සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙ…

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අනුසැකසූ තිරරචනය යන සම්මාන තුනම හිමි කරගන්නවා. තවත් නිර්දේශ වීම් රාශියකුත් ලබනවා.
මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට අරඹද්දී කොපොල්ලා කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව කොපොල්ලා හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යක්ෂකවරුන් අතරට පිවිසෙනවා. මේ වකවානුව වන විට ජනප්‍රියව තිබූ ‘අපරාධ’ චිත්‍රපට වලට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු මේ චිත්‍රපටය, අති විශිෂ්ට එකක්. නිව්යෝක් නගරයේ වඩාත්ම දරුණුතම, සාහසිකම මැර හවුල හිමි පවුල ගැන කියවෙන කතාවක් අඩංගු වන්නක් වුවත් මෙය කෙතරම්නම් ජනප්‍රිය වූවාද කිවහොත් ඒ වකවානුව තුළ චිත්‍රපටයක් හිමිකරගත් ඉහළතම ආදායම් වාර්තාවට හිමිකම් කියන්නටත් සමත් වුණා. එමෙන්ම තවත් Box-Office වාර්තා රාශියකටම හිමිකරු වුණා. අපරාධ චිත්‍රපටයක් වුවත් මෙහි ඇති අගය කෙතරම් උසස්’දැයි යන්න වටහා ගැනීමටනම් ඔබට මෙය නරඹන්නටම වෙනවා. මට වුණත් බලද්දී නොදැනුණු පුදුම හරයක්, ගැඹුරක් සහ ආකර්ෂණයක් මේ තුළ ඇති බව වැටහුණේ මෙහි උපසිරැසිය සකස් කරනා විටයි.
ඉතිං මෙහි කතාව ගෙතෙන්නේ නිව්යෝක් නගරයේ වෙසෙන බලගතුම, දරදඬුම මැර හවුල හිමි පවුල වටායි. එම පවුලේ ව්‍යාපාරික කටයුතු, ඔවුනගේ සමාජ තත්ත්වය, සමාජ බලය මෙන්ම ඔවුනගේ ක්‍රියාකාරකම් තමා මේ චිත්‍රපටයට පාදක වන්නේ. මෙය අපරාධ චිත්‍රපටයක් වුවත් අතිශය සමාජ වටිනාකමක් සහිත වූවක්. ඔද්දල් වූ දේශපාලනික රටාව, ගඳගහන සමාජ ක්‍රමය සහ කිළිටි වූ ආර්ථික තත්ත්වය මේ ඔස්සේ මැනවින් නිරූපණය කෙරෙනවා. කොටින්ම මෙය සූක්ෂ්ම ලෙස සමාජය විවරණය කරන සිනමාවක්.
මේ චිත්‍රපටයේ විශිෂ්ට බව ගැන සැබෑම ඇමෙරිකානු අපරාධ කල්ලි සාමාජිකයන් පැවසූ අදහස් වලින්ම පෙනී යනවා. ඇතැමෙක් මෙය නැරඹූ පසුව ‘ඒ තුළ තමාද සිටි බව’ පවසා තිබෙනවා. තවෙකෙක් පවසා ඇත්තේ ‘මේ චිත්‍රපටය තමාගේ ජීවිතයටම බලපෑමක් කළ බවයි’. තවත් සමහරෙක් මෙය නැරඹීමෙන් පසුව ‘මෙහි දැක්වෙන ප්‍රධාන චරිතය වන වීටෝ කොර්ලියෝනි අනුකරණය කිරීමටත්, ඔහුගේ කථා විලාශයට අනුගත වීමටත් කටයුතු කළ බව’ පවා සඳහන්. කොටිම්ම මේ චිත්‍රපටය අපරාධ කල්ලියක යථා ස්වභාවය එකෙහෙළා හෙළිදරව් කරන්නා වූ ඉතාමත්ම තාත්වික සහ යථාර්ථවාදී වූවක් බව එම සාධක වලින්ම හෙළි දරව් වනවා. දැනට ජාලගත සිනමා දත්ත සමූහය හෙවත් IMDb‘හි දෙවන තැන හිමිකරගෙන සිටින මෙම සිනමා පටය සිනමාවේ ගවේෂණාත්මකත්වය සහ භාරදූරත්වය මැනවින් කියාපාන්නක් ලෙස හැඳින් විය හැකියි.
ඉතිං එහෙමනම් අප අදින් පණ දෙන නවමු වැඩ කටයුත්තට මගේ දායකත්වය ලෙස IMDb‘හි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිකරගෙන සිටින Godfather I සහ Godfather II මේ ලෙස උපසිරැසි ගැන්වීමට කටයුතු කළා. එහි හොඳ නරක, ගුණා’ගුණ පෙන්වාදීමට ඔබට ආරාධනා කරනවා උපසිරැසි සහිතව මෙය නරඹා සිටින ලෙස.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,546 downloadsDownload The.Godfather.Part_.I.1972.Sinhala.Sub_.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
131 comments
තිසර ප්‍රමුදිත
කසුන් සමීර
මේක නම දැනගෙන බලන්න ආසවෙන් හිටියත් චිත්‍රපhටිය හොයාbගන්න බැරුව හිටියේ
ගොඩක් ස්තූතියි සහෝ මේකට ...Keep it up| D i N 3 s H | දිනේෂ් ගමගේ
උදා සොයුරා මෙම වුන කැපවීම අපි හොඳට දන්නවා.. ඔහු හැර ලංකාවේ වෙන කාටවත් මේ වගේ ලොකු වැඩකට අත ගහන්න පුළුවන් කමක් නෑ. තියෙනවානම් මේතරම් කාලයකට මේවා නොකර ඉන්නේ නෑ.. උදා වගේ ශක්තිමත් කොල්ලෙක් අඩවියේ ඉන්න එක ලොකු වාසනාවක්. මේ වගේ චිත්‍රපටි දෙන්න කිසි කෙනෙක් අත නොගසන එකේ ඔහු ඒක බාරගෙන කලා. උදා ඔබට ගොඩක් ස්තුතියි මෙවන් කැපවීමක් කරලා මේ චිත්‍රපට අපට ලබා දීම ගැන.
බයිස්කෝප් ලිපි 1000ට සුබ පතනවා!!!
චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!
vernie
බලමු මේක දෙවනි තැන ගත්තෙ කොහොමද කියලා.ස්තුතියි“උදා”
uda
ඇත්තෙන්ම මම සබ් කරන්න කලියෙන් අපේ පැරණි සාමාජිකයෙක් වූ රන්දික පෙරේරා සහෝ Godfather I සහ II යන දෙකටම අදාලව එක ලිපියක් ලබාදී තිබුණා. ඔහු තමා මුල්වරට මේ චිත්‍රපට තිත්වය ගැන ඔබ දැනුවත් කළේ. මම කළේ නැවත සබ් එක්ක ගන්න ඉඩ සැලැස්වීම විතරයි. එහෙමනම් ඔහුවත් සිහි කරලා මගේ ස්තුතිය සහ ගෞරවය ඔහුට පළ කර සිටිනවා.
ජය!සාගර ප්‍රේමතිලක
කථාවේ සාරංශය කියවා බැලූ සැණින් මාගේ හිතෙත් දැඩි ආසාවක් ඇති වුනා මෙම බයිස්කෝප් එක නරඹන්න ඔන්න එහෙනම් මමත් ඩවුන්ලෝඩ් වෙන්න දානවා නවමු ආකාරයෙන් බයිස්කෝප් සිංහලෙන් අප වෙත ගෙන එන සොයුරු කැළටත් මෙම බයිස්කෝප් එකට උපසිරසි ගැන්වූ උදා සොයුරා ඇතුළු සියළු දෙනාටම මාගේ සුබ පැතුම් ඔබ සැමට සුබ අනාගතයක් චිරං ජයතු........෴ බයිස්කෝප් සිංහලෙන්
sanka
thank you very much
we are appreciate your effect
best of luck baiscopesanka
pattama film akak.thnxzz uda
වා.මු. නිලන්ත පියසිරි
අප්පේ මොනවා බාන්නද කියලා හිතේ එකඟත්වයක් නැහැ. උදා බොහොම පිං වැඩේට. බලා අවසන් වී කොමෙන්ටුවක් දාන්නම්.
janaka
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
කැලුම් ගුණසේකර
මොකක් බලන්න ඕනද කියලා ඇත්තටම හිතාගන්න බෑ. මුලින් ම මේ වගේ සිනමා කෘතියක් සිංහල ට හරවන්න හරවල අපිට බලන්න ලබා දුන්න උදා සහෝ ට ගොඩක් ස්තුතියි. දිනේෂ් කිව්වා වගේ උදා වගේ කෙනෙක් බයිස්කෝප් පවුලට ලැබීම ලොකු ශක්තියක්.
Isuru dimantha
ස්තුතියි සබ් එකට වෙන වෙලවක අනිවා බානවා.........
පෙදරේරුවා නොහොත් මේසන්බාස්
වටිනා වැඩක්
චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!Harsha Lahiru
Bhoma stuti Jayen jaya
කේ. යූ. ජී. උදාර
කාලයක් තිස්සේ බලන්න හිතාගෙන උන්නු චිත්‍රපටයක් වෙච්ච මේක දැන් ඉතිං සිංහල එක්කම බලන්න බැරියැ..........
බොහොම ස්තූතියි උදා...සිංහලයා
පට්ටම ෆිල්ම් එකක් ආයේ ලොවෙත් නෑ බොහොම ඉස්තූතියි උදා
kalinga
නියම ෆිල්ම් එකක් අනිවා බලන්න ඕනේ....
උදාර
සුපිරිම සුපිරි ජය වේවා....
chethiya
God bless අපිරිම්ත පින්
කැළුම්
නියමම ෆිල්ම් එකක් අනිවා බානවා ඉස්තූතියි උදා සහෝට
ganidu
පට්ට පට්ට උදා නියම එකකට දාලා තියෙන්නේ සබ් ..
Isuru Udana
නියමයි උදා!!! මේක ඉතින් සුපිරිම සුපිරි චිත්‍රපටියක්.මම දැනට බලල තියෙන චිත්‍රපටි අතරින් ඉහලින්ම තියෙන සුවිශේෂී ගනයෙ නිර්මාණයක්. මෙවැනි නිර්මාණ ජීවිතකාලයටම නිර්මාණය වන්නේ එක්වරක් පමණයි. ඒ කිව්වෙ ආදර කතා එහෙම කම් ඉතින් ඕනෙ තරම් හැදෙනවනෙ. ඒත් මේ වගේ විශිෂ්ඨ සිනමා කෘති එහෙම බිහිවෙන් නැහැ. ඉතින් එවැනි සිනමා නිර්මාණයක් ඔබ මගහැරගන්නවා කියන්නේ තමන්ටම කරගන්නා ලොකු පාඩුවක්. ඉතින් හැමදෙනාටම කියනවා අනිවා මේ විශිෂ්ට චිත්‍රලටය උදාගේ හරවත් සිංහල උපසිරැසිත් සමගම නරඹලා ජීවිතේ බොහොම සුවිශේෂී ගනයේ සිනමා අද්දැකීමක් විදින්න එන්වෙන්න කියල.
මං කලින් ඩවුන්ලෝඩ් කරපු නිසා චිත්‍රපටි තුනම තියෙනවා. ඒ හන්ද සබ් එක විතරක් අරගෙන තවපාරක් බලනවා. උදාගෙන් ඉල්ලනවා හැකියාවක් තියෙනවා නම් 3වන චිත්‍රපටයටත් උපසිරැසි යොදන්න කියලා... :)ආහ් උදා කරපු මේ අනර්ග කාර්යයට තව පොඩ්ඩෙන් ස්තූති කරන්න අමතක වෙනවනෙ!!! ඇත්තටම කියන් වචන නැහැ මේක නම් සුපිරිම වැඩක්.උදා අපේ බයිස්කෝප් එක සතු ලොකු සම්පතක්...ඉදිරියටත් මේ වගේ පට්ට චිතුපටි රැසකට උපසිරැසි බලාපොරොත්තු වෙනවා!!!
~ ජය! ~
සරදියල්
පට්ටම ලොවෙත් නෑ මේ ෆිල්ම් සෙට් එකම බලල නැත්තම් කියන්න තියෙන්නේ මේ දෑස කුමකටද කියලා..සබ් දීපු එක ලොකුම දෙයක් ..
රොයිලි
චිත්‍රපටිය ගැන වර්ණනා කරන්න දෙයක් නෑ. ඒක නියමෙටම උදා සහෝ කරලා තියෙනවා. එතකොට උපසිරැසිය ගැන පෙන්වන්න නරකක් නෑ මොකද උදා උපසිරැසියක් දාන්න කරන කැපවීම මම හොඳට දන්නවා. අනිවා උදා කියන්නෙ උපසිරැසියට සාධාරණයක් ඉටු කරන කෙනෙක්. බොහොම ස්තූතියි උදා අඩවියේ 1000 වෙනුවෙන් මේ අදහස අපිට දීලා අපේ පස්සෙන් ඉඳගෙන අපිව අරමුණ කරා යොමු කරපු එක ගැන. උබේ තේරීම් වගේම උඹේන් මම ඉගෙන ගත්තු දේවලටත් මම උඹට ණය ගැතියි. :P
අමීර
බොහොම ස්තූතියි.........!!
අසංක
කියන්න දෙයක් නෑ සුපිරි මේක බලනවා මයි... ඉස්තූතියි උදා
විකියා
උදා සහෝට බොහොම ඉස්තූතියි සුපිරිම ෆිල්ම් එකක් උපසිරසත් එක්ක ගෙන ආව එක ගැන..
ජයෙන් ජය~!
dinnu
බොහොම ස්තුතියි.
රාම් රාජ්
ස්තූතියි.මේ වගේ වැඩකට අතගහපු එක ගැන සන්තෝෂයි.
දනුක
පට්ටම ෆිල්ම් එකක් නේ උදා සබ් දෙන්නේ කොහොමත් මේ වගේ අමුතු පට්ට එවටනේ
ඉස්තූතියි තවත් සබ් දෙන්න ශක්තිය පතනවාsaman
ඇත්තටම මේක හොඳ ෆිල්ම් එකක් .මේක ගැන කතා කරන්න දෙයක් නැ.
අලුතින් එන හොඳ වුනත් නැති වුනත්, download කරලා ෆිල්ම් බලන අපේ අයට මේ වගේ ෆිල්ම් බලන්න පුරුදු කරන්න ඕන .වැඩක් නැති ෆිල්ම් 100 ක් බලනවට වඩා හොඳ එක ෆිල්ම් එකක් බලන එක තමන්ට වැඩක් වෙනවා.අබා
ස්තූතියි උදා සහෝ....ජයවේවා෴෴෴
හොට්ටා
ඉස්තූතියි සහෝ..... :)
ishara
බොහොම ස්තූතියි
nishadip1
Thanks friend......
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍සාරංග ලියනගම
මේවගේ ෆිල්ම් එකක් සිංහල සබ් නැතුව බලල වැඩක් නෑ. ගොඩාක් ස්තූතියි සහෝ..
darshana
බොහෝම ස්තූතියි
prasanna
THNXXXXX
halapaya
bahut Shukriya ;)
Dina
film eka thibba.. therenne nathi wei kiyala baye hitiye..dan ithin elatama baluwaki
amila ravi
Malayan Brando ge acting superb....
parakrama
supiri machoooooooooooooo
ගොඩයා
පොඩි කාලේ මම මේ පොත කියවල තිබුන. ෆිල්ම් එක බලල මතකේ අලුත් උනා. උදා මචන් තැන්ක්ස් ඔයාගේ සබ් වලට. අපිට මේ ෆිල්ම් එකේ දෙවෙනි තුන්වෙනි ෆිල්මුත් දෙන්න.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.ජයම වේවා!!!!!!!
ගොඩයාරොෂීන් චාරුත ප්‍රනාන්දු
මාත් බෑවා..තෑන්ක්
චමිඳු සඳකැලුම්(චමියා)
බොහොම ස්තතියි යාලුවා
රණා මල්ලි
ගොඩක් ස්තුති යාළුවා...
kusan
nice work dude
tera
Thank you very much...
BUDSARA PASINDU
Thanks හොඳේ
Advertisement
බොහෝම ස්තුතී