ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. බාර අරන් නම් මාස ගානක් වෙනවා, ඒත් ඔන්න ඉවර කර ගන්න පුලුවන් උනේ දැන් තමයි. ඉතින් මන් මේ පාර ගෙනාවෙත් ලස්සනම ලස්සන ආදර කතාවක්. 1996 වර්ෂයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.1 වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mela, Dhadkan, Haan Maine Bhi Pyaa…
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. බාර අරන් නම් මාස ගානක් වෙනවා, ඒත් ඔන්න ඉවර කර ගන්න පුලුවන් උනේ දැන් තමයි. ඉතින් මන් මේ පාර ගෙනාවෙත් ලස්සනම ලස්සන ආදර කතාවක්. 1996 වර්ෂයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.1 වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mela, Dhadkan, Haan Maine Bhi Pyaar Kiya Hai වැනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Dharmesh Darshan විසින්. මේ චිත්‍රපටිය 1965 වසරේ තිරගත වූ Jab Jab Phool Khile චිත්‍රපටියේ නැවත නිශ්පාදනයක්. ඒ වගේම 1996 වසරෙ වැඩිම ආදායමක් ලබා ගන්නෙත් මේ චිත්‍රපටියම තමයි.
රංගනයෙන් දායක වෙන්නෙ අමීර් කාන් සහ කරිශ්මා කපූර් (මේ චරිතය සඳහා මුලින්ම අයිශ්වර්‍යා රායි නිර්දේශ උනත් එයාගෙ අධ්‍යාපන කටයුතු නිසා බාරගෙන නැහැලු. ඊටත් පස්සෙ දීල තියෙන්නෙ ජුහී චව්ලාට. එයත් කොහොම හරි බැහැ කියල ඊට පස්සෙ තමයි කරිශ්මට ලැබිල තියෙන්නෙ.) මේ චරිතෙ නිසා කරිශ්මාට හොඳම නිළියට හිමි Filmfare සම්මානයද හිමි උනා. ඒ වගේම අමීර් කාන්ටද හොඳම නලුවාට හිමි Filmfare සම්මානය හිමි උනා (මේ ඔහුගේ පලවෙනි සම්මානයයි).
මෙහි සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Nadeem-Shravan විසින්. ලස්සනම ලස්සන සිංදු 8ක් ම මෙහි තියෙනවා. හැබැයි ඒ සිංදු වලින් 4කට විතරයි සබ් නම් තියෙන්නෙ. ගීත ගායනා කරන්නෙ Alka Yagnik, Kumar Sanu, Udit Narayan, Sapna Awasthi, Alisha Chinai, Sapna Mukherjee සහ Suresh Wadkar. මෙහි එන Pardesi Pardesi ගීතය වෙනුවෙන් Udit Narayanට හොඳම ගායනයට හිමි Filmfare සම්මානයද හිමි උනා.
කතාව ගැන කියනව නම්, රාජා හින්දුස්තානි කියන්නෙ පාලන්කේට් වල ඉන්න අහිංසකම අමුතුම විදිහෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්, සංචාරක මග පෙන්වන්නෙක්. දවසක් එයාට එයාර්පෝර්ට් එකේ ඉඳන් හයර් එකක් ලැබෙනවා ලස්සන ගෑනු ලමයෙක්ව එක්කගෙන යන්න පාලන්කේට් වලට. ඒ තමයි ආරතී. ආරතී මේ ගමට එන්නෙ එයාගෙ ආරක්ශකයො දෙන්නත් එක්ක. ආරතී කියන්නෙ ගොඩක්ම පෝසත් පවුලක කෙනෙක්. පොඩි කාලෙම අම්ම නැති වෙලා කුඩම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්නෙ. එයාල වෙන් කරපු හෝටලේ ඉඩ නැති නිසා රාජා එයාලව එක්කගෙන යනවා රාජාගෙ ගෙදරට. ආරතීව පාලන්කේට් වල ඇවිදින්න එක්කන් යන්නෙ රාජා තමයි. මේ අතරෙ ආරතී රාජාට ආදරේ කරන්න පටන් ගන්නවා.
ආරතීගෙ තාත්තා එනව ආරතීව ආපහු එක්ක ගෙන යන්න ආවම දැන ගන්නව මේ දෙන්නගෙ ආදර කතාව. ආරතීගෙ තාත්තා මේ කසාදෙට කැමති වෙනව හැබැයි කොන්දේසියකුත් දාල. ඒ තමයි රාජා ආරතීගෙ ගෙදර ගිහිල්ල එයාලගෙ සමාජෙට ගැලපෙන විදිහට හැඩ ගැහෙන්න ඕනෙ කියන එක. රාජා ඒකට කැමති වෙන්නෙ නෑ ආරතීට තීරනයක් ගන්න කියනවා. ආරතී තමන්ගෙ ආදරේ අතාරින්න කැමති වෙන්නෙ නෑ. ආරතී රාජා එක්ක නවතින අතරෙ ආරතීගෙ තාත්තා යනවා. ඉතින් මේ දෙන්නා කසාද බඳිනවා. ඊට පස්සෙ හිතපු නැති විදිහට තව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සෙ වෙන ටික නම් මම කියන්න යන්නෙ නෑ.
ඉතින් මේ ලස්සන කතාව බලන අතරෙ කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියන ගමන් අපිත් යනවා, ආයෙත් උපසිරැසියකින් හම්බ වෙමු. ඒස්වාඃ පොහ්ඃ !!!
2E023E5AAD1C1B598BA5A9BC18769EA653B0D831 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,435 downloadsDownload Raja-Hindustani-1996.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
23 comments
සුරනනදන
Udaya Saman
thanx sab ekata.aniwaa download karanawa danma.parana ekakne aniwa balanna oni ekak.thanx.puluwannam thawa parana hindi tikak karamu
Kalum Gunasekara
බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks DAHARa SIS..sub ekata..digatama sub demu.jaya wewa……
Suu
thank u
විමා
බොහොම ස්තුතියි උපසිරසට දහරා
ජය!kavinda
අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි අමා...........
ඉස්සරහටත් මේ වගේ නිර්මාණ ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා.ras
thank you so much
prasha
tnx
jason
thanks alot
''ස්වර්ණමය උපසිරසියක්" කළ ඔබට ස්තුතියි!
තිලිණ නදීෂාන්
බොහෝම ස්තුතියි සහෝ .... ඔයාට පුලුවන්නම් ta ra rum pum හින්දි ෆිලුමෙ sub දෙන්නකො ..... ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි මුතු අමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
නියමයිනේ.
බොහෝම ස්තුතියි නගෝ උපසිරැයට.
ජය.Tharindu
tnx halo
Kidnap hindi film 1th sub dannako
Nuwan
එල එල... මම බලපු film එකක්. මම අවුරුදු 8දි බැලුවෙ. එත් තව බැලුවත් එපා වෙන්නැ... හැබැයි අනිත් සින්දු වල සබ තිබිබනමි හෝදා...
Sukiribatta
මම ඉපදිලා අවුරැද්දකින් මේක තිරගත වෙලා තියෙන්නෙ.අහම්බෙන් මේකෙ සින්දු දැකලා තමයි හොයලා බලන්න හිතුනෙ..පරන උනත් පට්ටම ලස්සන ලව් ස්ටෝරි එකක්..බැලුවත් වැඩක් නෑ සබ් එක නැත්තම්,,ඒ නිසා බොහොම ස්තූතියි සබ් එක වෙනුවෙන්.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි නංගියෝ මේ වගේ පරණ ලස්සන චිත්‍රපට වලට sub කරනවාට...ඇත්තටම මමත් හරිම ආසයි ඔයවගේ පරණ චිත්‍රපටි බලන්න... බුදුසරණයි !! දෙවි පිහිටයි !!! ජයවේවා """
Lasaoneplus
මට මේ ෆිල්ම් එකේ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? හොයගන්නම අමාරුයි.
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Sanath
Oyalage film download karanna bane thiyenawa keewata download karanne ba
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Raja Hindustani (1996) With Sinhala Subtitles | දුප්පත් පොහොසත් ආදරේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Raja-Hindustani-1996.jpg)

මමත් කරන්න බලාගෙන හිටියේ කමක් නැ ඔය කරලනේ ඔන්න මම තම දෙවෙනියට බාන්නේ එල
ජය ! වේ !