මගේ නම වාසුකී. බොහොම සංතෝසෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ආදරණීය සැමියෙක් සහ හුරුබුහුටි දියණියක් සමගින් හරි අපූරු ජීවිතයක් මං ගතකලා. ජීවිතය ගලා යනවා දැනුනේ වත් නැහැ. සැමරීම කියන දේ අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. මොකක්හරි දෙයක් සමරන්න, අපිට විශේෂ හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. ඒ තරමටම, සැහැල්ලුවෙන්, සතුටින්, නිදහසේ…

මගේ නම වාසුකී. බොහොම සංතෝසෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ආදරණීය සැමියෙක් සහ හුරුබුහුටි දියණියක් සමගින් හරි අපූරු ජීවිතයක් මං ගතකලා. ජීවිතය ගලා යනවා දැනුනේ වත් නැහැ. සැමරීම කියන දේ අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. මොකක්හරි දෙයක් සමරන්න, අපිට විශේෂ හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. ඒ තරමටම, සැහැල්ලුවෙන්, සතුටින්, නිදහසේ පියාසර කරමින් ජීවත්වුණ පුංචි කුරුළු පවුලක් තමයි අපි. ජීවිතය මෙච්චර සුන්දර ඇයි කියලා, අපි අනන්තවත් අපෙන්ම අහගත්තා. නමුත්, මේ සතුට වැඩි දවසක් විඳින්න අපිට අවසර ලැබුනේ නැහැ. හදිසියේම අපේ පවුලට කණකොකා හැඬුවා. මෙතෙක් කාලයක් තුරාවට ආදරය දෝර ගලමින් තිබුනාවූ ඒ ආදරණීය පවුල, සී සී කඩ බිඳී විසිරී ගියා.
මේ ලෝකේ උතුම්ම පදවිය මොකක්ද? මං මෙහෙම ඇහුවොත් ගොඩක් දෙනෙක් කියාවි, මව් පදවිය කියලා. ඔබ නිවැරදියි. දස මාසයක් කුසේ තබාගෙන, අනන්ත අප්‍රමාණ දුක් කරදර විඳිමින්, ආදරයේ සංඛේතයක් මෙලොවට දායාද කරන්නාවූ මාතෘත්වය තරම්, වෙනත් පදවියක් ලොව කිසිත් නැහැ. මාත්, එම අමිල වූ මාතෘත්වයෙන් පිදුම් ලැබුවාවූ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක්ට, මිනිසුන් කෙතරම් නම් ගරු කරනවද… කෙතරම් නම් බුහුමන් දක්වනවද… නමුත්, හැමදෙනාම නම් නෙමෙයි. අම්මා කෙනෙක්ගෙන් හෝ වේවා, තමන්ගේ පහත්වූ ආශාවන් සපුරා ගැනීමට මාන බලමින් සිටින්නාවූ දුර්ජනයන් මෙලොව වසනවා. සමහරවිට, ඒ අධමයින්ට අමතක වෙන්න ඇති, ඔවුනුත් මෙලොවට ජාතක වූවේ, මා වැනිම මවකගේ කුසෙන් බව. නැතහොත්, ඔවුන් සිතාමතාම අමතක කර දමන්න ඇති. කෙසේ හෝ අවසානයේ සිදුවූයේ, සදාකාලික අමිහිරි මතකයක් සිත්හි තැන්පත් කරමින්, මාගේ පාරිශුද්ධත්වය අහිමිවීම පමණි. පියවි සිහියට පැමිණෙනවිට, කලයුතු කිසිත් මට හිතාගැනීමට අපහසු වුණා. අනිත් අය වගේ, කෑගහලා අඬන්න මට ලජ්ජා හිතුණා. ඒ නිසාම, මට හිතුනේ මගේ ජීවිතය අවසානයක් කරගන්න. ඒ ක්ෂණයෙන්ම මට හිතුණා, මං මැරුනොත්, මේ අධමයින්ට දඬුවම් දෙන්නෙ කවුද කියලා. මං, මේ අධමයින්ගේ පලවෙනි ගොදුර නෙමෙයි. ඒ වගේම, අවසාන ගොදුරත් නොවේවි. ඒ නිසා, මින් මතුවට මෙවැනි පාපයක් නොකරන්නට, මොවුන්ට නිසි දඬුවම් ලබාදිය යුතු වෙනවා. පාපයේ තරමට, මොවුන් යෝග්‍ය වන්නෙ, එකම එක දඬුවමක් සඳහා පමණයි. මරණය…
මෙවැනි පාපයක් සිදුකල මේ දුර්ජනයන් හට, තවත් මෙලොව ජීවත්ව සිටීමට අයිතියක් නැහැ. ඒ නිසාවෙන්ම, මං තීරණයකට පැමිණියා. කිසිවෙකුටත් හිතාගත නොහැකි පරිදි, සියළු දෙනාවම ලුහුබැඳ ගොස්, මින් මතුවට මෙවැනි වරදක් නොකිරීමට, අදාළ සියළු දෙනාවම ඝාතනය කරනවා…
තමන්ටම ආවේණික වූ රංගන ශෛලියකින් යුක්තව, සිය අයස්කාන්ත රූ සපුවෙන් කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවක් මන්මත් කරවූ, දකුණු ඉන්දීය නිළි, Nayantara සමගින් තවත් එවැනිම අති දක්ෂ, ජනකාන්ත රංගන ශිල්පියෙකු වන, Mammootty ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, Mystery, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2016 වර්ෂයේ පෙබරවාරි මස 12 වෙනි දින තිරගතවීම ආරම්භ කල මෙම සලරුව, සැබවින්ම සමස්ථ ඉන්දීය අර්ධද්වීපයම කම්පා කිරීමට සමත්කම් දැක්වූවා. ඉතාමත් මානුෂීය තේමාවක් රැගත්, පුරා හෝරා දෙකකට අධික කාලයක් තුරාවට ප්‍රේක්ෂකයා කුතුහලයේ උපරිමයටම රැගෙන යමින්, අවසාන නිමේෂයේදී සමස්ත කතාමාලවම උඩි යටිකුරු කරමින්, ප්‍රේක්ෂකයා හට නැවුම් වූ අත්දැකීමක් ජනිත කරන්නාවූ මෙම සලරුව, Imdb දර්ශකයේ 6.4 ක මනාප අගයක් ලබාගන්නා අතරම, ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වීමටද සමත්කම් දක්වා ඇත. ඔබ සංවේදී පුද්ගලයෙකු නොවීමට පුළුවන්. නමුත් සමහර දර්ශනයන් ඔබ නැරඹුවහොත්, ඔබට නොදැනීම ඔබත් සංවේදී වේවි. එමෙන්ම, ඔබ කුතුහලය සහිත චිත්‍රපට ප්‍රිය කරනවා විය හැකියි. සහතික වෙන්නම්, එයත් ඔබට නොඅඩුවම ලැබේවි. එසේනම්, තවත් අපූර්ව වූ සලරුවක් නැරඹීමට, සියළුම සහෘදයින් හට, සෙනෙහෙ සිතින් අවසරයි…
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.ac – Puthiya Niyamam [2016] Malayalam DVDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි සියලුම DVDRip පිටපත් සඳහා අදාළ වේ.
2,988 downloadsDownload Puthiya-Niyamam-2016.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
28 comments
ishan
mahesh
supirima film ekak wage malayalam film wala amuthuma wenask tiyenawa.
drishyam , oppam wage mekath hoda ekak weyi.
sub ekata thank you saho...!!!Dinusha
Tanx Bro
Ranga Prasanna
Supiri bro elazz
Lahiru
බොහොම ස්තූතියි සහෝ සබට..මේක හොඳ ෆිලුමක් වෙන්න ඇති
Chami.S
Thanks...
Mithun
ෆට්ට ආඅ සුපිරියි ලිපිය නම් ටැමිල් නම් හොද රේට් එව අරින් නෑ ගොඩක් ස්තුතියි සහෝ සිංහල සබ් දැම්මට මිට කලින් දුන්න ටැමිල් එකක් ෆට්ටම සුපිරි ස්තුතියි කරන සේවෙට ජය ඔබට ඔන්න සබ් එක ගත්ත...
Lasantha
TNX Bro..........
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kamal
සබ් එකට බොහොම ස්තුතියි සිසිල සහෝ.
ඉදිරියටත් තව තවත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
Thoppil Joppan(2016)
මේ ෆිල්ම් එකටත් සබක් කරලා දෙන්න සහෝ.
ඔබට ජය වේවා...!!silent$
Thnxxxxxxxxxxx
Thili
sub ekata tnks aiye.FORCE 2 ekata sub denne naddoooooooooo.
Dilan
සුපිරි ඒක පිලුම
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Menu
Thank you
අසංග
ස්තුති...ජයේන්..ජයම..වීවා..
ravindu
Thanks bro
kent parker
thanks
N_R
Thanks.
Gandhaka Indrajith
Thanks for the subtitle
Dula95
thanks bro
Anonymous
thanks
Shami
Thanks
Anonymous
Meka open wenna hadanna puluwanda?
Anonymous
The archive is either in unknown format damaged. Please update it.
Anonymous
Now it's working. Thank you.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna mulinma sub down
load kale mama....