Watch Trailer

Rajini Murugan (2016) with Sinhala Subtitles | ‍‍සැබෑ පවුලේ අරුත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාලව හමුවෙන්න මම දෙමළ චිත්‍රපටයක උපසිරැසියක් සමග ආවා. අද මට විශේෂ දවසක්. ඒ මන්දයත් අද මගේ උපන්දිනේ. ඒ හින්දා උපන්දින තෑග්ගක් හැටියට බයිස්කෝප් වාසී අයට දෙන්න පුළුවන් තෑග්ග තමා ඉතින් උපසිරැසියක්. ඒ හින්දා තමා මම අද ඔයාලට මේක ගෙනාවේ. ඇත්තටම ෆිලුම දෙන්න මෙච්චර දවස…

Rajini Murugan (2016)

කොහොමද යාළුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාලව හමුවෙන්න මම දෙමළ චිත්‍රපටයක උපසිරැසියක් සමග ආවා. අද මට විශේෂ දවසක්. ඒ මන්දයත් අද මගේ උපන්දිනේ. ඒ හින්දා උපන්දින තෑග්ගක් හැටියට බයිස්කෝප් වාසී අයට දෙන්න පුළුවන් තෑග්ග තමා ඉතින් උපසිරැසියක්. ඒ හින්දා තමා මම අද ඔයාලට මේක ගෙනාවේ. ඇත්තටම ෆිලුම දෙන්න මෙච්චර දවසක් ගිය එකට සමාවෙන්න. මොකද මම මේක කරන්න හිටිය එකක් නෙමේ. ෆිලුමේ හොද කොපියක් ඇවිත් දවස් 4කට පස්සේ සදුන් අයියා ඉල්ලීමක් කලා මේක කරන්න කියලා. ඒ වගේම අපේ රෂ්මි ප්‍රභාෂිත මල්ලියත් ඉල්ලීමක් කලා කරන්න කියලා. ඉතින් ඒ අනුව තමා කරන්න ගත්තේ. කරන්න අරන් ඉංග්‍රීසි සබ් එකක් තිබ්බ නිසා, ඒකේ ලයින් ගානා බැලුවට පස්සේ තමා ඇඩුණේ. ලයින් 2814ක්. මම මෙච්චර කාලෙකට උපසිරැසි ගන්වපු වැඩිම ලයින් ගාණක් තිබ්බ ෆිලුම තමා මේක. ඒකයි පරක්කුවට හේතුව.

ෆිලුම ගැන් චුට්ටක් බලමු නේ. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ ‘පොන්රාම්’ විසින්. එමෙන්ම කතාව ලියා තිබෙන්නෙත් ඔහු විසින්මයි. නිෂ්පාදනය කරන්නේ ‘ලිංගුසාමී හා සුභාෂ් චන්ද්‍ර බෝස්’ යන දෙපළයි. සංගීතය ‘ඩී.ඉමාන්’ විසිනි. සංගීතය ෆිලුමේ සුපිරියටම තියෙනවා. නළු නිළියන් ගත්තොත් ප්‍රධාන නළුවා වෙන්නේ ‘ශිව කාර්තිකේයන්’ය. මෑත කාලීනව ඔහු රග පෑ සියලුම චිත්‍රපට අති සාර්ථක විය. ඒ වගේම වේගයෙන් ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් කරන නළුවෙක්ද වේ. ප්‍රධාන නිළිය නම් ‘කීර්තී සුරේෂ්’ය. මැයගේ දෙවැනි දෙමළ ෆිලුම මෙය තමා. මේකෙන්ම මැය ප්‍රේක්ෂක අවධානය සහ ආදරය ලබාගෙන තිබෙනවා. ඒ කොතෙක්ද නම් විජේගේ තෙරි ෆිලුමට පස්සේ එන්න තියෙන ෆිලුමේ ප්‍රධාන නිළි චරිතයට මැයව තෝරාගෙන තිබීමෙන් එය මනාවට ඔප්පු වෙනවා. ඒ වගේම ශිව කාර්තිකයෙන්ට ගැලපෙන සහයකයා ‘සූරී’ත් මේ ෆිලුමේ ඉන්නවා. ඒ වගේම ‘රාජ් , ‘සමුත්‍රකන්නී’ යන ප්‍රවීණ නළුවනුත් මේ ෆිලුමේ සිටිනවා.

කතාව චුට්ටක් කියන්නම්. ‘රජිනි මුරුගන්’ කියන්නේ හරියට ඉගෙන නොගත්ත රස්සාවක් නොමැති කෙනෙක්. මෙයාගේ සගයා තමා ‘තෝත්තාත්‍රී’ කියන්නේ. දෙන්නාම එකටමයි රස්තියාදූ ගහන්නේ. දවසක් මෙයාලා ජෝතිෂ්‍යයෙක් ගාව පලාපල අහද්දී කියනවා මේ රජනි මුරුගන්ගේ ජීවිතය දින 60කින් ඉහළටම යන බවත් මොහුට කෙල්ලෙක් සෙට් වෙන බවත්. ඒ අනුව ඔහු කෙල්ලෙක් පස්සෙන් යනවා. ඇය වෙන කවුරුවත් නෙමේ රජිනි මුරුගන්ගේ තාත්තාගේ යාලූවාගේ දුව. පොඩි කාලේ රජිනි මුරුගන්ට තමා මේ කෙල්ල කියලා තීන්දු කරලා තිබ්බට, ඒ දවස් වල වුණු හුටපටයක් නිසා මේ යාළුවෝ දෙන්නා වීරසක වන අතර, මේ ළමයි දෙන්නාවත් වෙන් කරලා තබා ගන්නවා.

පස්සේ රජිනි මුරුගන් වර්තමානයේ ඇයව කොහොම හරි යාළු කරගන්න දගලනවා. ඒ අස්සේ වෙන වෙන නොයෙකුත් කරදරත් එනවා. ඒ එක්කම ඒලර මූක්කන් කියන මැරයෙක්ගෙන් නොහිතපු කරදර රාශීයක් පැමිණෙනවා. ඒවාට මේ රජිනි මුරුගන් කොහොම මුහුණ දෙයිද? ඒ කරදර මොනාද? රජිනි මුරුගන්ගේ තාත්තා හා ඒ කෙල්ලගේ තාත්තා වීරස වෙන්න හේතුව මොකක්ද? රජිනි මුරුගන් ඒ කෙල්ලව යාලූ කරගත්තාද? මේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ අඩංගුය. ඒවා දැන ගැනීමට ෆිලුම බලන මෙන් ඇරයුම් කරනවා. ෆිලුම සම්පූර්ණයෙන්ම කොමඩි වලට බර වී ඇති අතර, ඒ අතර ආදරබර සීන් හා මැරකම් ටිකකුත් තියෙනවා. ගුණාත්මක උපසිරැසියක් ලබා දීම වෙනුවෙන් චිත්‍රපටය උපරිම අන්දමෙන් හා සියලුම ගීත වලටද උපශිරැසි ගන්වා තියෙනවා. වැඩේ සාර්ථකද යන්න ඔයාලා තීරණය කරන්න කියා ඉල්ලමින් මම සමුගන්නවා. සියලු දෙනාට ජයෙන් ජයම වේවා!!!!

 

Rajini Murugan (2016) on IMDb

 

 

430 MB කොපිය මෙතනින් බාගන්න

17C20BEF713594EB06BE895F9EC230EA6447C8B5

711 MB කොපිය මෙතනින් බාගන්න

66FF3585583F562052F9124369B3E808743F7814 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,854 downloadsDownload 031820162055baiscopelk.zip185 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

9,854 downloadsDownload Subtitles185 KB

28 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  2. Purni

    සුබ උපන්දිනක් වේවා
    සුබ උපන්දිනක් වේවා
    සුබ උපන්දිනක් වේවා සිරාජ් මලයාට
    සුබ උපන්දිනක් වේවා

  3. Sanjaya

    Thanks saho....

  4. Sanjaya

    සුබ උපන්දිනක් වේවා

  5. Mayura Suraj

    Happy new year Siraj bro! Best wishes from Suraj(baiscope eke dial eka) :)

  6. Sanindu Lakkitha

    Happy Birthday Mach...
    Godak thnx sub ekata..
    Good Luck...

  7. Kasun Upeksha

    සුබ උපන්දිනක් වේවා
    උපන්දිනේ දවසෙම දීපු සබට
    ගොඩාක් ස්තූතියි සහෝ

  8. Thisal

    tbxxx

  9. asan

    සුබ උපන්දිනක් වේවා!

  10. anurA

    සුබ උපන්දිනයක් සහෝදරයා ......සබ් එකටත් thanzzz

  11. Kulanjana Maduranga

    happy birthday saho...…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. rashmi prabashitha

    සුබ උපන්දිනක් වේවා !!!!!!!!!!!!!!!!

  13. Indika_Priyadarsahana

    බොහොම ස්තුතියි....

  14. mithun

    Happy birthday bro..
    උපසිරැසියට බොහොමත්ම තුති..

  15. Buddhika...

    Wish your happy birthday bro..hmm thanx sub ekata..kanithan..prashanthge saahasam..navarasa thilagam..anjala..me film set eke hoda copy ewith macho..oyai thawa dethun denekui witharai tamil telugu walta sub denne..e nisa oyagenma illuwe ekai..welawak hambunoth mewatath sub denn..thawa telugu film walatath sub karamu..ehenam digatama sub karanna wasanawa lebewa..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා! ජය෴෴ :P :P

  17. mithun

    ටැමිල් උපසිරැසි ලබාදෙන ඇඩමින්ල අතරින් ඉදිරියෙන්ම ඉන්නෙ ඔබ කිවුවොත් නිවැරදි.. ඔයාගෙ උපසිරැසි උපරිමයි මහත්තයො දිගටම දෙමු හොදම චිත්‍රපට වලට උපසිරැසි .

  18. තිසර නියෝ

    HAPPY BIRTHDAY
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සිරා, සිංහල උපසිරැසියට. සුභ උපන්දිනයකුත් වේවා කිව්වා ඔන්න. ජය වේවා෴

  20. vajira

    thank s bro puluwannam Uthamaputhiran ekatath daapanko patta film ekak

  21. jnc

    patta

    Pokkiri Raja (2016) sinhala denna

  22. D Chamara

    bohoma sthuthi sahoo digatama kargena yamoo

    "Rowthiram" polowanam sahoo mekata sub eka karala denawada

  23. SHASIH SANDARUWAN

    thanks bro... diatama demu aaaaaa

  24. Indrajith Udaya Kumāra

    නියමයි සිරාජ්, මම දැනුයි බලන්න යන්නේ..මොකද දැන් තමයි වෙලාවක් ලැබුණේ.
    ශිවකාර්තික්‍යාන් ගේ ෆිලුමක් නම් ඉතින් අනිවා බලනවා.
    තවත් සබ් ඇරන් එන්න, එළ !

  25. charith

    km player eken play wenne nane bn.film eke audio eka yanawa video eka pennanne na. mb 430 ekai 711 ekai dekama download kala wada nane.plz help

  26. Nirodha uthpala

    Elama bro thx soo much

  27. Eranda Malith 2.0

    Thanks mcn

  28. ovindu

    happy birthday aiye! meka patta