Watch Trailer

Transporter 3 (2008) with Sinhala Subtitles | ප්‍රවාහකයා 3 [සිංහල උපසිරසි සමඟ] (50)

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු ජීවිතේ කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, මොකද ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, මේ ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාවෙ අවසන් ෆිල්ම් එක, ඒ කියන්නෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ දිග හරින්න උ…

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු ජීවිතේ කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, මොකද ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, මේ ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාවෙ අවසන් ෆිල්ම් එක, ඒ කියන්නෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ දිග හරින්න උත්සාහ කෙරුවෙ, ෆිල්ම් එකේ මුල සිට අවසානය දක්වාම ලොකු රස වින්දනයක් තියෙන ෆිල්ම් එකක්, බලපු අය දන්නවා සිද්ධිය කොහොමද වෙන්නෙ නියල, ඒ වගේම මේ ෆිල්ම් එක මට වෙන්කරල දුන්නු අසංක සොහොයුරාටත් ගොඩක් ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා.

ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 26 වෙනිද, ෆිල්ම් එකට ලැබිල තියෙන IMDB අගය 6.1 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Olivier Megaton කියල කෙනෙක්, ෆිල්ම් තුනේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Jason Statham.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, ජේසන් ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ෆ්‍රැන්ක් කියල, යම් මැර පිරිසක් විසින් ඇවිල්ල එයත් එක්ක ප්‍රවාහන ගනුදෙනුවක් ගැන කතා කරනව, නමුත් ඒකට ෆ්‍රැන්ක් කැමති වෙන්නෙ නෑ, එයා වෙන ප්‍රවාහකයෙකුගෙ ලිපිනයක් එම පිරිසට දෙනවා ඒ වැඩේට එයාව සමබන්ධ කරගන්න කියල, එයාගෙ නම මැල්කම්, නමුත් මැල්කම් ට ඒ වැඩේ කරන්න බැරි වෙනවා, මොකද එම ප්‍රවාහන කටයුත්ත සාමාන්‍ය එකක් නෙමෙයි, ඊට පස්සෙ අර පිරිස කෙලින්ම එන්නෙ ෆ්‍රැන්ක් ව හම්බ වෙන්න, ෆ්‍රැන්ක් ව බලෙන්ම එයාලගෙ තැනකට අරගෙන ගිහින් එයාගෙ අතට යම් වළලු උපරණයක් දානවා, ඒක තාක්ෂණික උපාංගයක්, එම උපාංගයෙත් ලොකු විස්තරයක් තියෙනවා, ඒ ගැන ඔයාලට තේරුම් ගන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒ වගේම ෆ්‍රැන්ක් ට ලැබෙන ජොබ් එක තමයි, යම් බෑග් වගයක් සහ ගෑනු ළමයෙක්ව ප්‍රවාහනය කරන්න, ඉතින් මේ කටයුත්ත ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, ෆ්‍රැන්ක් ට එම කටයුත්ත අකමැත්තෙන් හරි කරන්න වෙනව, මොකද අර මැර පිරිසගෙ බල කිරීම නිසා තමයි ෆ්‍රැන්ක් ට ඒ වැඩේ කරන්න සිද්ධ වෙන්නෙ, අපි බලමු ෆ්‍රැන්ක් එම ප්‍රවාහන කටයුත්ත කරන්නෙ කොහොමද කියල.

ඉතින් වෙනද වගේම නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

කලින් පළකර ඇති ලිපිය
ට්‍රාන්ස්පොටර් 1 හා 2 වගෙම මේකත් ඇක්ෂන් වලින් අඩුවක් නැති ෆිල්ම් එකක්..නමේ හැටියටම හිතාගන්න පුලුවන්නේ කතාව..බඩුවක් ප්‍රවාහනය කරන්න තමයි තියෙන්නෙ..මේ මම දෙවනියට ආස නලුව රගපාන ෆිල්ම් එක නිසා මම නම් මේ ෆිල්ම් එක ආසවෙන් බැලුව,ෆිල්ම් එකේ වරදක් නෑ ( කතාව නම් එච්චර විශෙෂ එකක් කියන්න අමාරුයි ) හ්ම්ම්..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ උනාට වෙනස් තේමාවන් වල ෆිල්ම් බලන්න ආස අයට මේක අල්ලල යන එකක් නෑ..කොහොම උනත් සාමාන්‍යයයෙන් හොද ෆිල්ම් එකක් ,බලලම තීරණය කරන්නකො කොහොමද කියල..

Transporter 3 (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Transporter.3.2008.720.BrRip.x264.YIFY+HI

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

21,804 downloadsDownload Transporter-3-2008.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

21,804 downloadsDownload Subtitles39 KB

40 comments

  1. පොතේ ගුරා

    @ නිරන්ජන්!තෑන්ක්ස් මචෝ!!

  2. Niranjan

    hoda blog ekak.

  3. පොතේ ගුරා

    මම RS වලින් බාපුවයි තමයි ලින්ක්ස් දැම්මෙ නැත්තෙ මචං..අනික් පාර පුලුවන් හැම එකේම ලින්ක්ස් දෙන්න බලන්නම් :)

  4. Anonymous

    Defiance එකේ වගේම අනිත් එව්වාගේත් ලින්ක් පුලුවන් නම් දාන්නකෝ. බොහොම ස්තුතියි මචං. ඔහොම යං!

  5. Viraj

    බොහොම ස්තූතියි

  6. Shashi Fernando

    නියම ෆිල්ම් එක ..... බොහොම ස්තුති.... ජය වේවා....

  7. uda

    මෙන්න තව එකක්!
    මේ කතා සෙට් එක සිංහල සබ් නැති වුණොත් ඒකත් ලොකුම ලොකු අඩුවක් වෙයි සයිට් එකට. අනිවා අර එකතුවට අවශ්‍යම චිත්‍රපට පෙළක් තමා මේ...

    මගෑරෙන්න නම් දෙන්න නාකයි.
    අපරාදේ එහෙම වුණොත්!
    මෙයාගේම අනික් සෙට් එක තමා Crank එක!
    ඒකත් මරු මටනම් :)

  8. Dk Ranasingha

    අනේ මේ film සෙට් එකේ සිංහල සබ් දෙන්නකෝ .....

  9. charith

    no subtitle..

  10. Pubba

    Transporter 3 sub damuko bro..............

  11. praneeth madu

    ජයෙන් ජයම වේවා සහෝදරයා

  12. C. R. ජයලත්

    නියමයි සහෝ

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  14. පැතුම් ඉෂාර

    50වෙනි සබට සුභ පැතුම්!!!
    වගේම තවත් භොද ෆිලුම් වලට සබ් කරන්න ඉල්ලනවා... ෴බයිස්කොප් අඩවියට ජය෴

  15. Hope

    Jason nam patta character ekak bn.
    Mama asama actor.

    Thanks bro sub ekata.

  16. Udara Damith B/K

    50වෙනි සබට සුභ පැතුම්
    බොහොම ස්තූතියි

  17. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°°හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසි කඩයිමට°°°°°°°
    °°°°°°°ඔහොමම 100 200 300 400 ගිහින් බයිස්කෝප් ලෙජන්ඩ් එකක් වෙන එක දකින එකයි අපේ එකම ප්‍රාර්ථනය°°°°°°°
    °°°°°°°ස්ටැතම් ඉන්න එකක් කියන්නෙ ඉතින් අමුතුවෙන් හොයන්න බලන්න දෙයක් නෑනෙ. ගින්දර°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  18. KAVINDA GAMAGE

    thank you

  19. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ සහෝ
    50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා
    100 ගින්දර වගේ ගහමු

  20. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    පට්ම ෆිල්ම් සෙට් එකක්නේ මෙව්වා
    ආයෙම බලන්න ඕනා
    අඩවියේ අනිත් චිත්‍රපට වලටත් උපසිරැසි දීලද දැන්නෑ
    නැත්නම් ඒවටත් සබ් කරලා දාන්න සහෝ
    100 වෙනි කඩයිම පසු කරන්න ඇවැසි කාලය,ශක්තිය ලැබේවයි පතමි....

  21. එල්.සී. දමැල්

    සමාවෙන්න ඕන කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට...
    බොහොම ස්තුතියි කියනවා වගේම සුබ පතනවා 50වන උපසිරසට....
    මෙතනින් නොනැවති ඉදිරියටම යමු...
    ජය...

  22. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ඒ වගේම සුභපැතුම් පළමු කඩඉමට.
    100,150,200... දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  23. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks DINUSHA saho.wish u'r great future..

  24. Udaya Fernando

    Thanks bro

  25. රොයිලි

    උණුසුම් සුබ පැතුම් දිනූෂ සහෝ. ඉක්මනින්ම ඊලඟ කඩඉමට යන්න ලැබේවා කියල පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  26. isuru

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
    දිගටම මේ වැඩේ කරගෙන යමු!! ජයවේවා!!

  27. සුදේෂ

    Thank

  28. මධුකප්‍රිය පෙරේරා

    50ට සුබපැතුම්... ඉදිරියටත් උපසිරසි කරන්න
    අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබේවා කියා පතනවා

  29. praneeth madu

    පළමු කඩඉමට සුභපැතුම්

  30. Ruchira99

    Tx sub akat

  31. HummerDanu

    thanks bro

  32. VimukthiRanaweera

    Thanks bro

  33. Kanchaka

    Thanks bro

  34. Gayan_madushanka_

    Thanks bro

  35. Shaggy

    බොහොම ස්තූතියි

  36. Anonymous

    Thanks Bro..

  37. හෂිත් තාරුක

    උපසිරැසියට බොහොම ස්තූතියි ! , ඔබට ජය !

  38. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය !! ✌️✌️

  39. Anonymous

    THANKS

    1. anil

      thanzzzzz