මනිරත්නම් ගෙ අධ්‍යක්ෂනයක් ලෙස 2010 ජුනිමස කල එළි දැකපු Raavan චිත්‍රපටිය පිලිබදව ගොඩක් කතා බහට ලක්වුනානේ. මොකද, 2010 අප රටෙ පැවති IIFA සම්මාන උළෙලට භච්චන් පවුලෙ කිසිම සමාජිකයකු සහාභාගි නොවිමට මෙය එක හේතුවක් ලෙස ඉන්දියානු මධ්‍ය මෙන්ම ලාංකිය මධ්‍යද උපුටා දැක්වුවා.ඒක කොතරම් දුරට සාධාරනද අසාධාරනද කියන…

මනිරත්නම් ගෙ අධ්‍යක්ෂනයක් ලෙස 2010 ජුනිමස කල එළි දැකපු Raavan චිත්‍රපටිය පිලිබදව ගොඩක් කතා බහට ලක්වුනානේ. මොකද, 2010 අප රටෙ පැවති IIFA සම්මාන උළෙලට භච්චන් පවුලෙ කිසිම සමාජිකයකු සහාභාගි නොවිමට මෙය එක හේතුවක් ලෙස ඉන්දියානු මධ්‍ය මෙන්ම ලාංකිය මධ්‍යද උපුටා දැක්වුවා.ඒක කොතරම් දුරට සාධාරනද අසාධාරනද කියන එක චිත්‍රපටය රසවිඳින්නනම් කොහොමත් අදාල වෙන්නෙ නෑ. මොකද කිවොත් ඇත්තටම මම විශාල හින්දි රසිකයෙක් නොවුවත් මෙහි ඇති චාමත්කාර බාවය මාව මෙයට ඇද බැද තබගත්තා සේම ඔබවද මන්මත් කරනවා නිසකයි. එ හේතුව නිසාම රාත්‍රි කිපයක් වෙහෙස මහන්සිවී මම මෙයට සිංහල උපසිරස යෙදුවා.
මෙහි ප්‍රධාන චරිත දැනටමත් ඔබ දන්නවානෙ. භච්චන්ලාට අමතරව මෙහි සුපිරි උතුරු ඉන්දිය නළු වික්‍රම් මෙන්ම බොලිවුඩයෙ සිනා සගරය ලෙස හදුන්වන ගොවින්දාද ප්‍රදාන චරිත වලට පනපොවයි. මෙහි පාරිසරික චමත්කාරය ඉමහත්ය, කැමරාකරණය විශිෂ්ට වන අතරම A.R රහුමාන්ගෙ සංගිතය කන්කළුය. පැය 2ක කාලයක් පුරාවට කදුකරයෙ චමත්කාරය මනාව පෙන්වමින් ගලායන කතාවෙ බිරා යනු කැලැවෙ රජු මෙන්ම මෙහි රාවන්ය. ප්‍රධාන පොලිස් පරික්ෂක දෙව්ගෙ සුන්දරිය වන රගිනිව පැහැර ගැනිමෙ විර ක්‍රියාවට අතගහන බිරා සටන එතනින් ආරම්භ කරයි. තම බිරිද සොයා කැලැ වදින ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රටේ නැති කරදර මෙන්ම අවංක මුහුන පෙන්වන වංක පුද්ගලයොන්ටද මුහුන දිමට සිදුවෙයි.
මෙයට රාවන් ලෙස යෙදිමට හේතුව ලෙස මම දකින්නෙ විටෙක බිරා රාවන් වන අතරම විටෙක දෙව් ද රාවන් වෙයි. ඉතින් එහාට මෙහාට දොලනය වන මෙ රාවන් චිත්‍රපටිය නිවිහැනහිල්ලෙ රසවිදිය හැකි සුන්දර චිත්‍රපටියකි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
5,412 downloadsDownload Raavan.2010.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මංගල (KOK)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/12
Subtitles by
මංගල (KOK)
Subtitles
74 comments
Dhanuka Pathinayake
Tharindudoo
මමයි 1ස්ට්,,එල එල,,ඔන්න එහෙනම් බානවෝ!!
නිෂූ
ඔන්න අද මම එක බාන්න දැමිමා ස්ත=තියි
Tharindudoo
අයියෝ මම 2න්ඩ්..කමක් නෑහෑ,,කමක් නෑහෑ
indunil
yako.........
psw
Tnx macho sinhala sub ekkama dunnata.
damma banawa :Dsusantha
tika davsakata passa thamai site 1 ava.maka maru fillm 1 thnx.maka tamil 1 danna plz. :) :)
Dinuka
Thanks machan..lassana film ekak dunnata...
Love Doc
thanks thanks
Dong Patas!
මම බැලුවේ දෙමල version එක. අනිතිම පල ෆිල්ම් එකක්. මනිරත්නම් පොරක් කියල හිතන් උන්නේ, එත් මේක නම් හරිම පල.
NM
Thank machanlaa
සසික නානායක්කාර
එල...එල...ඔන්න මමත් බාන්න දැම්මා..සබ් දිපු මංගල සුබසිංහ සොයුරාට මගේ ස්තුතිය...
mahen
තැන්ක්ස් බයිස්කෝප් මම මේක බාන්න බලාගෙන හිටියේ
rohan
adee
enakam bala hitiye
menna baanawooඅනුරාධ
සියලු දෙනාගේ දැන ගැනීම පිනිස යමක් සඳහන් කරනු කැමැත්තෙමි, මේක ලබාදුන් සහොදරයාගේ මහන්සිය අවතක්සේරු කිරීම පිලිබඳ මාගේ තුන් සිතකවත් පරමාර්ථයක් නොවීය.....ඔබ සැම දන්නා හෝ සමහරවිට නොදන්නා හෝ පරිදි මෙය මනිරත්නම්ගේ මෑත කාලයේ ඉතාමත් අසාර්ථක අධ්ය.ක්ෂනයක් ලෙස ඉතිහාසයට එක්ව ඇති බව නොරහසකි, කවුරුත් දැඩිලෙස අපේක්ෂා කල පරිදි මෙයින් මනිරත්නම්ට හෝ රහුමාන්ට යමක් කිරීමට නොහැකි වූ බවයි විචාරකයන්ගේ මතය,
ඔබ දැනටමත් දන්නා පරිදි මනිරත්නම් හා රහුමාන් ඉතා ප්රකසිද්ධියේම ඔවුන්ගේ ජනප්රි යතාව උපයෝගී කොට ගනිමින් අප රටේ දේශපාලන ක්රිතයාමාර්ග විවේචනයට ලක්කොට ඇත, ඔවුන් දෙදෙනාම අයිෆා සම්මාන උළෙල වර්ජනය කලේද එහි එක් ප්රථිපලයක් ලෙසින් බව ඔබ සියලු දෙනාම දන්නවා ඇති (නමුත් නිශ්පාදකයින් සිතා සිටියේ අප රටේදී පැවති අයිෆා සම්මාන උළෙල අතරතුර මෙහි ප්රවදර්ශන කටයුතු අරම්භ කිරීමටයි), ඒ නිසාම බියවු බච්චන් පවුලද අයිෆා සම්මාන උළෙල කෙලින්ම වර්ජනය නොකලද බොරු හේතු දක්වමින් අප රටට පැමිනීම ප්රිතික්ශේප කලේය (සම්මාන උළෙල සඳහා දින වෙන් කරන්නේ අවුරුද්දකට වැඩි කලයකට පෙර වෙයි) ,
මෙහිදී සඳහන් කලයුතු කරුනක් වන්නේ අයෙක් අනවශ්යක ලෙස අප රටට බලපෑම් කරද්දී සමහරු රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට උත්සහ දැරීමයි, නමුත් සියල්ලන්ගේම සැලසුම් අසාර්ථක වී මෙම චිත්රතපටය නොසිතූ ලෙස ඉතා අසාර්ථක වෙද්දී, අප රටට පැමිනි අනෙක් ඉන්දියානු කළාකරුවන්ගේ චිත්රමපට වාර්තා පිට වාර්තා තබමින් දැනටමත් ප්රදදර්ශනය වෙයි,
සිනහවට කරුන වන්නේ මෙහි අසර්ථක බව නිසාම බච්චන් පුතාට තම පියාගේම පරණ චිත්රාපටයක නැවත නිශ්පාදනය ලජ්ජා සහගත ලෙස "කරන් ජොහාර්"ගෙන් නොලැබීයාමයි,
මෙහි සඳහන් කලයුතු අනික් කරුන වන්නේ සංගීතය, කැමරාකරණය යන සියලුම සාධක අපට පෙනෙන තරමට ඉතාම හොඳින් තිබියදී පවා මෙය අසර්ථක වීමයි, එසේ නම් කොතැනක හෝ ඔවුන්ට වැරදී ඇත, එය තීරණය කිරීම ඔබට බාරයි............උදාන
ගෝලයා ඇතුලු පිරිස රත්තරං
පුලුවන්න්නම් Iron Man 2 හොද copyyak ලබාදෙන්නMADHUKA
jaya wewa baiscope
niranjala
THANKS AYYE
pasiya
thx wewa :)
Lahiru666
meka camera copy ekakda???
kathu
එකත් එහෙමද..?? Film එක බලලම තීරණය කරමු.. ස්තුතියි මංගල සහො..!
Akila DJ
ගෝවින්දා ආපු නිසා දකුණු ඉන්දියාවෙ මේ හිංදි එක පෙන්නන්න දෙන්නෙ නෑ කියලත් කියන්නෙ!
මොනව උනත් අර බුවාල ටික ලංකාවට නොආපු එක වෙනම කතාවක්.
මම මේකෙ කැමරා කොපියක් බැලුව ටිකක් කල්, ඒත් මට ඒක හරියට මීට ර් උනේ නෑ නෙ. මතකත් නෑ.
කොටින්ම කිවුවොත් මෙන්න මෙහෙම ඒව ඒකෙ තිබ්බද කියලවත් මතක නෑ!...
"තම බිරිද සොයා කැලැ වදින ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රටේ නැති කරදර මෙන්ම අවංක මුහුන පෙන්වන වංක පුද්ගලයොන්ටද මුහුන දිමට සිදුවෙයි.මෙයට රාවන් ලෙස යෙදිමට හේතුව ලෙස මම දකින්නෙ විටෙක බිරා රාවන් වන අතරම විටෙක දෙව් ද රාවන් වෙයි." ...
Rumesh (HBK)
ela mangala ela
samantha
එල එල එක පාරක් බැලුවා ආයෙත් බලනවා සිංහල උපසිරස එක්කම
Randika
thanks මංගල aiye...
~RaසිකYa~
බොහෝම ස්තූතියි ගෝල සහෝ...සිංහල සබ් එක්ක ෆිල්ම් එක දුන්නට. කලින් ලිපියේ මම කිව්ව අදහස ගැන පොඩ්ඩක් හිතල බලන්න..!
අනුරාධ සහෝගේ අදහස ගැනත් ෆිල්ම් එක බලලාම කතා කරමු...මංගල සහෝටත් ජයවේවා...!chamath
thankszzzzzz onnamat banna dammoooooooooooooooo
KOK
අනුරධ සහො ඔබ හරි මම මගෙ ලිපියෙන් අදහස් කලෙත් එක එ වගෙම මම කිව්වා අන්දොලනයට තුඩුදුන් මෙ චිත්‍රපටියෙ ඇතුලාන්ත කතාව අපට නොවැදගත් නමුත් මෙහි ඇති චිත්‍රපටි රසය ඉමහත්ය එ නිසා මෙක කොතරම් ආසර්තකයි කිවත් මෙ වසරෙ ඉන්දියාවෙ පැමිනි තවත් එක් නිර්මානයක් එ වගෙම මෙහි ඇතුලත් දර්ශන හා පසුතල නිර්මානය් බෙහෙවින් ඉහල මට්ටමක පවතියි
KOK
අකිල සහොටද යමක් කිව යුතු “තම බිරිද සොයා කැලැ වදින ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රටේ නැති කරදර මෙන්ම අවංක මුහුන පෙන්වන වංක පුද්ගලයොන්ටද මුහුන දිමට සිදුවෙයි. මෙහි කතාව වන්නෙ එයයි මෙය ඔබ හරියටම බැලුවොත් ඔබට වැටහෙවි පොලිසිය විසින්ම පොලිසියටම වංචාකරන අතරම ඔවුන්ගෙ ගමන අදාල කිරිමට යම් යම් දෙ සිදුවෙයි බලන්න බලලාම තිරනය කරන්න
KOK
Iron man හොද කොපියක් තවම කරලියට ඇවිල්ලා නැහැ නමුත් කතා බහට ලක්වුනු centurion හි නම් හොද කොපියක්
ලගදිම බලන්න පුලුවන්KOK
ප්‍රතිචාර ඔක්කොටම ස්තුතිවන්ත වේනවා
KOK
එ වගෙම අනුරාධ සහො චිත්‍රප්ටි අසාර්තක විමට ගොඩක් කරුනු බලපානවා කොතරම් මුදලක් එය උපයනවාද යන්නම මුලික දෙ නෙමෙයි මොකද මම බලන්න අසාවෙන් හිටපු The last airbender අසාර්තක නිර්මානයක් ලෙස විශාල වශයෙන් සදහන් වෙනවා නමුත් මම එය ලංකාවෙ නිකුත් වු සැනින් ගොස් නැරඹුවා එය හොද නිර්මානයක් එය අසාර්ථක වෙනවානම් එයට හෙතුව කතාතෙමාවයි raavan ද බොහො දුරට අසාර්තක විමට හෙතුව කතා තෙමාව විය හැකියි
KOK
මෙයට රාවන් ලෙස යෙදිමට හේතුව ලෙස මම දකින්නෙ විටෙක බිරා රාවන් වන අතරම විටෙක දෙව් ද රාවන් වෙයි. එය චිත්‍රපටිය අවසන් වන තුරු නැරඹුවාට පසු ඔබට තෙරෙයි ඇයි මම එහෙම කියන්නෙ කියලා දෙබස් සමග හොදට බලන් ඉන්පසු කියන්න මම සාධාරනද නැද්ද කියලා ඔබ ලිපිය වැරදියට තෙරුම් අරන් මම කොහොමටවත් කියලා නැහැ මෙහෙම එකක් චිත්‍රපටියෙ සදහන් වෙනවා කියලා ලිපිය දැම්මෙ චිත්‍රපටියෙ පුර්ව අදර්ශයක් ලබා ගැනිමට පමනයි
අප්පුහාමි
අනුරාධ සොහොයුර
ඔබ වැදගත් දෙයක් ඉස්මතු කලේ.මේක වාසනාවන්ත රටක්. ඒකට අකුල් හෙලන්න හදන අයට මෙහෙම වෙනවා.KOK
අපෙ දෙ වටින්නෙ අපටනෙ
janz
film eka daapu ekata bohoma isthuthi....
SH
thanks kattiyatama aluthma films ikmanatama sinhla sub ekka denna issarahatath
jani
onna mamath banawoo
Supun
Mamath meka balala gunados kiyannam
sub dalama meka deepu ekata godak isthuthiඒත් එකක් රාවණා කියන අපේ නරපතගේ නම දුෂ්ටයන් හදුන්වන්න ගන්න එක වැරදියි
bandula WIthanage
මේක ලබා දෙන්න මහන්සි උන හැම දෙනාටම බොහෝම ස්තූතියි!
Asitha
අනේ... මට තව එක දවසක් ඉන්න බෑරි උනානේ...
මම මෙක ඊයේ රත්‍රියට ගත්තා...
ඒ උනාට සි0හල sub නිසා අයේ අනිවා බලනවා...
සිරා පහරක් .. අනිවා බලපන් මචෝz..
ස්තූතියි KOK සහෝ...Namila
ela ela..thankz KOK sahoo :D
shiwantha
ela thanx machan :)
sameya
pissu kora wenawa comments dakkama meya
Love Doc
apo me torrent eka slow, thama 50% :(
පොඩි මෑන්
බොහොම ස්තූතී...
මමත් බාන්න දැම්මා.අනුරාධ
හරියටම හරි "කේඕකේ" සහෝ, මෙහි එන දර්ශන තල සැකැස්ම / කැමරාකරණය හා සංගීතය අපව වෙනම ලොවකට අරන් යනවා වගේ දැනෙනවා නමුත්, මනිරත්නම්ගේ අනික් නිර්මාණත් සමග ගෙන හැර බැලූවිට අපට අවසානයේ කුමක් හෝ අඩුවක් වගේ දැනෙනවා, එය මෙහි එන කතා තේමාවේ ඇති දැඩි අඩු ලුහුඬුකම් වල ප්‍රතිපලයක් විය හැකියි, මෙහි රඟපාන අයත් මනිරත්නම්ගේ නිර්මාණවලට දක්වන දැඩි උනන්දුවත් හා ඔහු වැන්නෙකුගෙන් බලපොරොත්තුවෙන මට්ටමේ උසස් නිර්මණයකට දායක වීමේ දැඩි ආශාවකින් පෙලෙන්නට වීමත් එක් හේතුවක් විය හැකියි.....ඉතින් මට හිතෙන්නෙ මේ සියලු සිද්ධි දාමය කලාකරුවන් ඔවුන්ගේ සීමාවන් ඉක්මවා යාම නිසා ස්වභාව ධර්මය දුන් හොඳ දඬුවමක් හැටියටයි
ඉඩ දෙන්න තවත් යමක් කියන්න.....නිර්මාණයක උපයන ආදායම හා අන්තර්ගතය අතර සම්බන්ධය ගැන අපිට හරියටම නිර්ණයක් කරන්න අමරුයි කියලයි මම හිතන්නෙ, එකට තිබෙන හොඳම උදාහරනය තමයි "අයි එම් ඩී බී" එක, මොකද ලෝකයේ අති විශිෂ්ඨ නිර්මාණ අතර ආදායම් වාර්තා අතින් ඉතා සාර්ථක / සාර්ථක / සාමාන්‍ය ගනයට අයත් නිර්මාණ බොහෝමයක් මිශ්‍රව පැවතීම ඊට හේතුවයි.....
chamila
sinhala sub nisa balanawa......
wenanam wadak ne meka........මහතුන්
මමත් බලන්නන් කියල හිටපු film එකක්.... මට ඕක අමතක වෙලා තිබ්බේ.. :) .. අභිෂේක් ට නන් වැඩි කැමැත්තක් නෑ.... නමුත් වික්‍රම්ට නන් මන් කැමතියි.. ඒක හින්දා බලන්ඩ හිටියෙ.....
ඉස්තූත්යි සහෝ.... :)
ධනුෂ්ක,
මම මේ ෆිල්ම් එක ගැන විචාරයක් බැලුවා. ඒකෙ කිව්වෙ නම් කතාව ගැලපෙන්නෙ නෑ කියල.ඒ විචාරය හරිට්ද කියල බලන්නත් එක්කම බානවා.කොහොමත් සින්දු ටික එලට ඇති. සබ් වලට තෑන්කූ වේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mamayi 1st,thanks machoo,