Watch Trailer

Ramante Edenthottam (2017) Sinhala Subtitles | ජීවිත උයන..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මීට සතියකට ආසන්න කාලයකදී හොඳ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනු තවත් අලුත් ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න මට අවස්තාව ලැබුණා.මේ පාර ගෙනාවේ Comedy, Drama, Romance යන කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.මේක තිරගතවීම් ඇරඹුවේ ජූනි 2වෙනිදා.ලස්සන ෆිලුමක්,බොහොම නිස්කලංක විදියට නිදහසේ රසවිඳින්න…

ඔන්න මීට සතියකට ආසන්න කාලයකදී හොඳ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනු තවත් අලුත් ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න මට අවස්තාව ලැබුණා.මේ පාර ගෙනාවේ Comedy, Drama, Romance යන කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.මේක තිරගතවීම් ඇරඹුවේ ජූනි 2වෙනිදා.ලස්සන ෆිලුමක්,බොහොම නිස්කලංක විදියට නිදහසේ රසවිඳින්න කැමති අයට මේක බලන්න කියලා ආරධනා කරනවා.මොකද ෆිලුමේ කතාව බොහොම හෙමීට ගලාගෙන යන එකක්.ඒ වගේම මේකේ පසුබිමත් බොහොම ලස්සනයි.ෆිලුමේ වැඩි හරියක්ම ගෙවෙන්නේ වනගත නිවාඩු නිකේතනයක් ආශ්‍රිතව.

ෆිලුම පටන්ගන්නේ මාලිනී,ඒ කියන්නේ කතා නායිකාව වාහනේ පදිමින් ගන්න දුරකථන ඇමතුමක් එක්ක.එයා කතා කරන්නේ රාමන් කියන පුද්ගලයා එක්ක.පසුව අපිට දැනගන්න ලැබෙන විදියට මෙයා තමයි ඊඩන් නිවාඩු නිකේතනයේ අයිතිකාරයා.කොහොමවුනත් දුරකථන ඇමතුමෙන් මෙයාගේ අවධානය වෙනතකට ගිහිල්ලා ඉස්සරහින් එන වාහනයක මෙයාගේ කාර් එක හැප්පෙනවා.ඒකෙන් මෙයා තුවාල ලබලා රෝහල්ගත කරනවා.ඒත් ඒ අතරතුරදී මෙයාගේ සැමියා-එල්විස් මාලිනීගේ ෆෝන් එකේ තිබිලා මේ ඇමතුමේ වීඩියෝ පටිගත කිරීමක් දකිනවා.මේ විදියට තමයි ෆිලුම පටන්ගන්නේ.මේ මාලිනී,එල්විස්,රාමන් කියන්නේ මොනවගේ අයද, ඒ වගේම මාලිනී,සලීම් දෙන්නගේ පවුල් ජීවිතේ මොන වගේ එකක්ද,මාලිනී රාමන් කියන දෙන්නා මුණගැහෙන්නේ කොහොමද,එයාලා අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද වගේ කාරණා ගැන ෆිලුම තුලින් බලාගන්න පුළුවන්.

අලුත් මලයාලම් ෆිලුමක් ඇවිල්ලා ඒක බයිස්කෝප් අඩවියේ පල නොවුනොත් ඇත්තටම ඒක ලොකු අඩුපාඩුවක් විදියට තමයි අපිට පේන්නේ.ඒ හින්දා හොඳ මලයාලම් ෆිලුමක් ආපු ගමන්,පුළුවන් ඉක්මනින් ඒකෙ උපසිරැසි ලබාදෙන්න කටයුතු කරනවා.ඒ නිසා ෆිලුම ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න කලින් සතියක්,එක හමාරක්වත් ඉවසලා ඉන්න.ඒ කාලේ ඇතුලත අපේ කවුරුහරි කෙනෙක් ඒ ෆිලුමේ උපසිරැසි අරගෙන එයි.මම හිතන්නේ කලාතුරකින් තමයි එහෙම නොවෙන්නේ.හැබැයි මලයාලම් උපසිරැසිකරුවන් ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් නිසා එක දිගට ෆිලුම් ආවාම ඒවා අරගෙන එන්න සාධාරණ කාලයක් ගන්නත් වෙනවා.කොහොමවුනත් අපේ පැත්තෙන් අපි පුළුවන් උපරිමයෙන් බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා.ඒ වගේම උපසිරැසියකට වැටෙන බාගත කිරීම් ප්‍රමාණය දැක්කාම ඒ මහන්සියේ ප්‍රතිපලත් හොඳට පේනවා.ඒත් කමෙන්ට් වලින් නම් ඒක ඒ විදියටම පේන්නේ නෑ. හැමදාම අදහස් දක්වන කෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් තමන්ගේ අදහස් මේත් එක්ක බෙදාගන්න උනන්දු වෙන බවක් අපි දකින්නේ නෑ. ඒක හින්දා උපසිරැසිය බාගද්දී තමන්ගේ වටිනා අදහස සටහන් කරලා මේ වැඩේ ඉස්සරහටත් මේ විදියටම කරගෙන යන්න තමන්ගේ දායකත්වයත් දක්වන්න කියලා ආයේ ආයෙත් මතක් කරනවා.ඒ වගේම හැමදාම නොවැරදීම තමන්ගේ අදහස් දක්වන අපේ ඒ සුපුරුදු බයිස්කෝප් රසිකයින්වත් බොහොම ආදරයෙන් මතක් කරනවා!

තවත් ලස්සන ෆිලුමකින් එහෙමනම් ආයෙත් හමුවෙමු! එතෙක් ඔබට ජය!

 

Ramante Edenthottam (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ramante Edanthottam (2017) Malayalam DVDRip

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,700 downloadsDownload Ramante-Edanthottam-2017.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

3,700 downloadsDownload Subtitles65 KB

32 comments

  1. C. R. ජයලත්

    නියමයි සහෝ එල එල!!!!!! ඔන්න සබක් විදියටම දැම්මා එහෙනම් කමෙන්ට් එක

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි තරිඳු සිංහල උපසිරැසියට...
    ඉස්සර මලයාලම් ෆිලුම් මාස ගානකට එකක් වගේ තමයි උපසිරැසි වැටුනේ.
    දැන් මේ ඉන්න කිහිප දෙනා සතියකට එකක් හෝ දෙකක් සබ් දෙනවා.
    ඒත් කමෙන්ට් 25 යි 30 යි. හැබැයි ඩවුන්ලෝඩ් දහස් ගණනින්.
    මොනවා කරන්නද බං මිනිස්සුන්ගේ හැටි තමයි. ඒ අය තමන්ගේ ආකල්ප හදාගන්නකල් ඔහොම ම තමයි
    මොනවා වුනත් දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  4. sameera

    Malayalam film gana nm kiyla wadk na..supiri..digatama sub demu kollane..jaya wewa

  5. Menu

    බොහොම ස්තුතියි සහෝ

  6. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    මේකට නං සබක් එයි කියල හිතුවෙවත් නෑ.
    උඹට වැඩ දාහක් විතර ඇති. එහෙම තියෙද්දින්
    අපි වෙනුවෙන් කරන මේ සේවාව බොක්කෙන්ම අගය කරනවා මචං.
    මලයාලම් ෆිල්ම් වලට උපසිරසි කරන්න ඉන්නේ
    බොහොම කිහිපදෙනයි. තව හතර පස් දෙනෙක් හිටිය නං
    මලයාලම් ෆිල්ම් ඔක්කොම ටිකට සබ් දෙන්න තිබුන බන් ශිරාවටම.
    බොහොම ස්තුතියි මචං. ජය වේවා...!

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  8. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  9. sameera

    wow excellent keep it up

  10. Lushan Kuruppu

    සබක් කරපු එකෙක් විතරයි ඒකට මහන්සි වෙන්න ඕන තරම දන්නේ.
    තමන්ගේ පුද්ගලික වැඩකට යොදාගන්න තිබුන වටිනා කාලය
    මේ වගේ හැමෝටම සෙත සැලසෙන වැඩකට යොදාගත්තට
    බොහෝම ස්තූතියි සහෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු! ඔබට ජය!

  11. Kulanjana Maduranga

    niayamai…malayalam films denawanam ithina bamak thama...ela..thawa malayalam film dennthanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Udaya Fernando

    Thanks bro

  13. එල්.සී. දමැල්

    දිගටම සබ් දෙමු..
    බොහොම ස්තුතියි...
    නිවාඩුවක් ලැබුනම අරගෙන බලන්නම්කෝ...

  14. Nadeesha

    Thanks We love malayalum movies Please Keep up the good work. Thank you so so much

  15. Micky Bro

    බොහොම ස්තූතියි උපසිරසියට... දිගටම සබ දෙමු...... Puthan Panam (2017) මේකටත් සබ දෙමු හනික... ජය...

  16. Sisila Prasad

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    මලයාලම් සිනමාවෙන් බිහිවෙච්ච තවත් හොඳ නිර්මාණයක් වගෙයි මේකත්.
    ඒ නිසා බලන්නම වෙනවා.
    චිත්‍රපටයක් වෙනුවෙන් අදහස් දැක්වීම ගැන නම් කතා කරලා වැඩක් ඇත්තෙම නැහැ.
    පොඩි හරි වැරද්දක් දැක්කාම කී බෝඩ් එකේ ටයිප් කරන්න පුළුවන් කියලා මතක් වෙන අයට, හොඳ දෙයක් දැක්කාම එහෙම මතක් වෙන්නේ නැති එකනෙ පුදුමේ කියන්නෙ.
    හැමදාමත් කමෙන්ට් කරන සුළු පිරිසක් නිසා නොවෙන්න, මේ වැඩේ නතර වෙලා මීට හුඟක් කල්.
    ඇගයීමක් ලැබෙන්න ඕනේ දේට හරියාකාර ඇගයීමක් දෙන්න නොදන්නා මිනිස්සු ඉන්න රටක් මේක.
    අනිත් එක, ඕනෙම දෙයක් ඕනෙවට වඩා ලැබෙනකොටත් ඒකෙ කිසිම වටිනාකමක් නැහැ අපේ මිනිස්සුන්ට.
    උපසිරැසිකරුවෝ නැතිවෙච්ච දවසට තමයි එයාලගේ වටිනාකම තේරෙන්නේ.
    හැබැයි එදාට බොහොම පරක්කු වැඩි වේවි.
    පුළුවන් විදියට දිගටම වැඩේ කරගෙන යමු,සහෝ.
    ජයවේවා!!!

  17. අරුණ සදරුවන්

    බොහෝම තුති..................................

  18. Sithu

    ane උපසිරසිය download wenne na. page not found kiyanawa...

    1. Sithu

      Download una.. Bohomathma sthuthi mithraya me upasirasiyata!!!!

  19. Rohan

    Can you Plz help Subtitle download link is not working"Page not Found"

  20. Chamara

    Sub eka ganna bane

  21. rangika Kariyawasam

    අද නිකිණි පෝය දවස ඉතින් ටික දවසකින් බයිස්කෝප් එකට ඔළුව දාන්න බැරිවුනා වැඩ වගයකට හිරවුන නිසා අද තමා ෆී දවස. එන්න බැරි උනාට අපේ තරිදු සහෝට අපිව අමතක වෙලා නෑ.. නියම මලයාලමි ෆිලුමකට සබ දීලා.මචන් බෝහෝම පිං සිද්ද වෙිවා !!! සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා ඉත සිතින් පතනවා...

    තව දෙයක් ෴තරිඳු සහෝ෴SpD෴සිසිල ප්‍රසාද් සහෝලා ටික විතරයි අපට මැණික් වගේ ඉන්නෙ.ඇයිද කියනවානමි අපි මලයාලි ෆිලුමක් බලන්නෙ ඔයාලට පිං සිද්ධ වෙන්න. වෙනත් වර්ගයන්ට අදාල ෆිලුම් වලට සබි කරන්න ඔිනි තරම් උපසිරැසි කරුවන් ඉන්නවා, අපිට ඉන්නෙ ඔබලා කිහිප දෙනා විතරයි.
    ඒ නිසා අපට හදන හැම සබකටම අපි ඔයාලට ණය ගැතියි.ඒ අපි වෙනුවෙන් ඔයාලා දරන කැපකිරීම අපි මහත්කොට සලකනවා. මම දැක්කා මේ සබි එක ඩවුන්ලෝඩි තිබුනා 800 කට වඩා වැඩ් ප්‍රමාණයක් ඉක්මවලා.නමුත් කමෙන්ටිස් 21ක් වගේ.ඒක ඇත්තටම හොද නැති දෙයක්.මේක අපි වෙනුවෙන් දරන්නාවූ මහන්සියක්.ඒකට අගයකිරීමක් නැත්නමි කොතනද අපි ඉන්නෙ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා...

  22. K Wijaya

    එල!
    සබට ස්තූතියි.
    ❤️❤️❤️

  23. තරිඳු රසාංග

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.ඒ වගේම ඉස්සරහටත් මේ වටිනා අදහස් මීටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.උපසිරැසිය භාගත කිරීමට තිබුන ප්‍රශ්නයට මේ වනවිට විසඳුමක් ලැබිලා තියෙනවා.ඒ නිසා සාමාන්‍ය විදියට උපසිරැසිය බාගන්න පුළුවන් වෙයි.
    මගේ මීළඟ උපසිරැසි ගැන්වුම Puthan Panam (2017) [මලයාලම් ෆිලුමෙන් මීළඟට හමුවෙමු!ජය!

  24. shashi

    බොහොම ස්තුතියි!!!

  25. manoj

    ela machan

  26. vidushan

    thankz saho...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Chalana

    thnx bro...

  29. Divan

    Ela

  30. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  31. සාරංග ජේ. ලියනගම

    Thanks...