Watch Trailer

Ranarangam (2019) Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න ටික කාලෙකින් තමයි තෙලුගුවකට උපසිරැසි අරන් ආවේ. හිතුවට වඩා කල් ගිය නිසා වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගමු. 2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadars…

ආයුබෝවේවා! ඔන්න ටික කාලෙකින් තමයි තෙලුගුවකට උපසිරැසි අරන් ආවේ. හිතුවට වඩා කල් ගිය නිසා වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගමු.

2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadarshan සහ Kajal Aggarwal රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 5.9 ක අගයක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, දේවා කියන්නේ ගමක කොලනියක ජීවත් වෙන තරුණයෙක්. කොලනියේ මිනිස්සුන්ටත් උදව් කරගෙන ඉන්න මෙයා ජීවත් වෙන්න කරන්නේ යාලුවොත් එක්ක එකතු වෙලා වැඩි ගානට චිත්‍රපටි වල ටිකට් විකුණන එක. මෙහෙම ජීවිතේ ගෙවෙනකොට ඒ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම බලධාරීන් විසින් තහනම් කරනවා. ඒක හොඳ ව්‍යාපාර අවස්තාවක් විදිහට දකින දේවා, වෙනත් ප්‍රාන්තෙකින් හොරට මත්පැන් ගෙනල්ලා විකුණන්න පටන් ගන්නවා. ඔය අතරේ බස් හෝල්ට් එකට එන හුරු බුහුටි කෙලි පොඩිත්තකටත් දේවාගේ හිත යනවා. ඒ කතාවත් එහෙම යද්දි බිස්නස් එකට ලොකු බාධකයක් එනවා. ඒ බාධකය දේවාගෙ ජීවිතේ උඩු යටිකුරු වෙන්න බලපානවා. ඉතින් ඒ බාධකය මොකක්ද? ඒකේ බලපෑම මොන වගේද? බස් හෝල්ට් එකේ දැක්ක ගෑණු ළමයගේ පල හිලව්වට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න ටික ඉතුරු කරමින් අදට සමු ගන්නවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා  අදාළ වේ.

15,254 downloadsDownload Ranarangam-2019.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

15,254 downloadsDownload Subtitles58 KB

20 comments

  1. Madhura prasad

    බොහොම තුති වේවා සහෝ සබ් එකට

  2. Sandun de alwis

    Thanks bro.... Keep it up...!!!!

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Shaggie

    Thnks mchn

    1. Nandana

      Good job ...jaya wewaa

      .

  5. චානක ඉඳුනිල්

    ස්තූතියී අයියේ සබ් එකට,
    තවත් උපසිරැසි කරන්න කාලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. dann

    thank you ...

  8. diniya

    Sub ekata thnkz bro .... eth movie eka downlord wenna deela thyna link eka waradi.....

  9. DjU9

    Film එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වෙබ් සයිට් එක ලබා දෙන්න .. tamilmv, tamilrockerz සයිට් වලද මෙම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කිරීමට නැත

    1. තිසර නියෝ

      Baiscopedownloads . co

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-තෙරැවන් සරණයි

  12. Shehan putha

    Thanks bro

  13. D.Chamara

    bohoma sthuthi sahoo

  14. nish47

    ස්තූතියි සහෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. avishka360

    Thanks

  17. Nandana

    Good job ...jaya wewaa

    .

  18. Arawinda

    thanks