Watch Trailer

Revolt (2017) with Sinhala Subtitles | සක්වල සතුරන්ට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට තවත් සුපිරි සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි ඒ සූදානම, මේ වතාවෙ අරගෙන අවෙ මේ මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2017 වසරේදි තිරගතවුණු සලරුවක්. Sci-Fi ගණයට අයිතිවෙන මේ සලරුව තිරගත කිරීම ආරම්භ කළේ 2017 ජූලි පළවෙනිදා ජපානයේදි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Joe Miale විසින්. තිරපිටපත නිර්මාණය කරල තියෙන…

ඔන්න ඔයාලට තවත් සුපිරි සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි ඒ සූදානම, මේ වතාවෙ අරගෙන අවෙ මේ මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2017 වසරේදි තිරගතවුණු සලරුවක්. Sci-Fi ගණයට අයිතිවෙන මේ සලරුව තිරගත කිරීම ආරම්භ කළේ 2017 ජූලි පළවෙනිදා ජපානයේදි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Joe Miale විසින්. තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Rowan Athale සහ Joe Miale විසින්. Guardians of the Galaxy (2014) චිත්‍රපටයේ ”Ronan” ලෙසත්, The Hobbit: An Unexpected Journey (2012), The Hobbit: The Desolation of Smaug (2013) යන චිත්‍රපට ද්විත්වයේ ”Thranduil’‘ ලෙසත් රංගනයෙන් දායක වුණු Lee Pace මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන අතර Skyfall (2012) චිත්‍රපටයේ ”Severine” ලෙස රංගනයෙන් දායක වුණු Bérénice Marlohe, Amy Louise Wilson, Kenneth Fok, Tom Fairfoot, සහ Alan Santini යන නළු නිළියනුත් තම රංගන දායකත්වය ලබාදෙනවා. Voltage Pictures, 42, Automatik Entertainment යන සමාගම් විසින් නිෂ්පාදන දායකත්වය ලබාදීපු මේ චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකරල තියෙන්නෙ දකුණු අප්‍රිකාවේදී. ඉතින් මිනිත්තු 87ක කාලයක් පුරාවට ගලායන මේ චිත්‍රපටයට 5.4/10ක IMDb අගයකුත් ලැබිල තියනවා.

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම් කතාව පටන් ගන්නෙ ලොකු කළබලයක් මැද්දෙන්… පහරදීමකට ලක්වුණු කෙන්යාවේ එක්තරා ප්‍රදේශයක ජනතාව ඉවත් කරන්න ඇමෙරිකානු විශේෂ බළකායෙ හමුදා සෙබළුන් කණ්ඩායමක් උත්සහ කරනවා. මේ පහරදීම කරන්නෙ කැරලිකාරයෝවත්, ත්‍රස්තවාදීන්වත් නෙවෙයි. ස්වයං පාලනයෙන් යුත් රොබෝ යන්ත්‍ර වලින්. ඉතින් මේ මෙහෙයුමේදි හමුදා සෙබළුන්ටත් දරුණු විදිහට ප්‍රහාර එල්ලවෙනවා. මේ සිද්දියෙන් පස්සෙ එක විශේෂ බළකා සෙබලෙක් කිසිම මතකයක් නැතුව නයිරෝබි කිට්ටුව හිර කූඩුවක් ඇතුළෙදි තමයි ඇහැරෙන්නෙ. මේ සෙබළට අඩුම තරමෙ තමන්ගෙ නම මොකක්ද කියලවත්, සිද්දවෙන්නෙ මොනවද කියලවත් මතකයක් නැහැ. ඉතින් හාදයා ඉන්න කූඩුවට එහා පැත්තෙ කූඩුවේ ඉන්න ප්‍රංශ වෛද්‍යවරියක් තමයි සිද්දවෙන දේවල් මෙයාට පැහැදිලි කරල දෙන්නෙ. දරුණු පිටසක්වල ආක්‍රමණයක් සිද්දවෙලා ලෝකයේ ප්‍රධාන නගර හැම එකක්ම වගේ මේ වෙද්දි බිඳ වැටිලයි තියෙන්නෙ. ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්නෙ, මරල දාන්නෙ රොබෝ යන්ත්‍ර වලින්. මේ දේවල් දැනගත්තට පස්සෙ මේ සොල්දාදුවා තීරණය කරනවා එයාගෙ කඳවුර හොයාගෙන යන්න. ඉතින් මේ සොල්දාදුවයි වෛද්‍යවරියයි මේ පිටසක්වල ආක්‍රමණයට මුහුණදෙන්නෙ කොහොමද… එයාලට කඳවුරට යන්න ලැබෙයිද… ඔවුන්ට මේ ආක්‍රමණය නවත්තන්න පුළුවන් වෙයිද… සියල්ල නරඹන ඔබට බාරයි.

“යන්ත්‍ර වලට වඩා මිනිස්සු දරුණුයි”
                                                                නාඩියා.

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Revolt (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

20,154 downloadsDownload Revolt-2017-BR.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,154 downloadsDownload Subtitles47 KB

40 comments

  1. Isuru Upendra

    බොහොම ස්තූතියි උපසිරසියට

  2. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    හොඳ කතාවක් වගේ. හමුදා සීන් එකක් තියෙන නිසා ‍කොහෙන් හරි හම්බවෙයි.
    එතකොට බලනවා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. අසිත

    elama saho thanks

  7. Udara Damith B/K

    බොහොම ස්තූතියි උපසිරසියට........................

  8. tharangani

    thanx

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sanath indika

    thx brooo

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. thisal

    ස්තුතියි

  13. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Lushan Kuruppu

    thx bro!

  16. Muditha

    good job brother
    obata jayen jaya

  17. Nishon Jey

    පසිරැසියට බොහෝම ස්තුතියි :)

  18. wasantha

    thanks a lot

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. dana

    Thanks saho Sub Ekata

  21. ashan lankanath

    Thanks .....................good luck

  22. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  23. Bobby

    Thank you very much

  24. lakmal

    බොහොම ස්තූතියි උපසිරසියට

  25. devinda

    thnx bro sub akata

  26. Hashan Madhuwantha [The HASH]

    Ela...

  27. Ravindu Rukshan

    thx

  28. tharindu

    thanx bro

  29. තාරක ජයසිංහ

    තැන්කු සහෝ සබට... ජය වේවා...!!!!

  30. Amila Mudalige

    Sub ekta thanks

  31. mindika

    Thanks !!!!!!

  32. Tharanga

    Thanx bro

  33. malith madhushan

    thanx saho

  34. Nikagoda Nagitha

    thanks

  35. issaaa

    thnz bokkah

  36. Chamindalakruwan

    Tnx bro sub ekata

  37. bhagya2010

    good

  38. chinthaka.max4

    thankx machan

  39. Pky

    Koi htto mke link eka

    1. විමා

      වීඩියෝ ලින්ක් එක ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් අරගන්න සහෝ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.