ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන පුළුවන් ඉක්මනින්ම ආවා.මේක ටිකක් විශේෂ ෆිලුමක්.මොකද ෆිලුමට ප්‍රධාන රංගනයෙන් දායකවෙන්නේ මලයාලම් සිනමාවේ ජේෂ්ඨ නළුවෙක් ඒ වගේම Mohanlal ගෙන් පස්සේ වැඩිම ජනප්‍රසාදයක් තිබෙන නළුවෙක් වන Mammootty.ඒ වගේම මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller කියන ප්‍රභේද වලට.Mammoot…
ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන පුළුවන් ඉක්මනින්ම ආවා.මේක ටිකක් විශේෂ ෆිලුමක්.මොකද ෆිලුමට ප්‍රධාන රංගනයෙන් දායකවෙන්නේ මලයාලම් සිනමාවේ ජේෂ්ඨ නළුවෙක් ඒ වගේම Mohanlal ගෙන් පස්සේ වැඩිම ජනප්‍රසාදයක් තිබෙන නළුවෙක් වන Mammootty.ඒ වගේම මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller කියන ප්‍රභේද වලට.Mammootty මේකේ ඉන්දියාවේ කාසරගොඩ් කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැරයෙක්ගේ චරිතයකට තමයි පණ පොවන්නේ.ෆිලුමේ කියවෙන්නේ කළු සල්ලි හා සම්බන්ධ සිද්දියක් ගැන.
ෆිලුමේ කතාව ගෙතිලා තියෙන්නේ 2016 වර්ෂයේදී ඉන්දියාවේ සිදුවුණු මුදල් සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්දියක් පදනම් කරගෙන.කතාව ෆිලුමේ එකක් වුනාට ඒ සිද්දිය ඉන්දියාවේ ඇත්තටම සිදුවුණු දෙයක්.අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් දැනගමු.අපි කවුරුත් දන්න වර්තමාන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී බලයට එන්නේ ඉන්දියාවේ දූෂණය සහ නාස්තිය නැති කරනවා කියන පොරොන්දුවත් එක්ක.ඒකෙ දිගුවක් විදියට 2016 නොවැම්බර් 8 වෙනිදා ඉන්දියානු අගමැති නිවේදනය කරනවා එදින මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඒ වනවිට භාවිතයේ පැවතුනු රුපියල් 1000 සහ රුපියල් 500 නෝට්ටු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරනවා කියලා.ඒකත් එක්ක ලොකු කලබලයලක් ඇති වෙනවා.ඉන්දියාවේ තියෙන කළු සල්ලි නීතියේ රැහැනට හසුකරගැනීමේ අරමුණෙන් මේ තීරණය ගත් බවක් තමයි රජයේ පාර්ශවයෙන් කියවෙන්නේ.නමුත් මේ තීරණය ඉන්දීය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනවා.ඒ අතර සමහර ආර්ථික විශ්ලේෂකයින් කිව්වේ මෝදි පූර්ව දැනුම්දීමකින් තොරව මේ වගේ දෙයක් කරපු එක තමයි ඒ ආර්ථික බිඳවැටීමට හේතුව කියලා.ඒ වගේම ඊට පහුවෙනිදා ඉඳලා හුඟක් බැංකු වල දිගු පෝලිම් හැදිලා තියෙනවා,මේ නෝට්ටු මාරුකරගන්න එන අයගෙන්.ඒත් එක්කම මේ දේට විරෝධය පලකරලා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ සහ වැඩවර්ජන රාශියක් ක්‍රියාත්මක වෙලත් තියෙනවා.කොහොමවුනත් මේ විදියට නෝට්ටු අවලංගු කරනවා කියලා රහසිගතව තීරණය කරත්,ඒ රහස පිටට කාන්දුවුනා කියලත් රජයට චෝදනා එල්ලවෙනවා.මේ තොරතුරු කාන්දුවම තමයි ෆිලුමෙත් එක ප්‍රවේශ කාරණයක් වෙන්නේ.
ෆිලුම පටන්ගන්නේ සිංදුවකින්.අම්මා කෙනෙක් තමන්ගේ දරුවත් අරගෙන දුම්රියෙන් කිසියම් ගමනක් යන සිද්දියක් තමයි මුලින්ම පෙන්නන්නේ.මේ දෙන්නට දුම්රියේ ඉන්න එක්තරා පුද්ගලයෙක් උදවු කරනවා.ඊටපස්සේ ඒ කෙනා මේ දෙන්නව තමන්ගේ ගෙදරටත් එක්කරගෙන එනවා.කොහොමවුනත් එදා දවසේ රෑම අපරාධකාරයෙක් කියලා මේ පුද්ගලයව පොලිසියෙන් අල්ලාගෙන යනවා.මේ සිද්දිය වෙන්නේ ෆිලුමේ වර්තමානයෙන් අවුරුදු 10කට කලින්.ඊටපස්සේ තමයි ෆිලුම කලින් කිව්ව මුදල් අවලංගු කිරීමේ සිද්දියට එන්නේ.ඒ වගේම එතනදී තමයි මේ කාසරගොඩ් වල කුප්‍රකට මැරයෙක් වන නිත්‍යානන්ද ෂෙනෝයි කරලියට එන්නේ.ඉතින් මේ ගොඩනැගෙමින් තියෙන අබිරහස විසඳගන්න ඔයාලට අනිවාර්යෙන්ම ෆිලුම අරන් බලන්න වෙනවා!
ෆිලුමේ සමහර තැන්වල දෙමල චිත්‍රපටවල ස්වභාවයකුත් දකින්න ලැබෙනවා කියලා හිතෙනවා.කොහොමවුනත් අවසානයේ මුළු චිත්‍රපටියම සැලකුවොත් මලයාලම් අනන්‍යතාවය රැකිලා තියෙනවා කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒ වගේම ඔයාලා ෆිලුම ගැන වගේම උපසිරැසිය ගැනත් දරන හැම අදහසක්ම පල්ලෙහායින් දාන්න කියලත් මතක් කරනවා.කලින් ලිපියක කිව්වා වගේ මේ සති කිහිපයේ නම් අලුත් මලයාලම් ෆිලුම් එක දිගටම ආවා.දැන් නම් කී බෝර්ඩ් එකට කොටලා කොටලා අතේ ඇඟිලිත් රිදෙනවා!! එක දිගටම අලුත් මලයාලම් ෆිලුම් තුනක්ම ආව නිසා උපසිරැසි ගන්වමින් හිටපු පරණ මලයාලම් ෆිලුමක වැඩ මගදී නතර කරන්නත් සිද්දවුනා.ඒකත් 2012 වසරේදී නිකුත්වුනු සම්මානනීය චිත්‍රපටයක්.මීළඟට ඒ ෆිලුමත් බයිස්කෝප් රසිකයින් හමුවට ගෙන එන පොරොන්දුවත් එක්ක සමුගන්නවා!
එතෙක් ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
Puthan Panam (2017) Malayalam DVDRip x264
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
6,658 downloadsDownload Puthan-Panam-2017.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
36 comments
thisal
Sisila Prasad
මේකේ සබ් එක අපේ කෙනෙක් දෙනකම්ම නොබලා හිටියා.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි, සහෝ.
ඉදිරියටත් මේ වගේ හොඳ චිත්‍රපට අරගෙන එමු.
ජය!!!MALAKA LAKSHAN
War For The Planet Of The Apes 2017 හි සිංහල උපසිරැස ලබා දෙන්න
MALAKA LAKSHAN
War For The Planet Of The Apes 2017 හි සිංහල උපසිරැස ලබාදෙන්න
mahesh babu
Niyamai saho....
Supiri baandayak neh genalla thyenne....
Malayalam thriller movies gana nam katha karanna deyak na,supirima tama.....
Jaya wewa!!!අසිත
elama saho thanks
Udaya Fernando
Thanks bro
හේමන්ත
ස්තුතියි මල්ලි.... ස්තුතියි බයිස්කෝප්..
shanuka supun
thankz saho,
Dinu
thanks bro
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
silent$
Thnxxxxxxxxxxxxx
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දැන් නම් දිගටම මලයාලම් වැටෙනවා නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kumara
බොහෝම ස්තූතියි සහෝ. මලයාලම් නම් mamootty නම් එලම තමා
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~SPD
මේකට සිංහල උපසිරසියක් එයි කියල විශ්වාසයක් තිබුනේ නැති නිසා ෆිලුම බෑවෙත් නෑ.
දැන් ඉතින් සිංහල උපසිරසියක් ආව එකේ බාගන්නම්කෝ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචං.
ජයවේවා...!!ishan
thanks bro.......super
ishan
thanks bro
Kulanjana Maduranga
niayamai…patta ahhh..malayalam film ithin hamadama dunnath balanawa...thawa malayalam film denna.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shehan Prathapasinghe
thanks machn
Palitha de Silva
බොහෝම ස්තූතියි ....
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..kasun
thanx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dasun kalahewaththa
thankuu brother
Eranda
ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා..!
Chami.S
Thanks..
Good Luck..KASUN
පට්ටම පට්ට වැඩක්, දීපු මලයාලම් ෆිල්ම් ඔක්කොම පට්ටම පට්ටයි
ඉස්සරහටත් මලයාලම් දෙනවනම් නියමයි...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
rangika Kariyawasam
නියමයි තරිදු සහෝට අපිව අමතක වෙලා නෑ.. නියම මලයාලමි ෆිලුමකට සබ දීලා.මචන් බෝහෝම පිං සිද්ද වෙිවා !!! සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා ඉත සිතින් පතනවා
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
sheran
සුපිරි story එකක් සබ් එකත් කොර තෑන්ක්ස්.......
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…SangeethRox
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්ක්ස් බන් සබට දෙනකම් හිටියේ