Watch Trailer

Rang Rasiya (2014) |මේ කලාවේ විශිෂ්ඨයෙකුගේ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්වා ඔන්න හැමෝටම. ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා මම ඔයාලා හමුවට. සමීර චතුරංග අයියා තමයි මට මේක කරමු කියලා දුන්නේ. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි කියන්න ඕන මේ වගේ සුපිරි චිත්‍රපටියක් මට ලබා දුන්නට. ඇත්තටම කලාවට කැමති කෙනෙක් අනිවාරෙන් බැලිය යුතු චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි ඉන්දියාවේ බිහ…

Rang rasiya 2014

ආයුබෝවන් කිව්වා ඔන්න හැමෝටම. ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා මම ඔයාලා හමුවට. සමීර චතුරංග අයියා තමයි මට මේක කරමු කියලා දුන්නේ. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි කියන්න ඕන මේ වගේ සුපිරි චිත්‍රපටියක් මට ලබා දුන්නට. ඇත්තටම කලාවට කැමති කෙනෙක් අනිවාරෙන් බැලිය යුතු චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි

ඉන්දියාවේ බිහිවුණු විශිෂ්ඨතම කළා ශිල්පියෙක් වන රාජා රවී වර්මාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටියක් තමයි මේක. රාජා රවී වර්මාගේ චරිතයට පන පොවන්නේ Randeep Hooda විසින්. ඒ වගේම සුගන්ධාගේ චරිතයට Nandana Sen විසින් පන පොවනු ලබනවා. මිනිත්තු 132ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Ketan Mehta අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ චිත්‍රපටිය සඳහා IMDB මීටරය 7.1 කට කරකැවිලා තියෙනවා. කතාව පොඩ්ඩක් බලමු 

රවී වර්මා කියන්නේ කුඩා කල සිටම චිත්‍ර අඳින්න ගොඩක් දක්ෂ කෙනෙක්. එයාගේ දක්ෂතාවන් නිසා එයාගේ චිත්‍ර වගේම රාජ්‍යයද ගොඩක් සම්මාන වලට පාත්‍ර වෙලා තියෙනවා. එයා ලොකු වනවාත් සමගම එයාගේ පළාතේ ආණ්ඩුකාරවරයා එයාට රාජා යන ගෞරව නාමය දෙනවා. ආණ්ඩුකාරවරයාගේ සහෝදරයා ඒකට ගොඩක් ඉර්ශ්‍යා කරනවා. ආණ්ඩුකාරවරයාගේ අභාවයත් සමග රවී වර්මාට ඒ පලාතෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. රජෙක් වගේ හිටපු පුද්ගලයා ඉතා සුළු මොහොතකින් හිඟන්නෙක් බවට පත් වෙනවා. නමුත් එයා දන්නා කියන අයගේ සහයෝගය ඇතුව එයා තමන්ගේ ජීවිතය නැවත ආරම්භ කරනවා බෝම්බෙයි වලින්. එහිදී එයාට සුගන්ධා කියන කාන්තාව හමු වනවා. ඇත්තටම එයා ගණිකාවක්. නමුත් රවී එයා යොදාගෙන දේවතාවියන්ගේ චිත්‍ර පින්තාරු කරන්නේ ඇය ඇත්තටම දෙවඟනක් ලෙස සිතාගෙනය. ඔහුගේ මේ චිත්‍ර සියල්ල ලොව පුරා ජනප්‍රිය වෙන්න ගන්නවා. ඔහු එන්න එන්නම පොහොසත් වෙන්න ගන්නවා. ඒ අතරේදී එයාට Fritz කියන සුද්දා හම්බ වෙනවා එයා හොර සල්ලි මුද්‍රණය කරන කෙනෙක් එයා එක්ක එකතුවෙලා රවී වර්මා මුද්‍රණාලයක් පටන් ගන්නවා. එයින් එයාගේ චිත්‍ර දහස් ගණනින් පිටපත් කරලා ලොව පුරා අලෙවි කරනවා. නමුත් මේ මුද්‍රණාලය වැඩි දවසක් කරගෙන යන්න මෙයාට පුළුවන් වෙන්නේ නෑ ගණිකාවක් දෙවතාවියකගේ චිත්‍ර වලට යොදාගත්තා කියලා මිනිස්සු මුද්‍රණාලය ගිණි තියනවා. ඒ නිසා ආගම් වල නායකයින් නියෝජනය කරන කෙනෙක් විසින් රවී වර්මාට එරෙහිව නඩු පවරනවා, ඒ “අසභ්‍ය දේවල් චිත්‍රයට නගමින් මිනිසුන්ගේ සිත් විකෘති කර ආගමික හැඟීම් විනාස කර දැමීමට උත්සහා කිරීම” යනුවෙනි. මේ ආගමික නායකයින් විසින් මිනිසුන්ගේ සිත් වල ඇති කරපු නරක සිතුවිලි නිසා මිනිසුන් මේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා කෙරෙහි තිබුන ගෞරවය නැති කරමින් ඔහුට දුටු තැන ගල් ගසන තත්වයට ඔවුන් පත් කරනවා. ඉතින් මෙයා ඒ සඳහා කොහොමද මුහුණදෙන්නේ කියලා දැනගන්න ඔයාලට බයිස්කෝප් එක බලන්නම වෙනවා. ලිපියේ නම් ගොඩක් අඩුපාඩු ඇති. කලබලෙන් තමයි ලිව්වේ. එහෙනම් මම අදට යනවා හැමෝටම ජය වේවා..!

“ඔබේ ලස්සන හැමදාම පවතින්නේ නැත. තාරුණ්‍යය අවසන් වනවාත් සමග එයද අවසන් වනු ඇත. නමුත් මගේ කළාව, එය කිසිදා වයසට යන්නේ නැත. එය සදහටම පවතිනු ඇත.”

Rang Rasiya (2014) on IMDb

 

 

883 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FBEC0CE7ABA36DEF218F409B55FAFC84EB2B1B48

 

4,566 downloadsDownload Rang-Rasiya-2014.baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

4,566 downloadsDownload Subtitles43 KB

36 comments

  1. sanjeewa

    thanks

  2. Gamage

    niyamai saho hoda kathawak wage. balamu, thanks sub ekata

  3. නිරෝෂ්

    ස්තුතියි තාරක.ජය වේවා !

  4. iduwara

    Roy film eke sub dennako sahoooo

  5. lusantha

    thx

  6. Kulanjana Maduranga

    niayam storyak wge..ela...thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. සසිනිකා

    ස්තූතියි සිංහල උපසිරැසියට

  8. Anushka

    නියමයි සහෝ...
    දිගටම කරගෙන යමු, ජය වේවා!!!

  9. රවිඳු නිපුන්

    Ela ela...
    thanks aa!!!

  10. AloneBoy[තනිකඩ කොලුවා]

    නියමයි තාරා.....
    සබට තුති වේවා!!!!
    ජය වේවා!!!!
    එළකිරි ඔහොම යංං

  11. කේ.යූ.ජී. උදාර

    ටේලරේ හෙම බලල කාලෙක ඉඳන් මේක සිංහලත් එක්ක දෙනකම් තමයි උන්නෙ.....
    ඔන්න කොල්ලො එහෙනම් මාත් මේක ගත්තා.
    සිංහල සබට බොහොම ස්තූතියි.....

  12. Inoka Perera

    බොහොම ස්තුතියි මේ වගේ තේමාවන් යටතේ උපසිරැසි ගෙන ඒම ගැන

  13. Vidura

    mekath maru athi.

  14. prasha

    thanks

  15. ponnaya

    breaking bad dapalla

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේකත් බලමු එහෙනම්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  17. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  18. දහරා මුතුඅමා

    niyama film ekak. thanx sub ekata

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. kasun

    thanks.........

  21. නලින්

    ස්තුතියි තාරක.

    ජය වේවා!

  22. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  23. rajitha

    Thanks saho........

  24. Teddy

    මම මේක ඉංග්ලිෂ් වලින් බලනවද කියලා හිත හිතා හිටියේ. බොහොම තෑන්ක්ස් සහෝ.

  25. Sanjaya

    Sub akata Bohoma Pin yaluwa

  26. DoN

    එල සහෝදරයා sub එක ලස්සනට දිව්වා.. true story වලට පට්ට ආසයි.. එල තව hindi,tamil film දෙන්න දෛරිය ලැබේවා...

  27. erandi

    thank you..

  28. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Prasanna de Silva

    Thank you for the subtitle.

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  31. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  32. nuwan

    thanka br

  33. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  34. das

    අග්‍රගණ්‍ය සිනමා පටයක්....බාගෙන ගිහින් බලල ආයෙත් ඇවිත් comment එකකුත් දාල යන්ඩ ඹ්නි කියල හිතුනා....Music අතින් නම් එල ෆිලුම.......... :)

  35. gayanveranga

    tnx for sub

  36. Vihanga Raveen

    ස්තුතියි සහෝ උපසිරැසියට❤️