Watch Trailer

Raaz Reboot (2016) with Sinhala Subtitles | සැබෑ ආදරය සහ ප්‍රේත බැල්ම [සිංහල උපසිරසි සමඟ]

“ෂයිනා, මං දන්නවා ඔයා මාව විශ්වාස කරන්නේ නෑ කියලා. ඒත් ඔයා මාව විශ්වාස කරන්න ඕන. මට ඔයාව බේරගන්න ඕන.” “මට ඔයාගෙ උදව් ඕන නෑ” “රෙහාන් වත් ඔයාව විශ්වාස කරන්නේ නෑ. ඔයා තනි වෙලා.” “රෙහාන් මට ආදරෙයි, ඉක්මණින් හරි පරක්කු වෙලා හරි මං එයාට මාව විශ්වාස කරවනවා.” ඉතිං කොහොමද කට්ටියටම? මුල්ම වතාවට ඔන්න මං ඔයාල…

Raaz Reboot (2016)

“ෂයිනා, මං දන්නවා ඔයා මාව විශ්වාස කරන්නේ නෑ කියලා. ඒත් ඔයා මාව විශ්වාස කරන්න ඕන. මට ඔයාව බේරගන්න ඕන.”
“මට ඔයාගෙ උදව් ඕන නෑ”
“රෙහාන් වත් ඔයාව විශ්වාස කරන්නේ නෑ. ඔයා තනි වෙලා.”
“රෙහාන් මට ආදරෙයි, ඉක්මණින් හරි පරක්කු වෙලා හරි මං එයාට මාව විශ්වාස කරවනවා.”

ඉතිං කොහොමද කට්ටියටම? මුල්ම වතාවට ඔන්න මං ඔයාල වෙනුවෙන් හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් ගේනවා. ඒ නිසා පොඩ්ඩක් වෙනස් විදිහකට, දෙබසකින්ම ලිපිය පටන් ගන්න ඕන කියල හිතුවා. මේ වෙනකොට මේක බලපු අය ඉන්නවා වෙන්නත් පුළුවන්. බයිස්කෝප් එකේ පහු ගිය දවස් වල උපසිරැසි වැඩ ටිකක් විතර හිර වෙලා තියන නිසා ඔයාල විකල්ප වලට ගියාද දන්නෙත් නෑ. මොනා උනත් ඔන්න කොහොම හරි මං මගේ වැඩේ ඉවර කරලා ඔයාල වෙනුවෙන් මේක අලුත් අවුරුද්දට කලින් දෙනවා මගේ අවුරුදු තෑග්ග විදිහට.

චිත්‍රපටය ගැන ඉතිං අමුතුවෙන් අටුවාටිකා ඕන නෑනේ. මේ කතාව නොදන්නා කෙනෙක් නැති තරම්. මීට කලින් ආපු කොටස් 3 ඔයාල හැමෝම වගේ බලලා ඇති. මේක තමයි 4 වෙනි දිගහැරුම. කතාව ගැන වැඩිය නොකියා චුට්ටක් කියන්නම්කෝ. කතාවේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ආධිත්‍ය (Emraan Hashmi), ෂයිනා (Kriti Kharbanda) සහ රෙහාන් (Gaurav Arora). රෙහාන් මුම්බායි වල බැංකුවක පොඩි රස්සාවක් කර කර ඉද්දී එයාට රොමේනියාවට යන්න අවස්ථාවක් ලැබෙනවා ඊට වඩා සැහෙන්න හොඳ රස්සාවක් කරන්න. මේකට රෙහාන් ගෙ නෝනා, ෂයිනාත් ගොඩක් කැමති වෙනවා. ඉතිං දෙන්නම ඉන්දියාවේ ඉඳලා රොමේනියාවට යනවා අලුත් ජීවිතයක් ගත කරන්න.

ජීවිතේ කොච්චර අලුත් වෙනවද කිව්වොත් රට ගියාට පස්සේ දෙන්නම වෙනස් වෙනවා. හැමදාම වගේ රණ්ඩු, ප්‍රශ්න. රෙහාන් ගෙ කාර්යබහුල ජීවිතයත් එක්ක තනිවෙන ෂයිනා, එයාල පදිංචි වෙලා ඉන්න ගෙදර අවතාරයක් දකින්නත් පටන් ගන්නවා. මේ කිසිම දෙයක් පිළිගන්නේ නැති රෙහාන් ෂයිනාගෙ ආදරය මග අරින්න පටන් ගද්දී ෂයිනාට ලං වෙන්නේ එයාගෙ හිටපු පෙම්වතා (ස්වාමිපුරුෂයා කිව්වොත් වඩා හරි) ආධිත්‍ය. ෂයිනා ආධිත්‍යව ප්‍රතික්ෂේප කරන්න උත්සහ කලත් කාලයත් එක්ක ආපහු ආධිත්‍යට ලං වෙන්නේ තමන්ටත් නොදැනීමයි.

ආධිත්‍ය අවතාර ගැන කියන කතා ෂයිනා එකෙන්ම පිළිගන්නවා. අන්තිමේදී මේ නිසා රෙහාන් එක්ක ගෙවන පවුල් ජීවිතයටත් කන කොකා හඬලන්න පටන් ගන්නවා. ෂයිනාට අවතාරය වැහිලා ජීවිතයම අපායක් වෙනවා. ෂයිනාට වැහෙන අවතාරය කාගේද? රෙහාන් ෂයිනාගේ ආදරය මග අරින්නේ ඇයි? රෙහාන් ෂයිනාගෙන් හංගන්නේ මොනාද? මේ ඔක්කොටම උත්තර කතාව ඇතුළෙම තියනවා.IMDb අගය 4.6 ක් වෙන මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikram Bhatt. Raaz 3 කලෙත් මෙයාම තමයි. ගායනයෙන් Arijit Singh, K.K, Palak Muchchal & Papon සහ Jubin Nautiyal දායක වෙනවා. Raaz Reboot චිත්‍රපටයේ මුළු වියදම ඉන්දියානු රුපියල් මිලියන 310ක් වෙනවා. මේ කතාවේ පොඩි පොඩි සිප්පි කෑලි සීන් දෙක තුනක් තියනවා. ඒවා ඉතිං වැඩිහිටියන්ට පමණයි කියන්නත් බෑ (අපි ගහලා තියන කප් වල හැටියට). ඒ නිසා මං මේක වැඩිහිටියන්ට පමණයි කියන්න නම් එච්චර කැමති නෑ. අර සිප්පි කෑලි තනි ඇහෙන් බලන්නකෝ.

හරි ඒ කතාවනේ. මෙන්න ස්තූති කතාව. මුලින්ම මං අපේ විමා සහෝට ස්තූතිවන්ත වෙනවා මට මේ උපසිරැසිය භාර දුන්නට. දෙවෙනියට මං ස්තූති වෙන්න කැමතියි සිසිල ප්‍රසාද් සහෝට. සිසිල තමයි මට WEB කොපිය වගේම ඉංග්‍රීසි උපසිරැසිය ගැනත් ආරංචිය දුන්නේ. අවසාන වශයෙන් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා පිටින් ඉඳන් මේ උපසිරැසිය හදන්න මාව උනන්දු කරපු හැම කෙනෙක්ටම. එහෙනම් කට්ටිය චිත්‍රපටය බලන්නකෝ. ඔයාලට උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න එක නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඒත් චිත්‍රපටයේ WEB කොපිය හොයාගන්න අමාරුයි කියලා හිතෙනවා නම් කරුණාකරලා මට FB මැසේජ් එකක් දාන්න. 

2016 දී තමයි මං බයිස්කෝප් පවුලට එකතු උනේ. ඉතිං අවුරුද්ද පුරාවට මම චිත්‍රපට 14කට උපසිරැසි හැදුවා. ඒ සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් යාළුවොත් අලුතින් ජීවිතයට එකතු උනා. චිත්‍රපට 14න් 12ක්ම 2016 දී එළියට ආපු ඒවා. අලුත් සාමාජිකයෙක් විදිහට දැවැන්ත චිත්‍රපට වලට උපසිරැසි කරන්න මට ඉඩ දුන්න එකටත්, මගේ වැඩ වල ගුණාත්මක බව ගැන විශ්වාසය තැබුව එකටත් බයිස්කෝප් ඇඩ්මින් එකට මම ස්තූතිවන්ත වෙනවා. 2017 කියන්නේ මගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙන අවුරුද්දක්. 2017 දී මං පිට රට ස්ථිර පදිංචියට යන්න උත්සහ කරනවා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් මට කරන්න වෙලා තියනවා. අහ්හ්.. කසාද බඳින්න කෙනෙක් හොයාගන්නත් ඕන. මොනා උනත් උපසිරැසි හදන එක පුළුවන් උපරිමයෙන් කරන් යන්න තමා බලාපොරොත්තුව.

එහෙනම් 15 වෙනි උපසිරැසිය අරං නැවත එන්නම්. හැමදෙනාටම ලබන්නාවූ අලුත් අවුරුද්ද සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන, ජයග්‍රහණය සහ සතුට රැඳෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Raaz Reboot (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.

8,152 downloadsDownload Raaz-Reboot-2016.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

8,152 downloadsDownload Subtitles47 KB

26 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Jack

    නියමයි මචෝ.
    මේවා ඉතින් අනිවා බලන ඒවානේ.
    බොහෝම ස්තුතියි සබට.
    ජයෙන් ජය..

  3. Lahirulg

    අපේ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව ඉන්නවා....බඳිනවනම් සෙට් කරලා දෙන්නම්..... :D සබ් එකට තැන්ක්ස් අයියේ....

    1. Chamikara Vidanage

      ෆොටෝ එකක් FB දාන්න. ලොල්. විහිලුවට කිව්වේ ඈ ;)

  4. Sudheera

    Thanks... and good luck bro

  5. yohan

    thanks machoo
    ane kauru hari #vikings akei #blacklist akei sub dennako

  6. Udara Damith B/K

    ABCE4B73497B881BF1E232795EB131B2014047F1 (4.5gb)

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  8. අසිත

    elama saho thanks

  9. maheshbabu

    thank's for sub and GOOD LUCK for your future,bro...........

  10. Chamara Priyadarshana Premasinghe

    thanx bro.aluth tamil film ekk karannako.good luck

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  12. sunimal

    Sub ekata thanks bro.....2017 siyaluma balaporottu itu wewa....anika...pita rata nwi agaharu wala padinchiyata giyath sub karamu... Api marenakal...me film pissuwen nam galawenna bari wai....jaya wewa.....

  13. asan

    සුබ අලුත් අවුරුද්දක් වේවා.!!! සිංහල උපසිරැසියට ගොඩක් ස්තුති සහෝ. නව වසරේ පටන් ගැනීමට බලාපොරොත්තු වන අලුත් ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...!

  14. kalana prabod

    Thanx saho sub ekata

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. sudarshana

    thank saho sube ekata ..film ekath supiri digatama sube danna.divi pihitai budusaranai..

  17. Manoj

    tnx saho sub 1ta

  18. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Nirodha uthpala

    Umba kohomada bn suba kale bayeathe ba film eaka angata vadune umbe supri sub eaka hinda keyala mataka teyaganna ela subata thx digatama demu obata jaya bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Amila Mudalige

    Sub ekta thanks saho

  22. ashan lankanath

    thanks .........................................................................................

  23. Wijitha

    Thank you very much bro. Thawath honda movie ekakata karapu sub ekak.

  24. Lakshan

    Subtitles not working

    1. Ravindu Heshan - Admin

      Dan Wada