මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජම…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජමුණා ආදරයෙන් බැඳේ. පසුව ඔවුන් ජමුනාගේ පියාගේ විරෝධය මැද විවාහ වෙයි. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා වුයේ “සුන්දර්” ය. මේ විවාහයට විරෝධය පළකර රංජිත් කුමාර් ඇයව පවුලෙන් ඉවත් කරයි. ඔහුගේ ඤාති පුත්‍රයෙක් වූ “ශංකර්” ජමුනාගේ පියාගේ දේපොළ අයිති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි. ඔහු නිතරම රංජිත් කුමාර්ගේ දේවල් මංකොල්ල කෑමද සිදු කරයි. ජමුණා කිසියම් දිනෙක මේ දේපොළවල අයිතිය ලබා ගැනීම වැළක්වීම සඳහා ජමුනාගේ පවුලම විනාශ කිරීමට ශංකර් තීරණය කර ඔවුන්ගේ කුඩා නිවෙස ගිනිතබා විනාශ කරයි. මෙහිදී “ඕපල්” අන්ධ භාවයට පත්වන අතර පවුලේ තිදෙනා වෙන්වී අතරමංවෙයි. ජමුණා සිහි විකල් තත්වයට පත්වෙයි. “සුන්දර්” අනාථ දරුවෙක් ලෙස වෙනත් පවුලක හැදී වැඩේ.
තරුණ වියට පත්වන විට සුන්දර්, සීමා නමැති තරුණියක් හා ආදරයෙන් බැඳේ. මෙයට ද ශංකර් හරස් වෙයි. මෙතැන් සිට “සුන්දර්ට සහ සීමාට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අවසානයේ සුන්දර්ට තම පියා සහ මව හමුවේවිද? ශෂී කපුර්, ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් පස්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ “Pyar Ka Mausam” | Full Romantic Movie | යනුවෙන් සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්තුනයි, තත්පර දාහතක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන අතර අතර මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ ගීගා බයිට් 2.09 ක වීඩියෝවද මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1966 වර්ෂයේ තිරගත වූ “Teesri Manzil” පැරණි හින්දි සිනමාපටයයි.

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,257 downloadsDownload Pyar.Ka_.Mausam.1969.Baiscopelk.com_.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
18 comments
Kantha_DLA
Udara Damith Dissanayaka
niyamayi
sthanksssssssssKulanjana Maduranga
subata thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
Rashiiddamalgoda
Thanx sub එකට..bro... මෙවැනි film අපි බැලුවෙ සිරස TV එකෙන් නමුත් දැන් කිසිම නාලිකාවක පෙන්නන්නේ නැ.. ඔබ වගෙ මෙවැනි දෙවල් වලට පියකරන අප වෙනුවෙන් කරන මෙ උත්සාහය මා අගෙ කොට සලකමි. Bs
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
asankachathuranga
thanks bro
Udaya Saman
උපසිරසියට බොහොම තුති අයියේ..අදහසක් දාන්න පරක්කු වීම ගැන සමා වෙන්න ඕනි..දිගටම සබ් දෙමුගග
TharakaWAS
Subata bohomathma stutui...
Jayen jayama wewa...!!!Uditha Landekumbura
Thank you so much
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති.
පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් කරන සේවය ඉතාම වටිනවා.
දිගටම සබ් දෙමු.
ඔබට ජය!බොබී
කිසිදු මුදලක් හෝ විශාල කමෙන්ටු ප්‍රමාණයක් හෝ බලාපොරොත්තු නොවී, ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ම මේ වගේ පරණ ෆිල්ම්වලට උපසිරැසි දීම අගය කළ යුතුයි. කමෙන්ටු කොච්චර අඩු වුනත්, ඔබ කරන වැඩේ නවත්තන්නේ නැති බව අපි දන්නවා. ඔබේ ඉදිරි උපසිරැසි නිකුත් වෙනකම් අපි බලාගෙන ඉන්නවා. දිගටම කරගෙන යමු. ආයු බෝ වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
L asalaka
Sunil shetti.. akshei kumar..amir khan..wage ayage parana films wala sub nadda..
Priyantha Dayakeerthi
L asalaka සොයුර වෙත,
ඔයා ඉහතින් දක්වා ඇති නළුවන් සිටින ෆිල්ම් ඕනා තරම් සිංහල සබ් සහිතව ඩීවීඩී ෂොප් වල තිබෙනවා. ඒ වගේම සෑම ටීවී චැනලයකම විකාශය වෙනවා. මා කරන්නේ, එසේ නොමැති එහෙත් එම පැරණි ෆිල්ම් වලට කැමති පිරිසක් සඳහා සිනමාපට තෝරාගෙන සබ් කිරීම පමණයි. ඔබේ කැමැත්ත සපුරා ගන්නට හැකි ඕනා තරම් ෆිල්ම් මේ වෙබ් එක තුළම තිබෙනවා. ඒ වගේම ඒවාට සබ් කරනා අය ගොඩක් සිටිනවා. අදහස් දැක්වීමට ස්තුතියි!
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි යාළු..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!