එලිස් කියන්නේ කුඩා කාලයේ ඉදන් එකට තමන්ගේ පවුල එක්ක හැදී වැඩි දැන් වෙන වෙන තැන්වල ජීවත් වෙන අය. වැඩිමලා තමයි කේට්. එයාට නම් දුවෙකුත් ඉන්නවා. හැබැයි මහත්තයා නම් නෑ. මක් වෙලාද කියලා නම් දන්නේ නෑ. මොකද සදහනක් නෑ. දුවගේ නම හෙයිලි. කේට්ට හරිහමන් රැකියාවක් නැති නිසා එයාගේ දුව එයා එක්ක ඉන්න කැමති නෑ. ගොඩක්…

එලිස් කියන්නේ කුඩා කාලයේ ඉදන් එකට තමන්ගේ පවුල එක්ක හැදී වැඩි දැන් වෙන වෙන තැන්වල ජීවත් වෙන අය. වැඩිමලා තමයි කේට්. එයාට නම් දුවෙකුත් ඉන්නවා. හැබැයි මහත්තයා නම් නෑ. මක් වෙලාද කියලා නම් දන්නේ නෑ. මොකද සදහනක් නෑ. දුවගේ නම හෙයිලි. කේට්ට හරිහමන් රැකියාවක් නැති නිසා එයාගේ දුව එයා එක්ක ඉන්න කැමති නෑ. ගොඩක් දුරට ඉතින් හෙයිලි නැවතිලා ඉන්නේ එයාගේ යාළුවෙක්ගේ ගෙදර. කේට්ට හැකියාව තියෙන්නේ රූපලාවන්ය පැත්තෙන්. හැබැයි ඉතින් බියුටිය කචල් කරලා තමයි යවන්නේ. අනික් කෙනා මෞරා. එයා නම් හෙදියක් හැටියට වැඩ කරනවා. දවසක් මෞරාට එයාගේ අම්මයි තාත්තයි කතා කරලා කියනවා එයාලා පොඩි කාලේදී හැදුනු වැදුණු ගෙදර විකුණනවා එයාලාගේ කාමරේ හදලා තියෙන අලි හිල වහන්න කියලා. අම්මයි තාත්තායි මේ ගැන කේට්ට කියලා නෑ. ඒ නිසා ඒ වැඩේ පැවරෙන්නේත් මෞරාට. මේ අතරවාරෙත් හෙයිලි ආපහු කේට්ව දාලා යනවා. මං මුලදී කිව්වට කේට්ට රස්සාවක් නෑ කියාලා. ඒ වගේම තමයි ගෙදරකුත් නෑ. දැන් ඉතින් කේට් වගේම මෞරා ඔර්ලෑන්ඩො යනවා එයාලගේ ගෙදරට. මේ යද්දී ගෙදර තිබුණු හැම බඩු මුට්ටුවක්ම ඒ තිබුණු තැන්වල නෑ. සමහර ඒවා විකුණලා. සමහර ඒවා විකුණන්න බඩු පැක් කරලා. මේ දෙන්නගේ කාමරේ නම් බඩු තිබුණු තැන්වලමයි. පස්සේ මේ දෙන්නා තීරණය කරනවා මේ වතාවෙත් දීපව්යාප්ත එලිස් සාදය තියන්න. ඔව් ඒ කියන්නේ කලින් වාර වලදීත් තියලා තියෙනවා. මේ සාදයට ආරාධනා කරන්නේ හරිම අමුතු කට්ටියකට. බැලුවහම තේරෙයි ඇයි කියලා. හැබැයි මේ ගැන ඒ දෙන්නගේ අම්මයි තාත්තායි නම් දන්නේ නෑ. කොටින්ම හෙයිලි දන්නෙත් නෑ. අනික හෙයිලි යාළුවෙක්ගේ ගෙදර ඉන්නවා කියල මෙච්චර කාලයක් මෞරාගේ ගෙදර හිටියා කියලා කේට් දැනගන්නෙත් නෑ කතාවේ අවසනය වෙනකං. එතකොට මේ පාටිය තියනවා කියලා එයාගේ අම්මයි තාත්තායි දැනගත්තම මොනවයින් මොනවා වෙයිද?
Jason Moore අධ්යක්ෂණය කරලා 2015 නත්තල් සමයේ, හරියටම කියනවනම් 2015 දෙසැම්බර් 18 වැනිදා එළිදැක්වූ චිත්රපටයක් තමයි මේක. මේ අවුරුද්දේ නත්තලට දෙන්න හිටියත් දෙන්න බැරි වුණා අඩවිය ක්රමවත්ව වැඩ නොකරපු නිසා. :/ IMDb දර්ශකයේ 6.0/10ක අගයක් ලැබිලා තියෙනවා. තනිකරම Comedy ගණයට අයත්වෙන මෙම චිත්රපටය පැය දෙකකුත් විනාඩි තුනකුත් පුරාවටම ධාවනය වෙනවා. විශේෂයෙන්ම මේකේ රංගනයෙන් දායක වන අය ගැන කිව්වොත්, “Tina Fey, Amy Poehler, John Cena, Ike Barinholtz” වගේ ගොඩක් ප්රසිද්ධ චිත්රපට වලට දායක වූ නළු නිලියන් කැලක් තමයි මේකට රණගන්යෙන් දායක වෙන්නේ.
නත්තල පහු වුනාට කමක් නැහැ හාස්ය චිත්රපට වලට ආස කෙනෙක් නම් මේක අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක බැලුවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ. මතක ඇතිව “UNRATED BluRay” පිටපතක් ලබාගන්න මොකද. මේ පිටපතේ වැඩිපුර විනාඩි කිහිපයක් අන්තර්ගත වෙනවා.
ගිහින් එන්නම්. ජය!!!
ගැලපෙන පිටපත්
Sisters 2015 UNRATED 720p BluRay 909 MB iExTV
Sisters 2015 UNRATED BRRip XviD AC3-EVO
Sisters (2015) UNRATED 720p BRRip 1GB – MkvCage
Sisters 2015 UNRATED HDRip XviD AC3-EVO
Sisters 2015 UNRATED 1080p BluRay x264-DRONES
Sisters 2015 UNRATED BRRip XviD AC3-iFT
Sisters 2015 UNRATED 1080p BluRay H264 AAC-RARBG
Sisters 2015 UNRATED 480p x264-mSD
Sisters 2015 UNRATED AAC MP4-Mobile
Sisters.2015 UNRATED BluRay 720p Ganool
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,081 downloadsDownload Sisters.2015.Baiscopelk.com_.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
15 comments
Kantha_DLA
නවින් නිසල්
☆☆☆සබ් එකට ස්තුතියි . ලිපියේ විදියට නම් ෆිල්ම් එක හොදයි වගේ !!ඩව්න්ලෝඩ් කරන්න ඕනා !!☆☆☆
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහොම ස්තුතියි
Rumesh Nilantha Jayaweera.
thank for sub niya film ekak
Buddhi Hasanka
thanks for sub bro.
අසිත
meka paata wage
elama saho thanksKalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekta thnks saho
Dasitha147
bohoma sthuthie saho upasirasiyata! obata jaya!
Ishara_sw
බොහොම ස්තූතියි .......බ්රෝ.....දිගටම කරගෙන යමු ..
....❤️❤️HummerDanu
THANKS BRO
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
අපගේ මෙම ජනප්රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්රණාමය........!