ඔන්න සුපිරිම භාන්ඩයක් අරන් ආවේ. මේක බාරගෙන නම් ටිකක් කල් වෙනවා ඒත් අධ්‍යාපන කටයුතු නිසා කරන්න වෙලාවක් හම්බවුනේ නැහැ. පස්සේ කොහොම හරි කොහොම හරි මම වගේම මේකට පිස්සු වැටුන සොහාන් ජයසූරිය සහෝවත් හවුල් කරගෙන දවසින් දෙකෙන් ඉවරයක් කරලා ඔයාලට බලන්න ඔන්න අරගෙන ආවා. මේක ඇවිල්ලා 2013 විකාශනය ආරම්බ කරපු කොරියන…
ඔන්න සුපිරිම භාන්ඩයක් අරන් ආවේ. මේක බාරගෙන නම් ටිකක් කල් වෙනවා ඒත් අධ්‍යාපන කටයුතු නිසා කරන්න වෙලාවක් හම්බවුනේ නැහැ. පස්සේ කොහොම හරි කොහොම හරි මම වගේම මේකට පිස්සු වැටුන සොහාන් ජයසූරිය සහෝවත් හවුල් කරගෙන දවසින් දෙකෙන් ඉවරයක් කරලා ඔයාලට බලන්න ඔන්න අරගෙන ආවා.
මේක ඇවිල්ලා 2013 විකාශනය ආරම්බ කරපු කොරියන් චිත්‍රපටියක්. කට්ටියම දන්නවා ඇතිනේ අනන්තයෙන් ආව තරු කුමරා. අන්න එයා තමයි මේකේ ප්‍රධාන චරිතේ නිරූපනය කරන්නේ. වැඩිය කතා ඕනි නැහැ එහෙනම් මම කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්.
කට්ටිය දැනටමත් දන්නවනේ උතුරු කොරියාවයි දකුනු කොරියාවයි දෙක හොඳටම තරහයි කියලා. ඉතින් දකුණු කොරියාවට විරුද්ධව පාවිච්චි කරන්න උතුරු කොරියාව කාටත් හොරෙන් රහස් බලකායක් හදනවා. ඉතින් ඒකේ ඉන්න සෙබලු පොඩි කාලේ ඉදන්ම වද දීලා රෑ දවල් දෙකේම හොදට පුහුනු කරපු, හැම සටන් කලාවක්ම ප්‍රගුන කරපු, සෙබලු 20ක් එක්ක වුනත් කිසිම ආයුධයක් නැතිව සටන් කරන්න පුළුවන් දක්ෂයින්ගෙත් දක්ෂයෝ. ඉතින් මේ බලකායේ ඉන්න දක්ෂම නිලධාරියා වෙන කැප්ටන් වොන් වත් ඒ විදිහට දකුනු කොරියාවට යවනවා. එයාට පැවරෙන කාර්යය තමයි මෝඩයෙක් වගේ රගපාමින් දකුනු කොරියාවේ ඔත්තු උතුරට යැවීම, ඒ වගේම හදිස්සි අවස්ථාවක දෙන මෙහෙයුමක් ජීවිතේ පරදුවට තියලා හරි ඉෂ්ඨ කිරීම.
ඉතින් මෙයා මෙහෙම මෝඩයාගේ චරිතේ කරගෙන දකුණට වෙලා අව්රුදු දෙකක් විතර ඉන්නවා. පස්සේ එක පාරටම තව නියෝජිතයෙක්ව දකුණට එවනවා. ඊට පස්සේ තව කෙනෙක් එවනවා. ඉතින් කොහොමින් කොහොමින් හරි මේ ගැන දකුනු කොරියාණු රජය දැනගන්නවා. ඉතින් ඒක නිසා රාජ්‍ය ත්‍රාන්තික ගැටළු මතුවෙයි කියල, අර රහස් බලකායේ හැම කෙනෙක්ටම සියදිවි නසාගන්න කියලා එක පාරටම නියෝග කරනවා… ඉතින් මෙතනින් එහාට මම කියන්නේ නැහැ. කියන්න තියෙන්නේ ඇක්ෂන්, කොමඩි, ෆිල්ම් වලට කැමති කෙනෙක්නම් අනිවා මේක බලන්න, ෆට්ට ෆිල්ම් එකක්, ආයේ බොරු කියන්න ඕනි නැහැනේ, ඒ වගේම ඕනිම සංවේදී කෙනෙක්ගෙ ඇහැට කඳුලක් නැගෙන අවසානයක්.
එහෙනම් ගිහින් එන්නම් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
Secretly.Greatly.2013.BluRay.720p.DTS.x264-CHD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,904 downloadsDownload Secretly-Greatly-2013.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” හා “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
23 comments
C. R. ජයලත්
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි දෙන්නටම
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝලා දෙන්නටම°|•|•|•|
~~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~~Dish
Thankyou
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. ජයවේවා.
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!charith eranga
THANKS වේවා
Tharindu Lakmal Perera
Niyamai sahoo
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°° Good Luck. Keep Subtitling :-) Elzzzzzzzzzzzz..
Uddeepa Rozzer
Me film eke Mb gaana adu direct link ekak denna puluwanda kata hari...baiscope directlink site eketh direct link dila neha..
Pushpa Keerthi
ThankS MacgO sUb 1ktA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Mahesh
Sub ekata thanx
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…ishani shanika
sub ekata thanx puluwannam the moon embrance the sun ekata sub dananwada
Shanthani
Korean tv seiries walatath subs dennako yalu
roshan_st
thank you
Nethu
Thank u sooo much
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Krishani
Thank you..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Niayamai Sahone Jaya Wewa!!!!!