දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි L…

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. තවත් වැඩි කතා නැතුව එහෙනම් බලමු ඇයි මේකට මේ තරම් වර්ණනා කරන්නෙ කියලා.
Little Women | නවකතාව
1868 කාලෙදි ඇමරිකානු රචකාවියක වන Louisa May Alcott විසින් නවකතාවක් ලියනු ලබනවා “Little Women” නමින්. මෙහි දෙවැනි කලාපය 1869 වසරේදී “Good Wives” නමින් නිකුත් වනවා. මෙම කතා වලට සමගාමීව එහි චරිත පදනම් කරගෙන 1871 වසරේදී “Little Men” නවකතාවත්, මේ ඇසුරින් 1886 වසරේදී “Jo’s Boys” නම් නවකතාවත් නිකුත් කරමින් Little Women ඇසුරින් ප්‍රධාන නවකතා ත්‍රිත්වය නිකුත් කරමින් සම්පුර්ණ කර තිබෙනවා.

Little Women (1868) | නවකතාව
Little Women හරහා දැකගන්නට ලැබෙන මෙග්, ජෝ, බෙත් වගේම ඒමි කියන සහෝදරියන් ළමා වියෙ ඉදලා ස්ත්‍රීත්වය ලබන කාලය දක්වාම සිදුවුණ දේවල් පාදක කොටගෙන නිර්මාණය වූ නවකතාව Louisa May Alcott රචකාවියගෙ ජිවිතයට බෙහෙවින් සමාන බවක් තිබිලා තියෙනවා.
පසුකාලීනව 1912 වසරේ ඉදලා 2019 වසර දක්වාම වේදිකා නාට්‍ය මේ ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා. ඉන් පසුව මේ ඇසුරින් චිත්‍රපට හතක් නිර්මාණය වෙනවා. 1917 හා 1918 වසර දෙකෙහිදීම නිහඩ චිත්‍රපටයකුත්, 1933 වසරේදී හඩ ඇතුලත් චිත්‍රපටයකුත් නිකුත් වෙනවා. මේ නිකුත් වූ කළු සුදු චිත්‍රපට වලට පසුව ප්‍රථම වතාවට වර්ණ චිත්‍රපටයක් 1949 වසරේදී නිකුත් වෙනවා. නැවත වතාවක් 1994 වසරේදී චිත්‍රපටයක් නිකුත් වෙලා ඔස්කාර් සම්මානතුනකටම නිර්දේශ වෙලා තියෙනවා. නවකතාව නිකුත් වී 150’වැනි සංවත්සරය පිරිම නිමිත්තෙන් නැවත වතාවක් 2018 වසරේදී මේ ඇසුරින් චිත්‍රපටයක් නිකුත් වනවා. මෙතෙක් නිකුත් වූ අවසාන (හත්වන) Little Women චිත්‍රපටය 2019 වසරේදී නිකුත් වනවා. මීට අමතරව සංගීත නාටක, රූපවාහිනීය වෙනුවෙන් නිම වූ සංගීත වැඩසටහන් සදහා වගේම දෙවතාවක්ම ශ්‍රව්‍ය නාට්‍යයද බිහි වෙලා තියෙනවා.
Little Women | චිත්‍රපටය
කතාවට බහින්න කලින් විශේෂයෙන්ම කියන්න ඕන “මේක අතීතයත් වර්තමානයත් දෙකෙහිම සිදු වූ, සිදුවෙමින් පවතින දේවල් එකිනෙකට මුසු කර පෙන්වීමක්” කරලා තියෙනවා. කාලෙකට කලින් බිහි වුන නවකතාව වෙනස් ආකාරයෙ නිර්මාණ වලට පත් කිරීමෙන් පසුව මේ විදිහට නිම වුන Little Women චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2019 දෙසැම්බර් 25 වැනිදා. මේ වෙනස්ම විදිහෙ අපූරු චිත්‍රපටය පිටිපස්සෙ ඉන්නෙත් එදා මෙදා කාලය අතරතුර Mistress America (2015), Lady Bird (2017) වෙනස්ම චිත්‍රපට නිර්මාණය කල Greta Gerwig විසින් තමයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු වෙලා තියෙන්නෙ. Louisa May Alcott ලියපු නවකතාවත් පදනම් කරගෙන Greta Gerwig විසින්මයි තිර පිටපත් රචනය සිදු වෙන්නෙ. IMDb දර්ශකයෙ 8.2 ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයෙ 95% ක විශාල ප්‍රතිශතයක් හිමි කරගත් මෙහි ප්‍රධාන රංගනයෙන් Saoirse Ronan, Emma Watson, Florence Pugh, Eliza Scanlen, Laura Dern, Timothée Chalamet වැනි හුගක් ප්‍රසිද්ධ නළු නිලියන් පිරිසක් එකතු වෙලා තියෙනවා. පැය 2 යි, විනාඩි 15 ක් පුරාවටම ධාවනය වෙන මේ චිත්‍රපටය Drama, Romance වර්ගීකරණ යටතෙ තමයි බිහිවෙලා තියෙන්නෙ.
- මේ වසරේදී පැවැත්වූ Critics’ Choice Movie Awards සම්මාන උළෙලේ සම්මාන පහකුත් ඇතුළුව තවත් සම්මාන 47ක් දිනාගන්නටත් ලබන මස 9’වැනිදා පැවැත් වීමට නියමිත Academy Award එහෙම නැත්තම් අපි හැමෝම දන්නා ඔස්කාර් සම්මාන හයකට නිර්දේශ නාම යෝජනා ලබා ගනිමින් සම්පුරණ නාම යෝජනා 154 ක් ලබාගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
- IMDb දර්ශකයෙ ඉහළම රේටින් ලබාගත්ත චිත්‍රපට අතරේ 231’වැනි ස්ථානය ලබාගන්න “Little Women” චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.
- 2019 වසර පුරාවටම නිකුත් වූ චිත්‍රපට අතරේ වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්‍රපට අතරින් 54’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්‍රපටයට උඩින් තියෙන Spies in Disguise, Parasite, Angel Has Fallen චිත්‍රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්‍රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
- ඇ.ඩොමි. 40කින් නිර්මාණය වුන මේ චිත්‍රපටය තිරගත වුනේ 1917, Jumanji: The Next Level, Star Wars: The Rise of Skywalker වැනි වසර අවසානයෙ නිකුත් වෙච්ච ඉතාමත් තරගකාරී සලෙරූ රැසක් එක්ක. එහෙම පටන් ගත්ත පුංචි ගමනෙ මේ වෙද්දී මේ චිත්‍රපටය ඇ.ඩොමි. 131ක මුදලක් හොයාගන්න සමත්වෙලා තියෙනවා. අද මං මේ ලිපිය ලියන දවස වෙද්දීත් චිනය ඇතුළු තවත් රටවල් 24 ක් පුරාවටම මේ චිත්‍රපටය තිරගත වීමට නියමිත නිසා ආදායම් අනිවාර්යෙන්ම වෙනස් වේවි.
මෙග්, මාච් බෙත් වගේම ඒමි කියන්නෙ දුප්පත් පවුලක ජිවිත ගත කරන ගෑණු ළමයි හතර දෙනෙක්. මේ අයගෙ නැන්දා කියන විදිහට ඔය තරම් දුප්පත් වෙන්න සිද්දවෙන්නෙ එයාලගෙ අම්මයි හත්තයි කසාද බැන්දට පස්සෙ. ඒ මොකද කිව්වොත් මේ ළමයින්ගේ අම්මා දුප්පත් පවුලක කෙනෙක්. මේ අයගෙ තාත්තා රට ආරක්ෂා කරන්න හමුදා සේවයට බැදුණු කෙනෙක්. මේ හතර දෙනාට තියෙන්නෙ ජිවිතෙ වෙනස්ම විදිහෙ අරමුණු ඉෂ්ට කරගන්න. වැඩිමලා වෙච්චි මෙග්ට ඕන හොද විවාහයක් කරගෙන, අතට පයට වැඩ කාරයො ඉන්න සැපවත් ජීවීතයක් ගත කරන්න. දෙවැනියා වෙච්චි මාච්ට ඕන හොද රචකාවියක් වෙන්න. පියානෝ වාදනයට දක්ෂතාවයක් තියෙන බෙත්ට ඕන ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. එතකොට බාලයා වෙච්චි ඒමිට ඕන අතිදක්ෂ චිත්‍ර ශිල්පිනියක් වෙන්න. මේක 1861 එක කාලේ ඉදලා පටන් ගන්න කතාවක් නිසා ගැහැණු අය බොහොමයක් දෙනා පෙළඹෙන්නෙ කසාදයක් බැදගෙන ළමයි හදාගෙන ඉන්න ජිවිතයට යන්නයි. ඔහොම සමාජ ක්‍රමයක ජිවත් මේ අයට තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගන්න, ජීවිතේ ජයගන්න තියෙන බොහොමයක් තැන් වලදී බාධා ඇති වෙනවා. කොටින්ම මේ අය ගන්න තීරණ නිසා නොහිතන විදිහට ජිවිත වෙනස් වෙනවා.
ඕනෙම කෙනෙක්ගෙ ජීවිත කාරණා දෙකකදී වෙනස් වෙන්න පුලුවන්. එකක් ආදරය. අනික යාළුකම. මේ අයගෙ ජීවිත වලටත් ඕක පොදුවේ සිද්දවෙනවා. වතාවක් යාලුවො විදිහට හිටිය අය පස්සෙ කාලෙක ආදරයක් බලාපොරොත්තු වෙද්දී මේ අය ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නෙ තවත් වෙනස් විදි වලින්. කතාවේ අවසානය වෙද්දී තමන්ගෙ හීන සැබෑ කරගන්න ලැබෙන්නෙ එකම එක කෙනෙක්ට විතරයි. ඒ කවුද, කොහොමද කියලා මම කියනවට වඩා පැය දෙකයි කාලක් පුරාවටම ඔයාලම බලලා තීරණය කරනවානම් තමයි වටින්නෙ. මොකද ඔය කාලය ඇතුලත ඔයාලට වෙලාව ගෙවෙනවා තේරෙන එකක්වත් නැහැ. ඒ තරමටම රසවත්.
සම්මාන 47 ක් නෙවෙයි සිය ගාණක් තිබ්බත් මට බල කරන්න බැහැ මේක බලන්නමයි කියලා. ලස්සන කෙල්ලො හිටියා කියලා බලන්න යන්නත් එපා. ඒ නිසා නාට්‍යමය නිර්මාණ ගැන රසවින්දනයක් තියෙනවනම් විතරක් අරගෙන බලන්න. බලලා ඉවර වුනාට පස්සෙ හොදයි නම් තවත් කෙනෙකුට බලන්න කියලා කියන්න.
ආර්ථිකමය, ජයග්‍රහණ වගේම ප්‍රේක්ෂක පැසසුම් අතින් සාර්ථකත්වයක් ලැබූ නිසාම බොහෝ රසිකයින් මේ වෙද්දී බලාපොරොත්තුවෙන් ඉන්නෙ නවකතා ත්‍රිත්වයක් තියෙන නිසාම Little Women චිත්‍රපටයෙ දෙවැන්න Little Men ලෙසින් නිර්මාණය කර නිකුත් කරාවි කියලා. තවමත් මේ සම්බන්ධව අධ්‍යක්ෂිකා Greta Gerwig විසින් කිසිම නිවේදනයක් නම් කරලා නැහැ. එහෙම දෙයක් කලොත් අපි සම්බන්ධව “බයිස්කෝප් මංසල” හරහා දැනුම් දෙන්නම්.
ගිහින් එන්නම්. සුභ දවසක් හැමෝටම!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,366 downloadsDownload Little-Women-2019-Blu-Ray.zip336 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Bob Odenkirk
- #Box Office Hits
- #Editor's Pick
- #Eliza Scanlen
- #Emma Watson
- #Florence Pugh
- #James Norton
- #Laura Dern
- #Louis Garrel
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Oscar Nominated
- #Saoirse Ronan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Timothée Chalamet
- #Tracy Letts
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
31 comments
PramothC
chamen_ckck
ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
vimukthi555
big hero 6 tv serius aka sub tika dannako
Anonymous
film eke balanne kohomada
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :)
lasaa
Ela
sanjaya31055
thnkzz sahoo
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
visartnadeera
obata bohoma sththi upasirasiyat ................
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro........................
Janith
Good
MAALnath
Thanks .............good luck ....................
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
සබ් එකට බොහොම ස්තුතියි !
සචී
Thank you for the subtitles
sathyajith
thanks for sub
Dewadithya
Thanks for sub!
D.Chamara
bohoma sthuthi
sanjeewakbg
thanks bro..
Kusal
Thanx saho sub ekta,
Saranga J. Liyanagama
Thanks
rashennethsara222
thankyou. ayye THE YOUNG VICTORIA , A LITTLE CHAOS film walatath subtitle karannako. PLZ......
Anonymous
puluwannam MARRY QUEEN OF SCOTS fim ekatath sub danna.. A LITTLE CHAOS ekata epa
ශසිත් සඳරුවන්
සබට තුති වේවා.
ඔන්න බෑවා.
දිගටම සබ් දෙමු ආ...
ජය!m.s.s.p
little women film download karaganne kohomada?
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/01/little-women-2019.jpg)
Thanks අයියේ.. බුදුසරණයි..!