ඉපදෙන්න හරිම ලේසියි… මැරෙන එක ඊටත් වඩා ලේසියි… ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ! මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියා…

ඉපදෙන්න හරිම ලේසියි…
මැරෙන එක ඊටත් වඩා ලේසියි…
ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ!
මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියාවේ, චෙන්නායි වල මාකට් එකේ බ්‍රෝකර් කෙනෙක් විදියට රස්සාවක් ලැබුණු නිසා, පොඩි කාලෙදිම අපිට ඉන්දියාවට යන්න සිද්ධවුණා. මම ජීවිතේටම දැනගෙන හිටියෙ අපි ජීවත් වෙච්ච ගම්මානය විතරයි. අන්තිමේදී, ඒකත් අත්හැරලා දාලා, කිසිම දෙයක් නොදන්න ඉන්දියාවට යන්න වුණා. ඒක තමයි මගේ ජීවිතේ පළවෙනි වෙන්වීම. දුක කියන්නෙ මොකක්ද කියලා එදා තමයි පළවෙනි වතාවට දැනුනේ.
බුරුමයේ ඉඳන් මං ඉන්දියාවට ආවේ, මගේ පණ වගේ හිටපු යාළුවා “චෝනි” වත් අත්හැරලා දාලයි. ඒ වගේ යාලුවෙක් මට ආපහු හම්බෙන එකක් නැහැ කියලයි මං හිතුවේ. ඒත්, එහේදී හම්බෙච්ච යාළුවො කට්ටියක් නිසා මගේ දුක ටිකක් හරි තුනී වුණා. කාලය ගෙවිලා ගියා. ගොඩක් දේවල් වෙනස් වුණා. මගේ ජීවිතේ වැදගත් කෙනෙක් මේ ලෝකෙන් සමුගෙන ගියා. මගේ යාළුවො හැමෝම එක එක විදියේ රස්සා කරන්න ගත්තා. මං විතරක් රස්සාවක් නැතුව, ඉබාගාතේ යන්න පුරුදු වුණා. පවුලක බර කරට ගන්න ඉන්න වැඩිමහල් පිරිමි දරුවා මේ විදියට රස්තියාදු ගහන කොට, ඒ පවුලට යන කල දසාව මොකක්ද? ඒත්, මට කියලා රස්සාවක් දෙන්න ඉන්නෙ කවුද?
දවසක් දෙවියන්ට මගේ මූණ බලන්න මතක් වෙලා තිබුණා. නොහිතපු විදියට මට රස්සාවක් ලැබුණා. මගේ තාත්තා කරපු විදියෙම බ්‍රෝකර් රස්සාවක්. මාකට් එකේ රත්තරන් බඩු කඩයක බ්‍රෝකර් කෙනෙක් විදියට රස්සාවක් මට ලැබුණා. කඩේ මුදලාලිගේ හිත දිනාගෙන, වැඩි කාලයක් නොයාම මං බිස්නස් එක අල්ලගත්තා. මුදලාලිත් එයාට වඩා මාව විශ්වාස කරන තත්වෙට පත් වුණා. මේ බැඳීම කොච්චර ගැඹුරට ගියාද කියනවා නම්, මුදලාලිට ප්‍රශ්නයක් වුනොත්, ඒක මගේ ප්‍රශ්නයක් විදියට සලකන්න තරම් මගේ හිතේ මුදලාලි කෙරෙහි භක්තියක් ඇති වුණා.
අන්තිමේදී, මුදලාලිගෙත් අවසරය ඇතිව එතනින් අයින් වෙලා, මගේම කඩයක් පටන්ගන්න හිතාගෙන ඉන්නකොට, අවසාන වතාවට මුදලාලි මගෙන් එකක එක වැඩකට එන්න කියලා කතා කළා. සිංගප්පූරුවේ ඉඳලා රජයට අහු නොවෙන්න ඉන්දියාට රත්තරන් ගෙනෙල්ලා, වැඩි මිළකට ඒවා මියන්මාරයේ විකුණලා, කෝටි ගාණක ලාභයක් ලබන එක තමයි එයාගේ සැලැස්ම වුනේ. බල්ලෙක් ගාණට සමාජයේ ගණන් ගන්නේ නැතුව හිටපු මාව සමාජයට එක්කගෙන ඇවිල්ලා, මාව සමාජයේ උඩම තැනක තියාපු මේ මනුස්සයා ඉල්ලීමක් කළාම මං කොහොමද බැහැයි කියන්නෙ? අනික බුරුමය කියන්නෙ මං නොදන්න තැනක්යැ? සම්පූර්ණ වගකීම මං බාරගත්තා. රජයේ පොලීසියේ, රේගුවේ, මේ හැමදෙනාගේම ඇස් වහමින්, අතිශය සූක්ෂම විදියට රත්තරන් ටික බුරුමයට අරගෙන ගිහිල්ලා, ඒවා විකුණලා සල්ලි අරගත්තා. දැන් ඉතිං වැඩේ ඉවරයි නේද කියලා සැනසුම් සුසුමක් හෙලුවා… නමුත් මං හිතුවා වැරදියි. ඊට පස්සේ තමයි හැම දෙයක්ම පටන්ගත්තේ. මේක තමයි මගේ ජීවිතය වෙනස් කරපු, තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වුණේ. වෙච්ච දෙයක් හිතාගන්න බැරුව මගේ ඔළුව විකාර වුණා. කාට කියන්නද, මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව, ජීවිතයේ කවදාවත් නැති තරමට අසරණ වුණා. අන්තිමේදී, මගේ ජීවිතේ හිටපු හොඳම යාලුවෙක් මාව දාලා සදහටම ඇස් දෙක පියාගත්තා. මට තිබුනේ ප්‍රශ්න තුනක් විතරයි… කොහොමද මෙහෙම වුණේ? ඇයි අපිට මෙහෙම කළේ? කවුද මෙහෙම කළේ?
Action, Thriller, Crime යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජූනි මස 9 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මෙම සටහන ලියවෙන මොහොත වන විට Imdb දර්ශකයේ 7.2 ක් වැනි අගයක් කරා ගමන් කිරීමට සමත්ව තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය දරනු ලබන්නේ, වර්තමාන දමිළ සිනමාවේ නැගී එන තරුවක් වන, Gautham Karthik විසිනි. මීට පෙර ඉන්දියානු රූපවාහිණි කතාමාළා තුලින් පමණක් ප්‍රේක්ෂක හමුවට පැමිණි Sana Makbul, ඇයගේ මංගල චිත්‍රපට රංගන දායකත්වය ලෙස මෙම සලරුවෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවනු ඇති. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Thuppakki (2012) චිත්‍රපටය සඳහා සහාය අධ්‍යක්ෂණය ලබාදුන් Rajkumar Periasamy විසිනි. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ, ඉන්දීය සිනමාවට අමරණීය චිත්‍රපට රාශියක් දායාද කරන ලද AR Murugadoss සහ Fox Star Studios විසිනි.
මේ චිත්‍රපටය බොහොම විශේෂිත දමිළ චිත්‍රපටයක්. කවදා හරි දමිල චිත්‍රපටයක් තුලින් බුදු දහම ගැන දැක්වෙන දර්ශන දැකලා තියෙනවද? චිත්‍රපටයේ නළු නිලියන් විසින් බුදුන් වහන්සේ වන්දනා මාන කරන දර්ශන සහිත දමිළ චිත්‍රපට නරඹලා තියෙනවද? එහෙනම්, ඒ වගේ කළාතුරකින් දැකගන්න පුළුවන් දර්ශන සමුදායකින් සමන්විත වන චිත්‍රපටයක් තමයි මේක. බුරුම දේශය කියන්නෙ බුදුදහමින් මැනවින් පෝෂණය වුණු රාජ්‍යයක්. මේ දේශය තුල බුදුදහම පැතිරිලා තියෙන ආකාරය, මෙම චිත්‍රපටය තුලින් සිත් සනහාලන ආකාරයට මැනවින් නිරූපණය කර තිබෙනවා. දමිළ චිත්‍රපට නරඹන ඔබට මෙය නැවුම් වූ අත්දැකීමක් වන බැව් නොඅනුමානයි.
මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න හිතාගෙන හිටියත්, ටිකක් කම්මැලි කමින් තමයි හිටියෙ. මොකද මේක ඉංග්‍රීසි උපසිරැසිය එතරම් හොඳ මට්ටමක තිබුනේ නැහැ. අනිත් කාරණාව, ප්‍රසිද්ධම සිනමා තරු නැති දමිල චිත්‍රපටි වලට, චිත්‍රපටිය කොච්චර හොඳ වුනත් වැටෙන අදහස් ප්‍රමාණය බොහොම අඩු වෙලා තියෙනවා දැන්. ඒ නිසා මේ චිත්‍රපටය කොච්චර හොඳ වුනත්, කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් හිටියෙ. ඒ වෙලාවේ තමයි හසන්ත අයියා මැසේජ් එකක් දාලා ඇහුවේ, මේක කරමුද කියලා. හැමදාමත් බැහැයි කියන්න බැරි නිසා ඔන්න මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවා. 😀
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. වෙනස්ම විදියේ අත්දැකීමක් වේවි අනිවාර්‍යයෙන්ම. චිත්‍රපටයේ පළවෙනි අර්ධය නම් වැඩි කුතුහලයක් නැහැ. සාමාන්‍ය විදියට, ඒත් කම්මැලිකමක් නැතුව මුල් අර්ධය නරඹන්න පුළුවන්. මතක තියාගන්න… චිත්‍රපටයේ විවේක කාලයට පෙර අවසාන මිනිත්තු දෙක තුන… චිත්‍රපටයේ කතාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. කෙටියෙන් කියනවා නම්, කරකවලා කරකවලා, උඩ තට්ටුවකින් පහලට අත්හැරියා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. තත්පර කීපයක දර්ශනයකින්, ප්‍රේක්ෂකයා පුටුව උඩ හිඳුවන්න තරම් ක්ෂණික තිගැස්මක් සමගින් අවසාන වන චිත්‍රපටයේ පළමු අර්ධය, දෙවැනි අර්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ කුතුහලය එක දිගට පවත්වාගැනීමට සමත් වෙනවා. අවසාන මිනිත්තු කීපයේදී කතාවේ තවත් උඩි යටිකුරු වීමක් සමගින් කතාවේ චරිතයන්හි ප්‍රධාන වෙනස් වීමක් සහිතව ප්‍රේක්ෂකයාට උපරිම වින්දනීය විස්මයක් ලබාදෙනවා.
එහෙනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
*** මේ චිත්‍රපටයේ නමින්ම, මේ අවුරුද්දෙම තිරගත වෙච්ච හින්දි චිත්‍රපටියක් තියෙනවා. බාගත කරනකොට හැමෝම පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බාගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම්, ගැළපෙන පිටපත කිසිම කරදරයක් නැතුව අපේම අඩවියක් වන, බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් අරගන්න පුළුවනි.
“මේ ලෝකේ හොඳ මිනිස්සු කියලාවත්,
නරක මිනිස්සු කියලාවත් ජාතියක් නැහැ…
වාසනාව හොයමින් යන,
අවාසනාවන්ත මිනිස්සු තමයි හැම තැනකම ඉන්නෙ”
ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.nu – Rangoon (2017)
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,989 downloadsDownload Rangoon-2017.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
49 comments
Yukthi Sudheera
පැතුම් ඉෂාර
සුපිරි ෆිලුමක්නේ බැභැලා තියෙන්නේ...
පොස්ට් එකනං ඇඩෙන්නම කොටලා තියෙනවා ඈ!...
එලකිරි සුපිරි!...
සබට බොභොම ස්තූතියි සභො ෴බයිස්කොප් අඩවියට ඡය!෴shan
tnx bro sub ekata..
api wenuwen karana me sewayata godak thuthi...
thisal
සබට බොභොම ස්තූතියි
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ලිපිය නම් පට්ටම පට්ට. අන්තිමට කියලා තියෙන කතාම් නම් සහතික ඇත්ත.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..mahesh babu
Thawath paharak wage....
Balalama idimuko....
Ela ela sisila saho.....
Jaya wewa!!!Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ලිපි නම් ඉතිං සිසිල සහෝම තමයි..සහෝ සිරාවට කියන්නේ ඔයා පොතක් ලියන්න පටන් ගන්න. ඇත්තටම නියම අදහසක් ටිකක් තියෙන,ඒ වගේම ඒවා ලස්සනට ගලපන්න පුලුවන් කෙනෙක්..අර අන්තිමට කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත..ඒත් කවුරුත් ඕක පිලිගන්න කැමති නෑ. තමන්ට වාසනාවක් නැත්තම් වසනාවක් කියලා දෙයක් නෑ කියලා තමයි කියන්නේ..අවාසනාවෙන් දුක් විදින මනුස්සයෙක් විතරයි වාසනාව කියලා දෙයක් තියෙයි කියලා දන්නේ..!
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::සචින් කෙවින්
අනිවා මචං.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nchamara
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indrajith
thanks for the subtitle
amal mithila
mhi athi video eka down lord kirima sadaha laba de athi link eka matha clik kara eya bagath kara ganimata nohakiya upa sirasi pamanak bagath we
praneeth madu
jaya wewa saho
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chamith Mihiranga
Ela Ela. Thanks Aiya..! Jaya Wewa..!
Chami.S
Thanks..
Good Luck..Gimhan
Sub ekata thanks bro
Rusith Mendis
Spider-Man Homecoming (2017) දාල දෙන්නකො බ්‍රෝ...ඒකට බෝම පිං...
prasanna
thanks mchn...me film eke sub eka hoya hoya hitiye...
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
වෙනස්ම කතාවක් වගේ. බලන්න ඕන ලිස්ට් එකේ සෑහෙන ෆිල්ම් තියේ..
කොහොම හරි මේකත් ඒකට දාගන්න ඕනේ... :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.ලිපිය කියෙව්වට පස්සේ නම් හිතෙන්නේ මේක වෙනස්ම ෆිලුමක් වගේ.අනිවා බලන්න ඕනේ.ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වෙනස් ෆිලුම් වලට සබ් දෙමු.ජය සහෝ!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
muditha
obata jayen jaya
Mahesh
Sub ekata thanx
Chalana
thnx bro...
Mithun
හිතුවෙ නැ මෙච්චර සුපිරිම ෆිල්ම් එකක් වෙයි කියල ,බලන ටයිප් නිසත් ඔයාගෙ රෙකමන්ට් එක නිසත් අරගත්තෙ හොද රෙට් එකකුත් තිබ්බ නිසා.. මෙච්චර සුපිරිම ස්ටොරියක් කියල හිතුවෙ නැ
නියම ෆිල්ම් එක සබ් එකත් නියමයි
ඉස්සරහටත් මෙවගෙ හොද නිර්මාණය හම්බුනොත් දෙන්න සහෝ ජය .....sudarshana fernando
sinhala sube ekata thanks vikramge Karikalan (2017) film ekatath sube dannako eka supiri filumak digatama sube karanna jayawewa.......
gayan
sub eka download karanna bene
roshan_st
thank you
asintha
sub eka download wenne nene..............
Lakmal
its not working ... is there another way to download it?
Lakmal
Worked
Chaminda Kumara
Sub eka download karanna bane sahoo
malith
Sub eka download karanna bhene
dasun kalahewaththa
sub eka download karanna bahane saho
Ravi
sub eka download wenne nahane.. pls help....download kara gaththu ekkenek hari kiyanna mail eka daannaa
Ravi
fainally got it
Ravi
thank u very much.............
thilini
tamil rockers walin download karapu movie eka wada karanne naha e wenuwata [ZippyMovieZ.Top] Rangoon (2017) Tamil HDRip x264 700MB meka download kala ekata me sub eka hariyanna hada ganne kohomada nathnam english sub ganna site ekak kiyanna plz
Palitha de Silva
thankyou verymuch..
sheran
සුපිරි ෆිල්මි එකක් තෑන්ක්ස්...........
Duleepa
Godak sthuthi sahoo...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…nimal dissanayake
සිසිල!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
ලස්සන ෆිලුමක්!sugathsam
thanks brooooo....
Yohan_Darshana
උපසිරැසියට ස්තුතියි.
N_R
Thanks
Ds Chamath
sub eka kalin yanwoo.rsyn sub krath aayeth kalin ynwa... please help....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Patta saho.... Jaya wewa...