ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත රහස් පරීක්ෂකයා කවුද කියලා ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ. මොනවා අහනවද බාල මහලු හැමෝම දන්න සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු බේකර් වීදීයේ “ෂර්ලොක් හෝම්ස්” මහත්තයව නොදන්නේ කවුද නේද. අද මම කියන්න යන්නේ හෝම්ස් මහත්තයා ගැනනම් නෙමෙයි. ඒ ප්‍රබන්ධ රහස් පරීක්ෂක නවක…

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත රහස් පරීක්ෂකයා කවුද කියලා ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ. මොනවා අහනවද බාල මහලු හැමෝම දන්න සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු බේකර් වීදීයේ “ෂර්ලොක් හෝම්ස්” මහත්තයව නොදන්නේ කවුද නේද. අද මම කියන්න යන්නේ හෝම්ස් මහත්තයා ගැනනම් නෙමෙයි. ඒ ප්‍රබන්ධ රහස් පරීක්ෂක නවකතා අතරින් ෂර්ලොක් හෝම්ස් චරිතයට යම්තාක් දුරකට අභියෝග කරන්න සමත් උන තවත් දක්ෂ රහස් පරීක්ෂකයෙක් ගැනයි. ඔයාලා දැනටම දන්නවනේ ඒ කවුද කියලා. අභිරහස් නවකතා රැජිණ ලෙස විරුදාවලිය ලත් ඇගතා ක්‍රිස්ටි මහත්මිය නිර්මාණය කරපු “හර්කියුල් පොයිරෝ” චරිතය ඇසුරින් නිර්මිත අලුත්ම චිත්‍රපටය තමයි මම අද අරන් ආවේ. පොයිරෝ කියන්නෙත් අපේ හෝම්ස් වගේම තියුණු බුද්ධියකින් හෙබි අති දක්ෂයෙක්. ඇගතා මහත්මිය මේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් අභාෂයෙන් බවත් කියන්න ඕන. නමුත් හෝම්ස් සහ පොයිරෝ අතර සමානකම් මෙන්ම නොයෙක් වෙනස්කම් රාශියකුත් තියෙනවා.
හර්කියුල් පොයිරෝ කියන චරිතය මුලින්ම ජනයා අතරට එන්නේ 1920දී The Mysterious Affair at Styles කියන නවකතාවෙන්. පොයිරෝ උපත ලබන්නේ බෙල්ජියමේ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු බ්‍රසල්ස් නගරයේ පොලිස් සේවයට බැඳෙනවා. පොලිසීයෙන් විශ්‍රාම ගත්තට පස්සේ එංගලන්තයට සංක්‍රමණය වෙන පොයිරෝ රහස් පරීක්ෂකයෙක් විදියට ජිවීකාව ගෙවෙනවා. හෝම්ස්ගේ සහයට වොට්සන් හිටියා වගේ, පොයිරෝටත් සහයට හේස්ටින්ග් කියලා සගයෙක් ඉන්නවා. හැඩහුරුකම් වලට අනුව හෝම්ස් යනු අඩි 6කට වඩා උස, කෙට්ටු පුද්ගලයෙක් බවට තමයි සඳහන් වෙන්නේ. නමුත් පොයිරෝ ඊට හාත්පසින්ම වෙනස් අඩු 5කට මඳක් උස, බිත්තරයක් වැනි හිසක් සහිත, අලංකාර උඩු රැවුලකින් හෙබි කුඩා පුද්ගලයෙක් බවට තමයි නවකතාවල විස්තර කරලා තියෙන්නේ. අභිරහස් විසඳීමෙදීත් ෂර්ලොක් හෝම්ස්ට වසා හර්කියුල් පොයිරෝ ඉතා වෙනස් ක්‍රම තමයි අනුගනය කරන්නේ. හෝම්ස් විසින් අඩි සළකුනු, ඇසට නොපෙනනෙන ඉතා කුඩා සළකුනු, වැනි සාක්ෂි අගය කලත් පොයිරෝ ඒ ක්‍රමය මුලුමුනින්ම බැහැර කරනවා. ඔහුට අනුව අඩි සලකුනු ඉතාම නොවැදගත් දෙයක්. ඔහු විශ්වාස කරන්නේ මොළයේ තියෙන පුංචි අළුපාට සෛල විතරයි. ඒ වගේම යම් අභිරහසක අදාල සාක්ෂි විමසලා විසඳුම් මවා ගැනීමටත් පොයිරෝ අති දක්ෂයි.
ලිපිය වැඩිය දීර්ඝ නොකර මම චිත්‍රපටය ගැන සඳහන් කරලා ඉවර කරන්නම්. 2017දී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) ලෙස මෙනමින්ම අගතා ක්‍රිස්ටි රචනා කල නවකතාව ඇසුරින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Kenneth Brangh විසින්මයි. එම චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය නිසා ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා කියලා ආරංචි පැතිරුනා. ඉතිං ඒ නිර්මාණය පසුගිය පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරලා ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නත් සමත් උනා.
සුපුරුදු ලෙසම මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතයත් Kenneth Brangh විසින්ම රඟ දක්වනවා. ඊට අමතරව වොන්ඩර් වුමන් නැත්නම් සුරූපී Gal Gadot සමඟ Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේ නිර්මාණයට සම්බන්ධ වෙලා තියෙනවා. Mystery කාණ්ඩය යටතේ නිකුත් උන මෙය දැනට IMDb 6.5ක අගයක් ලබා ගන්නත් හැකි වෙලා තියෙනවා. ෆිල්ම් එකේ හොඳ පිටපතක් නිකුත් වෙලත් උපසිරසි දෙන්න පරක්කු උනේ වර්තමානයේ දිනපතා සිදුවන විදුලිය විසන්ධි කිරීම් වලට පිං සිද්ධ වෙන්න තමයි. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න චාමර සම්පත් සහෝට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. කතාව ගැන මම මුකුත්ම කියන්නේ නෑ. එහෙනම් ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක ඉපැරණි ඊජිප්තුවේ ලොව දිගම ගංගාවේ ගමන් කරන නැවක සිද්ධ උන අභිරහස් මරණය විසඳන්න එකතු වෙන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,464 downloadsDownload Death-on-the-Nile-2022.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2022
- #Ali Fazal
- #Annette Bening
- #Armie Hammer
- #Dawn French
- #Emma Mackey
- #Gal Gadot
- #Jennifer Saunders
- #Kenneth Branagh
- #Letitia Wright
- #Rose Leslie
- #Russell Brand
- #sinhala
- #Sinhala Subtitle
- #Sophie Okonedo
- #Sub
- #subtitle subtitle
- #Tom Bateman
- #You Decide
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
51 comments
nish47
Anonymous
Thank you
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Vihanga
Download karanna berida film eka
යුරාන් ධනුක (දනුවා)
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ තියෙනවා සහෝ
ishan
link eka ewannako bokka plzz
Sadeepa amod
moonfall ekt sub denn puluwnd
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
lakshan
thanks ..........................
Anonymous
අම්මෝහ්හ් බලන් හිටිය කල්
තෑන්ක්ස් සහෝdasun
thanks
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑම්ක්ස් බොම්ක ❤️
Lakshansilva18
thanks for sub
Anonymous
Nice
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Anonymous
thanks bro
Anonymous
deep water
Moonfall film walath sub demuChoka
thank you
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Udara Damith
kora
Anonymous
Thanks Brother
indika 75
thanks..
sahangayantha
thanks a lot saho sub ekata
Lakshan Gunawardhana
thank you!
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ruchira
Supiri film ekak athtma mn agatha Kristige fan kenk kalayak tiise hithuwa me mystery movie wlta sinhala sub tybbnam kuyala thnks brother me film ekta sub eka genwata puluwan thawath agatha kristige poth assrayen hadila tyna films tikkata sub denna kassnata sub ekt krla tybba mahsniwela godk pin wagema thanks digtma sub demu.. ❤️❤️
janak satharasinghe
ubala kerena kapewemeta kiyanne wachene na.sub set eketema jaye wewa.
Anonymous
Many thanks for sub
Udaya Fdo
Thank you
Bruce
Thanks sub ekata,. Jayawewa
අසේල
බොහොම ස්තූතියි මහත්මයා සිංහල උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන්
Anonymous
ඩිරෙක්ට් ලින්ක් තාම දාලා නෑ නේද...බොහොම ස්තුති සබට...ජය බයිස්කෝප්
nithin
muchas graciaz hermano...
Gihan
Thanks for Subtitles.........Good Luck
Dewadithya
Thanks for Sub!
thusitha
Thanks brother .❤️
Malith samarawickrama
Thanks yuran saho sub ekata.
Lahiru Lakshan
thanks machn....
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
supun
tz sub ekata.
Danush
Thank you for the sub!!
nipun
Thanks for the Sub bro / Primal fear (1996) Sub eka denavada
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
syd
impuratus 2022 සබ් දෙන්න පුලුවන්ද සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks......
Dineth Kanishka
ස්තුතියි උපසිරසට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro..
Supiri movie ekak