Watch Trailer

The Lives of Others AKA Das Leben der Anderen (2006) with sinhala subtitles | ද්‍රෝහියා ඔබයි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ Goodfellas (1990) පාතාලයේ සොල්දාදුවා ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්…

The Lives of Others (2006)

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ Goodfellas (1990) පාතාලයේ සොල්දාදුවා ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම කමෙන්ට් වලින් ඉල්ලලා තිබුන විදියට තවමත් සබ් කරලා නැති IMDb වර්ගීකරනයට අනුව ලොව හොඳම චිත්‍රපට වලට සබ් දෙන එකේ තවත් එක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විදියට එලි දකින්නෙත්. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් හැමදාම සම්බන්ධ වෙන නිහඬ සේවයක් කරන සමන් ප්‍රසාද් සහෝ ටත්.

මේකේ චිත්‍රපටියේ කතාව කියන්න කලින් ඒකේ පසුබිම ගැනත් ටිකක් කියලා හිටියොත් ඒක මේ චිත්‍රපටිය හොඳට රස විදින්න පහසුවක් වේවි කියලා හිතුන නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

දෙවෙනි ලෝක යුද්දෙදී ජර්මානු හමුදා පරාද කරලා සෝවියට් හමුදාව යටත් කර ගත්තු ජර්මනියට අයිති ප්‍රදේශය පස්සේ කාලක නැගෙනහිර ජර්මනිය එහෙමත් නැත්නම් GDR (German Democratic Republic / ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) කියලා වෙනම රටක් විදියට ගොඩ නැගුනා. එයාලගේ එකම අරමුන උනේ සැබෑ සමාජවාදය රජ කරන රටක් ගොඩ නගන එකයි. ඒත් ඒ වෙනකොට දෙවෙනි ලෝක යුද්දෙන් දිනපු අනිත් හමුදාවන් ( ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හමුදාවන්) යටත් කරගෙන හිටිය ප්‍රදේශ බටහිර ජර්මනිය නමින් ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ බොහොම සුඛෝපභෝගිව ජීවත් උනා. මේ නිසා 1961 අවුරුද්ද වෙනකොට මිලියන 3.5ක විතර නැගෙනහිර ජර්මානු ජනතාවක් බටහිර ජර්මනියට පැනලා ඇවිත් තිබුනා. මේ විදියට තවත් මිනිස්සු පැනලා ගියොත් නම් තමුන්ට කරන්න රටක් ඉතුරු නොවෙන බව දැන ගත්තු නැගෙනහිර ජර්මානු පාලකයෝ කලේ එක රැයක් එලි වෙනකොට මුලු රට වටේම ලොකු තාප්පයක් බදින එකයි. ( Berlin Wall (බර්ලින් තාප්පය ) එහෙමත් නැත්නම් death strip කියලා අදටත් හදුන්වන්නේ මේ තාප්පයම තමයි. ) මේ තාප්පය නිසා එයාලට පුලුවන් උනා තවත් මිනිස්සු බටහිර ජර්මනියට පැනලා යන එක නතර කර ගන්න වගේම ඇතුලේ හිර උන මිනිස්සුන්ව දැඩි පාලනයක් යටතේ තියා ගෙන එයාලගේ අර සමාජවාදී හීනෙට ලගා වෙන්නත්. මොන විදියකින් හරි තාප්පෙන් එලියට පැනලා යන්න හදන මිනිස්සුන්ට වෙඩි තියලා මරලා දැම්මා වගේම ඒ වෙනකොට රටේ පැවතුන මේ අසාධාරණ පාලනයට එරෙහිව කතා කරන හැමෝවම දේශ ද්‍රෝහීන් හැටියට නම් කරලා දඬුවම් කරන්නත් එයාලා පසුබට උනේ නෑ. මේ දේශ ද්‍රෝහීන්ව අල්ල ගන්න වෙනම රහස් පොලීසියක් හිටියා. මේ පොලීසිය තමයි “stasi” (ස්ටාසී) එහෙමත් නැත්නම් නැගෙනහිර ජර්මානු රහස් පොලීසිය කියලා හදුන්වන්නේ.

අනුමාන කිරිම වලට අනුව මිනිස්සු 5000ක් විතර මේ තාප්පෙන් සාර්ථකව බටහිරට පැනලා ගිහින් තියනවා වගේම 138 දෙනෙක් ඒ උත්සාහ කිරීම් වලදී මැරුම් කාලා තියනවා. මිනිස්සු පැනලා යන්න පාවිච්චි කරපු විවිධ උපායන් ගැන වගේම බර්ලින් තාප්පෙත් එක්ක බැදුන තව විස්තර දැන ගන්න ආසයි නම් පොඩ්ඩක් අන්තර්ජාල ගතවෙලා බලන්න. එහෙනම් දැන් ඉතිහාස පාඩමෙන් පස්සේ අපි මේ චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන් බලමු.

නැගෙනහිර ජර්මානු රජයේ ඉහලම තැනකින් නැගෙනහිර ජර්මානු රහස් පොලීසියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ගෘබිට්ස්ට අතිශය රහසිගත මෙන්ම කිසිසේත්ම අසාර්ථක නොවිය යුතු මෙහෙයුමක් බාර දෙනවා. ලාස්ලෝ මෙහෙයුම ලෙස හදුන්වන මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සදහා ලුතිනන් කර්නල් ගෘබිට්ස් යොදා ගන්නේ සිය පන්ති සගයා මෙන්ම එවකට රහස් පොලීසියේ සිටි අති දක්ශතම රහස් පරීක්ෂකයා උන කපිතාන් වීස්ලර්වයි. සියල්ල ඇරඹෙන්නේ සම්භාවනීය කලාකරු ඇල්බර්ට් ජෙරේස්කාගේ හදිසි සියදිවි නසා ගැනීමත් සමගයි. ඒත් සමගින්ම සියල්ලම උඩු යටිකුරු කරවමින් බටහිර ජර්මනියේ පලවන සගරාවක් මගින් නිර්නාමික පුද්ගලයකු විසින් රචිත නැගෙනහිර ජර්මානු රජයේ අතිශය රහසිගත සංඛ්‍යාලේඛන වාර්තාවක් හෙලිදරව් කෙරෙනවා. අවසානයේ කුමකින් කුමක් සිදු වේවිද? කපිතාන් වීස්ලර් සිය මෙහෙයුම සාර්ථකව අවසන් කරාවිද? නිර්නාමික ලිපිය පසු පස හඹායන ලුතිනන් කර්නල් ගෘබිට්ස්ගේ තීක්ෂණ ඉවට ද්‍රෝහියා හසු වේවිද? මේ සියල්ලක්ම මැද රහසිගතව දිව යන අමාත්‍ය හෙම්ෆ්, සුරූපී නිලි ක්‍රිස්ටා මාරියා සීලන්ඩ්, ජනප්‍රිය නාට්‍ය රචක ගියෝ ඩ්‍රේමන් ගේ තුන් කොන් ආදර අන්දරයට කුමක් සිදු වේවිද? අනිවාර්යයෙන්ම අවසානය ඔබ විමිතියට පත් කරාවි.

IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්රපට 250 අතුරින් 57 වන ස්තානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 93% ක් ලබාගත් ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 75ක් හා නිර්දේශවීම් 32 කට හිමිකම් කියන මේ සුපිරි චිත්‍රපටිය නොබැලූ දෑස් කුමට? කෙසේ වෙතත් අවසානයේ සැබෑ දේශ ද්‍රෝහීන් සොයා ගැනීමේ වගකීම ඔබටම බාර කරමින් මේ සුපිරි චිත්‍රපටිය නරඹන්නට ආරාධනා කරනවා.

“ ඔබට කිසිදා සත්‍ය වෙනස් කල නොහැකිය….

නමුත් සත්‍යයට ඔබව වෙනස් කල හැකිය…. ”

ප.ලි.

මම සාමාන්‍යයෙන් උපසිරැසි නිර්මානය කරන්නේ දෙබස් කහ පාටින් සහ අනෙකුත් විශේෂ යෙදීම් ලා කොල පාටින්. මේ විදියට පාට යෙදුවාම කලු පාට පසුබිමේදී සාමාන්‍ය සුදු පාට උපසිරැසි වලට වඩා ඒක ටිකක් දකින්න පහසුයි වගේ දැනුන නිසායි මම ඒ විදියට පාට යෙදුවේ. පුලුවන් කමක් තියනවා නම් චිත්‍රපටිය නැරඹුවාට පස්සේ හරි මේ ගැන අදහසක් කමෙන්ට් කරන්න පුලුවන් නම් උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කර ගන්න ඒක මට උදව්වක් වේවි.

IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 63 වන ස්තානයේ වැජඹෙන American Beauty (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.

The Lives of Others (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

the.lives.of.others.2006.1080p.bluray.dd5.1.hevc.x265

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

721 downloadsDownload the.lives_.of_.others.2006.Baiscopelk.com_.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

721 downloadsDownload Subtitles49 KB

68 comments

  1. thisal

    තැන්ක්ස් මචන් සබ් එකට

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ...

    2. seyanruwan

      මල්ලි පුලුවන්නම් මේ පිල්ම් වල සබ් හදන්න....
      marshall.2017
      Molly's Game 2017

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තුතියි සහෝ...

  3. sama

    Thanx
    torrent link eka hoyaganna baha

    1. හසිත මධුෂාන්

      1337x ටොරන්ට් සයිට් එකෙන් ගන්න පුලුවන් සහෝ...
      google සර්ච් කරලා බලන්න සයිට් එක හොයා ගන්න පුලුවන්.

    2. හසිත මධුෂාන්

      මේ සයිට් වලින් බොහොම ලේසියෙන්ම බා ගන්න පුලුවන් සහෝ...
      xmovies8
      movies counter
      hd movies point

  4. Sasanka Madhumal

    Thanks saho sub ekata...
    American Beauty film ekata ikmanata sub denna saho...
    Jayen jaya..!!!

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ...

  5. අසිත

    මෙය නොබැලූ දෑස් කුමට?
    American Beauty (1999) පිස්සු හදයි.කොච්චර නම් සබ් ඉල්ලුවද???
    බොහොම පින් සහෝ.

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    ඒත් එක්කම IMDB 250තියෙන මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා…
    Donnie Darko (2001) Time Travel Story
    Stand by Me (1986)
    Requiem for a Dream (2000)
    Unforgiven (1992)
    Incendies (2010)
    Casino (1995)
    Raging Bull (1980)

    1. අසිත

      ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
      Dial M for Murder (1954) (IMDB 250)
      North by Northwest (1959) (IMDB 250)
      Strangers on a Train (1951) (IMDB 250)
      Rope (1948)
      Rebecca (1940)

    2. හසිත මධුෂාන්

      මම දැනට
      American Beauty (1999) IMDb 63
      Requiem for a Dream (2000) IMDb 78
      My Father and My Son (2005) IMDb 91
      film වලට සබ් දෙන්නම් සහෝ... ඊට පස්සේ අනිත් ඒවාට දෙන්නම්.

    3. හසිත මධුෂාන්

      අසිත සහෝ ඉල්ලපු
      Incendies (2010) IMDb 142
      L.A. Confidential (1997) IMDb 91
      film වලට නම් අනිත් අය සබ් කරනවලු සහෝ...

      Donnie Darko (2001) IMDb 225
      film 1 කවුරුත් බාර අරගෙන නැත්නම් මම කරන්නම්.

      හැබැයි සහෝ මේ හැම දේකටම කාලය තමයි ගැටලුව වෙලා තියෙන්නේ සහෝ...

    4. අසිත

      Donnie Darko (2001) ට හරි දෙන්න සහෝ.
      ලොකු දෙයක්.

  6. අසිත

    ස්ටැන්ලි කුබ්රික්ගේ මෙන්න මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න.
    A Clockwork Orange (1971) (IMDB 250)

  7. Asiri

    ඔයා කරන්නේ පට්ට වැඩක් සහෝ රැල්ලට අලුතෙන් එන සමහර චොර ෆිල්ම් වලට sub දානවට වඩා මේ වගේ භාන්ඩෙකට සබ් දෙන එක ගොඩක් වටිනවා.මේ ගමන්ම Goodfellas එකත් බාන්න ඕනේ.donnie darko ,mulholland drive මේ දෙකටත් පුලුවන්නම් සබ් දෙන්න.ජය වේවා...

    1. Asiri

      දැන් බලලා ඉවර කරේ.ෆිල්මුව නම් පට්ට සහෝ

    2. tharindu gunarathna

      mulholland drive supiri

    3. හසිත මධුෂාන්

      බොහොම ස්තුතියි සහෝ...

    4. හසිත මධුෂාන්

      වෙලාවක් ලැබුන ගමන්ම ඔය film 2 ta සබ් දෙන්නම් සහෝ.

  8. මරුසි

    මේ ෆිල්ම් නොදකින දෑස කුමකට !!!!!

    තෑන්ක්ස් මචන් ~~

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ...

  9. Dulanga

    Thanks

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....

  10. harsha

    ස්තූතියි බොහෝම අපූරු චිත්‍රපටයක්. කොහොම වෙස් වලාගෙන හිටියත් කොයි මොහොත්හක හරී ඇතුලේ ඉන්න නියම කෙනා එලියට එනවා. ඊට පස්සේ තමන්ගේ හිතට එකඟව තමන් නිවැරදියි කියල හිතෙන දේ කරනවා. එහෙම තමයි මීනිස්සුන්ගේ හැටි. ඒ වගේම සහෝ සබ් වලට පාට යෙදිල්ල හොඳයි වගේ අපහසුවක් නැතීව කියවන්න පුලුවන්. ජයවේවා

    1. හසිත මධුෂාන්

      ඒක නම් ඇත්ත සහෝ...
      ඒ වගේම අදහස් දැක්වීමටත් බොහොම ස්තූතියි සහෝ...

  11. w a thilak

    ස්තුතියි සබට

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තුතියි...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තුතියි...

  13. tharindu gunarathna

    thanks mcn ada bawe , ,mulholland drive movie movie akata sub danna puluwannam.

  14. malik

    machan godak pin,thanks

  15. LSM HUSKAA

    thnks sho mewa tama film kiyanne .me wage high rating kata walata digatama sub denna. obata jaya.

  16. Dinesh Sanjeewa

    pattai...

  17. Yasiru veesler

    Patta film ekak machan film eka balala aye hoyan avith comment ekak danna hituna <3

  18. Roshan

    Thank you

  19. sameera

    Mewage athi wishishta sinama nirmanayakata sub dipu ekata mama anekawarayak sthuthi wantha wemi obata, obata jaya

  20. A Mune Munasinghe

    බොහොම ඉස්තුති සහෝදරයා. උපසිරැසි වර්ණ ගැන්වීම ගැන ම්ම් නම් මනාපයි ඔන්ට.. ජයින් ජයිම විවා..'

  21. wije

    Hasitha saho

    Niyama filuma thanks ,idiriyatat sub kotanta .

  22. අබා

    ස්තුතියි හසිත....ලෝක යුද්දය ගැන ඔයා උපසිරසි කරන ෆිල්ම් බලනවා හැර වෙන මොන කතා ද..????
    ජයවේවා....!!!!

  23. wiki

    Thanks

  24. ravindu

    ela, thanks brother

  25. akila13

    thanks bro

  26. HarshaJ

    super.thanks for the subtitles brother.

  27. ricadodamien

    Thank you Hasitha Madushan brother & Baiscope Team for the sub, Good post, Great movie, All The Best to Baiscope Team.............

  28. namal kumara

    tanks බ්‍රෝ. නියමයි

  29. චතුෂ තුෂර කුමාර

    බොහෝම ස්තූතියි හසිත මල්ලි. කාලෙකින් බලාපු ෆිල්ම් එහෙකට IMDB එකේ 10/10ම දීලා දැම්මේ...
    ෆිල්ම් එක ඉතාමත් උසස් එකක් ඒකේ විවාදයක් නැහැ. ඒ වගේම මේ වගේ ෆිල්ම් තෝරගෙන උපසිරැසි කරනවට ස්තූති කරලා වචනයක් හරි කොටලා ගියේ නැතොත් ඒක අපි කරන ලොකු වරදක්.
    ෆීලිම් එක වගේම උපසිරැසියත් ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම කහ පාට වර්ණය යෙදීමත් ඇත්තටම හොඳයි.
    බොහෝම ස්තූතියි...

  30. asintha rukshan

    thanks

  31. Gayan Chathuranga

    බොහෝම ස්තූතියි

  32. Piyumal Dissanayaka

    thank you.....

  33. Pathum Aroshana

    Thanks machan

  34. Xxxxx

    Thanks brother.good job

  35. Waruna Kamalawansha

    සුපිරියක්.... බොහෝම ස්තූතියි උපසිරැසියට

  36. Maduwa306

    Thanks bro

  37. chathurabro2018

    obe upasirasi ganweema wishishtai, good luck,

  38. lasaa

    Thanks sub dunnata

  39. lakshan

    thank you bro

  40. Anonymous

    adarei bn sub dena ubalata thanx

  41. ඉස්සා

    තෑන්ක්ස් බ්‍රෝ. Imdb 250 සබ් නැති ෆිල්ම් ටිකටත් ඉක්මනට දෙන්න ලැබේවා

  42. Lakshan

    Sub ekta thanks bro

  43. Tharindu

    Thanks bro

  44. Saranga J. Liyanagama

    Thanks

  45. Anonymous

    මේකත් මරු....හිතේ රැඳුනු ෆිල්ම් එකක්

  46. Thilanka Dissanayake

    thanks

  47. Anonymous

    Ee wade hoday

  48. Akila Dilhara

    Thanks Brother...

  49. Tuesday Chamod kavishka

    උපසිරැසියට බොහොම ස්තූතියි ✊❤️
    මේ ෆිල්ම් එකත් ගොඩක් හොඳ ෆිල්ම් එකක්.