2050 වර්ශය. ලෝකය විනාශ වීමට පටන් අරන්. නපුර නැමැති අන්දකාරයෙන් ලෝකය අඳුරු වෙලා. මේ අතරෙ මින් පෙර කිසි දිනක දැක හෝ අසා නැති දුශ්ටයෙක් බිහි වෙනවා. මේ ඒ යක්ශයා අවදි වන වේලාවයි. ඉතිහාසයේ බිහි වූ වඩාත් බයානකම යක්ශයින් දස දෙනෙකුගේ ශක්තිය, දුශ්ටකම එකතු වී මොහු සැදිල තියෙන්නෙ. ඔහුව පරාද කරන්න බෑ. මරල දාන්න…

2050 වර්ශය. ලෝකය විනාශ වීමට පටන් අරන්. නපුර නැමැති අන්දකාරයෙන් ලෝකය අඳුරු වෙලා. මේ අතරෙ මින් පෙර කිසි දිනක දැක හෝ අසා නැති දුශ්ටයෙක් බිහි වෙනවා. මේ ඒ යක්ශයා අවදි වන වේලාවයි. ඉතිහාසයේ බිහි වූ වඩාත් බයානකම යක්ශයින් දස දෙනෙකුගේ ශක්තිය, දුශ්ටකම එකතු වී මොහු සැදිල තියෙන්නෙ. ඔහුව පරාද කරන්න බෑ. මරල දාන්නවත් බෑ. ඔහුට අපගෙ මනස ආක්‍රමනය කරන්න පුලුවන් වගේම පාලනය කරන්නත් පුලුවන්. ඔහු තමයි බයානක යක්ශයින් දස දෙනෙකුගෙන් සැදුම් ලත් රා වන්.
”යුද්දයයි මගේ එකම ධර්මය. වෙන කිසිම දෙවියෙක් නෑ.” එයයි ඔහුගේ පාඨය. මේ තමයි මේ ලෝකෙ බිහිවුනු බයානකම දුශ්ටයා. මේ රා වන් ඉන්නෙ ගේම් එකක. මේ ගේම් එක හදන්නෙ ශේකර් සුබ්‍රමනියම්. එයාගෙ පුතා ප්‍රතීක් වෙනුවෙන්. මේ රා වන් හදන්නෙ කෘතිම බුද්දියක් එක්ක. ඒ නිසා මේ රා වන් ට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ගේම් එකකට දුශ්ටයෙක් ඉන්නවනම් එයත් එක්ක සටන් කරන්න වීරයෙකුත් ඉන්න ඕනෙනෙ. මේකෙ ඉන්න වීරයා තමයි ජී වන්. මේ වීරයට රා වන් ට තරම් සුපිරි බලයක් නම් නෑ. ජී වන් හදල තියෙන්නෙ ශේකර් ගෙ ස්වරූපයටමයි. මේ ගේම් එක එලි දක්වන දවසෙ ඉස්සෙල්ලම ප්‍රතීක්ට ඕනෙ වෙනවා, මේ ගේම් එක ප්ලේ කරන්නෙ. ගේම් එක ඉවර කරන්න කලින් ප්‍රතීක්ට ඒක නවත්තන්න වෙනවා. ගේම් එක අතරමග දාල යද්දි රා වන් කියනවා, ලුසිෆර්ව (ලුසිෆර් කියන්නෙ ප්‍රතීක් ගේම් ගහනකොට දාන නම) මරනවා කියල එයාගෙ ලෝකෙට ඇවිල්ල. මේක විහිලුවක් කියල හිතන ප්‍රතීක් ගනන් ගන්නෙ නැතුව යනවා.
ඔය ගොල්ලො කවදහරි හිතුවද එක ෆෝන් එකකින් තවත් ගෝන් එකකට පින්තූර, දත්ත සින්දු වගේ ඒව යවනකොට ඒ කොනේ ඉඳන් මේ කොනට කොහොමද යන්නෙ කියල. ඉන්ටර්නෙට් සැටලයිට් වගේ අපේ මේ හැම තැනම නොයක් විදිහෙ කිරන, සංඛ්‍යාත තියෙනවා. මේ ලෝකෙ හැම වෙලාවෙම අපි ගාවම තියෙනවා. හැම තැනම, වෙලෙඳ සංකීර්න වල ගෙවල්වල, පාරෙ ඉඳන් තියෙනවා. හැමෝම දන්න විදිහට මේ කිරන හරහ තමයි ඩිජිටල් දත්ත ගමන් කරන්නෙ. ඒ යවන පින්තූර අපිට නොයෙක් තාක්ශනයන් බාවිතා කරල දකින්න විතරක් නෙවෙයි අල්ලන්න උනත් පුලුවන්. මේ තමයි ශතවර්ශයෙ සොයා ගැනීම ඇත්ත ලෝකෙයි ඩිජිටල් ලෝකයෙයි වෙනස සොයා ගන්න පුලුවන්. මේ ගේම් එකත් හදල තියෙන්නෙ ඒ විදිහටම තමයි. ඒත් ඒ කිරනම බාවිතා කරල රා වන් අපේ ලෝකෙට එනව. ඒ එන්නෙ ලුසිෆර් ඒ කියන්නෙ ප්‍රතීක් ව මරන්න. ලුසිෆර් ව බේර ගන්න ජී වන් එනව අපේ ලෝකෙට. ඊට පස්සෙ මේ ගේම් එක ප්ලේ කරන්නෙ අපේ ලෝකෙ.
Ra.One චිත්‍රපටිය අද්‍යක්ශනය කරල තියෙන්නෙ Tum Bin, Dus, Cash, Gulab Gang අද්‍යක්ශනය කල Anubhav Sinha විසින්. cප්‍රදාන චරිත ලෙස Shah Rukh Khan, Arjun Rampal, Kareena Kapoor, Armaan Verma, Shahana Goswami සහ Tom Wu දායක වෙනවා. මෙහි imdb අගය 4.8ක් වන අතර 2011 වර්ශයේ තෙවැනි වැඩිම ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපටියද වෙනවා. මේ චිත්‍රපටියට අදහස ලබිල තියෙන්නෙ Anubhav Sinha විසින් දුටු රූපවාහිනී දැන්වීමක් ඇසුරෙනුයි. පසුව එය Red Chillies Entertainment යටතේ නිශ්පාදනය කෙරුනා.
Shah Rukh Khan සහ Arjun Rampal ඇඳ සිටින ඇදුම නිර්මානය කරල තියෙන්නෙ Robert Kurtzman, Tim Flattery Los Angeles වල විශේශඥ කන්ඩායමක් විසින්. ඒ වගේම මේ ඇඳුම් නිර්මානය කරන්න මාස 3 ක් පමන ගත වුනාලු. මේ සදහා ඇදුම් 21ක් නිර්මානය කර ඇති අතර, වියදම මිලියන 10ක් වෙනවා. Shah Rukh Khan ගේ ඇඳුම reinforced latex වලින් නිමවා වානේ නිල් පාටින් ක්ශුද්‍ර පරිගනක පරිපථ ඇතුලත් කරල තමයි නිමවා තියෙන්නෙ. Arjun Rampal ගෙ ඇඳුම අඟල් 3ක් ගනකම රබර් වලින් සාදා රතු පැහැයෙන් වර්න කර තිබෙනවා. ඒ වගේම මේ ඇඳුම් අඳින්න කලින් අමතර ඇඳුම් අඳින්නත් සිදු උනාලු. මේ ඇඳුම් නිසා මේ දෙන්නට ගොඩක් කරදර වලටත් මුහුන දෙන්න සිදු වෙල තියෙනවා. මේ ඇඳුම් අඳින්න විනාඩි 20 කුත් ගලවන්න විනාඩි 40 කුත් ගත උනාලු. ඒ වගේම මේ ඇඳුම් ඇදගෙන වායු සමීකරනය කරපු තැනක හිටියත් අදික ලෙස දහඩිය දාන්න උනාලු.
මෙහි සංගීතය නිර්මානය Vishal-Shekhar විසින් ද, ගීපද රචනය Atahar Panchi විසින්ද සිදු කර ඇත. ඇල්බමයේ මෙහි ගීත 15ක් අන්තර්ගත වූ අතර Akon ද මෙහි ගීත 3කට දායක වෙනවා. ඉතින් ලොකු කුඩා සැමට එක සේ නරඹන්න පුලුවන් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.
ඒස්වාහ් පොඃ!
2012 ජනවාරි 20 පළවූ ලිපිය.
කොහොමද යාලුවනේ? මේක තමා මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කවුරු හරි දාන ෆිල්ම් එකක් බාගෙන යනවා මිසක් ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුනේ නෑ. ඔය අතරේ තමා සයිට් එකේ තිබ්බ “ඔබටත් ඉඩක්” කියන කොටස දැක්කේ. ඒක කියවන කොට මටත් හිතුන ෆිල්ම් එකක් දාන්න.
IMdb රේටින්ග්වල 4.8/10 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය Action / Adventure යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. මේකේ නිමැවුම්කරු Anubhav Sinha. ඔහුගේ තවත් නිර්මාණ ලෙස Cash, Dus ආදිය නම්කරන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh khan, Kareena Kapoor, Arjun Rampal යන කට්ටියයි.
මේකෙ කථාව කෙටියෙන් දැන ගම්මු.
ශේඛර් සුබ්‍රමනිඋම් (Shah Rukh) මධ්‍යම පන්තික ඉන්දියානු පුද්ගලයෙකි. ඔහුගේ බිරිද සෝනියා (Kareena) හා පුතු ප්රිටීක් සමග ලන්ඩන් නගරයේ ජිවත් වෙති. ඔහු පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙක් ලෙස කටයුතු කරන අතර බිරිද පොත් පරිවර්තනය කිරීමට යොමුව සිටි. ශේඛර්ගේ පුතු ප්රිටීක් පරිගණක ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනමුත් ඔහු කැමති එහි වීරයාට නොව දුෂ්ටයාටයි. මේ අනුව ශේඛර් නව ගේම් එකක් හදනවා. එකේ දුෂ්ටයා Ra One ලෙසත් වීරයා G One නම් වේ. මේකේ පුදුමේ තමා මේ චරිත වලට පන දෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ඇත්ත ලෝකයට ඇවිත් කරන දරුණු සටන් හා එයින් කවුරු දිනනවද කියල බලන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක මගේ පළමු ඉදිරිපත් කිරිම. මම ලිවීමේ එතරම් දක්‍ෂයෙක් නොවේ. ඔයාලට මේක කියවද්දී තේරෙන්න ඇතිනේ. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරධනා කරන ගමන් කරදරයක් නැත්නම් comment පාරක් දාලම යන්න. එකෙන් මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “යසිරු & නුවන්” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා වලංගු වේ.
19,146 downloadsDownload RA.One-2011-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
92 comments
Asabha
sud
mamath beluwa thanks mahansi wela wede kalata film 1k nam hodai
Sameera
Ok boss.is this original copy?
sujeewa
Thanks saho film aka lasani
chamila
RA NE .....
sameera
elakiri machan
YMCMB
thx nigga..i been searching this one.
විකියා
මේක මරු ෆිල්ම් එකක්..ඇනිමේෂන් වගේම පට්ට කොමඩි තියෙන්නේ..ඉන්දියාවේ නිෂ්පාදනය වුන දැවැන්ත නිරමාණයක්..
හැමෝම බලන්න...ජයෙන් ජය~!
chathura
meke sinhala sub nene saho. eka denna puluwanda?
චන්ද්‍රකුමාර
සුපිරි ආ...........!!
කේ. යූ. ජී. උදාර
පළමු ලිපියට සුබ පැතුම්....
ඊළඟ එක සිංහල සබ් එක්කම අරන් එන්න.chathuranga
mamathnam beluva niyama film eka
ranga
hoya hoya hitapu film ekak tanx bro.
Viraj
එලනේ. බලන්න ආසාවෙන් හිටපු සුපිරි බයිස්කෝප් එකක්. අද බාල අදම බලනවා. බොහෝ ස්තුතියි සහෝ.
Praසන්ன
Thank's
halapaya
maxxa wade. wish u al da best
pola
මම කවදත් අන්තිමයා... ජය වේවා..
අල්ලා දෙයියෝ
අද බොහෝ කාලෙකට පස්‌සේ සයිට් එකට ආවා.අයියෝ මොකක්‌ද මේ වෙලා තියෙන්නෙ?සිංහල උපසිරස් අඩවියේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවිය.අලුත් ෆිල්ම් වල උපසිරස් අඩුවෙන් නේ පලවෙන්නේ.අපේ අමිල සහෝ එහෙම දැන් නැද්ද?පරන ෆිල්ම් නම් හුගක් අය බලලා තියන්වා මේ වගේ අලුත් ඒවාගේ උපසිරස් තමයි හුගක් අයට අවශ්‍ය.අනික දැන් හැමෝම අන්තර්ජාලය බාවිතා කරන්න දන්නවා.ඉතින් අලුතින් එන ෆිල්ම් වල ලිපි බලලා එවා බාන ප්‍රමානය අඩුයි.ඒ නිසා ලිපි වලට වඩා උපසිරස් තමා වැදගත් වෙන්නේ.මේ සයිට් එකට අපි ගොඩක් ආදරෙයි ඒකයි අපේ අදහස් අපි ඉදිරිපත් කරන්නේ.අපි කමති නැ මේ අඩවිය සෝදාපාලුවට යනවට.උපසිරස් මහංසිවෙලා කරන අපේ සහෝදරයන් ට කියන්නෙ අලුත් හොද ෆිල්ම් වලට උපසිරස් කරන්න කියලා.දැන් ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතින් එන ෆිල්ම් එකේ DVD,Blue ray Rips එනකන් බලාගෙන ඉන්නේ බාගෙන බලන්න.අපේ සහෝදරයන් සහෝදරියින් මහංසිවෙලා කරන සබ් වලට ලොකු වටිනාකමක් ලැබෙනවා අලුත් ෆිල්ම් වලට සබ් දුන්නම.Johnny English Reborn (2011),Cars 2 (2011), Immortals (2011), Real Steel (2011),Ra-One,immortals 2011,වගේ ෆිල්ම් වල හොද කොපි මේ වෙනකොට අවිල්ලා තියෙන්නේ.ඒවා වල සබ් ඉක්‌මනටම මේ සයිට් එකේ පල උනොත් ඒ උපසිරස් වල වටිනාකමත් වැඩි වෙනවා.මම අපේ සහෝදරයන් ව විවේචනය කරන්වා නෙවේ.මම කවදාවත් මේ අදවියට සබ් දීලා නැ.ඒත් මේ අඩවියේ ආරම්බය දවසේ ඉදන් ම මේ අඩවියත් එක්‌ක ඉදලා සබ් බාලා තියන්වා.ඒ නිසා සබ් දෙන අයට ලොකු ගරුත්වයක් තියන්වා.ඒ නිසා මම කැමති නෑ සබ් කරන අපේ සහෝලාගේ මහංසිය අපතේ යනවාට.ඒ මහංසියට උපරිම ප්‍රතිපල දකිනකොට අපිටත් සතුටුයි.එදා උපසිරස් දෙන අපේ සහෝලට බැන වැදුන මේ අඩවියේ දියුනුව දරාගන්න බැරි සකලදත්තලා ඉදිරියේ අපි අපේ සහෝදරයින් තනි කරේ නැ.අදත් එදා මෙන් අපි ඔයාලත් එක්‌ක ඉන්නවා.එත් අද වෙනකොට මේ සයිබර් අවකාශයේ වෙනත් සයිට් තියනවා.නමුත් උපසිර්ස් මුලින් ම දුන්නේ බයිස්‌කෝප් අඩවියයි.සිංහල උපසිරස් කලාවේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවියයි.මම මේ කියන දේ වැරැදි ද දන්නේ නෑ.නමුත් මේ යන විදියට ගියොත් සිංහල උපසිරස් රසිකයින් වෙත වෙනත් විකල්ප **** වෙන එක කාටවත් නවත්තන්න බැරිවෙයි..
dinesh
maru a......
ela kirishiwantha
thanx machan
චම්ලි කරුණාසේකර
නියමයි මමත් හොය හොයා හිටපු එකක්, ටොරන්ට් ඒක ගත්තා පස්සේ හෙමින් බානව. තැන්කූ....
Anonymous
මරු අයියා..................
nalinfa
machaaaan tharaha wenna epa.. shahrukge mama balapu chaaaaaaaaaterma film ekak thamai RAONE. IMDB walinma kiyanna puluwan neda?
anyway, thanxAnonymous
wow wowo
uda
ෂා රුක් මේක ගැන ගහලා තිබුණු පම්පෝරියේ හැටියට නොබලානම් බෑ කොහොමටවත්ම. සහෝ අපට රා ඕනේ(Ra One) හොඳ කොපියක් ගැන කීවට ටැන්කූ!
කියල තිබුණු හැටියට ඔහුගේ සිහින චිත්‍රපටය තමා මේ...
අනික තනිකරම Digital Technology විතරක් භාවිත කරලා ඉන්දියාවේ කෙරුණු පළමු නිර්මාණය, ඒකත් සෑහෙන වැදගත් අහළ පහළ ඉන්න අපි වගේ පුංචි රටවලට.upul hewagamage
සුබ පැතුම්
Suneth
Ela kolloo thankx,
But mekata sin sub deela thibba nam Supiri,
Any way keep it up.අබා
අල්ලා දෙයියොන්ගේ කතාව ඇත්ත....biscope කියන්නේ අපි ගොඩාක් ආදරය කරන site එකක්.....
ඒත් අල්ලා දෙයියො කියන තරන් අව්ලක් නෑ..
තාමත්,හැමදාමත් 1st බයිස්කෝප් තමා...Madushanka Gamage
thankz machanla....hindi balanne nam ne eeth meka wenasakatath ekka baala balanna one :) :)
සාරංග ලියනගම
මේ ෆිල්ම් එක එන්න කලින් තිබුණු ප්‍රචාරණේ නිසා මමත් මේකේ හොඳ කොපියක් ආපුගමන් බාගෙන බැලුවත් ***** අනේ මංදා......
මොනවා වුනත් ශාරුක්ගේ රසිකයන්ට නම් අල්ලලා යාවී.පළමු ලිපියට සුභ පැතුම් වගේම දිගටම ලිපි ලියන්න කියල ඉල්ලලා හිටිනවා.. ගොඩක් ස්තූතියි..
ජයවේවා...Bandula WIthanage
Thank you very much
kodizz
film akknam superb
kapa....
meke sinhala sub thiyanawa...serch karapalla.....
wsu
this is not a good film,very mechanical,just a flop
nuwan
elama thami machan thanku wewaaa.....!
B.V.Kajja
මුලින්ම කියන්න ඔනේ මේ ෆිල්ම් එක අප්ලෝඩ් කරපු යසිරු පුතාට ස්තුත්යි කියල.....
වෙනද වගේ මට මේ ෆිල්ම් එක ගැනවත් ලොකුවට විස්තරයක් කියන්න හිතෙන්නෙ නෑ.මොකද අනාගතයේ එන උවදුරක් ගැන මට අදුරු සේයවාන් දැනෙන නිසා.
අපි කවුරුත් ආදරය කරපු අපේ සයිට් එකෙන් TORRENTZ බාලා COMMENTZ දාල එකම පවුලක් වගේ අපි ලොකු බැදීමකින් හිටිය.නමුත් තව දුරටත් අපිට මේ වගේ FREE FILMS,බාන්න පුලුවන් වේවිද කියන එක ඉස්සරහ තියෙන්නෙ ලොකු ප්‍රශ්නාර්තයක් විතරයි.
ඔයාල හැමෝම දන්න MEGA UPLOAD කියන FILESHARING PORTAL එක තහනම් කරල ,ඒකෙ ඇඩ්මින්
සතුව තිබ්බ පෞද්ගලික වාහන පවා FBI එකෙන් අරන් ගිහිල්ල කියල සමහ්‍ර විට ඔයාල දන්නෙ නැතුව ඇති.මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නේ USA CONGRESS එක "නොමිලේ දනුම සදහා ප්‍රවේශය" වාරනය කිරීමට ගත් තීරනයත් එක්කයි.SOPA and PIPA යන නම් වලින් හැදින්වෙන මේ පනත් දෙක යි.
1.Stop Online Piracy Act (SOPA)
2.PROTECT IP Act (PIPA
මේ පනත් දෙක එක්සත් ජනපදය තුලදී සම්මත උනෝතින් අපි කාටවත් නොමිලේ සින්දුවක් ෆිල්ම් එකක් බලන්න තිබුන අවකාශය සදහටම නැති වෙලා යාවි.
විවිද ස0විදාන,ආයතන එක්ව මේ පනත පරාජය කිරීමට සටන් කරනව.නමුත් "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ"කියන්න වගේ පුන්චි රටක ඉන්න අපිට මේකට කරන්න පුලුවන් දෙයක් නෑ.මොනව වෙතත් සමහර විට අපි හැමෝටම නොම්ලේ බලන්න ලෑබෙන අන්තිම චිත්‍රපටිය මේ RA-ONE ෆිල්ම් එක වෙන්නත් බැරි නෑ. :(
Abewardana
2019-06-29
යසිරු & නුවන්
ඔයාලගේ කොම්මේන්ට්ස් වලට තැන්ක්ස්. අපි ඊලග පාර මීට වැඩ හොද ෆිල්ම් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්.
Anonymous
patta machan
Alaya
ela kolla elaa..mahansiyen wade kalata age kranawa..ooonna baawa..jaya wewa \m/
sanju
thanx
Sandaru
baye be deiiyoth wadinava ne mekata. mage laga nam Ra.One(2011)Originalma DVD aka thiyanavooo.
Dhanu
Thanks machan nice
අලී බබා සහ හොරු 40
ඹය කෙහෙල්මල් SOPA වට හෙන ගහන්ට....
Ra.One බැලුවා සහෝ,මොනව උනත් වැඩේ එල..
සිංහලත් එක්කම ඉස්සරහට එමුකො ආ....
In Time 2011 සිංහල Sub එක්කම torrent එක KOK සහෝ Out කරල..ද කොහෙදෝ,මම නම් බැවා.ඔන්න මම දන්නෑ.සමහර වචන නම් සිංහලෙන් නෑ.KOK සහෝ ඒක පොඩ්ඩක් බලලා හදන්ට ඈ...ඒකොල්ලා baiscopelk.com
වලින් දෙන්ටකො.KOK සහෝට රොම්බThanks.චමීර
එල මචං. නියමයි
lochana
Maxxa..tnz
Uraj Deemantha
මේක දෙනකම් මග බලාගෙන හිටියේ..... :)
shaa
tnx a lottt :)
Gayan Sampath
thanks machoooo.....
Dar[K]
කොපිය හොදයිද?
gayendra9*9
Film eka balalama comment ekak dennam
Dulshan
Aiya Meke SINHALA SUBTITELES kawada eida????? monawa unath post eka ela...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ah man film ekanam baluwa...ela movie eka
mama 1st ne....................