“ධාවන පථයේ ඉන්න ඒ තප්පර දහය තුල, සුදුද කලුද කියල භේදයක් නැහැ, තියෙන්නෙ වේගය නැත්නම් මන්දගාමී බව විතරයි” 1930දී, ඔහිඕ ජනපද විශ්වවිද්‍යාලයට තේරී පත් වන ජෙසී ඔවන්ස් නැත්නම් අපේ කතා නායකය තමයි තමන්ගෙ පවුලෙන් පළවෙනියටම විශ්වවිද්‍යාලයකට යන්න වරම් ලබන්නෙ. මේ කාලෙ ඇමරිකාවෙ කළු සුදු භේදය තදටම පැවතුණු කාලයක්…

“ධාවන පථයේ ඉන්න ඒ තප්පර දහය තුල, සුදුද කලුද කියල භේදයක් නැහැ, තියෙන්නෙ වේගය නැත්නම් මන්දගාමී බව විතරයි”
1930දී, ඔහිඕ ජනපද විශ්වවිද්‍යාලයට තේරී පත් වන ජෙසී ඔවන්ස් නැත්නම් අපේ කතා නායකය තමයි තමන්ගෙ පවුලෙන් පළවෙනියටම විශ්වවිද්‍යාලයකට යන්න වරම් ලබන්නෙ. මේ කාලෙ ඇමරිකාවෙ කළු සුදු භේදය තදටම පැවතුණු කාලයක්. ඉතිං ජෙසීත් විශ්වවිද්‍යාලයට ගිය අලුත විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනව. කොහොමින් කොහොම හරි තරුණ ජෙසීගේ දිවීමේ හැකියාව දකින පුහුණුකරු ලැරී ස්නයිඩර් ජෙසීව ජවන හා පිටිය මළල ක්‍රීඩකයෙක් විදිහට පුහුණු වීම් වලට බඳවා ගන්නව. ලැරීගේ පුහුණුකරවීම යටතේ ජෙසී ජාතික මට්ටමේ වාර්තා කිහිපයක්ම තමන් සතු කරගනිමින් ඇමරිකාව තුල ජාතික මට්ටමෙන් පිළිගැනීමක්ද ලබාගන්නවා. ඒ අතර උණුසුම් වාද විවාද කිහිපයකටම පසුව ඇමරිකා එක්සත් ජනපදය, ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ පවතින ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වර්ජනය නොකර එයට සහභාගී වීමට තීරණය කරනවා. අවසානයේ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද එකල දැඩිව පැවති ජාතිවාදය පරදවාලමින් ජෙසී ඔවන්ස් බර්ලිනයට මෙන්ම සමස්ථ ලෝකයටම තමන් ලෝකයේ වේගවත්ම මිනිසා බව විවේචනයකින් තොරව ඔප්පු කර පෙන්වනවා.
“ජෙසී ඔවන්ස්” ලෙස සම්මාන ලාභී නළු Stephan James ගේද ඔහුගේ පුහුණුකරු ලැරී ස්නයිඩර් ලෙස සම්මාන ලාභී නළු Jason Sudeikis ගේද ජෙසීගේ බිරිඳ “රූත් සොලමන්” ලෙස Shanice Banton ගේද රංගනයන්ගෙන් වර්ණවත් වන මේ සලරුව සම්මාන ලාභී අධ්‍යක්ෂක Stephen Hopkins විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ IMDb දර්ශකයේ චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක් වූ සිනමා පටයක්. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කෙරුණු පැය 2යි මිනිත්තු 14ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2016 පෙබරවාරි 19 වන දින කැනඩාවේදී සහ ජර්මනියේදී එකවර ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක් වගේ ඉහල අගයක් මෙන්ම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 61%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
මට මේ සිනමාපටය භාර දුන්න හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
3,391 downloadsDownload Race-2016.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
24 comments
lahirulg
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !sasika konara
#tag oneeee
Chalana Rukshan
thnx bro.. menna link eka :- https://yts.ag/movie/race-2016
praneeth madu
tnx saho
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. බලන්නම උන්න ෆිල්ම් එකක්. ජය෴෴ :P :P
shave
ai saho hash tag den naththe
diyanki ban
Asitha
ela hode
thanks
denakm hityeAthula
Thank u very much Brother ................
Kulanjana Maduranga
niayamai…balanna ona filumak thama.elazz.thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති හසන්ත සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
dilranga
denakam balann hitiye thanks
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි උපසිරසට...
දිගටම මේ වගේ වටිනා චිත්‍රපටවලටත් උපසිරස දෙමු...චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. :-)
pramuk
thanx machoooooooo
indika
Thn Q...
සචින් මදුසංක
උපසිරැසියට ස්තුතියි!!
Pelé: Birth of a Legend මේ Film එකත් ගොඩක් හොද ෆිල්ම් එකක් RACE ෆිල්ම් එක වගේම...
උපසිරැසි දෙන්න කියල ඉල්ලා සිටිනවා පාපන්දු ලෝලීන් වෙනුවෙන්!!DK
Pelé: Birth of a Legend sub dennako
Chinthaka
Pelé: Birth of a Legend full movie sub natda
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
Dhanushka
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Wiki
බොහොම ස්තුතියි
තාරක ජයසිංහ
ෆිල්ම් නම් ෆිල්ම්... පට්ටම කතාවක්.. ඇත්තටම මේක ක්‍රීඩාව ගැනම විතරක් නෙමෙයි ඉන් එහා ගිය බොහෝ දේ ගැන කතා කරන පට්ටම ෆිල්ම් එකක්... තැන්කු සහෝ මේකට සබ් කරාට.... ජය වේවා.......!!!!!!!
sisira
මේ වගේ ෆිල්ම් වලට සබ් ලබාදීම අගය කරමි. තවාත් මෙවැනි නිර්මාණ සඳහා උපසිරසි ලබා දීමට ත් ඔබේ ජීවිතය සාර්ථක වීමටත් සුභ පතමි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx saho sab ekata.....