Watch Trailer

Rampant AKA Chang-gwol (2018) Sinhala Subtitles | මළවුන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙ…

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ. imdb 7.1 ක ඉහල අගයකුත් තක්කාලි වලින් 60% ක අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා. Action/Horror ගණයට අයත් මේ චිත්‍රපටිය පැය 2යි විනාඩි 10ක් ධාවනය වෙනවා. මම අන්තිමේටම දුන්නු the Negotiation චිත්‍රපටියෙ වගේම Confidential Assignment චිත්‍රපටයේ  ප්‍රධාන නළුවම තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නළුව ලෙස රඟපාන්නෙ. Confidential Assignment චිත්‍රපටයෙ අධ්‍යක්ෂකම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

මෙම චිත්‍රපටයෙ සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි. ගන්ග්ලිම් කියන කුමාරයා (Hyun Bin) ජොසොන් රාජ්‍ය එහෙමත් නැතිනම් වර්තාමන කොරියාව, ”රාත්‍රී යක්ෂයින්ගෙන්” එහෙමත් නැතිනම් මළවුන්,සොම්බින්ගෙන් බේරගන්න සටන් කරන කතාවක් තමයි ගලාගෙන යන්නෙ. මේ ගන්ග්ලිම් කුමාරයා තමයි රාජ්‍යයේ රජුගෙ දෙවැනි පුත්‍රයා. ඒ වගේම තමයි දක්ෂ සටන් කරුවෙක්. ඒ වුණත් දේශපාලනික ප්‍රාණ ඇපකාරයෙක් හැටියට මෙයාව චීන අධිරාජ්‍යයාට බාරදීලයි තියෙන්නෙ. මොකද ඒ කාලෙ ජොසොන් නැතිනම් කොරියාව චීනෙට යටත් වෙලා හිටපු නිසා. ඒත් මෙයාගෙ අයියා එහෙමත් නැතිනම් කිරුලහිමි කුමාරයා. ලී යොන්ග්  (Kim Tae-woo) සියදිවි නහගත්තු ආරංචිය දැනගන්න ලැබිලා මෙයා ආපහු ජොසොන් වලට, එනවා. ඒත් මෙයා එනකොට ජොසොන් වල ජෙමුල්පෝ කියන ගමට යක්ෂයින් පහර දීලා. දිවි ගලවගෙන ඉන්න අනිත් මිනිස්සුන්ව බේරගන්න නම් හමුදා සහය ඕනෙ කරනවා. ඒත් රජතුමා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැති ගානයි. ඒ නිසා මේ කුමාරයා සොම්බිත් එක්ක සටන් වදින ගමන් මාලිගාවට යනවා. ඒ වුණත් මේ කුමාරයට දැනගන්න ලැබෙනවා රාජ්‍යයේ යුද අමාත්‍යවරයා කිම් ජා-ජුන් (Jang Dong-gun) රජතුමාව අල්ලෙ නටවන විත්තිය වගේම රජුට එරෙහිව කුමන්ත්‍රණය කරන බව. ඉතින් ජොසොන් රාජ්‍ය යක්ෂයින්ගෙන් වගේම මේ අමාත්‍යවරුන්ගෙනුත් ගලවගන්න වෙන වග මෙයාට තේරෙනවා. ඒත් කුමාරයා මේ හැමදෙයක් එක්කම සටන් කරන්නෙ තනියම නෙවෙයි එයාට උදව් කරන පිරිසකුත් ඉන්නවා.

ඉතින් මෙයාට උදව් කරන්නෙ කවුද?මේ සොම්බි කොහොමද මෙහාට ආවෙ? යුද අමාත්‍යවරයගෙන් ගැලවෙන්නෙ කොහොමද? මේ අයගෙ ඉරණම මොකක් වෙයිද කියන එක දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මම පුළුවන් තරම් කතාව කෙටි කරල කියල තියෙන්නෙ. තව සෑහෙන්න දේවල් මේ චිත්‍රපටියෙ දැකගන්න පුළුවන්. ඒ නිසා මග ඇරගන්නෙ නැතුව බලන්න. තව උපසිරැසියකින් හමුවෙනතුරු අදට ගිහින් එන්නම්.

බුදුසරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

11,929 downloadsDownload Rampant.2018.Baiscopelk.com_.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

11,929 downloadsDownload Subtitles35 KB

46 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Kantha_DLA

      The Drug King (2018)
      Steel Rain (2017)
      Hit-and-Run Squad (2019)

      හැකියාවක් ඇත්නම් මෙම චිත්‍රපට සඳහා
      උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. බොබී

    නියමයි සහෝ. දිගටම කරගෙන යමු.

  4. Devilking1995

    Princess agent tv serious ekt sub dennako,

  5. AsithaDilruwan

    ela sahi thanks

  6. leelarathna

    meke film eka nane bicecopdownloade eke

    1. Janindu Yukthila

      YTS.MX කියලා ගහන්න ඒකේ සර්ච් කරලා ගන්න ෆිල්ම් එක ඒකේ ටොරන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න..

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Hashan M. Priyadarshana

    Thank you bro

  9. Kulanjana Maduranga

    subata thanks

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Ravindu Dananjaya

    direct link එක දාන්නකෝ

  12. hellone178

    Kiwwata baiscopedownloads eke nahane ban

  13. Assident

    Thanks!!!
    Reunited world korean tv series ekatath sub eka gahala dennako. pls..

  14. Kavishna

    thnx bro sub ekata...

  15. ruwan karunarathna

    meka baiscopedownloads eke nehane.koheda thiyenne kiyannako

  16. Dinuka..lakshitha

    Ko bn meka nene

  17. Til Tharaka

    meka Download eke nane bn

  18. asankask

    Meka na bn download eke

  19. RuwanLakshan93

    උපසිරැසට ස්තූතියි.......

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. chalitha Rangana

    upasirasiyata bohoma isthuthi.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sanjeewakbg

    Thanks bro...

  24. Thilina Chamara

    thank you

  25. Ayodya1987

    ලස්සනයි .

  26. rumeshchathuranga

    Thank you bro

  27. kaweesha kalyana

    thawath zombie film ekak thanx saho

  28. Eranda Malith 2.0

    Thanks mcn

  29. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  30. jsangeeth

    FIlm download karanna kohomada.... kiyaa denna kuru hari... sub witarai ganna puluwan...

  31. AD GAYAN

    Thanx machan

  32. Rukshan37

    ela ela

  33. Dewadithya

    Thanks for Sub!

  34. Sathya Bandara

    thank you very much...

  35. Kasunabayasekara

    Thanks bro

  36. MAALnath

    Thanks ..................good luck .......................

  37. Hirusadu

    Thanks machooi
    Sadaaa jaya oyala hamotama

  38. Weerasinghawijethilaka

    Thans machan

  39. Dula95

    Thank u bro

  40. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  41. sarana90

    niyamai....

  42. lasindu_aseniya

    ela ela..

  43. Dew visanka

    superb! ane wishesha illimak the king and the clown 2005 korean movie ekata sinhala sub dennako plzz...Joong Gi inna hoda film ekak nisa illanne.

  44. Amila

    උපසිරසියට බොහෝම ස්තූතියි