කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම…

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ මුල් කාර්තුවේදී. ඒ කාලෙ ඉදලා කීප වතාවක් මම බයිස්කොප් වෙබ් අඩවියට පිවිසිලා මේ සිනමාපටයට උපරැසි බාගන්න හැදුවත් මේකෙ සබ් එක බයිස්කොප් වෙබ් අඩවියේ තිබුනෙ නෑ. ඉතිං ඒ නිසාමය “ THE HOUSE ” කියන මේ සිනමාපටයට මම උපරැසි ගන්වන්න හිතුවෙ.කොහොම නමුත් කියන්න ඕනා අපි සිනමාපට සිංහල උපසිරැසි එක්ක රහ කර කර බැළුවත් මේකට සබ් කරන්න ගත්තම තමයි මට තේරුම් ගියේ මේක හිතන තරම් ලේසි නෑ කියලා. ඒත් වැඩේ කරන්න තිබුණ ආසාව නිසාම මට මේක නවත්තලා දාන්නනම් කිසිම වෙලාවක හිතුනෙ නෑ. හරි ඒවා දැන් ඇති. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේක “ Stop Motion Animation ” ඛාණ්ඩයට අයත් වන සිනමාපටයක්.ඒවගේම මේ සිනමාපටය නිකුත්වෙලා තියෙන්නේ 2022 ජනවාරි මස 14 වනදා “ Netflix ” ඔස්සේ.Fantasy, Horror සහ Thriller ගනයට අයත් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paloma Baeza, Emma De Swael ඇතුළුව තවත් අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ගේ අතින්.කොහොම නමුත් කියන්න උවමනා වැදගත්ම කාරණේ තමයි මේ ෆිල්ම් එක එකම කතා තේමාවක් ඔස්සේ ගලා නොයන එකිනෙකට වෙනස් කතා ත්රිත්වයක් අඩංගු සලරුවක්. ගොඩදෙනෙක් දන්න විදියට කියුවොත් මේක “ Anthology ” වර්ගයේ සිනමාපටයක්. ඔයාලා “ Sin City, Lust Stories, Wild Tales, Amores Perros ” වගේ සිනමාපට රසවිදලා තියෙනවනම් මේ ගැන හොදින්ම දන්නවා ඇති.මේක හඩ දායකත්වයෙන් “ Mia Goth ( Pearl, X, ), Matthew Goode ( The Imitation Game, Wachmen, The King’s Man) ඇතුවව තවත් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා.අපි කව්රුත් දන්න IMDB මීටරෙන් මේ සිනමාපටයට 6.8/10 අගයක් ලැබිලා තියෙනවා.රේටින් ටිකක් අඩුයි තමා.එහෙමයි කියලා මේක අත අරින්න එපා.මොකද මේ සිනමාපටය අපේ ජීවිත වලට වටානා පාඩමක් කියා දෙන අපූරු සිනමා සිත්තමක්.
කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාව Spoil වෙන්න පුළුවන් නිසා.කෙටියෙන් සාරාංශ කරලා ඒ ගැන කියුවොත් මේ සිනමාපටයේ තියෙන කතා ත්රීත්වයටම මුල් වෙන්නෙ මිනිස් සංහතියේම හිසට සහන සැලසූ නිවස පිළිබදවයි. අපේම හිසට සහනයක් සැලසූ නිවස අපේම ජීවිත වලට කෙසේ බලපෑම් කරයාද? ඒකට උත්තර හොයන්න ඔයාලා මේක බැලිය යුතුමයි..
ඉතිං ඒ වගේම කියන්න ඕන මේ උපසිරැසි ගැන්වීමේ තියෙන අඩුපාඩු හොද නරක හැම දෙයක්ම පහත කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා හොදේ. ඒක මට ලොකු උදව්වක් වෙයි ඊළග උපසිරැසිය තවත් හොදින් සිදුකරන්න.එහෙනම් ඉතිං තවත් සිනමාපටයකින් හමුවීමේ බලාපොරොත්තවෙන් දැනට මම සමුගන්නම්.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත
2,772 downloadsDownload The.House_.2022.zip3.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
17 comments
Kantha_DLA
Anonymous
ස්තූතියි
හිෂාන්
පළමුවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා සහෝ...! දිගටම Baiscopelk එක්ක ඉමු...! :mrgreen: ❤
Rwquests;
Mindcage (2022 ‧ Mystery ‧ 1h 36m)
Color Out of Space ([NC16] 2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m)Anonymous
ලබා දෙන්න උත්සහ කරන්නම් සහෝදරයා
lakmal
great work both
wish you for further successlakmal
great work bro
wish you for further successAnonymous
Thank you
Buddhika Lakmal (laKMal)
පළවෙනි උපසිරැසියට සුබපැතුම් කසුන් සහෝ... ඉස්සරහටත් බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා සිහංහල උපසිරැසි ගෙන ඒමට කාලය ලැබේවා.. කරන කියන සියලුම කටයුතු සාර්තක වේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
ස්තූතියි
Bimsara Yashan(ඔලිව)
පලවෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත මධුෂාන්
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් කසුන් සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම සබ් කරමු. :)
ජය! ✌Anonymous
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
1 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ගොඩක්ම ස්තූතියි කසුන් සොයුර....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!