මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහසයවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාම්දාස් ආගමික ලැදියාවක් ඇති ඉතා නිහතමානී පුද්ගලයෙකි, නමුත් ඔහුගේ නිවස පාලනය කරනු ලබන්නේ තම බිරිඳ වන ශාන්තා විසිනි. ඇය…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහසයවන උපසිරසිකරණයයි” යි.
මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රාම්දාස් ආගමික ලැදියාවක් ඇති ඉතා නිහතමානී පුද්ගලයෙකි, නමුත් ඔහුගේ නිවස පාලනය කරනු ලබන්නේ තම බිරිඳ වන ශාන්තා විසිනි. ඇය ඉතාමත් නපුරු කාන්තාවකි. එම නිවසේ ජීවත් වන ඔවුන්ගේ වැඩිමහල් ලේලිය වන ගෞරි වැන්දඹුවකි, ඇයට කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකුද සිටියි. ඔවුන්ගේ මද්දුම පුත්‍රයා වන කයිලාෂ්, සීතා නම් ඉතා භක්තිමත්, ආදරණීය කාන්තාවක් සමඟ විවාහ වී සිටියි. ඔවුන්ගේ බාල පුත්‍රයා වන කමල්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි, ඔහු තවත් ශිෂ්‍යාවක් වන ඌෂා සමඟ ආදරයෙන් බැඳේ. අනෙක් තරුණ විවාහක දියණිය වන බහිරවි සිය මාමණ්ඩියගේ ගායනයට අකමැති නිසා නැවත නිවසට පැමිණ ඇත. ඇගේ ස්වාමිපුරුෂයා වන සාරං ඇගේ නිවසේ රැඳී සිටින අතර, තම බිරිඳ නැවත තම නිවසට ගෙන්වා ගැනීමට උපරිම උත්සාහයක් දරයි. දිනක් සීතා කමල් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට බහිරවී කයිලාෂ්ගේ හිසෙහි සැකයක් රෝපණය කරයි. කමල් ඌෂා සමඟ විවාහ වීමෙන් පසුවද කයිලාෂ්ගේ සැකය තම බිරිඳ හැර දමා සියදිවි නසා ගැනීමට තැත් කරන තැනට පත් වේ. ඔහුගේ යෙහෙලියක් වන රාගිනී එයින් ඔහුව වළක්වාගෙන ඇයගේ නිවසක නවාතැන් දෙයි. ඔහු ඇයගේ උපකාරය පිළිගෙන පසුව ඇයව ආදරය කිරීමට උත්සාහ ගනියි. නමුත් ඇය ඔහුව දකින්නේ ඔහු විවාහකයෙකු නිසා මිතුරෙකු ලෙස පමණි. මේ අතර සීතා, කයිලාෂ් නිසා ගැබ්ගෙන ඇති බව පැවසූ විට, ඒ කමල්ගේ දරුවෙක් බව පවසමින් ඔහු පියා යන මතය ප්‍රතික්ෂේප කරයි. සීතා මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. සිත් තැවුලට පත් ඇය සියදිවි නසා ගැනීමට තැත් කරන නමුත් පවුලේ අනෙකුත් සාමාජිකයන් විසින් එය නතර කරනු ලැබේ. එතැන් සිට ගැටළු රාශියක් පැන නඟී. මේ නිසා අවසානයේ කුමක් සිදු වේවිද? රාජේන්ද්‍ර කුමාර්, රාජ් කුමාර් සහ ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්,ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තරඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, ප්යාර් දිල් ලයා හූන්, පාතාර් කී සනම්, සද්නා, ජබ් ප්යාර් කිසිසේ හෝතා හේ, මෙරේ හම් දම් මෙරේ දොස්ත්, ලව් ඉන් සිම්ලා, අනෝකි ආදා, සම් ලයික් ඉට් හොට්, පටිටා, කහින් දින් කහින් රාට්.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
Gharana Full Movie HD | Old Classic Hindi Movie | Rajendra Kumar | Raaj Kumar | English Subtitles යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස් හතරයි, තත්පර තිස් නමයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසිකරණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 සිට 1975 දක්වා වසරවල බොහෝ ඒවාද මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය Youtube පිටපත සඳහා අදාළ වේ
අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!
661 downloadsDownload Gharana-1961.zip6.4 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
12 comments
Anonymous
Ravindu Manoj
nice
Ravindu_Heshan
ayiyee sharukh khan ge films keepayak thiyenawa sub nathi puluwan nam ewatath sub dennako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දයාකීර්ති සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kmara
Godak stuthiyi sub ekata saho....
Anonymous
පැරණි හින්දි සිනමාපට රසිකයන් වෙනුවෙන් කරනා මෙහෙයට ස්තුතියි...
Lasantharathnasirirox
බොහෝම ස්තුති සහෝ..බුදුසරණයි !ජය නියතයි!!
Kamal
Love in tokyo sub denna puluwanda
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
Thanks, Old is gold!