මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද Donnie…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද Donnie Darko නම කියපු ගමන් ෆිල්ම් පිස්සෝ දන්නවා ෆිල්ම් එක මොකද්ද කියලා. පහුගිය කාලෙ Interstellar, Predestination, Source Code, Looper වගේ Time Travel ගැන ෆිල්ම් ආවත් ඒවට කලින් දෙදාහ අවුරුද්දෙ මුල් කාලෙදී Time Travel වලින් මුලු ලෝකෙම පිස්සු වට්ටපු ෆිල්ම් එකක් තමයි මේක. ඒ වගේම තමයි මේකේ පසුබිම් වාදනය සහ ගායනය දෙදාහ දශකයේ මුල් කාලෙදි සංගීත ලෝකෙ උඩු යටිකුරු කලා. ඔය උඩින් කියලා තියෙන ෆිල්ම් සෙට් එක බලලා තියෙනවනම් හිතට ඇල්ලුවා නම් කාල තරණය ගැන පිස්සු වැටිල නම් ඉන්නෙ මෙන්න පුතෝ බලන්නම ඕනෙ ෆිල්ම් එකක්.
ප්‍රේක්ෂක මනාප ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් සමගින් 8.1 ක IMDb අගයක් ලබා ගනිමින් IMDb දර්ශකයේ හොදම සිනමා පට අතුරින් 226 වෙනි තැනත් Rottentomatoes දර්ශකයේ ලකුණු 91% ක් සහ ලොව පුරා විවිධ සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන 15ක් සහ නිර්දේශ වීම් 11 ලබා ගත්තු මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස කුමට?
ඒ වගේම මේක බයිස්කෝප් අඩවියෙන් වැඩිම වාර ගානක් වැඩිම පිරිසක් සබ් ඉල්ලපු ෆිල්ම් එකක්. ඒත් ඉතිං මේකට සබ් එක කරන එකේ තියෙන අමාරුව නිසාම එකිනෙකා අතට මාරු වෙවී ගිහිල්ලා අන්තිමටම මගේ අතටත් ආවා. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට සබ් එක කරන්න මම බාර ගත්තේ මීට අවුරුදු එක හමාරකටත් කලින්. ඒත් ඉතින් ඒ දවස් වල වැඩ රාජකාරිත් එක්ක සබ් එක කර ගන්න වෙලාවක් නැති උන නිසා මට මේක ආපහු බාර දෙන්න සිද්ද උනා. ඒත් ඉතිං අවුරුදු එකහමාරක් ගිහිල්ලත් වැඩේ නොකෙරුන නිසා මමම ආපහු වැඩේට බැස්සා. මට ආපහු වැඩේ බාර දීපු එක වෙනුවෙන් හසන්ත සහෝට විශේෂයෙන්ම ස්තූති කල යුතුයි. කොහොම උනත් මේකේ සබ් එක වෙනුවෙන් මට කාල තරණය ගැන, වර්ම්හෝල්, බ්ලැක් හෝල් ගැන ඉගෙන ගන්න උනා. හිතා ගන්න පුලුවන්නෙ එතකොට මේ වෙනුවෙන් කාපු කට්ට ගැන. ඒ වගේම අද වෙනකල් මේ වෙනුවෙන් සිංහල සබ් එකක් හැදුනෙ නැත්තෙ ඇයි කියන එකත්.
මේ ෆිල්ම් එකේ විනාඩි 113ක් දිග Theoretical cut කියලා වගේම විනාඩි 133ක් දිග Directors Cut කියලා කොපි දෙකක් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් ඉතිං පසුබිම් සංගීතය, හැඟීම් දැනවීම රසවින්දනය අතින් වගේම ෆිල්ම් එකේ කතාව තේරුම් ගන්න උදව් වෙන වැදගත් කරුණු ඇතුලත් වෙන්නෙත් විනාඩි 133ක් දිග සංස්කරනය නොවූ Directors Cut කොපියටයි. Theoretical cut එක බලන එක මෙලෝ රහක් නැති වැඩක් නිසා මේ සබ් එක හදලා තියෙන්නේ Directors Cut කොපියටමයි. මොකද Theoretical cut එක බා ගන්න වැය කරන ඩේටා වගේම ෆිල්ම් එක බලන්න ගත කරන කාලයත් අපරාදයක් වෙන නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම Directors Cut කොපියම බා ගන්න මතක තියා ගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,197 downloadsDownload Donnie-Darko-2001-1.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
84 comments
Thilina Chamara
denidu
Film eke bala thiyn hitiye kawada hari sub dei kiyala.thanks.
Sajeewa Dilshan
Patta bro.thnx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!lahiru1991
thanks bro..
Sherlock holmes
Thanks saho..
ERANDA MALITH
Ela
Thanks mcn✋Pasan_Madusankha
Bohoma Pin Saho.. Digatama Me Wage Supiri Parana Film Walata Sub Karanna Puluwannam Godak Watinawa. Jaya Wewaa..!
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!Udara Damith Dissanayaka
..............බොහොම ස්තූතියි.................
jaani
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!LimeGreenSoda
ThanksBroski.
Krishan NiShalya
කොච්චර කල් මේ සබ් එක එනකන් බලන් හිටියද...
ඉතින් ආවගමන්ම බලනවා...
සතුට නම් කියන්න බැරි තරම්...බොහොම ස්තූති
Swgchamika
ranga11112
විස්තරය අනුවනම් මේක ලෙසි වැඩක් නෙමෙයි කියලා දැනෙනවා...බොහොම ස්තුති සහො.... කොච්චර අමාරැ උනත් සබු එක දුන්නට ....
ජයවේවා
තෙරැවන්සරණයිAbhaya
Thanks brother
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!James DC
බොහොම ස්තූතියි සහෝ මේක දුන්නට. වතාවක් මාත් මේක කරන්න ඇහුවා. ඒ දවස්වල වෙන කෙනෙක් භාරගෙන තිබ්බෙ.
මේක කිහිප පාරක් නැරඹුවත් ගැටලුකාරී තැන් කිහිපයක්ම තියෙනවා. ඉතිං සිංහල සබ් එකත් එක්ක ආපහු සැරයක් අනිවාර්යෙන්ම නරඹනවා. වෙච්ච මහන්සියට බොහොමත්ම ස්තූතියි...හසිත මධුෂාන්
බොහොම ස්තූතියි ජේම්ස් සහෝ.... මටත් මේක මුලින්ම තේරුනේ නෑ. මොකද උනේ කියලා මමත් හොයා ගත්තෙ නෙට් එකේ තිබ්බ ආටිකල් කියවලාම තමයි.
thuglife
බොහොම පිං මහතතයෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
notisamanalaya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
ජයViraj
sub ekata thanks saho.. jaya wewa!!
nimal dissanayake
හසිත,
ඔයා මේ ෆිල්ම් එක වෙනුවෙන්
මහන්සි වෙලා තියෙන තරම දැක්කම
ෆිල්ම් එක බාගන්නත් කලින්ම
ස්තුති කරන්න හිතුණා.
බලලා ආයෙම කමෙන්ට් කරන තුරු
ජය, සැප, සුව!malisha
thanks brother
ruchiralakmal
thanks for the sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharindu gunarathna
thanks a lot
Suresh0871
sub ekata thnxs but eeka 1 second wath tiyenne naane kiyawaganna vatunu gaman nathi wenva eelanga ekata yanava
හසිත මධුෂාන්
වැරැද්ද පෙන්වලා දුන්න එකට බොහොම ස්තූතියි සහෝ...... " The Philosophy of Time Travel " පොතේ පරිච්ඡේද පරිවර්තනය කරද්දී නම් ඔය වගේ ගැටලු සහගත තැන් එකක් හෝ දෙකක් ඇති උනා. ඒ තැන් වලත් ටයිම් ලයින් කියවන්න කාලය ලැබෙන්න පුලුවන් උපරිමයෙන්ම හදලයි තියෙන්නෙ. ඊට අමතරව ගැටලු සහගත තැන් තියෙනවා නම් " [email protected] " හරහා මාව දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම වැරදි නිවැරදි කරන්නම්.
Nivom
ow bn
Nishanthah83
ela bro..
හසිත මධුෂාන්
අදහසක් දක්වන්න නතර වෙලා ගිය හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි......!
Nivom
sub eka 1second wath thiyen naha bro
Jaime Lannister
Thnx brother......
Jaime Lannister
Thamange kalaya mahansiya kapa karala me krna sewaya godak agaya karanwa.......
wathilak
කැමතිම විෂය පථයක් ස්තුතියි
mashasilva
thank you
Nivom
Film eka balala comment karana aya adui wage, sabtitle eka 1second wath thiyen naha, puluwannam hadanna bro.
mahesheranga2
බොහොම ස්තුති සහොදරයා. සබ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තත්පරයක්වත් පෙන්වන්නේ නෑ kmp එකේ විතරද දන්නෙත් නෑ එක හදලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. බුදු සරණයි
jmlr
සබ් වලට ස්තුතියි.. ඒත් ටයිමිං අවුල්.. එක තත්පරයක්වත් තියෙන්නෙ නෑ. කියවගන්න වෙලාව මදි..
හසිත මධුෂාන්
ටයිම් ලයින් දෙකක් overlap වීමක් නිසා සබ් එකේ ටයිම් ලයින් වල ගැටලුවක් ඇතිවෙලා තිබුනා. මම භාවිතා කරපු Media Player Classic Player එකේ මේ ගැටලුව ඇති නොවෙන නිසා මේ කමෙන්ට් කියවන තුරුම මම ඒ ගැන දැන සිටියේ නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කිරීමක් කරලා කමෙන්ට් එකක් දාපු හැම දෙනෙක්ටම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම kmp player එකෙන් සබ් එක බලපු අයට ටයිම් ලයින් සම්බන්දව සෑහෙන ගැටලුවක් ඇති වෙන්න ඇති. ඒ හැම දෙනාගෙන්ම පත් වූ අපහසුතාවය සම්බන්ධයෙන් මම ඉතාමත් කණගාටුවෙන් යුතුව සමාව ඉල්ලා සිටිනවා.
දැනටමත් ටයින් ලයින් අවුල නිවැරදි කරපු සබ් එක එවල තියෙන නිසා තව සුලු මොහොතකින් නිවැරදි කල සබ් එක පල වේවි.
malith
Ela ela
s.harshana97
මේ වගේ හොද නිර්මාණයකට උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි.
ජය වේවා!Indika Prabath
supiri....thanks sub akata
aroshacd
thanx bro.. godak kal balan hitiya meke sub enakan
Nadeesha rox alahakoon
Supiri bro.thawa thawath sub karanna haki wewa
Pathum Aroshana
සබ් එකට ගොඩක් ස්තූතියි මචන් ..
ෆිල්ම් එක බැලුවට හරියට කිසිම දෙයක් තේරුනේ නෑනේ ..
කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද මේ ෆිල්ම් එක ගැන ??
හසිත මධුෂාන්
Donnie Darko Explained_ The Ending & What It Meant
ඔය නමින් යූ ට්යුබ් සර්ච් කරලා බලන්න සහෝ......
ඔය වීඩියෝ එකේ ඕක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.....
AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Janith960
aniwa saho ekanan aththa
Sanath Perera
thanks for sub bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you,mekata sub eka karapau ekatanam