සර්වසම්පුර්ණ නැතත් අපි හැමෝටම ඉපදෙනකොට හොද ශරීරයක් ලැබිලා තියෙනවා තමන්ගේම කියලා. ඒත් ඔයා කැමතිද සීමාවක් නැතුව දවසින් දවස උදේ ඇහැරෙනකොට ගෑණු/පිරිමි භේදයක් නැතුව තමන්ගේම වයසේ කෙනෙක්ගේ ඇගක ඇහැරෙන්න? තමන්ට කියලා ස්ථිර කයක් නැහැ. හැමදාම අනුන්ගේ කයක තමයි ලැගුම් ගන්න වෙන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි අද මේ අ…

සර්වසම්පුර්ණ නැතත් අපි හැමෝටම ඉපදෙනකොට හොද ශරීරයක් ලැබිලා තියෙනවා තමන්ගේම කියලා. ඒත් ඔයා කැමතිද සීමාවක් නැතුව දවසින් දවස උදේ ඇහැරෙනකොට ගෑණු/පිරිමි භේදයක් නැතුව තමන්ගේම වයසේ කෙනෙක්ගේ ඇගක ඇහැරෙන්න? තමන්ට කියලා ස්ථිර කයක් නැහැ. හැමදාම අනුන්ගේ කයක තමයි ලැගුම් ගන්න වෙන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි අද මේ අරන් ආවේ. බලමුකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා.
රිහැනන් කියන්නේ තාමත් උසස් පාසලක අධ්‍යාපනය කරන තරුණියක්. එයාට පෙම්වතෙක් ඉන්නවා ජස්ටින් කියලා. රිහැනන්ගේ හොදම යාලුවා කියන විදිහට ජස්ටින් කියන්නේ ඒ හැටි හොද කෙනෙක් නෙවෙයි. කොටින්ම රිහැනන් ගැන ඒ හැටි හොයලා බලන්නේවත් නැහැ. දවසක් උදේක අර කයෙන් කය ලැගුම් අරගන්න ආත්මය ඇහැරෙන්නේ ජස්ටින්ගේ ඇග ඇතුලින්. මේ ආත්මය හදුවන්නේ “A” කියලා. ඉතින් එදා දවසේ ජස්ටින් වෙලා ඇහැරිලා ඉස්කෝලෙත් ගිහින් රිහැනන් එක්ක හොදට කතාබහ කරනවා. මේ දෙන්නා එදා ඉස්කෝලේ දවස පවා මගහැරලා ඇවිදින්න යනවා. එදා දවස නම් මේ දෙන්නා පුදුමාකාර සතුටකින් ගත කරන්නේ. කොටින්ම රිහැනන්ගේ තාත්තට වෙච්ච ප්‍රශ්නයක් ගැන පවා කියනවා. එදා දවස ගත කරලා ගෙවල් වලට යන මේ දෙන්නා සතුටින් ඒ දවස ඉවරත් කරනවා. පහුවදා, මේ ආත්මය ඇහැරෙන්නේ ඒමි කියලා ගෑනු ළමයෙක් වෙලා. රිත්‍යාකූලව කියනවනම් එදා රිහැනන් මුහුදු වෙරළේ කාලේ ගත කලේ, හැමදේම කියලා බෙදාගත්තේ ජස්ටින්ගේ ඇග පාලනයට ගත්ත මේ “A” කියන ආත්මය මිසක් ජස්ටින් නෙවෙයිනේ. ඉතින් පහුවදා ජස්ටින් උසස් පාසලට එන්නේ සුපුරුදු චරිතය විදිහට. සිගරට් බීගෙන, සතෙක් වගේ හැසිරෙන, රිහැනන් ගැන හොයන්නේ බලන්නේ නැති කෙනා හැටියට. ඒ මදිවට එයාට මතකයත් අමතක වෙලා. ඒමි එදා උසස් පාසලට ඇවිල්ලා රිහැනන් එක්ක යාලු වෙලා එදා දවස ගත කරන්න උත්සහ කරනවා. ඒත් ජස්ටින් රිහැනන්ට සලකන විදිහ බලන් ඉන්න බැරි තැන ඒමි එයාට බැනවදිනවා. මේ නිසා රිහැනන්ට තරහ ගිහින් එයා එදා ඉස්කෝලෙන් යන්න යනවා.
ඔහොම සැහෙන කයවල් වලින් රිහැනන්ගේ වයසේ අය තුලින් ඇහැරෙන “A” දවසක් තීරණය කරනවා රිහැනන්ට මේ හැමදේම කියන්න. ඒත් රිහැනන් මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒත් ඉතින් කාලයත් එක්ක, එයාට මුණගැහෙන “A” ගේ ස්වරූපයන් එක්කම, එයා ඉදිරිපත් කරන සාක්ෂිත් එක්කම රිහැනන් එයා ගේ තොරතුරු පිලිඅරන් දවසින් දවස රිහැනන් “A” ට ආදරේ කරන්න ගන්නවා. එත් මේ දෙන්නට නොදැනීම අවසානයේ ප්‍රශ්ණයක් මතුවෙනවා. විශේෂයෙන්ම මේ දෙන්නගේ සම්බන්ධයට දැඩිවම බලපාන විදිහේ.
2012 අගෝස්තු 28’වැනිදා ඇමරිකාවේ එක්සත් ජනපදයේ නවකතාවක් විශේෂයෙන්ම පොත් කියවන තරුණයින් පාදක කරන ලෝක ප්‍රසිද්ධ රචකයෙක් වන David Levithan නවකතාවක් එලිදක්වනවා Every Day කියලා. මේ පොත “නිව් යෝ(ර්)ක් ටයිම්ස්” තුල හොදම විකුනුමක් තියෙන නවකතාව බවටත් පවත්වෙනවා. පසුකාලීනව මේ නවකතාව පාදක කරගෙන Grey Gardens (2009), The Vow (2012) වගේ ආදරණිය චිත්‍රපට නිර්මාණය කරපු Michael Sucsy විසින් කලින් සදහන් කරපු නවකතා පොත පාදක කරගෙන ඒ නමම යොදාගෙන තමයි අද මම අරන් ආව චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මේකට මෙයාට තිරපිටපත්වල වැඩ කටයුතු කරන්න මයිකල්ට Jesse Andrews වගේම David Levithan දෙන්නගේ සහයක් ලැබෙනවා. මේ විදිහට නිර්මාණය වුනු මේ චිත්‍රපටය 2018 පෙබරාවාරි 23’වැනිදා ලොව පුරා තිරගත වීම අරඹනවා. ඇමරිකානු ඩොලර් මිලියන 4.9 වගේ සුළු මුදලක් විදයම් කරලා නිර්මාණය මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් දර්ශකය තුල මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක අගයක් සොයාගෙන තියෙනවා.
The Nice Guys (2016), Jasper Jones (2017), The Beguiled (2017), Spider-Man: Homecoming (2017) වගේ ජනප්‍රිය චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණු Angourie Rice තමයි මේ චිත්‍රපටයේ “රිහැනන්” විදිහට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ වැඩිහරියක්ම තියෙන්නේ මේ “A” කියන ආත්මය පණ පොවන චරිත විදිහට සලකන. ඒ නිසා මම ඒ හැම කෙනෙක්ගේම නම් කියන්න යන්නේ නැහැ. මොකද රිහැනන්, ජස්ටින් ඇතුළුව තවත් චරිත 13 කින් ඔයාලට “A” ව බලාගන්න ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනා Spider-Man: Homecoming (2017) චිත්‍රපටයේ “නෙඩ්” කියන චරිතයෙන් දායකවුනු Jacob Batalon පවා මේකෙන් දකින්න ලැබෙනවා. පැයකුත් විනාඩි තිස්හතකුත් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය Drama, Fantasy, Romance කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. IMDb දර්ශකය තුල මේ වෙද්දී 6.0/10 අගයකුත්, ඩොලර් මිලියන 400 පන්නලා නිර්මාණය වුනු චිත්‍රපටවලට පලිගන්න වගේ පහත් විදිහේ අගයන් ලබාදෙන Rotten Tomatoes දර්ශකය තුල 60% ක අගයකුත් ලැබිලා තියෙනවා. (අච්චර පොඩි ගාණකට ඔය මදැයි නෙව 🤗)
ආදරණීය බවත් එක්ක හාස්‍ය රසයත් ගලාගෙන යන චිත්‍රපට බලන අය නම් මේකටත් කැමති වේවි කියලා කිසිම සැකයක් නැහැ. එහෙනම් ඉතින් අරගෙනම බලලම ඉන්නකෝ. මං ගිහින් එන්නම්. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/Blu-Ray පිටපත් සඳහා ගැලපේ.
9,109 downloadsDownload Every-Day-2018Blu-Ray.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2018
- #Angourie Rice
- #Colin Ford
- #Hannah Alissa Richardson
- #Ian Alexander
- #Jacob Batalon
- #Jake Sim
- #Jeni Ross
- #Justice Smith
- #Karena Evans
- #Katie Douglas
- #Lucas Jade Zumann
- #Must Watch
- #Nicole Law
- #Owen Teague
- #Rory McDonald
- #Sean Jones
- #sinhala
- #Sinhala Subtitle
- #උපසිරැසි
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
41 comments
RmSm
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
ranga11112
Wisthare Dekkama Nobala inne kohomada....Thank You saho....
Sub dunnata godak pin...සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ. ලිපියෙන්නම් කතාව හිතට ඇල්ලුවා. BR ආවාම බලමු! බුදුසරණයි..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!buddhika@
ma... sub file aka downlod karanna ba..na mokada karand puluwan....? pleessssssssssss
Chämàrá Sâmpáth
"සොයාගත නොහැක " කියලා වැටෙනවානම් පාවිච්චි කරන බ්‍රවුසර් එකේ Cache, Cookies ටික ක්ලියර් කරලා ආයෙ උත්සහ කරලා බලන්න. එහෙමත් නැත්තම් බ්‍රවුසර් එක මාරු කරලා බලන්න.
(මොබයිල් යූසර් කෙනෙක් නම් UC Browser එක දාගෙන උත්සහ කරන්න)
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SP
Thnq!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයPiyasamara
Tnx
Gemaltilanka
game night ekata sub ekak hadannako
A Mune Munasinghe
thank u puthaaaaaaaaaaaaa.................................love u
malith
Ela ela
AsithaDilruwan
ela ela saho thanks
suddafun
404 EKAK ENAWA BLANNA MEKE..
suddafun
404 EKAK ENAWA BLANNA MEK..
raviz
Thank you.........!
A I Productions
Ela Bro!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ............good luck ...............................
mindika
Thanks !!!!!!
sgdm
thanks!!!!
nimal dissanayake
චාමර, මම නම් කැමති වුණා නෙවෙයි
ෆිල්ම් එකට වහවැටුණා!
ස්තුතියි මේක අපට දුන්නාට!tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!baiscope Pavan
thnks aiya.patta wadak
muditha gayan
Thankzzzzzzzz
Jana
බොහොම ස්තූතියි :)
BCN2
Thanks bro.
Dewadithya
Thanks for sub!
bhanukarasanga
thanks bro
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
wcr
Thank you!
mangalaP
Thank you...
Rukshan37
Ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Thanks for the subtitles
Anonymous
Kathawa patta lassanai thanx sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro