Watch Trailer

RangiTaranga (2015) Sinhala Subtitles | අභිරහස් කාන්තා දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDb දර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි විනාඩි…

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDb දර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි විනාඩි 29ක් පුරා ධාවනය වෙනවා. තිර රචනය, අධ්‍යක්ෂණය වගේම සංගීත අධ්‍යක්ෂණයත් කරල තියෙන්නෙ Anup Bhandari විසින්. මේක අධ්‍යක්ෂකවරයගෙ පලමුවෙනි චිත්‍රපටිය, ඒකෙන්ම 63 වෙනි Filmfare සම්මාන උළෙලේ හොඳම පළමු අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ගණනාවක් අත්කරගන්නත් සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Nirup Bhandari, Radhika Chetan, Avantika Shetty කියන නළු, නිළියො ටික. අධ්‍යක්ෂකවරයගෙ සහෝදරයා තමයි ප්‍රධාන නළුවාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙත්. එයාගෙත් පළමුවෙනි චිත්‍රපටිය තමයි මේක. නිෂ්පාදනය කරන්න ඉන්දියානු රුපියල් මිලියන 15ක වියඳමක් දරල තියෙනවා. මේ චිත්‍රපටිය හොඳම ඉන්දියානු චිත්‍රපටි අතරෙන් 127 වෙනි තැනත් ගන්න සමත් වෙච්ච එකක්……

සිද්ධිය මෙහෙමයි, ගෞතම් හා ඉන්දු දෙන්නා කසාද ජෝඩුව, ඉන්දුට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ගෞතම් කියන්නෙ ජනප්‍රිය නවකතා රචකයෙක්, හැබැයි නවකතාවල මෙයාගෙ නම පාවිච්චි කරල තියෙන්නෙ අනුෂ්කු කියල. ඉන්දුගෙ මුල්ම ගම තමයි කාමරුට්ටු කියන්නෙ. එයා ඉපදෙන්නත් කලින් තමයි ඉන්දුගෙ සියා මුළු පවුලත් එක්කම ගම දාලා ඇවිත් තියෙන්නේ, ඒ එනකොට ගමේ එයාලට අයිතිව තිබුන කෝවිලේ රත්තරන් බඩුත් අරගෙන, එතෙක් කල් කරපු ශාන්තිකර්මත් නවත්තල තමයි ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු 2ක් ඇතුළත ඉන්දුගෙ සියයි ආච්චියි මැරෙනවා. අම්මයි, තාත්තයි දෙන්නත් රිය අනතුරකින් මැරෙනවා. ඉන්දු හිතන්නෙ කෝවිලේ ශාන්තිකර්මෙ නවත්තපු නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඒ හින්දම ඉන්දුගෙ හිතේ ලොකු බයක් තියෙනවා එයාගෙ පවුලෙ අනිත් අයට අත්වෙච්චි ඉරණමම එයාටත් අත්වෙයි කියලා. කොහොමහරි මේ ගැන ගෞතම්ටත් කියල, එයාවත් කැමති කරවගෙන කෝවිලේ රත්තරන් බඩුත් ආපහු දීල පරණ ශාන්තිකර්ම ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්දුයි ගෞතමුයි දෙන්නා කාමරුට්ටු ගමට එනවා.

කාමරුට්ටු කියන්නෙ මහ අද්භූත සිදුවීම් වෙන ගමක් ඒක ඔයාලට චිත්‍රපටිය බලනකොට ඔයාලටම තේරෙයි…මේ දෙන්නා කාමරුට්ටු ගෙදරට ආවට පස්සෙ අද්භූත සිදුවීම් කීපයක්ම සිද්ධවෙනවා. ඔය අතරෙ දවසක ඉන්දු අතුරුදහන් වෙනවා. ගෞතම් මේ ගැන පොලිසියට පැමිණිලි කරත් වැඩක් වෙන්නේ නෑ…ඔය අතරෙ අනුෂ්කුගෙ නවකතාවකින් චිත්‍රපටියක් හදන්න හිතාගෙන සන්ධ්‍යා කියල මාධ්‍යවේදියෙක් අනුෂ්කුව හොයාගෙන එනවා. ගෞතම් ඉන්දුව හොයන අතරෙ සන්ධ්‍යාත් ගෞතම්ට උදව් කරනවා. කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ඉන්දු නැතිවුන විදිහටම පහුගිය අවුරුදු 12ක් තිස්සෙ ජුලි 7 වෙනිදා ගැබිණි කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා..මීට වඩා කිව්වොත් ඉතින් ෆිල්ම් එක බලන එකේ ගතියකුත් නැතුව යනවා..ගෞතම්ට ඉන්දුව හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලාගන්න..අනුෂ්කුව හොයාගෙන එන සන්ධ්‍යාගෙත් ගෞතම් එක්ක පරණ සම්බන්ධයක් තියෙනවා. ඒකත් මොකද්ද කියල ඔයාලටම බලාගන්න පුළුවන්…ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

46 comments

  1. සිසිල ප්‍රසාද්

    ඉන්දියානු චිත්‍රපට ප්‍රේක්ෂයින්ට මේ චිත්‍රපටය ඉහලින්ම නිර්දේශ කරනවා. අවසානය වෙනකම් කිසිම දෙයක් හිතාගන්න බැරිවෙන විදියට බොහොම කුතුහලයෙන් නරඹන්න පුළුවන්. ඒ නිසා, පොඩි කොටසක් බලලා තීරණයට එන්නේ නැතුව, අවසානය වෙනකම්ම නරඹන්න. අනිවාර්‍යයෙන් සුවිශේෂී මතකයක් ඉතිරි කරන චිත්‍රපටයක් වේවි. ඒ වගේම තමයි චිත්‍රපටය පුරාම තියෙන සුවිශේෂී සංගීතය. ඉහලින්ම නිර්දේශ කරනවා හැමෝටම. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.

    1. thumi

      sub ekata thanks malli mata link eka denna

    2. hansi rathnayaka

      Thawa e wage awasanaya hithaganna wath beri, pissu jokes nethi, lassana telgu tamil thriller films godak thiyanawa. eth e godak films walata sub karala ne. e wage lassana film hoyala sub denna. api godak aya asawen hoyanne e wage film thamai. tnx.

    3. hansi rathnayaka

      Thanks. lassana film eka

    4. niravum

      khenda bn film 1 bewe? link 1 ewpnko mchn

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  3. Dulanjana yahasen

    Meke download link ekak nane

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. kusal lakindu

    ස්තූතියි.

  6. seanperera45

    link ekak denna saho

  7. thimalF

    patta machan kannada neda thaanx

  8. dumindu96

    page not found err ekak enawa bn....

  9. dumindu96

    sub eka downloiad karanna bnaha

  10. sampath n perera

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් අපි වෙනුවෙන් අරගෙන එනවට .

  12. D.Chamara

    bohoma sthuthi sahooo

  13. Nirosh C

    ස්තුතියි ධනුෂ්ක සහෝ.ජයවේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. snak

    supiri wadak saho thanks

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Iroshan Kumar

    thanks brother...

  18. ඩොක් අයියා

    “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට මාගේ ස්තූතිය

  19. ඩොක් අයියා

    මොකෝ මේකේ මගේ විස්තර පෙන්නේ නැත්තේ

  20. akash

    Thanks for sub puluwan nam deewangee 2002 hindi Movie ekata sub denna supiri film ekak thanks

  21. Chami.S

    Thanks..
    Good Luck..

  22. Tharindu_Rukshan_Perera

    කාලෙකින් කන්නඩ එකක් බොහෝම ස්තුතියි

  23. N_R

    Thanks.

  24. dagi1

    MEWANAM PATTA

  25. malith

    Ela ela

  26. aselalr422

    thank u saho

  27. kodagoda

    tnx sahooo

  28. SP

    Thanx for the sub

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Thilina Chamara

    ela,mekata sabak enakanmai hitiye,thank you

  31. kd sandaka

    sub aduine meke

  32. thimalF

    machan thwa kannada film walata sub denna

  33. rajj

    supiri1!!

  34. sapumal123

    ela machan meke openload link ekak dapan kollo

  35. niro2006

    thnx macho

  36. blackLion007

    Thanks saho.....

  37. thusitharhm

    thx

  38. prageeth

    THANKS BRO

  39. Dula95

    thanks bro

  40. lakshantha

    oyalage mahansiyata godak thanks..

  41. viraj

    thanks...........

  42. Anonymous

    මේකෙ සබ්ටයිල්ස් මන් ඩවුන්ලෝඩ් කරා ඒත් වීඩියො එක්ක ගන්න විදිහක් නැනෙ ඉක්මනට හදල ඕනෙ