ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වසරේ තිරගත වුණ තවත් සාර්ථක චිත්‍රපටියක් අරන් තමයි මං අද ආවේ. 2021අප්‍රේල් මාසයේ 16 වෙනිදා සී5 නාලිකාව ඔස්සේ ප්‍රථම දිගහැරුම සිද්ධ වුනු මේ චිත්‍රපටියට imdb දර්ශකයේ 5.2 ක වගේ අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම Google පරිශීලක ප්‍රතිචාරත් 72%ක් වගේ ලැබිලා තියෙනවා. ඇත්තටම මේකට උපසිර…

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වසරේ තිරගත වුණ තවත් සාර්ථක චිත්‍රපටියක් අරන් තමයි මං අද ආවේ. 2021අප්‍රේල් මාසයේ 16 වෙනිදා සී5 නාලිකාව ඔස්සේ ප්‍රථම දිගහැරුම සිද්ධ වුනු මේ චිත්‍රපටියට imdb දර්ශකයේ 5.2 ක වගේ අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම Google පරිශීලක ප්‍රතිචාරත් 72%ක් වගේ ලැබිලා තියෙනවා. ඇත්තටම මේකට උපසිරැසිය කරන්න කියලා භාරදීපු සිසිල අයියවත් මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ.
ත්‍රාසජනක ගණයට අයත් වන මේ චිත්‍රපටියේ කුතුහලය දනවන අවස්ථාත් ගොඩක්ම තියෙනවා. ඒ වගේම තමයි, අවසානය දක්වාම නැරඹුවොත් තමයි, මේකේ ඇත්තටම කතාව මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පැයයි මිනිත්තු 29ක් පුරාවට දිවෙන චිත්‍රපටිය ඔයාලට කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් කියලා නම් මම විශ්වාස කරනවා. චිත්‍රපටියට රංගනයෙන් දායකවන චරිත විදිහට,
Rahul Dev – Rajesh Ahlawat
Anup Soni – Kartik Sharma
Paoli Dam – Vasuki
Dipannita Sharma – Vani Chopra
Sameer Malhotra – Raja Sujan Singh
Saurabh Sachdeva – Rehan Mustafa
Aakash Dahiya – S.I. Sangram Singh
යන චරිත හදුන්වලා දෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් මං කියන්න කැමතියි. මේක නෙට්ෆ්ලික්ස්ලා හැදුවනම් මීට වඩා ප්‍රතිචාර මේ චිත්‍රපටියට තියෙන්න තිබුණා කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොම නමුත් චිත්‍රපටියට සාදාරණයක් කරන්න, මේකේ අධ්‍යක්ෂවරයා වන Avinash Das විසින් උපරිම මහන්සියක් අරන් තියෙනවා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු, කතාව පටන් ගන්නේ මිනීමැරුම සිද්ධ වුන තැනින්ම තමයි. ඒ කියන්නේ පොලිස් පරීක්ෂණ පටන් ගන්න තැනින්. කාර්තික් කියන්නේ චිත්‍රපට කතා ලේඛකයෙක්, වානි කියන්නේ, නිලියක්. ඉතින් මේ දෙන්නගේ යාළුකම සම්බන්ධයකට හැරිලා විවාහ ගිවිස ගන්න තැනට දක්වාම එනවා. හැබැයි ඉතිං වානිගේ චරිතය නම් එච්චර හොද එකක් නෙවෙයි. එයාට අහුවුන කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක්. හැබැයි මේ ගැන කිසිම දෙයක් කාර්තික් දැනගෙන හිටියේ නෑ. මේ ගැන කාර්තික්ට දැනගන්න ලැබෙන්නේ, විවාහ ගිවිස අරන් ඉවර වෙලා සාදය අතරමැදදී සිද්ධ වුන රණ්ඩුවකින්.
ඉතින් ඊට පස්සේ, කාර්තික්ට වානි ගැන තිබුණ හැම විශ්වාසයක්ම නැති වෙලා යන්න වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නෑ. ඒ අතරම කතාව වෙන පැත්තකටත් හැරෙනවා. ඒ තමයි කාර්තික් කලින් පෙම් සබඳතාව පවත්වපු, වාසුකී පැත්තට. කාර්තික් වාසුකිත් එක්ක සිද්ධ වුන රණ්ඩුවක් නිසා, එයාව අතාරින්න තීරණය කරනවා. ඒත් දැන් කාර්තික් එයාව දාලා ඇවිල්ලා අවුරුදු 12ක් විතර වෙනවා. මේ අතරතුරේ වාසුකිගේ සැමියත් එක්කත් වානිට සම්බන්ධකමක් තිබුණා. එතකොට මිනීමැරුම කරන්නේ කවුද? කතාවේ අතරමැද මැරෙන්නේ කවුද? වාසුකීගේ සැමියත් එක්ක වානිගේ සම්බන්ධය ගොඩනැගෙන්නේ කොහොමද?
තව මම කියන්න යන්නේ නෑ. එහෙම වුනොත් කතාවේ රසවත් බව නැති වෙන නිසා.
STAY HOME & STAY SAFE.
එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,032 downloadsDownload රාත්-බාකි-හේයි-2021.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් රවින්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
30 comments
Kavindu
Anonymous
meke font eka mokadda macho
Kushan
Sub akta thanks
DILmin
Thanks! 'The Wife' Hindi film ekatath sub denna
Anonymous
තැන්කු තැන්කු
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
yohan
thanks bro......thawath hindi films walata sub demu.
Shaggy
බොහොම ස්තූතියි
Samith
Thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
එල එල මචන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dulan
ස්තුතියි සහෝදරයා
Ash
Thank you
Sahan Gayantha
thanks a lot sub ekata
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට..ෆිල්ම් එකත් මාරම ලස්සනයි.මුල ඉඳලා අගට හොඳ කුතුහලේකින් බලන්න පුලුවන්...
Anonymous
Mosagallu(2021) sub plzzzzz
Anonymous
thansk.
film eke nama daanakota english walinuth dapan bn. baiscopedownloads.com ekata link ekak dalath nathi nisa film eka hoyaganna amarui
sithum L. Kodagoda
සබට බොහොම ස්තූතියි සහෝ.හැබැයි මේකෙ ෆිල්ම් එකේ නම කඩ්ඩෙන් දැම්මනම් වටිනවා.නැත්තන් Raat Baaki hai කියලා ගූගල් කලාට සබ පෙන්නන්නෙ නෑ.
Shane de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Tnx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Tharaka
thanks sub ekata.. jaya wewa
D.Chamara
බොහොම ස්තූතියි ... !
mindika
Thanks !!!
Anonymous
Tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Raat Baaki Hai (2021) Sinhala Subtitles | ඝාතනයේ සුලමුල. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/රාත්-බාකි-හේයි-2021.jpg)
සුපිරියක් වගේ
බොහොම ස්තුතියි සහෝ