අපේ කතා නායකයා තමයි, අයාන්, අයාන් කපූර්. අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි… ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා. උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා. සල්ලි ගනුදෙනු කරනකොට මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා මෙයාට එකම එක හීනයයි තිබුනේ. ගොඩක් ගොඩක් සල්ල…

අපේ කතා නායකයා තමයි,
අයාන්, අයාන් කපූර්.
අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි…
ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ
ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා.
උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා.
සල්ලි ගනුදෙනු කරනකොට
මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා
මෙයාට එකම එක හීනයයි තිබුනේ.
ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන
සල්ලි වල වටිනාමක් නැති තැනට එන එක.
එයා එයාගේ හීනයට ආවා.
හැබැයි එදා රෑ ජනාධිපති මෝදි උන්නැහේ
1000 සහ 500 නෝට්ටු අවලංගු කලා.
ඊට පස්සේ,
ආර්‍යන්ගෙ වාසනාවයි,
දේපල අනුපාතිකයයි දෙකම,
බන්ජි පැනුමක් වගේ පහලට පැන්නා.
කෝටි ගානක ණය එයාගේ ඔලුවට කඩන් වැටුනා.
අයාන් බංකොලොත් වුනා.
ඒ අල්ලපනල්ලේ, හදිසියේම….
අයාන් ඇක්සිඩන්ට් වෙනවා.
ඇහැරෙන්නේ…

අපායේ.
එහේ යමදූතයා විතරයි නෙවෙයි,
දෙවියෝ, අප්සරාවනුත් ඉන්නවා.
ඉතින් අයාන්ට ජීවත් වෙන්න නම්,
තරඟයකට ඉන්න ඕනේ.
හරියට අපේ චැනල් වල යන
ගේම් ශෝ එකක් වගේ.
(අපිත් අපායෙන්ලුනෙ කොපි කරලා තියෙන්නේ)

ඉතින් මේ තරඟෙන් දිනලා
අයාන්ට ආයේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න
යමු කට්ටියම අපායේ!

මේ අවුරුද්දෙ ඔක්තෝබර් 25 වෙනිදා දිවාලියට සමගාමීව තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ අජේ දෙව්ගන්, සිද්දාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං, ඒ වගේම නෝරා ෆටේහි ආරාධිත රංගනයකින් දායක වෙනවා. IMDb අගය 6.1 ක් ගත්තත් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය ආදායම් වාර්තා අතින් නම් අසාර්තක වුනු චිත්‍රපටියක්.

ඒත් ගීත වලින් නම් අපිටත් පොඩි නෑකමක් තියෙනවා. යොහානි ගායනා කරපු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සහ එහි හින්දි වර්ශන් එක මේ චිත්‍රපටියේ තියෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Tanishk Bagchi, Rochak Kohli සහ Chamath Sangeeth. ගීත ගායනයෙන් යොහානි, Jubin Nautiyal, Surya Ragunnathan Anand Raaj Anand, Arijit Singh සහ Eklavya දායක වෙනවා.

ඉතින් මගේ 200 වෙනි උපසිරැසියත් අරගෙන ආවා. ඒ කියන්නේ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනේ හතරවෙනි සංධිස්තානය පහු කරන්නයි මේ හදන්නේ. 2014 අවුරුද්දේ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් අරන් හින්දි, දමිල, තෙලුගු, මලයාලම් සහ ඉංග්‍රීසි චිත්‍රපටි වගේම කතා මාලා කිහිපයකටත් දායක වෙන්න අවස්තාව ලැබුනා.

ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕනේ. නම් වශයෙන් මතක් කරන්න ගියොත් මග ඇරෙන නිසා එකින් එක මතක් කරන්නේ නෑ. ඉතින් ඇඩ්මින් මඩුල්ල වගේම බයිස්කෝප් පවුලේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.

ඒ වගේම අපේ උපසිරැසි ගැන්වීම් වලට හැමදාම වචනෙකින් හරි කමෙන්ටුවක් දාගෙන යන ඔයාලා හැමෝමවත් ආදරයෙන් මතක් කරනවා. මොකද ඔයාලගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වටිනවා. ඉතින් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

16,765 downloadsDownload Thank-God-2022.zip4.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

16,765 downloadsDownload Subtitles4.7 MB

79 comments

  1. මයුර

    අප්පච්චියේ දන්නෙත් නෑ 200ත් ගහලා.
    තව ගොඩ ගොඩාක් කඩඉම් ගහන්න ලැබේවා අපේ හින්දි ක්වීන්ට
    ජයෙන් ජයම වේවා අක්කේ
    පුද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා.

  2. Anonymous

    Congratz and thanks sister

    1. Anonymous

      Good luck akka❤️

  3. Sajith

    thanks sis me karana wedeta. puluwannam jaanwar hindi film ekata sub denna.

  4. Naveen Mbr

    ලබා දුන් උපසිරැසි 200ටම 200 වාරයක් ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම 200 වැනි කඩ ඉම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ජීවිතයේ බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  5. සංජන චමෝද්

    නියමයි අක්කෙ. හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන කෙනෙක් විදියට ලොකු සේවයක් සයිට් එක වෙනුවෙන් කරන කෙනෙක් තමයි අක්ක.
    ඉතින් 200 වෙනි උපසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම්. 🤗 තමන්ගෙ පෞද්ගලික වැඩ කටයුතුද සාර්ථක කරගන්න ගමන්ම තවත් උපසිරැසි කඩයිම් වෙත ලගාවෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🤗

  6. ලහිරු

    පට්ටම රෙස්පෙක්ට් කිසිම ලාබයක් නැතුව මේ කරන සේවයට ඔයාලා නැත්නම් කොහොම බලන්නද අපි අලුත් ෆිල්ම් මෙහෙම

  7. Chinthana De Silva

    Thank you Goddess of Baiscopelk.com

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරිය. 200 වෙනි කඩයිමට මගෙනුත් උණුසුම් සුභපැතුම්?

    300 වෙනි උපසිරැසිය දක්වා 90 දශකයේ හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් උපසිරැසිකරණයට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරමි.

  9. Anonymous

    සුබපැතුම් සිස්

  10. Anonymous

    Good luck and keep it continue.

  11. kavinda gamage

    බොහොම ස්තුතියි නංගි

  12. Anonymous

    Thank you for sun

  13. Hasitha

    200 වන උපසිරසි නිර්මානයට සුබපැතුම් සහෝදරී ..!!
    ඉදිරියටත් උපසිරසි නිර්මානය කරන්න ලැබෙන්න වගේම ඔයාගේ අනාගත වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!

  14. Buddhika Lakmal (laKMal)

    200වෙනි උපසිරැසියට සුබ පැතුම්... කරන කියන වැඩ සාර්තක වේවා... ඉස්සරහටත් බයිස්කෝප් ටීම් එකත් එක්ක අපිට ෆිල්ම්වලට සීරිස්වලට සබ් දෙන්න වෙලාව ලැබේවා....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Sheron

    Congratulations for 200th sub

  16. Bimsara Yashan(ඔලිව)

    200 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අක්කෙ. තවත් මේ වගේ උපසිරැසි ගැන්වීම් වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  17. sandun

    adarei manika.......

  18. Chaminda

    අපි වෙනුවෙන් වටිනා කාලය කැපකලා​ට බොහොම ස්තුතියි.❤️❤️❤️❤️❤️

  19. Anonymous

    අඩේහ් 200 ත් ගහලා නෙහ්
    ඔයාගේ 201 ට කමෙන්ට් කරේ මුලින්ම එහෙනම්
    එල එල කියන්න වචන නෑ ඉතින් පට්ටම තෑන්ක්ස් කියලා විතරයි අපිට කියන්න පුලුවන්
    ජය වේවා

  20. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු න්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  21. Thusitha

    200...උපසැරියට සුබ පැතුම් සහෝදරිය....ජය වෙවා ....

  22. Kavindu Nethmina

    200 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කේ,
    තවත් සුපිරි Film එකක Sub එකක් දෙන්න.

  23. Anonymous

    Patta

  24. Eranda

    Congratz sister

  25. Naveen

    200 ට සුබපැතුම්
    උපසිරසියටත් තුති

  26. Sandakelum piyamantha

    Tnx sub ekata ඔයාලා මහන්සි වෙලා සබ් දෙන හින්දා තමයි අපි අඳටත් films blanne ..තව ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා

  27. Kushan

    Sub akta thanks

  28. නදීක ගුරුගේ

    ෂුබපැතුම් ෂහෝදරයා

  29. අචින්ත

    සුභ පැතුම් අක්කා 200ට..

  30. Anonymous

    Thanks dahara for THANKS GOD

  31. Manoj

    4,වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝදරිය

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  33. Thimira

    Congratulations For 200th Subtitle

  34. Anonymous

    200 ta 1000 s warayak sthuthiyi

  35. Anonymous

    Congratz

  36. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා

  37. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං

  38. Samith

    Congrats sister

  39. ශසිත් සඳරුවන්

    200 වන උපසිරැසි නිපැයුම වෙනුවෙන් සුබපැතුම් අක්කේ...
    සෑම කටයුත්තක්ම සාර්ථක වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  40. Anonymous

    සුබපැතුම් වේවා

  41. ගීත්

    සබ් දෙසීයටම බොහොම ස්තුතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජය වේවා

  42. Redrux

    Congrtz sis

  43. Anonymous

    ඔයලගේ සබ් වල කොලිටියට ගහන්න සයිට් එකක් තාම නෑ, ඊලග කඩයිම් වලටත් ඒ කොලිටියෙන්ම සබ් කරලා ඉක්මනින්ම ඊලග කඩයිම් වලටත් යමු

  44. සුභාෂිණී මල්ලව ආරච්චි

    200 වෙනි උපසිරසියට සුබ පැතුම්. තව තවත් උපසිරසි ගැන්වීම් කරන්න කාලය ලැබේවා, සියලු කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා. මේ උපසිරසියටත් ගොඩක් ස්තූතියි. <3 <3

  45. Anonymous

    Ape yohani nangige song eka thyna nisa nobala komai

  46. Idunil Weerasinghe

    උනුසුම් සුබපැතුම් සහෝදරී ❤️

  47. රජියා

    අපි වගේ හින්දි රසිකයන් වෙනුවෙන් හින්දි ෆිල්ම් වල බර ඇදන් යනවට බොහොම ස්තුතියි ඔබට !

  48. Anonymous

    Woooooooooooooooooohhhhhj

  49. Ravindu Madushanka

    Congratulations sis

  50. මිනුල

    200 ක් සබ් කරනවයි කියන්නේ ලේසිනෑ, ඒකත් ඉන්දියන් ඒවමෙයි කියන්නේ පැය 2කට වඩා වැඩි ෆිල්ම් නේ බහුතරයක් , කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව අපිටත් ෆිල්ම් බලන්න සබ් හදන්න ඒ කන කට්ටට බොහෝම ස්තුතියි බොහෝම පිං, දහරා සහෝදරිය !

Load more comments