Watch Trailer

Raging Phoenix (2009) with Sinhala Subtitles | “ජීවිතය විඳින්න මිස විඳවන්න නෙමෙයි” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ තායි ෆිල්ම් එකක්.මම තනිකරම ක්‍රියාදාම චිත්‍රපටියක් උපසිරැසි ගන්වපු පළමු අවස්තාව මේක. වෙනදට මම කරන්නෙ එක්කො ඇනියක් නැත්නම් විද්‍යා ප්‍රබන්ධයක්. මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ මගේ යාලුවෙක්. එයාගෙ ඉල්ලීම නිසා තමයි මම මේක කරන්න ගත්තේ.සබ් එක කරන්න අරන් බැලුවාම මේක සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඇත…

Raging Phoenix (2009)

මේ පාර ගෙනාවේ තායි ෆිල්ම් එකක්.මම තනිකරම ක්‍රියාදාම චිත්‍රපටියක් උපසිරැසි ගන්වපු පළමු අවස්තාව මේක. වෙනදට මම කරන්නෙ එක්කො ඇනියක් නැත්නම් විද්‍යා ප්‍රබන්ධයක්. මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ මගේ යාලුවෙක්. එයාගෙ ඉල්ලීම නිසා තමයි මම මේක කරන්න ගත්තේ.සබ් එක කරන්න අරන් බැලුවාම මේක සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඇතිවෙන්න සටන් තියෙනවා.එක හුස්මට බලන්න පුළුවන්.ඒ වගේම ලස්සන කතාවක්. මේකෙ ප්‍රධාන චරිතෙට පණ පොවන Jeeja Yanin(ඩියූ) Chocolate චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් රඟපෑවා ඔයාලට මතක ඇති.මේක එයාගෙ දෙවෙනි චිත්‍රපටිය. IMDB අගය 6.2ක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඩියූ කියන්නෙ තනියම ජීවත් වෙන කෙල්ලෙක්.එයාගෙ තාත්තා මැරිලා අම්මා විදෙස්ගත වෙලා.මෙයා බෑන්ඩ් එකක සෙල්ලම් කරනවා.හැමෝගෙන්ම මෙයාට වෙන්නෙ අසාධාරණකම්. හරි යාළුවෙක් මෙයාට නෑ. මෙයාව බෑන්ඩ් එකෙනුත් අස් කරනවා.ජගුවර් කණ්ඩායම කියලා සෙට් එකක් ඉන්නවා එයාලා කෙල්ලන්ව පැහැරගෙන යනවා.ඔයාලා අහලා ඇති අපේ ශරීර වල නිපදෙවනවා ස්වභාවිකවම ෆෙරෝමෝන් කියලා රසායන ද්‍රව්‍යයක්.අර ජගුවර් කණ්ඩායම කෙල්ලන්ව පැහැරගෙන ගිහින් ඒ රසායන ද්‍රව්‍ය එයාලගෙ ශරීර වලින් අරගෙන විශේෂ සුවඳ විලවුන් වර්ගයක් හදනවා.ඒක ලොකු ගාණකට අලෙවි කරන්න පුළුවන්. ඒ පර්ෆියුම් එකෙන් කරන්නෙ මොකක්ද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්නකෝ.ඉතින් ඩියූවත් ඒ විදිහට පැහැරගන්නවා.ඒත් එයාව බේරගන්නවා සනීම් කියලා කෙනෙක්.

සනීම්ගෙ බිරිඳවත්(බිරිඳ කිව්වට එයාලා බැඳලා නෑ.ඒත් බඳින්න ගියා) පැහැරගෙන ගිහින්. ඩියූ හිතනවා එයාට හොඳ යාළුවො ලැබුනා කියලා. ඉතින් ඩියූයි,සනීමුයි එයාගෙ යාළුවොයි එකතු වෙලා සනීම්ගෙ බිරිඳව බේරගන්න වගේම ජගුවර් කණ්ඩායමේ වැරදි වැඩ නවත්තන්න සටන් වදිනවා. ඉතින් ඩියූට මේ හම්බෙලා ඉන්නෙ ඇත්තටම යාළුවොද? නැත්නම් එයාලත් ඩියූව රවට්ටයිද?ජගුවර් කණ්ඩායමට විරුද්ධව මෙයාලා කරන සටන දිනන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලම බලන්නකෝ.

ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙනවා ”Meyraiyuth” කියලා සටන් කලාවක්. ඒ සටන් කලාවෙ හදවත එහෙම නැත්නම් මූලික දේතමයි වේදනාව. කෙනෙක් වේදනා විඳින්න විඳින්න එයා මත්පැන් වලට ඇබ්බැහි වෙනවා.ඇල්කොහොල් වලින් ඇඟට කෙසේ වෙතත් හිතට අමුතු හයියක් එනවලු.අනේ මන්දා ඉතින් මම නම් ඕවා දන්නෙ නෑ.
ෆිල්ම් එකේ නම් එහෙම කියනවා.ඉතින් Meyraiyuth සටන් කලාවෙන් කරන්නෙ ඒ හිතට එන හයිය ඇඟට අරන් දෙන එක. ඒ කිව්වෙ ඒ සටන් කලාවෙන් ගහගන්නවා නම් ඇතිවෙන්න බීලා තියෙන්න ඕනි. මම දන්න තරමින් නම් ඒක ෆිල්ම් එකේ එන ප්‍රබන්ධ සටන් කලාවක් විතරයි. ඇත්ත එකක් වුනොත් අපේ අය කොහෙන් නවතියිද දන්නෙ නෑ.

ඉතින් වෙනද වගේම ඔයාලගෙ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.ආයෙත් බොහෝවිට ස්කුබි ඩූ ෆිල්ම් එකකින් හමුවෙනකම්(උසස්පෙළ ප්‍රතිපල හොඳ තත්වෙක තිබුනොත්) ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් ජය!

Raging Phoenix (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Raging Phoenix.2009.720p.BluRay.x264-AVCHD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,285 downloadsDownload Raging-Phoenix-2009.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,285 downloadsDownload Subtitles19 KB

26 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය...

  3. Susitha

    Seeds teyanna torrent ekak nha bro.ma film eka.pulwan nam link ekak plz

  4. Dulanga

    Thanks

  5. ruchira sineth

    ela h

  6. Zeal

    Ela Ela... Enakam download karan tiyan hitiye..

  7. Sohan jayasooriya

    Torrentking site eke 1gb torrent ekak tynawa..

  8. pasindu

    නියමයි සහෝ..................දිගටම සබ් දෙන්න.............!

  9. Web-බුවා

    මේ film එක හොඳයි. මං බලලා තියේ. ආයෙත් බලන්න ආසයි lol. ඒත් 6.5 GB වගේ copy එකකට මේක වටින් නෑ.

    ජය! :)

  10. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  11. Sohan jayasooriya

    Me dila tiyena copy eka loku wedi aya torrentking website eken hari torrentbutler site eken hari ganna eke tyenawa 1gb copiyak dual audio ekak..e copiyatath me dila tiyena sub eka galapenawa..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. අසිත

    mekata sab illa illa hituye
    thanks

  14. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  15. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  16. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. praneeth madu

    බොහොම ස්තුතියි

  19. ravindu

    sub ekat tanx.2017 awruda jayen jayama vewa!!!!!

  20. Taukanna Deyyo

    Me m\ona huyannakda?

  21. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ...ජය වේවා.

  22. Chamith Janaka

    Thank you machan

  23. Indrajith

    Thanks for the subtitles

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  25. snuwanthika

    බොහොම ස්තුතියි

  26. Rukshan37

    Ela