මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් පොඩි පොඩි වැරදීම් තියෙන්න පුළුවන් ඒවාට සමාව ඉල්ලනවා. මේක බලද්දී සිංහල උපසිරැසියක් හම්බුනේ නෑ. ඉතින් මටම හිතුණ මේකට සබ් එකක් හදල දැම්මනම් හොදයි කියලා…. 😀 මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ රොයිලි අයියට මේක ලබා දුන්නට. හරි එහෙනම් ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකො…. මේ ෆිල්ම් ඒක…

මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් පොඩි පොඩි වැරදීම් තියෙන්න පුළුවන් ඒවාට සමාව ඉල්ලනවා. මේක බලද්දී සිංහල උපසිරැසියක් හම්බුනේ නෑ. ඉතින් මටම හිතුණ මේකට සබ් එකක් හදල දැම්මනම් හොදයි කියලා…. 😀 මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ රොයිලි අයියට මේක ලබා දුන්නට. හරි එහෙනම් ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකො….
මේ ෆිල්ම් ඒක Horror,Sci-Fi,Thriller වර්ගයට තමා අයත් වෙන්නේ. IMDB 6.0 අගයක් මේකට ලැබිල තියෙනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ ෆිල්ම් එක එල ෆිල්ම් එකක් කියලා. මේක තිරගත කිරීම ආරම්භ කලේ 2008 ඔක්තෝබර් 10 වෙනිදා. තිරගත කිරීම ආරම්භ කළ දවසේම $5,379,867 ක අදායමක් උපයලා තියෙනවා. මුලු ලෝකෙන්ම $41,319,906 ක අදායමක් උපයල තියෙනවා වගේම,
2009 එංගලන්තයේ පවත්ත්පු Academy of Science Fiction, Fantasy & Horror Films සම්මාන උළෙලේදී හොදම Horror ෆිල්ම් ඒක විදිහටත් යෝජනා වෙලා තියෙනවා. තව එක එක සම්මාන ගොඩක් හම්බ වෙලත් තියෙනවා…
කතාව ගැන ටිකක් කිව්වොත් මේක ගලාගෙන යන්නේ රුපවාහිනී වැඩසටහන් කරන නිවේදිකාවක් සහ එයාගේ කැමරාකරුවා වටේ. නිවෙදිකාවගේ නම ඇන්ජෙලා. මේගොල්ලෝ යනවා රුපවාහිනී වැඩසටහනක් පටිගත කරන්න ගිනි නිවන දෙපාර්තමේන්තුවට. ඉතින් එයාලා ඒකෙ වැඩසටහන කර කර ඉද්දි කෝල් එකක් එනවා ඉතින් මෙයලාත් යනවා එයාල එක්කම එහෙට. බිල්ඩිමක මිනිහෙක් තමා කෝල් කරලා තිබ්බේ වයසක ගෑනු කෙනෙක් කෑගහනවා ඇහුණා කියලා. ඉතින් මේගොල්ලෝ යනවා ඒ වයසක ගෑනු කෙනාගේ ගෙදරට. එයා අමුතු විදිහකට ඉන්නේ. ඊට පස්සේ එක ගිනි නිවන භටයෙක් තුවාල වෙනවා. කොහොම කොහොමහරි එයාවත් උස්සගෙන එළියට යන්න හදද්දී තමා දන්නේ මෙයාලව ඇතුළේ තියලා එළියෙන් සීල් කරලා, එහෙමත් නැත්නම් නිරෝධායනය කරලා කියලා.
ඊටපස්සේ මොකද වෙන්නේ? කොහොමද මෙයාලා එළියට පැනගන්නේ? ඇයි මෙයාලව ඇතුළේ හිරකෙළේ ? මොකක්ද අර ගෑනු කෙනාට වෙලා තියෙන්නේ කියලා ෆිල්ම් ඒක බලලම දැනගන්නකො……. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Johan Errick Dowdle. ඇන්ජෙලා චරිතයට රගපාන්නේ Jennifer Carpenter. එයාගේ කැමරාකරුවා විදිහට ඉන්නේ Steve Harris.
හරි එහෙනම් බලලම මේ ගැන අදහසක් දක්වන්නකෝ….. තවත් ෆිල්ම් එකක් සමගින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
511 downloadsDownload 201701042205baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/AkshithaI.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අක්ෂිත ඉෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අක්ෂිත ඉෂාර
Subtitles
22 comments
අසිත
Thilina
Thanks sahoo."REC" vage storiyak neda
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Udara Damith B/K
.............................................බොහොම ස්තුතියි....................................................
Udara Damith B/K
සුබ අලුත් අව්රුද්දක් වේවා..
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISHARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
දිල්ශාන් සචින්ත
ෂා නියමයි තවත් අළුත් සබ් කරැවෙක් නොවැ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට..
දිගටම සබ් දෙමු .ජයthisal
බොහොම ස්තුතියි උපසිරැසියට.
Jack
නියමයි මචෝ...
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරගෙන යමු..
බාගෙනම බලමුකෝ..
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය…cнαηαкα ωєєяαккσ∂ι
Thanks මචෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Pubudu
Thanks Brother
mithun
The rundown 2003
මෙකට සබ් එකක් දාන්නකො සහෝ කවුරුවත් තව මෙකට උපසිරැසි ගන්වල නෑ ෆට්ට ෆිල්ම් එකක් දෙන්න පුලුවන් නම්රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks ..................................................
sajith
බොහොම ස්තුතියි...
තව තවත් උපසිරසි කරන්න ලැබේවා...Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Nuwan_Hero
thanks bn meke 2 eke sub demuko
kalana sb 4587
Thamks for the sub
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Lakshansilva18
Rec (2007) eke remake ekakda.?
Buddhika Lakmal
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks