Watch Trailer

Queen (2018) Sinhala Subtitles | කාන්තාවන් කියන්නෙ පිරිමින්ගේ වගකීමක්..! [සිංහල උපසිරැසි සමඟ]

ඉංජීනේරු පීඨයේ උපාධිය හැදෑරීමට විවිධ පලාත් වලින් ආපු ශිෂ්‍යයින් පිරිසක්..! මුළු පීඨයටම ඉන්නේ එකම එක ශිෂ්‍යාවක්..! චිත්‍රපටියේ සම්පූර්ණම කතාවට ඇතුලත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කාරණා දෙක. ඉතින් බැලු බැල්මට ප්‍රේක්ෂක ඔබට නම් හිතෙයි නිකන් විශ්ව විද්‍යාලේ යන කට්ටියකගේ කතාවක් වෙන්න ඇති.? ඒත් අවුලක් නෑ මලයාලම…

ඉංජීනේරු පීඨයේ උපාධිය හැදෑරීමට විවිධ පලාත් වලින් ආපු ශිෂ්‍යයින් පිරිසක්..!
මුළු පීඨයටම ඉන්නේ එකම එක ශිෂ්‍යාවක්..!

චිත්‍රපටියේ සම්පූර්ණම කතාවට ඇතුලත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කාරණා දෙක. ඉතින් බැලු බැල්මට ප්‍රේක්ෂක ඔබට නම් හිතෙයි නිකන් විශ්ව විද්‍යාලේ යන කට්ටියකගේ කතාවක් වෙන්න ඇති.? ඒත් අවුලක් නෑ මලයාලම් කතාවක්නේ ඒක නිසා නියමට ඇති ඔන්න ඔය විදියේ අදහස් වලට ඔයාලට එන්න පුලුවන් මලයාලම් සිනමා රසිකයින්ට අමුතුවෙන් ඒ නිර්මාණවල තියෙන සූක්ෂමතාව,තියුණු භාවය,අදහස් ප්‍රකාශ කිරිම, හරිම සරල භාවය වගේම සැබෑ ජිවිතේම තිබෙන ප්‍රායෝගික කම මෙන්න මේ කරුනු ගැන කියන්න අවශ්‍යම නෑ’ ඒත් ඔබ මලයාලම් චිත්‍රපටි අලුතින්ම බලන්න යන කෙනෙක් නම් ඔබ මා පෙර කියු කරුණු වල සත්‍ය අසත්‍යයභාවය මලයාලම් සිනමාපට නරඹලා රසවිඳලම හොයලා බලන්න.!

ඊලඟට අහන්න ඕන දේ තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙලා සෑහෙන්න කාලයක් ගත වෙලත් අපේ අනිකුත් උපසිරැසි කරුවන්ට මේ වගේ ඉස්තරම් සිනමා නිර්මාණයක් කොහොම මඟ ඇරුනද කියන ප්‍රශ්නේ..? හරි හරි ඒවගෙන් වැඩක නෑ කොහොමින් හරි උෂාන් පියුමාල් සහෝගේ ආරාධනාව මත නිකමට වගේ චිත්‍රපටිය බලලා රසවිඳලා භාරගත්ත වැඩ තව කොච්චර තිබුණත් මේ වගේ නිර්මාණයකට උපසිරැසියක් කරන්නේ නැතුව වෙන මොනවට උපසිරැසි කරන්නද කියලා හිතලා වැඩේට අතගහන් ඉද්දි බයිස්කෝප් අඩවියේම තවත් කාර්ය්‍ය ශූර්ය්‍ය වේගවත් උපසිරැසිකාරිණියක් වෙන හෙළිලී හේමමාලි නංගිත් මේ වැඩේට සම්බන්ධවුනා. එහෙනම් උශාන් පියුමාල් සහෝටයි වෙනදා වගේ සංස්කාරක සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතීවන්ත වෙමින් චිත්‍රපටය වෙතට අවදානය යොමුකරන්නයි මේ සූදානම.

ජාත්‍යන්තර චිත්‍රපට සංචිත දර්ශකයේ ලකුණු 10 න් 7.3 ක්ම අරගත්ත උනාට මම නම් පෞද්ගලිකව දරණ අදහස මීට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හිමිවෙන්න ඕන කියන එකයි. නවක නළු නිලියන් කීපදෙනෙක් එකතුවෙලා චිත්‍රපටයේ රඟපෑවා උනාට උපරිම මට්ටමෙන් සෑහීමකට පත්වෙන්න පුලුවන් මෙහි ප්‍රදාන චරිතය නිරූපණය කරන “සානියා අයියප්පන්“ ගේ රංගනය අද්විතීයයි. එහෙනම් තවත් පරක්කු නොකර සලරුව පුරාවට ගලාගෙන යන ඒ කතා වස්තුවෙන් බිඳක් හෙළිලී හේමමාලි නංගි විස්තර කරයි.

චින්නු..! උරහිස ගාවට වෙන්න වැවුනු චින්නුගෙ කෙහෙරැලි කෙල්ලටත් වඩා දඟකාරයි. අඳුනන, නාඳුනන කාට වුනත් උදව්වක් කරන්න චින්නු කවදාවත් බෑ කිව්වේ නෑ. එයා හිනා වුනේ හදවතින්මයි. ඒත් කැම්පස් එක ඇතුළේ චින්නුව ප්‍රසිද්ධ වුනේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයට ඇතුලු වුන එකම කෙල්ල විදියට.. කොල්ලෝ ගොඩක් මැද්දේ එකම කෙල්ල වෙන එක කොයි වගේ දෙයක්ද? සතුටට කොල්ලෝ ටික තොරණ් ගහලා, මල් මාලා දාලා චින්නුව පිළිගනී කියලද හිතුවේ? ඇත්තටම වුනේ ඒකෙ අනික් පැත්ත. කෙල්ල එනවා කියලා ආරංචි වුන ගමන් එයා දිහා ඇහැක් ඇරලවත් බලන්නෙපා කියලා කොල්ලො අතරේ එකඟතාවයක් ඇති වුනා. ඒත් වැඩිකල් යන්න කලින් චින්නුගෙ ආදරේ ඒ හැම කොල්ලෙක්ගෙම හිත මෙළෙක් කළා. චින්නු භේදයක් නැතුව ඒ හැමෝටම ආදරේ කළා, ඒක පිරිමියෙක්, කාන්තාවක් අතර ඇති වෙන සාමාන්‍ය ආදර සම්බන්ධයක් නෙවෙයි, චින්නු කියන්නෙ අපිරිමිතව ආදරේ බෙදන්න පුලුවන් අපූරු සගයෙක් වුනේ අන්න එහෙමයි. අන්තිමේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨේ කොල්ලොන්ට එපාම කරපු චරිතයක් වුන චින්නු, එයාලගෙ හොඳම යාලුවා වුනා. මගේ චින්නු නෙවේ, “අපේ චින්නු” වුනා..! චින්නුගෙ හිනාවෙන් බාලු, එල්දෝ ඇතුලු යාලුවන්ගෙ ලෝක විතරක් නෙවෙයි, මුලු ලෝකයක්ම බබළවන්න තිබුනා.. ඒ දේ සිද්ධ නොවුනා නම්.!

අනික් හැම කෙනෙක්ටම වගේ චින්නුගේ හිනාවට යටින් කඳුලු කතාවක් තිබුනා. ඒ කඳුලු මිත්‍රත්වයේ නාමෙන් පිසලන්න හදද්දී නොසිතූ විරූ සිදුවීමක් සිදුවෙනවා. සමහරවිට මේ සලරුව නරඹන අතරේ ඔබටත් හොරා චින්නු ඔබේ හිත පැහැර ගනීවි. ඒත් එක තැනකදි ඔබේ හදවත දුකින් පුරවන්නත් ඔබේ චින්නුම හේතුවක් වේවි.. මීට වඩා වැඩි දෙයක් කියන්න ගියොත් තේරුමක් නැති වෙනව කියල හිතෙනවා. කොහොම වුනත්, මේ සලරුව ඉතාමත් කාලීන සමාජ පණිවුඩයක් දෙන සලරුවක් කියනෙක කියන්නම ඕනේ. කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙක හමාරක විතර කාලයක් සිනාසෙන්න, හඩන්න, අවසානයේ යමක් සිතන්න ඔබට අවස්ථාව සලසන මේ සලරුව නරඹන්න ආදරයෙන් ආරාධනා කරනවා. සිංහල උපසිරැසිය නිර්මාණයට මාවත් සම්මාදන් කරගත්ත අපේ MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියට බොහොම ස්තූතියි කියන්න ඕන.

“කාන්තාවන් කියන්නෙ පිරිමින්ට තවත් අවස්ථාවක් නෙවෙයි, කාන්තාවන් කියන්නෙ පිරිමින්ගේ වගකීමක්..!”

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Original DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,818 downloadsDownload Queen-2018.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට සහ “ හෙළිලි හේමමාලි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

8,818 downloadsDownload Subtitles64 KB

56 comments

  1. geeganagamage

    ලස්සන කතාවක් වගේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි .

  2. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියටයි අක්කටයි.
    දෙන්නටම සුභ පැතුම්...

  3. GeethD

    thankz sub 1ta
    neerali 2018 film 1ta sub dennako

  4. ranga11112

    Thanks oyalata....
    bohoma pin sub akata una mahansiyata,....

  5. Anuruddha421

    film eka download karala godak kal.. Sinhala sub eka enakan balan hitiye.
    Bohoma Sthuthi...!!!

  6. kelumchathuranga

    thanks

  7. Kulanjana Maduranga

    subata thanks sis & saho...malayalam nm supiri..ela...

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata. jaya wewa....!

  9. Imesha Sarangi

    thnx

  10. Kanchaka

    Thanks bro

  11. macknal d.i

    Thanks...

  12. NuwanK

    Thank u guys...

  13. indika75

    thanks...

  14. N_Nayanajith

    Thank u both...

  15. rangika Kariyawasam

    නියමයි සහෝලා. සිංහල සබ් බලාපොරොත්තුවෙන් හිටපු ෆටිටම ෆිලුමක් . නියම වැඩක් ජයවෙිවා .දිගටම මලයාලමි සබි දෙන්න . ජයවෙිවා

  16. athula789

    Allu arjunge අළුත් film එකට සබ් එක අදම දෙන්න බැරිද දන්න්‍ර් නැ නිවාඩු දවසෙ බ්ලන්න.

    1. දිලා

      Naa Peru Surya Na Illu India
      මේක නේද බං

    2. athula789

      ඔව් ඔව්

  17. spd

    මෙම උපසිරසිය අපට ලබා දීමට සහයෝගය දුන් තරිඳු සොයුරාට සහ හෙලලි හේමමාලි සොයුරියට බොහොම ස්තුතියි.
    ඉදිරියටත් මෙවැනි විශිෂ්ට මලයාලම් නිර්මාණ සඳහා උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා...!!

    1. spd

      @හෙළිලි
      නම වැරදියට ලිව්වට සමාවෙන්න...!!!!

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Hemantha De Silva

    ස්තුතියි තරිඳු...
    ස්තුතියි හෙළිලි..
    ස්තුතියි බයිස්කෝප්...

  20. Cj

    SUB ekata thanku wewa

  21. sasala

    thanks

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. charith98

    Aryage Ghajinikanth (2018) Subs denna berida. Nimadu dawase balanna

  24. MAALnath

    Thanks ...................good luck ..................

  25. Samith Suranga

    Thanks.. For the sub

  26. krishanmadusanka

    thanks macho sub ekata.malayalam nam supiriyak thamai

  27. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම....අමුතුම කතාවක්...ඉතින් නොබලා ඉන්නෙ කොහොමද....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ ට හා සහෝදරීට.....

  28. Kovidu

    බොහොමත්ම ස්තූතියි දෙපලටම , ජය වේවා!!!!!!!!!

  29. Malithsank

    තැන්ක්‍යූ වේවා!! මන් හිතුවෙම මේකට සබ් දෙන එකක් නෑ කියලා අර බීට් එකතමා මරු දිගටම මලයාලම් වලට සබ් අරන එන්ඩෝ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

  30. D.Chamara

    oba depalatama bohoma sthuthi ... jaya .... :D

  31. Achi

    තැතැන්ක්ස් බන් සබ් එකට...ලිපිය ඔච්චර ලියන්න එපා බන් කාලේ අපරාදෙ කෙටියෙන් ටයිප් කරලා දාන්න..එලම ජය...මටනම් ටැමිල් මලයාලම් ෆට්ට...තෙලෙගුනම් චා..

  32. chandika1975

    thank you sahooo

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  35. salinda wimalaweera

    thanks

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. Lahiri

    thankz so much

  38. Dewadithya

    Thanks for sub!

  39. Lalani Maduwanthi

    Godaaak pin,,,,

  40. lahirusasanka

    Patta filme 1k wage... anyway thanx for sub bro and sis

  41. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝට සහ සහෝදරියට.
    ජයෙන් ජය.

  42. sampath n perera

    thanks oba dedenaama

  43. wasantha.b

    thanks a lot

  44. isuru199344

    Thank u bro &sis.One f the greatest malayalam film i watched.7.3 imdb is not fair.it deserves above 8.5

  45. sunilmadu

    Thank you ..all the best

  46. Gandhaka Indrajith

    Thanks for the subtitle

  47. N_R

    Thank You..

  48. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  49. ashen_manjula

    sub eka downlode karanna bh

  50. janithvishva

    Thanks for subtitles, wish all the best for both of you

Load more comments