1995 අවුරුද්දේ ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ගීත මාලාවක් තියෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Dil, Beta, Ishq, Mann, Aashiq, Rishtey, Masti චිත්‍රපටි මාලාව, Thank God, Total Dhamaal වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ මදුරි ඩික්සිත්, සන්ජේ කපූර්, පරේශ් රාව…

1995 අවුරුද්දේ ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ගීත මාලාවක් තියෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Dil, Beta, Ishq, Mann, Aashiq, Rishtey, Masti චිත්‍රපටි මාලාව, Thank God, Total Dhamaal වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ මදුරි ඩික්සිත්, සන්ජේ කපූර්, පරේශ් රාවල්, මුකේශ් කන්නා, දිලිප් ටහිල් සහ හිමානි ශිව්පූරි. මේ රංගනය වෙනුවෙන් මදුරි හට Screen සම්මාන උලෙලේ හොඳම නිලියට හිමි සම්මානයද, පරේශ් රාවල් හට හොඳම සහය නලුවාට හිමි සම්මානයද හිමි වුනා.. ඒ වගේම 41 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ සම්මාන රැසකටද නිර්දේශ වුනා.

සංගීත අධ්‍යක්ශනය කරන්නේ නදීම් සහ ශ්‍රවන්. ගීත රචනය සමීර්ගෙන්. “Akhiyaan Milaoon Kabhi”, “Kisi Din Banoongi Main Raja”, “Nazrein Mili Dil Dhadka”, “Phool Mangoo Naa Bahaar” වගේ බොහොම ජනප්‍රිය ගීත රැසක්ම මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා. මෙම ඇල්බමය 1995 වසරේ දෙවෙනි වැඩිම ආදායම් ලැබූ ගීත ඇල්බමය බවට පත් වුනා. ගීත ගායනයෙන් උදිත් නාරායන්, අල්කා යාග්නික් සහ
රූප් කුමාර් රාතෝඩ් දායක වෙනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි, රාජා සහ මදූ කියන්නේ පොඩි ළමයි දෙන්නෙක්. එයාලගෙ සහෝදරයෝ හොඳ යාලුවෝ. මේ දෙන්නා පොඩි කාලෙදිම ඒ දෙන්නගේ විවාහය තීන්දු කරනවා. ඒත් රාජාගේ අයියට අයිති ෆැක්ටරියක ඇති වෙන ගින්නක් නිසා ව්‍යාපාර ඔක්කොම බිඳ වැටිලා බංකොලොත් වෙනවා. ඒත් එක්කම මදූගේ අයියා මේ විවාහය නවතා දමනවා. එයින් උමතු බවට පත් වෙන රාජාගේ අයියා අනතුරකට පත් වෙනවා. නගරයෙන් පිටත ඔවුන් ජීවත් වෙනවා.

අවුරුදු 13කට පස්සේ අහම්බයෙන් මුන ගැහෙන රාජා සහ මදූ ආදරය කරන්නට පටන් ගන්නවා. මදූ තමයි රාජාව තමන්ගේ පොඩි කාලේ යාලුවා කියලා මුලින්ම අඳුන ගන්නේ. ඒත් මදූගේ අයියා රාජාට කැමති වෙන්නේ නෑ. ඉතින් මේ දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම මුන ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම YOUTUBE පිටපත් සඳහා වලංගු වේ.

1,434 downloadsDownload Raja-1995.zip5.4 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,434 downloadsDownload Subtitles5.4 MB

13 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය....
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි. කාලයක් තිස්සේ උපසිරැසි සමඟ බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක්.

    හැකි අයුරින් දිගටම 90 දශකයේ හින්දි චිත්‍රපට දෙන්න.

  3. Lasantharathnasirirox

    බොහෝම ස්තුති මුතු නංගියෝ සිංහල උපසිරැසියට..ජයවෙවා...!!

  4. Anonymous

    thanks akke

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Shehan

    Raja hindustani film eka dannako

  7. Anonymous

    පරන ෆිල්ම් බලන්න ආසයි ඒවුනට කොපිය කොලිටි නැහැනෙ,කොහොමවුනත් තැන්ක්ස් සිස්

  8. Neo

    Thanks sister
    Keep going

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. samith thilina

    100 wathawak vithara balala thiyenawa film eka. mara lassanai. sindu tika marama lassanai. me kale aapu film wala sindu marama lsaanai. dan subs ekka aayeth balanawa.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. GihanC

    patta show eka maaara song tikak tienne okkoma super song