Watch Trailer

Qala (2022) Sinhala subtitles | ගායිකාවකගේ අඳුරු පැතිකඩ…. [සිංහල උපසිරසි]

මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ. ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට ප…

මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ.

ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට පෙර Bulbul චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එතකොට නිෂ්පාදනයෙන් ජනප්‍රිය නිලි අනුෂ්කා ෂර්මා දායක වෙනවා, ඒ වගේම ඇය මෙහි ගීතයක් සඳහා රංගනයෙන් ද දායක වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කලා සඳහා රංගනයෙන් දායක වෙන්නේ ට්‍රිප්ති දිම්රි. ට්‍රිප්ති Bulbul, Laila Majnu වැනි චිත්‍රපටවල මීට පෙර රංගනයෙන් දායක වුණා. ට්‍රිප්ති-අන්විතා-අනුෂ්කා මේ ත්‍රිත්වයේ සුසංයෝගයෙන් බිහිවන දෙවන චිත්‍රපටය මෙයයි, මීට පෙර නෙට්ෆ්ලික්ස් ඔස්සේම මේ තිදෙනාගේ Bulbul මුදාහැරුණා. ට්‍රිප්තිට අමතරව නැසීගිය ජනප්‍රිය නළු ඉර්ෆාන් ඛාන්ගේ පුතු වූ බාබිල් ඛාන්ගේ දොරට වැඩුම හෙවත් සිනමාවට හඳුන්වාදීම සිදු වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ස්වස්තිකා මුඛර්ජීද මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක 1930/1940 වගේ කාලයට අයත් කතාවක් තමා මේක. කලා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ ගායිකාවක්, නමුත් ඇගේ හිතේ යටගියාවේ එක් පසුතැවීමක් පසුපස එනවා, මොන තරම් සැප සම්පත් වර්තමානයේ වින්දත් අතීතයේ ඇය සිදුකළ වරදක් ඇගේ පසුපස එනවා. මේක හරි ගුප්ත දරුණු කතාවක්, ඒත් සංගීතයත් එක්ක මේක හරි සුමටව ගලාගෙන යනවා, කැමරාකරණය, වර්ණ ගැලපීම වගේ කාරණා මේ චිත්‍රපටය තුල විශිෂ්ට මට්ටමක තියෙනවා. ඒ වගේම අමිත් ත්‍රිවේදීගේ සංගීතය.. මේ චිත්‍රපටයේ ප්‍රධාන සාධකයක් වෙනවා.

IMDb දර්ශකයේ 7.2ක අගය හිමිකරගත් මේ චිත්‍රපටය.. ශානරයන් කීපයකටම වෙන් කරන්න පුළුවන්.. මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්… වෙනස් රසයක් අපේක්ෂා කරන්නන්නට සුවිශේෂියි. එහෙනම් ගිහින් එන්නම්.

 

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.

3,610 downloadsDownload Qala-2022.zip2.2 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,610 downloadsDownload Subtitles2.2 MB

15 comments

  1. ලෙජන්ඩ්

    ඔයා ලෙජන්ඩ් එකක්

  2. නිරෝෂ්

    ස්තුතියි සිසිත සහෝ.ජයවේවා !

  3. Kushan

    Sub akta thanks

  4. අචින්ත

    බලාගෙන හිටපු එකක් මචන් මේක නම්. තැන්ක්ස්.

  5. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි සිසිර සහෝ උපසිරැසියට...☺☺♥♥

  6. Chaminda

    Thanks Brother sub 1ta ❤️❤️❤️❤️❤️

  7. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. Anonymous

    Thank God sub plz

  9. Anonymous

    Thanks for sub

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. viraj

    thanks...........

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි