ආයුබෝවන්! මේ වසරෙ තිරගත වුණ අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. ‘චෙරන්’ දමිළ සිනමාවට Bharathi Kannamma (1997) චිත්‍රපටයෙන් විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඇතුලු වුණා. Autograph (2004), Vetri Kodi Kattu (2000), Pandavar Bhoomi (2001) වගේ විශිෂ්ට ගණයේ චිත්‍රපටය රැසක් ලබා දුන්නා. පසුව අධ්‍යක්ෂණයෙ…

ආයුබෝවන්! මේ වසරෙ තිරගත වුණ අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. ‘චෙරන්’ දමිළ සිනමාවට Bharathi Kannamma (1997) චිත්‍රපටයෙන් විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඇතුලු වුණා. Autograph (2004), Vetri Kodi Kattu (2000), Pandavar Bhoomi (2001) වගේ විශිෂ්ට ගණයේ චිත්‍රපටය රැසක් ලබා දුන්නා. පසුව අධ්‍යක්ෂණයෙන් ඉවත්වෙලා රංගනයෙන් විතරක් දායක වුණා. ඒ ආකාරයටම රංගනයේද ඔහු සතුව පරිපූර්ණ දක්ෂතාවයක් තිබෙනවා. හැඟීම්බර අවස්ථා ප්‍රබල ලෙස මොහු මතුකර දක්වනවා.
“චෙරන් මෙහි පොලිස් නිලධාරියෙක්, විවාහකයි වගේම ගැහැනු දරුවෙක් ඉන්නවා. නමුත් අවාසනාව නම් ඒ වෙනකොට රාජාත් බිරිඳත් දික් කසාද වෙන්න තීරණය කරලා වගේම දෙන්නම වෙන් වෙලා අවුරුදු දහයක්. අවුරුදු දහයකට පස්සෙ උසාවියෙ තීරණය වුණේ දරුවා අම්මාට භාර දීමයි. දරුවාට සහ බිරිඳට විදෙස් අධ්‍යාපනය සදහා විදෙස් ගත වීමට දික්කසාදය වුවමනාව තිබුණා. රාජා සමඟ දරුවාට දවස් දහයක් කාලයක් ගත කිරීමට ඔහු ඉල්ලා සිටියා. අවසර අනුව ඔහු දරුවා තම නිවසට රැගෙන පැමිණියා. දහවැනි දින ගැහැනු ලමයාගේ උපන්දිනය යෙදී තිබෙනවා වගේම ඊට පසුව දා ඇයව ගුවන්තොටුපල වෙත වේලාසනින් රැගෙන එන බව රාජා බිරිඳට පොරොන්දු වුණා. උපන්දිනය දා සැමරුමට ඇගේ අම්මා, යහළු, යෙහෙළියන් සැවොම පැමිණියත් රාජා හදිසි රාජකාරි කටයුත්තක් හේතුවෙන් ප්‍රමාද වුණා.
ඔහු ගෙදර පැමිණෙද්දි ඇය නිවසේ සිටියෙ නැහැ. නමුත් උපන්දින සාදය පටිගත කර තිබුණා. රාජා ඇය අම්මා සමඟ යන්නට ඇතැයි සිතා වීඩියෝව බලන්නට වූවා. එහිදී අම්මා උදෙන්ම තාත්තා සමඟ ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස කියා ඇයද නිවසෙන් පිටව යනු දුටු රාජා තුෂ්ණිම්භූත වූවා.”
කතාව කිසි තේරුමක් නැතිව යනව කියලා හිතල මට කම්මැලි හිතුනා. සබ් එක ගහන්නත් එච්චර ගැම්මක් නැහැ. සිසිල අයියා දුන්න ෆිල්ම් එකක් අවුල් තිබුණෙ නැහැ මම දන්නවා. ඒත් ඇයි මේක දුන්නෙ? Imdb වගේ රේටින්ස් පවා තරම් නැහැ. ඉස්සරහට යද්දි උද්‍යෝගය වැඩි වුණා. මේ චිත්‍රපටය Sai Rajkumar කියන නවක අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වගේම දෙබස් නිර්මාණයක්. චිත්‍රපටයේ මුල ඉඳන්ම ඉඟි දෙමින් යනවා. චිත්‍රපටයේ හිටිගමන් දෙන ‘ෂොක්’ එක ගැන වචන නැහැ. ඒ වගේම චෙරන්ගෙ හැඟීම්බර දර්ශනත්.
චිත්‍රපටය නවක අධ්‍යක්ෂවරයෙක් නිසාවෙන් තරමක දුර්වල ලක්ෂණ පෙනෙන්නම තිබුණා. දෙබස් ගැලපීමේ ගැටළුත් පෙනෙන්නට තිබෙනවා. තිර රචනයෙත් එවැනිම තත්වයක් තිබෙනවා. තවත් ලක්ෂණයක් තමයි මෙහිදී රාජා කියා ප්‍රධාන චරිතය උසාවියේදි හඳුනා ගත්තත් ඉන් ඉදිරියට සඳහනක් නොවීමයි. චිත්‍රපටය පියෙකුගේ කෝණයෙන් බැලුවොත් වේදනා සහගත හඟීමක් දැනෙනවා. ඒක අධ්‍යක්ෂවරයාගේ වරයාගේ නිර්මාණාත්මක උපායක් ලෙස දක්වන්න පුළුවන්. මට දැනෙන විදිහට මේ ටික කියලා දැම්මා. ඔයාලම බලලා තේරුම් ගන්න.
සිසිල අයියා ඇතුලු බයිස්කෝප් හැමොටමත්, Comment කරන හැමෝටම ස්තූතියි!🙏 බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB පිටපත් සඳහා අදාළ වේ.
4,734 downloadsDownload Rajavukku-Check-2020.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
14 comments
isuru srinath sjs
thank sinhala sube ekata {Ruler 2019 telugu} film ekata sinhala sube dannako jayawewa//
Nivom
thanxx
gihan perera
ස්තුතියි සහෝ.... අමුතු කතාවක්... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....දෙවි පිහිටයි....ජය වේවා....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො-
කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-arawindasunimal
thanks sub ekata (Tharidu Naveen) jayawewa............
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
nish47
ස්තූතියි සහෝ
Nayanthanisal
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalantha Madhushan
සුපිරි කතාවක්. උපසිරසියට ගොඩක් ස්තූතියි.
Kavinu
උපසිරැසියට බොහොම ස්තූතියි!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..