ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය…

ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. නිෂ්පාදනය කර තිබෙන්නේ Ram Gopal Varma සහ Jhamu Sughand විසින්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වලා තියෙන්නේ Aamir Khan (මුන්නා ලෙස), Jackie Shroff (කමල් ලෙස), Urmila Matondkar (මිලී ලෙස.) සංගීතය සපයා තිබෙන්නේ විශිෂ්ඨ සංගීතඥ A. R. Rahman විසින්. ඔහු මීට කලින් හින්දි හඬකවන ලද චිත්‍රපට වලට සංගීතයෙන් දායක වෙලා තිබුණත් මෙය හින්දියෙන්ම නිකුත් වන චිත්‍රපටයකට සංගීතයෙන් දායක වුන පළමු සිනමා පටයයි. සින්දු ටිකත් හොඳයි. විශේෂයෙන්ම “Kya Kare Kya Na Kare” සහ “Pyar Ye Jaane Kaisa” කියන සින්දුවයි මට නම් හොඳටම දැනුනා.
1995 ෆිල්ම් ෆෙයාර් සම්මාණ උළෙලේදී සම්මාණ හතක් දිනාගැනීමට සමත් වුනා. එනම්,
හොඳම සහය නළුවා – Jackie Shroff
හොඳම නරථන නිර්මාණය – Ahmed Khan
හොඳම වේශ නිරූපණය – Manish Malhotra
හොඳම කතාව – Ram Gopal Varma
හොඳම සංගීතය – A. R. Rahman
RD Burman සම්මානය – Mehboob
ජූරියේ විශේෂ සම්මානය – Asha Bhosle, for “Tanha Tanha”
IMDb දර්ශකයේ තවමත් 7.5 ක අගයක රැඳී සිටීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය ආදායම් අතින් ද සාර්ථක වෙමින් බ්ලොක්බස්ටර් ලේබල් එක අලවගන්න සමත්කම් දැක්වුවා.
දැන් කතාව ගැන බලමු. මුන්නා කියන්නේ දෙමව්පියන් අහිමි තනිව ජීවත් වන පුද්ගලයෙක්. නමුත් ඔහු නිතරම ගැවසෙන්නේ හොඳම යාලුවා, මිලීගේ ගෙදර. මිලීගේ දෙමව්පියොත් මුන්නාට ගොඩක් ආදරෙයි. මුන්නා ජීවත් වෙන්න කරන්නේ චිත්‍රපටි වල ටිකට් කලින් මිළදී ගෙන වැඩි ගානකට විකුණන එක. මම කලින් ගෙන ආව Ghulam චිත්‍රපටයේ වගේ ම දඩබ්බර චරිතයක් තමයි අමීර් ඛාන් මේ චිත්‍රපටයෙදිත් රඟදක්වන්නේ. එතකොට මිලීගේ හීනය තමයි චිත්‍රපට නිළියක් වෙන එක. චිත්‍රපට වලට සහය නර්ථනයෙන් දායකත්වය දක්වන කණ්ඩායමක් එක්ක නර්ථනයේ යෙදමින් කාලය ගත කරනවා. කුමාර් කියන්නේ සුපිරි චිත්‍රපට නළුවෙක්. කුමාර්ගේ චිත්‍රපටයකටත් නර්ථනයෙන් දායකත්වය දක්වන්න මිලී ට අවස්තාව ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපය ගලාගෙන යන්නේ. එහෙනම් මේ චිත්‍රපටයත් බලලා ගුණ දොස් පවසන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!
ඔබේ අවධානයට
සමහර උපසිරැසි ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ කියලා මැසිවිල්ලක් තියෙනවා. ඒකට මේ දේවල් කරලා බලන්න. ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකේ Cache මෙමරි ක්ලියර් කරලා බලන්න. නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් බලන්න. නැත්නම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා(ෆෝන් එකෙන් නම් ටච් කරගෙන ඉඳලා) සේව් ලිංක් ඈස් වලින් සේව් කරගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
2,244 downloadsDownload Rangeela-1995.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
17 comments
ishara
thumi
thank you
James DC
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට...
geeganagamage
ශසිත් සඳරුවන් සහෝ බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udaya Saman
ශසිත් සඳරුවන් සහෝ බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට'තවත් උපසිරසියකින් හමු වෙමු.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
දිගටම සබ් කරමු.
ඔබට ජය......!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun sudangama
thank you aiye jaya wewa!!
Shan Ashok
තැන්ක්ස් ඔයා මේක දුන්නට .ඔයාගේ උපසිරස හරිම හොදින් තිබුන .සින්දුවල වෙන අය උපසිරස නොදැම්මට ඔයා එය අඩංගු කල නිසා Rangeela (1995) movie එක ලස්සනට බැලුව .තැන්ක්ස් ඔයාට
AsithaDilruwan
Ela saho thanks
lassana filumaksasala
thanks malli
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි . Junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
shanuka900
ස්තූතියි .junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි ශසිත් සහෝ..ජයවේවා !!
.A.
Thanks a lot machan..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks ..