කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි කොටස එයාගේ තරුණ කාලේ. ඇහැට කණට පේන්න ගත්ත දා ඉඳන් එයා මාකට් එකට බහින්න ඕන, ගණිකාවක් වෙන්න හිත හදාගෙන…

කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි කොටස එයාගේ තරුණ කාලේ. ඇහැට කණට පේන්න ගත්ත දා ඉඳන් එයා මාකට් එකට බහින්න ඕන, ගණිකාවක් වෙන්න හිත හදාගෙන.
මං ෆියෝනා. කට්වේ කියන දුප්පත්ම ගමේ දුප්පත්ම පවුලක ඉපදුණේ. දරුවෝ හතරක් ඉන්න පවුලේ දෙවැනි දරුවා. තාත්තා නැහැ, අම්මා තමා හැමදේම.
උදේට අම්මා බඩඉරිඟු කූඩයක් හදලා දෙනවා ගිහින් විකුණන් වරෙන් කියලා. මමයි අක්කයි මල්ලි ඒවා විකුණන්න යනවා.
කවුරුවත් අපේ ළඟින් යන්නේ නෑ. ඒ තරමට අපි ගාව කුණු එළවලු ගඳ.
අක්කාගේ ඇහැට කණට පේන කාලේ ආවා… එකා දෙන්නා වටේ පිටේ ගැවසුනා.
අනිත් ගෑණු හරිම කැමැත්තෙන් තමන්ගේ දුවව මාකට් එකට දැම්මට,
අපේ අම්මා අක්කව බේරගන්න හැදුවා.. ඒත් බැරිවුණා.
මට ඕනවුනේ නැහැ මෙහෙම ජීවිතයක්. මට ඕන ලස්සන ජීවිතයක්.
ඉස්කෝලේ යන්න ඕන. බඩකට පිරෙන්න කන්න ඕන.
වහිද්දි නොතෙමි ඉන්න තැනක් ඕන…
කොටින්ම කිව්වොත් තරුණ උනාම ගණිකාවක් නොවී ඉන්න ඕන…!!!
“මල්ලි හරි කට්ටයා. වේලාසන ඉරිඟු ටික විකුනලා කොහෙහරි පනිනවා.
අද මං හොයාගන්නවා මෙයා කොහෙද යන්නේ කියලා”.
ෆියෝනා එහෙම හිතලා මල්ලි පස්සෙන් යන්න ගියා. ඒ තමා එයාගේ ජීවිතේ වෙනස් වෙන්න අඩිතාලම දාපු දවස. එයාගේ ජීවිතේ වෙනස් කරපු ඒ පුද්ගලයාව හම්බවෙච්ච දවස. අද මුළු ලෝකයක්ම දන්න ඒ චෙස් ශූරිය, ෆියෝනාගේ සමාරම්භය.
එහෙනම් ෆියෝනාගේ මේ කතන්දරේ Disney සමාගම විසින් හරි අපුරු සලරුවක් විදිහට නිර්මාණය කළා. Queen of Katwe (2016) තමා අද ඔයාට මේ අරගෙන ආවේ. කිසිම කම්මැලිකමක් නැතිව ආසාවෙන් බලන්න පුළුවන් සලරුවක් කියලා වගකීමෙන් කියන්නේ. ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය වගේම IMDb දර්ශකයෙත් 7.3ක ඉහළම අගයකුත් දිනාගත්තු අගනා සලරුවක්. වෙනදා වගේම විවෘත ආරාධනාවක් කරනවා හැමෝටම බලන්න කියලා.
ආ යන්න කලින් තව ආරංචියක් තියෙනවා.
ලින්ක් කෝ කිය කිය දැන් නහයෙන් අඬපු කාලේ ඉවරයි. ඕන කරන චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එක විතරක් නෙමේ ඩිරෙක්ට් ලින්ක් එක පවා දැන් ඔයාලට ලබාගන්න පුළුවන් අපේ මෙන්න මේ අලුත් සයිට් (http://www.baiscopedownloads.com/) එකෙන්. දැන්මම සයිට් එකට ගිහින් බුක්මාක් එකක් දාගෙන තියාගන්න. හැමදාම පොඩ්ඩක් ලොග් වෙලා බලන්න. උපසිරැසි ආවා නැතා අලුත්ම ජනප්‍රිය චිත්‍රපටි වල ටොරන්ට් වගේම ඩිරෙක්ට් ලින්ක් සැනෙකින් ලබාගන්න පුළුවන්.
එහෙනම් සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Queen.Of.Katwe.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.
1,580 downloadsDownload Queen-of-Katwe-2016.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
26 comments
නිරෝෂ්
එල්.සී. දමැල්
THANKS MAYU!
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----අසිත
එලම සහෝ තෑන්ක්ස්
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Thilina
Supiri macho..... Dangal 2016 sinhala sub denna....
pubudu
ලස්සන චිත්‍රපටයක් සබ් එක එනකං බලං හිටියෙ බොහොම ස්තුතියි.
Dulanga
Thanks
Chalana Rukshan
thnx bro...
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..paranormal
onn api nam giya site 1k ta a.........ela thank aiya
janith parasanga perera
Mco link site ake server ake aulk kiynva bn link ganna giyama 404 error aka anva bn tkak blpn .sub akata thnkx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
damith
බොහෙම ස්තුති උපසිරසියට...
ricado
enjoyed the movie & tks for the sub..............
Sajith Anthony
උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dasitha147
bohoma sthuthie saho obala karannawu me sewayata. jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
Supitha
Thank you
tharindu gunarathna
thanks
Mithun
විශිෂ්ටයි මෙක නම් ගොඩක් ස්තුතියි මෙව කරන වැඩේට නම් කියන්න වචන නැ මෙක ගැන නම්
Chathura
බොහොම ස්තූතියි සබ් එකට... ජය!!
ashenwmab
thanks bro
MAALnath
Thanks .......................good luck ..........................
viraj
thanks......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි මයුර සහෝ.ජයවේවා !