Watch Trailer

Operation Red Sea (2018) AKA Hong hai xing dong Sinhala Subtitles | රට රකින, ජීවිත රකින අභිමානවත් මුර දේවතා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් චීන අටමගලක්! සමහරු දැකපු ගමන් එහෙම හිතනවා ඇති. Operation Red Sea! ඇහුවෙත් අදමයි මෙහෙම ෆිල්ම් එකක් ගැන. තවත් සමහරු එහෙම කියාවි. මේ වගේ ගොඩක් දෙනෙක් පෝස්ට් එක ඇතුලට වත් ඇවිල්ලා බලන එකක් නැහැ. සතුටු වෙන්න! අඩුගානේ මේ මොන මගුලක්ද කියලා ඇතුලට ඇවිල්ලා බලන්නවත් ඔබට හිත් දුන්නා. යුධමය චිත්‍රපට ප්‍රියක…

තවත් චීන අටමගලක්!
සමහරු දැකපු ගමන් එහෙම හිතනවා ඇති.
Operation Red Sea! ඇහුවෙත් අදමයි මෙහෙම ෆිල්ම් එකක් ගැන.
තවත් සමහරු එහෙම කියාවි.
මේ වගේ ගොඩක් දෙනෙක් පෝස්ට් එක ඇතුලට වත් ඇවිල්ලා බලන එකක් නැහැ.
සතුටු වෙන්න! අඩුගානේ මේ මොන මගුලක්ද කියලා ඇතුලට ඇවිල්ලා බලන්නවත් ඔබට හිත් දුන්නා.
යුධමය චිත්‍රපට ප්‍රියකරන කෙනෙක් නම්,
ජීවිතේට මගහැර නොගත යුතු චිත්‍රපටයක් සමගිනුයි ඔබ මේ මේ එකතු වෙන්නේ.
හිමීට ලිපිය කියවගෙන යන්න.
ඒත් හිතට මදියි වගේ නම් ට්‍රේලර් එකත් බලලා ඉන්න.
චිත්‍රපටය බලලා ඉවර වුනාට පස්සෙත් අවංකවම ඔබේ හිත කියනවා නම්,
“අපෝ! මූ බොරු කයිවාරු ගහලා අපේ ඇඟේ ගහලා තියෙන්නේ මල ජරා ෆිල්ම් එකක්නේ” කියලා…
පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා…
කණ හරහා ගහනවා වගේ වචන ටිකක් කියලා ගියා කියලා තරහක් නැහැ.
නමුත්, අවසානයේ ඔබේ හිතට දැනුණේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් නම්…
තීරණය ඔබටම බාරයි!

මැදපෙරදිග කලාපයට අයත්වූ යෙවාරි රාජ්‍ය! වසර ගණනාවක් මුළුල්ලේ රට තුල පැවති අභ්‍යන්තර ගැටළු හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නාවූ ත්‍රස්තවාදය හිටි හැටියේම ක්ෂණිකව රට පුරා සිය අණසක පතුරුවා හරිනු ලබනවා. මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට තරම් රටේ හමුදාවන් ප්‍රබල තත්වයක පසුවන්නේ නැහැ. මේ හේතුවෙන්ම රට අස්ථාවර වී, නීතිය හා සාමය කියා සලකුණක් හෝ සොයාගත නොහැකි තරම් පහත් තත්වයට රට ඇද වැටෙනවා. රජයේ හමුදාවන් විසින් මෙම ත්‍රස්තයන් මර්ධනය කිරීමට උත්සාහ දැරුවත්, ත්‍රස්තයන්ගේ වියරුව හමුවේ භීෂණය රජයන රාජ්‍යක් පමණයි ඒ වනවිට ශේෂවී තිබුනේ.

මෙවැනි තත්වයක් තිබියදී, ආසියානු බලවතා වන චීනයේ අති දැවැන්ත, තාක්ෂණිකමය යුධ නැවක් යෙවාරි රාජ්‍ය වෙත ලඟා වනු ලබනවා. ඒ, මෙම යෙවාරි රාජ්‍ය තුල සිරවී සිටින්නාවූ සිය රටේ වැසියන් පිරිසක් මුදවාගෙන නැවත සිය රට බලා රැගෙන යෑමට. නමුත්, මේ ආකාරයෙන් සිය වැසියන් මුදවා ගැනීමට පිටත් කර හරින්නාවූ පළමු බල ඇණිය ත්‍රස්තයන් හමුවේ සිය කර්තව්‍ය සපුරා ගැනීමට අපොහොසත් වෙද්දී, ඒ වෙනුවට චීන නාවික හමුදාවේ අති විශේෂ කමාන්ඩෝ බල ඇණියක් මෙම මාරාන්තික මෙහෙයුම සඳහා පිටත්කොට හරිනු ලබනවා. ත්‍රස්තවාදී හමුදාවකට එරෙහිව තනි කමාන්ඩෝ බල ඇණියක් මොනවා කරන්නද? ඔබට එහෙම හිතෙනවා ඇති. ඒ වගේම මතක තියාගන්න, මේ මෙහෙයුම කොච්චර නම් අසීරු එකක් වේවිද කියා ඔබේ හිත කියනවද, කිසිවෙකුත් නොසිතන ආකාරයෙන් මේ මෙහෙයුම අතිශයින් අසීරු, අතිශය සංකීර්ණ, අතිශයින් මාරාන්තික මෙහෙයුමක් වෙනවා. මාරාන්තික අවි හරඹයෙහි නිපුණ, සටනෙහි සහ උපායෙහි අති දක්ෂ, අති නවීන යුධෝපකරණ වලින් සන්නද්ධ මේ කමාන්ඩෝ බල ඇණියට සිය රටෙහි වැසියන් මුදවා ගැනීමට හැකියාව ලැබේවිද? අවාසානයේ මේ අනභිබවනීය බල ඇණියෙන් කීදෙනෙකු හට සිය ජීවිතය බේරාගෙන මෙහෙයුම අවසන් කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේවිද? සියල්ල ඔබට බාරයි.

2017 කියන්නේ චීන සිනමා ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් සනිටුහන් වන්නාවූ වර්ෂයක්. මතකද දන්නේ නැහැ Wolf Warrior 2 චිත්‍රපටය? ඔව්, සුපිරි වීරයින්ගෙන් සැදුම්ලත් සුප්‍රකට මාවල් සහ DC ආයතන වලට පවා දැවැන්ත අභියෝගයක් වෙමින්, එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල ඉහළම ආදායමක් උපයාගත් සිනමා පට ලැයිස්තුවේ හොඳම චිත්‍රපට 100 අතරට Wolf Warrior 2 චිත්‍රපටය ඇතුලත් කරගැනීමට චීනය සමත්කම් දැක්වූවා. ගිය අවුරුද්දේ ඒ ලබාගත් අති දැවැන්ත උත්ප්‍රේරණයත් එක්කම 2018 මේ වර්ෂයේ ආරම්භයේදීම සිය වැඩකටයුතු ආරම්භ කරමින්, ලෝක සිනමාව තුල සිය ආධිපත්‍ය අන් සියල්ලන්ටම මැනවින් විදහා පෑමට චීනය යළිත් වතාවක් සමත්කම් දැක්වූවා. ඒ, Operation Red Sea චිත්‍රපටයත් සමගින්. මේ ලිපිය ලියනවිට 2018 වර්ෂය තුල මේ ගතවෙන්නේ පස්වෙනි මාසය. මේ මාස පහට අති විශිෂ්ඨ මට්ටමේ සිනමා නිර්මාණයන් කොතෙකුත් සිනමා ලොවට දායාදා වෙන්න ඇති. හැබැයි ඔබ විශ්වාස කරනවාද, මේ හැම නිර්මාණයක්ම ආදායම් අතින් පරදවමින්, දැනට 2018 වර්ෂයේ වැඩිම ආදායමක් හිමිකරගත් චිත්‍රපට නාමාවලියේ තෙවැනි ස්ථානය සිය නමට හිමිකර ගනිමින් විරාජමානව වැජඹෙන්නේ මේ Operation Red Sea චිත්‍රපටය බව?

Action, War, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 70ක දැවැන්ත බරපැනක් සහිතව තමයි මෙය නිෂ්පාදනය කෙරෙන්නෙ. හොලිවුඩයේ ලොකු ලොකු සමාගම් වලින් ලොකුවට සද්ද බද්ද දාලා, ලොකු ලොකු චිත්‍රපට ගහලා, හිතපු තරම් ආදායම් නොලබලා ලෝකයට විහිළුවක් වෙද්දී, සද්ද බද්ද නැතුව තමන්ගේ වැඩ පටන්ගත්ත මේ දැවැන්ත සිනමා නිර්මාණය මේ වන විට සිය නමට ඇමරිකානු ඩොලර් මිලියන 579ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් හිමිකරගෙන හමාරයි. Wolf Warrior 2 චිත්‍රපටයට පමණක් දෙවැනි වෙමින්, එදා මෙදා තුර චීනය විසින් සිනමා ලොවට දායාද කරන ලද චිත්‍රපට අතුරින් දෙවැනි වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටවූ චිත්‍රපටය වන්නේත් මෙයමයි. Operation Mekong (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Dante Lam තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම, Operation Mekong (2016) චිත්‍රපටය නිෂ්පාදනය කරපු Polybona Films ආයතනය විසින්ම තමයි මේ චිත්‍රපට සඳහාත් නිෂ්පාදන දායකත්වය සපයන්නේ.

සමහරවිට ඔබ කියාවි, “අපෝ, War ෆිල්ම් නම් ඕනේ තරම් බලලා තියෙනවා. ඕවගේ තියෙන්නේ එකම විදියේ දේවල්” කියලා. ඔබත් ඒ විදියට හිතන කෙනෙක් නම්, පොඩි වෙලාවක් ගතකරලා යන්න මේ චිත්‍රපටය සඳහා වෙන්වුණු IMDB වෙබ් පිටුවට. ගිහිල්ලා කියවන්න මේ චිත්‍රපටය සඳහා ලැබී තියෙන ප්‍රතිචාර කොහොමද කියලා. සැබවින්ම ඔබ මවිතයට පත්වේවි. ප්‍රතිචාර හරියට කියෙව්වා නම් චිත්‍රපටය බාගත කරගෙන නරඹනකම් ඉවසිල්ලක් නැතිවේවි. යුධමය චිත්‍රපටයක් වුනත් 7.2ක් වැනි ඉහළම අගයක් දක්වා කරකැවූනු IMDB දර්ශකය, මෙම සිනමා නිර්මාණය සතුව පවතින්නාවූ විශිෂ්ඨ මට්ටමේ ක්‍රියාදාම, අති නවීන යුධමය තාක්ෂණයන්, ඉහළම මට්ටමේ සිනමා තාක්ෂණයන් පිළිබඳව සාක්ෂි සපයාවි. ගුවනේ, දියඹේ සහ පොළවේ සිදුකෙරෙන්නාවූ වික්‍රමාන්විත ක්‍රියාදාමයන් කාලාන්තරයකට ඔබගේ මතකයෙන් ඈත් නොවේවි. සමහරවිට ඔබ Last Ship රූපවාහිණි කතා මාලාව නරඹන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම්, මතක් කරගන්න මේ කතා මාලාව නරඹන සෑම දෙනෙකුම පාහේ ආඩම්බරයට පත් කරවන “නේතන් ජේම්ස්” නාවික යාත්‍රාව. ඇමරිකාව ඒ ආකාරයෙන් සිය යුධ බලය පෙන්වද්දී, ආසියානු රතු දැවැන්තයා ඊටත් වඩා අති දැවැන්ත, ඊටත් වඩා තාක්ෂණයෙන් පරතෙරටම ගිය නාවික යාත්‍රා කීපයකින්ම සාගරය පුරා සිය අණසක පතුරුවන ආකාරය මේ චිත්‍රපටය සඳහා යොදාගනිමින් සිය යුධ ශක්තිය පිළිබඳව ලොවටම මැනවින් කියාපානවා. සමහරවිට ඔබට හිතේවි, මිලිටරි ෆිල්ම් කියලා හොලිවුඩයෙන් කරන්නේ විහිළු නේද කියලා.  වගකීමෙන් කියනවා, ඔබ සොයන්නේ ඒකාකාරී බවෙන් තොර, එක දිගට ක්‍රියාදාම සපිරි යුධමය සිනමා නිර්මාණයක් නම්, පුරා හෝරා දෙකකට අධික කාලයක් මුළුල්ලේ, ආරම්භක මොහොතේ සිට අවසානය දක්වාම ඇසිල්ලකට හෝ නොනවතින යුධමය ක්‍රියාදාමයන්ගෙන් සමන්විත වන්නාවූ මේ සිනමා නිර්මාණය තමයි ප්‍රත්‍යක්ෂ බෙහෙත!

එහෙනම්, නැවතත් සිනමා නිර්මාණයකින් හමුවෙන තුරාවට, හැමදෙනාටම ජය පතන්නම්!

ප. ලි. – මේ චිත්‍රපටය වෙනුවෙන් වෙබ් පිටපතක් නිකුත් වුනේ මැයි මාසේ මුල් සතියේ. ඒත්, මේ වෙනකම් හරියාකාර කිසිම ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නැහැ. ගුණාත්මක උපසිරසියක් අද ඒවි, හෙට ඒවි කියලා බලාගෙන හිටියත්, ආවේ නැති නිසා බැරිම තැන දැනට නිකුත් වෙලා තියෙන භාෂා 3-4ක උපසිරැසි පරිවර්තනය කරලා අරගෙන තමයි අවසාන ප්‍රතිඵලය විදියට මේ උපසිරැසිය ගෙන එන්න පුළුවන් වුනේ. නිකමට අරගෙන බලන්න අන්තර්ජාලයේ තියෙන උපසිරසියක්. කාල රාමු නොගැලපීම්, අර්ථය බොහෝ සෙයින් වැරදි වීම, දෙබස් අඩු වීම වගේ සෑහෙන අඩුපාඩු තිබුණා. ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා කීපයක්ම භාවිතා වෙන මේ චිත්‍රපටය සඳහා කලින් කියපු විදියට භාෂා කීපයක උපසිරැසි අරගෙන පුළුවන් උපරිමයක් කරලා ඇති. නමුත්, මේ භාෂා නොදන්න කෙනෙක් විදියට උපසිරසියට සීයට සීයක් සාධාරණයක් කළා කියලා කියන්න නම් බැහැ. මොකද, බොරු කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. තැන් කීපයක පොඩි පොඩි දෙබස් නැති තැන් කීපයක් ඇති. ඒවා විඳ දරාගන්න පුළුවන් නම් විතරක් නරඹන්න කියලා විශේෂයෙන්ම මතක් කරනවා. උපසිරැසි 2-3ක් කරන්න යන කාලය අරගෙන, කොච්චර මහන්සි වෙලා වෙලා කළා වුණත්, අන්තිමට රෙදි උස්සගෙන ඇවිල්ලා අපේ ජාතකේ මතක් කරන්න කට්ටියක් බලාගෙන ඉන්නවනේ. උපසිරැසිකරණය පිළිබඳව දිනෙන් දින කලකිරීම් වැඩිවෙලා තියෙන මේ වගේ වෙලාවක තවත් කලකිරීම් ඇතිකරගන්න ඕනේ නැහැනෙ. ඒ නිසා ඔන්න පැහැදිළිවම කියලා ඇති.

තව දෙයක් කියන්න ඕනේ. චිත්‍රපටය පුරාවටම යුද්ධයේ කුරිරු බව, බිහිසුණු බව මොනවට කියාපාන දර්ශන තිබෙනවා. ඒ නිසා, පොඩි ළමයින්ට මේ චිත්‍රපටය නිර්දේශ නොකර ඉන්නවා නම් තමයි වැඩිය හොඳ.

ඒ වගේම, චිත්‍රපටයේ ඉංග්‍රීසි දෙබස් පවා අඩුපාඩුවට වැරදියට තමයි තිබුනේ. ඒ ඉංග්‍රීසි දෙබස් ටික නැවත පරීක්ෂා කරලා, නිවැරදි කරපු සමීර කරුණාරත්න සහෝදරයටත් මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

202 comments

  1. sarithkarunarathne

    Thank you very much for the Sub.!

    1. lanka 1

      ane link akak denna meka baganna

  2. සමීර කරුණාරත්න

    පළකරන්නට කලින්ම මට මේක බලන්න ලැබුන ඒ ගැන බොහොම ස්තුතියි. මම කරපු යුධ චිත්‍රපට ඇසුරෙන් මම මේක ගැන මෙහෙම කියන්නම් 13 Hours: The Secret Soldiers of Benghazi මේක ලගින් යයි, හැබැයි 12 Strong ලගින් යන්නවත් සුදුසු නැහැ ඒ තරම්ම විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් මේක... කියන්න තියෙන්නෙ නොවරදවාම බලන්න කියල තමයි.... ආයෙ හොලිවුඩ් බලන්න එපා වෙන අත්දැකීමක්.... මේක වෙනුවෙන් සෑහෙන දවසක් බොහොම කට්ටක් කෑව සිසිල සහෝ ඉතින් අදහසක් දක්වල යන්නත් අමතක කරන්න එපා.... සුපිරිම ෆිල්ම් එකක්....

  3. priyan99

    supiri film ekak wage sisila saho.lipiyath supiri.thanks sub ekata

  4. Kapila4499

    Thanks for sub broo...
    Dont worry regarding talking of shit man

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. gihan perera

    නියමයි මචෝ...මෙික දෙනකන් බලන් හිටියේ මචෝ...දිගටම උපසිරැසි දෙන්න බලන්න...ජය වෙිවා....දෙවි පිහිටයි සහෝ...

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  8. ushan

    tnx ayye oya marai

  9. lasitha sampath

    sub ekata thanks.trailer ekath baluwa fatta..

  10. Bole

    patta thanks ah

  11. Prabodha Madhusankha Hettiarachchi

    Thank sisila bro man request karapu movie ekakk. Jaya wewa....! Pad man movie ekatath sub demu...

  12. Thisal

    thanks

  13. itamilapc

    niyamai rattharan supiri pilm eka thank you machan

  14. madusanka

    thanks bro...**--!!!"

  15. Hemantha De Silva

    ස්තුතියි සිසිල....
    ස්තුතියි බයිස්...

  16. HARSHANA9211

    Thanks...

  17. demon

    Thnkz bro

  18. Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxxxx

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Gihan0717

    server Sundaram santhanamge movie ekata sinhala sub naa kalakalappu 1 ekatath sinhala sub denna puluwanda...plz

  21. hasiya

    trailer 1 බැලුව. ආයෙ කියන්න දෙයක් නෑ, උබ කිව්ව හරි. පට්ට පතුරු ෆිල්මක් වගේ. තෑන්ක්ස් බන් සබ් එකට. ජයෙන් ජය!

  22. subodha

    Thanks

  23. Subhash13

    සුපිරිම බන්

  24. nethna dilmina

    thanks bn

  25. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  26. nisum

    niyama wedak saho

  27. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට ගෝඩාක්ම ස්තූතියි ....
    ඉදිරියටත් මේ වගේම සුපිරි චිත්‍රපට වලින් හමු වෙමු...
    ජය

  28. New day

    සුපිරි machan me අවුරුද්දේ apu පට්ටම film එකක්

  29. jeewana

    gindara saho bohoma sthuti sub eata

  30. Buddika

    සබ් දෙනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
    සුපිරිම තමා
    බොහොම ස්තුති
    ජය වේවා....

  31. nimal dissanayake

    සිසිල,
    ෆිල්ම් එක බාගන්නත් කලින්
    මෙහෙම ලියන්නේ ලිපියේ හරබර, සාරවත්, තාර්කික
    පෙළ ගැස්වීම දැකලයි.
    හොඳටම රසිකයන් පොළඹවන ලිපියක්!
    බැලුවාට පස්සේ ඉතිරිය. තුති!

  32. wasudev

    එලම සහෝ

  33. ggdpd

    niyamay. sub denakanmay hitiye. thanks bro.

  34. jagath55

    Thanks

  35. Bobby

    Thank you very much

  36. harshapriya

    Thank diy

  37. widuranga

    ela parak genalllaaaaaaaaa thanx sub ekata brrooooo

  38. chamallakshan

    bohoma stuti subata...

  39. thimalF

    thanx machan film eka patta

  40. Lolinda

    Thx sub ekata film ekath ptta

  41. Lahiru

    balanna ekak nathi eke mekawath balanawa
    anyway thanks for sub

  42. Gihan9755

    Tnanks sub ekata dear

  43. neo513

    fattah film ek saho
    thanks sub ekt !!!!!!

  44. sujeewa ediri

    අඩේ එනකන් හිටියේ මේක.ස්තුතියි සබ් එකටයි වෙච්ච මහන්සියටයි.

  45. TharakaWAS

    Subata Thanks bro...!!!

  46. Menaka Niroshan

    Oya ithin Supiri Paharawal ne denne.. Aniwa Balanawa. Thanx Bro...

  47. Kavinda Athukorala

    සිසිල බ්‍රො නම් ඕන කුනුගොඩක් බලනවා (මෙච්චර කාලෙකට කුනුගොඩවල්.දීලා නෑ මන් නිකම් උදාහරණයක් ගත්තේ )

  48. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  49. madushangamage

    thankes bro...ela

  50. sathya

    thanks for the sub bro.. highly appreciate your commitment...

Load more comments