෙ දුව තාත්තට වැද වැද ඇඬුවත් ගහන්න එපා කියලා එයාටත් ගහනවා.එතකොට ළමයගෙ ඔළුව ගලක වැදිලා මැරෙනවා.මැරුණට පස්සෙ නිලධාරියෙක් දූපතට ඒ ගැන බලන්න ආවත් හැමෝම එයාටත් බොරු කියලා වැටිල මැරුණ බව කියලා හරවලා යවනවා.මෙයාගෙ වැරැද්දෙන්මයි ළමයව මැරුණෙ කියල තමයි එයාටත් කියන්නෙ.
දවසක් මෙයා ඉර දිහා බලාගෙන ඉදලා… කැත්තක් අරගෙන ගමේ ඉන්න එක්කෙනා ගානෙ කොටාගෙන යන්න පටන් ගන්නවා.. ඉතින් මෙයාගෙ පළිය ගන්න පුළුවන් වෙයිද?හැමෝවම මරන්න පුළුවන් වෙයිද?හේ වොන්ට මොකද වෙන්නෙ කියල බලන්න. එහෙනම් අදට ගිහින් තවත් උපසැරසියක් අරන් ඉක්මණට එන්නම්.
ආයෙත් කියන්නම් මේක වැඩිහිටියන් පමණක් බැලුවොත් හොඳයි.
බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
[FILMKU.NET] Bedevilled.2010.BluRay.720p.x264.Ganool.mkv
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,609 downloadsDownload Bedevilled-2010.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
30 comments
Kantha_DLA
Charuka
නියමයි bro නියමයි. korean sub දෙනකන් බලන් හිටියේ, බ්‍රෝ පුළුවන් නම් මේවටත් sub දිහන්කෝ
The Scarlet Letter (2004)
Children... aka A-i-deul... (2011)
Shadows in the Palace (2007)chamalkalum
ඉස්සරහට බලමු බ්‍රෝ
Sanjaya Chathuranga
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan
XxX: xander cage movie eketh sub danda
ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
jaya wewa
අසිත
ela ela saho patta pata
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rajitha
Thanks machan........jayawewa.....!
Damith Winchester
තෑන්ක්ස් සබ් එකට මචන්,පැන්ඩෝරා එකත් සුප්පා
chamalkalum
එහෙනම් එච්චරයි
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Tharindu lakshan
kalin dunna eka patta thanx bro
chamalkalum
ur welcome bro
Maduka
Never gone korean movie eka dennako sinhala sub
Roshan
derect link walin dwonlode karanne kohomada. plz re play
Dinesh Sapumal Bandara
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
Mithun Sriyantha
මෙක කොයි වෙලෙද අෆ්ෆ දුන්නෙ හිතාගන්නත් බෑ මිස් උනා කියද්දි එකත් අසම විදියෙ එකක්
mithun
තැන්ක්ස් බ්‍රො ඇත්තටම මෙක මට මිස් උනා කියද්දි පුදුමයි ඔන්න අරගන්නව
chamalkalum
මිස් කරගන්න එපා ඔන්න..
Susith
Derik link walin kohmda bn.maka download karanna.torrent wala nha na movie eka .seeds nha plz help
R.S. Samantha
thank u macho...
aniwa banawa ela elaaaaDewadithya
Thanks for sub!
Rukshan37
Ela
thanks for the sub
thanks for th sub
ediya
thanks for sub...
Malith samarawickrama
Thanks saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----