කොහොමද යාලුවනේ? මේ විදිහට මගේ විශේෂ දවසක ලිපිය ආරම්බ කරන්න කැමැතියි. මොකද මගේ පළවෙනි සබ් එකේ ලිපියත් ආරම්බ කළෙ මෙන්න මේ විදිහටමයි. ඉතිං 2017 පටන් ගත්තු මගේ මේ විනෝදාංශයට අවුරුදු 4 කට පස්සේ කඩයිමක් ලැබෙන්න සූදානම්… ඈ මොකාටද මූ මේ එන්න හදන්නේ🙄 ඔහොම හිතන්න ඇති නේ😂👀 හරි හරි ආපහු කතාවට බහිමුකෝ😀 ඇත්තටම බ…

කොහොමද යාලුවනේ? මේ විදිහට මගේ විශේෂ දවසක ලිපිය ආරම්බ කරන්න කැමැතියි. මොකද මගේ පළවෙනි සබ් එකේ ලිපියත් ආරම්බ කළෙ මෙන්න මේ විදිහටමයි. ඉතිං 2017 පටන් ගත්තු මගේ මේ විනෝදාංශයට අවුරුදු 4 කට පස්සේ කඩයිමක් ලැබෙන්න සූදානම්…
ඈ මොකාටද මූ මේ එන්න හදන්නේ🙄 ඔහොම හිතන්න ඇති නේ😂👀
හරි හරි ආපහු කතාවට බහිමුකෝ😀
ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් කියන නම මට මුලින්ම දකින්න ලැබුණේ පොඩි කාලෙ සීඩි වලින් ෆිල්ම් බලනකොට. ඒ කාලෙ ගන්න හැම ෆිල්ම් එකකම වගේ අනිවාරෙන්ම මේ නම දකින්න ලැබුණා. ඇත්තටම මේ මොකද්ද කියන එක ගැන ලොකු කුතුහලයක් ඇතිවෙන්න ගත්ත. ඉතිං ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් කියන්නේ තවත් එක් නමකට එහා ගිය හුඟක් වටිනා දෙයක් කියලා දැනගන්න ලැබුණේ පස්සෙ කාලෙක.
ඉතිං මුලින්ම බයිස්කෝප් සිංහලෙන් කියන්නේ සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් සයිට් එකක් කියල දැනගත්ත දවසෙ ඉදන්ම වගේ මටත් ආසාවක් ඇති වුණා සබ් එකක් කරලා බලන්න. කොහොම හරි සබ් එකක් කරනවාමයි කියලා ඔලුවට දාගත්තට පස්සේ වැඩි කාලයක් ගත කළේ හොඳ ෆිල්ම් එකක් හොයන්න😅 අන්තිමේදි ෆිල්ම් එකකුත් හොයාගෙන අගෝස්තු නිවාඩු මාසෙක මේල් එකක් දැම්මා උපසිරැසියක් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. හසන්ත අයියා තමා රිප්ලයි කළේ.
2017.12.12. කොහොම හරි හරියටම මේ දවසේ තමා මගේ පළවෙනි සිංහල උපසිරැසියට බයිස්කෝප් අඩවියේ පලවුනේ. ඒ Garfield: Pet Force ඇනිමේශන් මූවි එක. ඉතිං මේ විදිහට මම පළවෙනි සබ් එක කරද්දි මම හිටියේ අට වසරේ. මටත් පුදුමයි ඒ වගේ කාලෙක මෙච්චර ලොකු වැඩක් කරාද කියලා😀 ඉතිං එදා ඉඳන් මගේ විනෝදාංශවල අංක එකට උපසිරැසි හදන වැඩේ එකතු වෙනවා❤
නමුත් ඉඟෙනීම් වැඩත් එක්ක හැම මාසෙම වගේ සබ් එකක් කරන එක නම් අමාරු වුණා. නමුත් 2017- 2021 වෙනකන් හැම අවුරුද්දකම වගේ අඩුම ගාණෙ එක උපසිරැසියක් හරි බයිස්කෝප් වෙනුවෙන් කරල තියෙනවා. O/L අවසන් කරලා රිසාල්ට් එනකන් ගෙදර නිවාඩු පාඩුවේ හිටපු ටිකේ කොහොම හරි උපසිරැසි ලොකු ප්‍රමාණයක් ලබාදෙන්න පුලුවන් වුණා. ඉතිං ඒ විදිහට අද දවසේ කොහොම හරි මගේ පළවෙනි කඩයිම වෙන 50 වෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ.
ඉතිං මේ වැඩේට ස්තූති කරන්නම ඕනම පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල. ප්‍රේක්ෂකයින් වෙන ඔයාලා වෙනුවෙන් අපේ ඇඩ්මින් මඩුල්ල හුඟක් මහන්සි වෙලා තමන්ගෙ සේවය ඉටු කරන නිසා තමා මේ තරම් කොලිටි සිංහල උපසිරැසි සඳහාම වෙන් වුනු සයිට් එකක් තියෙන්නේ❤
ඒ වගේම මාව හුඟක් උපසිරැසි වැඩවලට එකතු කරගන්න සහ අඩු පාඩු පෙන්නල දීලා වගේම මේ වැඩේට ලොකු උදවුවක් වෙන ශාන් විමුක්ති, රවිඳු රුක්ෂාන්, චාමර සම්පත් අයියලාවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අද මම අරන් එන හැලෝවීන් ෆිල්ම් එක බාරවෙලා තිබුනත් මගේ කඩයිම වෙනුවෙන් සබ් එක මට බාරදුන්නු මයුර සුරාජ් අයියවත් මේ වෙලාවෙ ස්තූතිවන්තව මතක් කරන්න කැමතියි. ඒ වගේම බයිස්කෝප් පවුලත් එක්ක එකතුවෙලා ඉන්න අනිත් හැම සහෝදර සහෝදරියක්වමත් ආදරෙයෙන් මතක් කරනවා❤
මේ හැමෝමත් එක්කම අමතක කරන්න බැරි කොටසක් තමා ප්‍රේක්ෂක ඔබ. ඔයාලා වෙනුවෙන් තමා අපේ හැම උපසිරැසිකරුවෙක්ම මේ වගකීම අරන් ගොඩක් මහන්සි වෙන්නේ. ඉතිං මේ වසර ගණනාව තුළදී පුන්චි හෝ අදහසක් දක්වපු ව්ගේම අපිව විශ්වාස කරලා බයිස්කෝප් වෙබ් එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැමට බොහොම ස්තූතියි…!😍❤
හරි එහෙනම් මගේ කතාව අවසන්. අපි යමු ෆිල්ම් එක පැත්තට.
Halloween කියන්නේ ප්‍රසිද්ධම Horror Thriller චිත්‍රපට මාලාවක්නේ. ඉතිං 2018 දි මේ චිත්‍රපට මාලාවට sequel එකක් ලැබෙනවා. ඉතිං ඒ ආපු චිත්‍රපටයේ සිදුවීම්වල ඉතුරු කොටස තමා Halloween Kills ලෙස 2021 හැලෝවීන් මාසය වෙනුවෙන් නිකුත් වුනේ. ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටයට 5.8 ක් තරම් මේ කැටගරියේ ෆිල්ම් එකකට ලැබෙන හොඳ අගයක් ලැබිලා තියෙනවා. කලින් ෆිල්ම් එකේම කාස්ට් එකට අලුත් කිහිප දෙනෙකුත් එකතුවෙනවා.
කොහොම හරි මෙදා පාරත් මයිකල් මයර්ස්ගේ ඝාතන සිද්ද වෙන්න සූදානම්. දන්නවනේ පොර නිදැල්ලෙ කියන්නේ මුලු නගරයක්ම බියෙන් සඟවන්න පොළබවන්න පුලුවන් දෙයක්. නමුත් මේ හැලෝවීනයේදි නම් නගරෙන් භාගයක්ම සැඟවෙන්න නම් සූදානම් නෑ. හැමෝටම ඕනේ මේ හිසරදයට අවසන් වතාවට තිත තියන්න.2018 ෆිල්ම් එකේම හැලෝවීන් දවසේ රාත්‍රියේ ඉතුරු හරිය තමා මේ Halloween Kills තුළින් ඔබ වෙතට රැගෙන එන්නේ.
බලන්න කලින් මතක් කරන්න ඕනේ, සුපුරුදු මේ පාරත් සෑහෙන කැපිලි කෙටිලි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා බලද්දි පොඩ්ඩක් සැළකිලිමත් වුණා නම් හොඳයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බත් කකා නම් බලන්න වාඩි වෙන්න එපා කියලා👀
හරි එහෙනම්. මේ වැඩෙත් එහෙනම් මේ විදිහ්ට අවසන් කරන්නයි සූදානම. දිගටම බයිස්කෝප් එක්ක රැඳිලා ඉන්න. ෆිල්ම් එකකින් හෝ ටිවි සීරීස් එපියකින් ආයෙත් වතාවක් මුනගැහෙමු…!
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,803 downloadsDownload Halloween.Kills_.2021.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
49 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ 50වෙනි සබ් එකට සුබ පැතුම්
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Vinu
සුභ පතනවා...! සබ් එකටත් ස්තූතියි
Marvel Fan
අනේ පුලුවන් නම් shang-chi එකට සබ් දෙන්නකෝ. මේ උපසිරැසියටත් ස්තූතියි.
Harvey Obrien
shang-chi වෙබ් කොපි එක රිලීස් වෙන්නෙ නොවැම්බර් 12
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Ravindu Rukshan
50 වෙනි උපසිරැසයට සුබපතනවා. ඉදිරියටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
Kasun
50 වෙනි සබ් එකට සුබ පැතුම්!!!
Kushan
Sub akta thanks
Harvey O'brien
හදවතින්ම සුබපැතුම් මලේ පලවෙනි කඩයිමට.. ඉදිරයටම යන්න සුබ පතනවා. ඉක්මනටම ඊගාව කඩයිමනෙුත් හමුවෙමු.
ලබාදුන්නු සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.Hail Hydra
Bimsara Yashan(ඔලිව)
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්. සියලු වැඩ සාර්තක වේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!
Anuja Lakshitha
thanks saho sub ekata
මයුර
පලවෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් මචෝ.
ඊළඟ කඩඉම්වලටත් ඉක්මනට යන්න ලැබේවා.
ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා.DILmin
Congratulations! Thanks sub ekata!
Anonymous
DoDownload karanda balanna ona film eka link nadda download nokara balanna
balannaයුරාන් ධනුක (දනුවා)
නියමයි මල්ලි... කඩයිමට උණුසුම් සුබ පැතුම්
ඉක්මනටම 100* ත් කරමු
බලන් හිටපු එකකටම උපසිරසිය දුන්නට ස්තූතියි.malith madhushan
උණුසුම් සුභපැතුම් මලේ ඉක්මනටම 100 ගහන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා. උපසිරසටත් බොහොම ස්තුතියි. දෙනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.
නලින් පෙරේරා
නියමයි සචින්ත මල්ලි. 8 වසරේ ඉදන් පොඩි කමට කරගෙන ආපු වැඩේ නම් කියන්න දෙයක් නැහැ. එක නම් හැබෑම දක්ෂකමක්. අපේ කණ්ඩායමට ලැබිච්ච තවත් අගනා මැණික් කැටයක් තමයි මල්ලි ඔයා. 50ස් වෙනි කඩයිමට සුභ පතනවා හදවතින්ම. ඉතිරියත් මෙහෙම්මම හිමිට කරගෙන යමු. සුභම සුභ පැතුම් මල්ලි. ජය වේවා!
indika75
50වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!මාත් මේ 2016 අග ඉදලා සබ් කරන්නෙ තාම 50 ගහ ගන්නවත් බැරි උනානෙ දෙයියනේ...
Daminda Gamage
Good Job kollo
Pasindu Madumal
පළවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ..!
ඉදිරියටම යමු තවත් කඩයිම්වලට. ජය..! ❤️Naveen
කඩයිමට සුබපැතුම්
Malith samarawickrama
Thanks so much malli sub ekata.
Pahasara
Thankz malli... niyama wadak...
Lahiru
Congrats saho
Buddhika Lakmal
පළවෙනි කඩඉමට සුබපැතුම් බ්‍රෝ... ඉගෙනීමෙ වැඩකටයුතු හොදට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... gud luck....!!!
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Teron
congrats brother
Rajitha
50ට සුබපැතුම් සහෝ
ඉදිරියටත් අලුත් ෆිල්ම් ගේමුSandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ඒ වගේම 50 උපසිරැසියට සුභ පැතුම් ❤️
Chämàrá Sâmpáth
50'වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් සචින්ත.
අධ්‍යාපන වැඩ කටයුතුයි, පුද්ගලික වැඩ කටයුතුයි කරගෙන යන ගමන් මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි!
ජය!!!සචින්ත කල්හාර බෙනට්
ස්තූතියි හැමෝටම ❤️
Hasitha
පලමු කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
ඉදිරියටත් අලුත් ෆිල්ම් ලබාදෙන්න කියලා ඉල්ලන ගමන් සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!ශසිත් සඳරුවන්
50 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මලේ...
ඉගෙනීම් කටයුතුත් කරගෙන යනගමන් තව තවත් උපසිරැසි කඩයිම් පහුකරන්න
හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
බයිස්කෝප් පවුලත් එක්ක එකතුවෙලා දිගටම සබ් දෙමු ආ....
ජය!නදීක ගුරුගේ
ෂුබපැතුම් ෂහෝදරයා
Redrux
Congrats bro
Idunil weerasinghe
Congratulation brother
kD
Thanks ✌️
Anonymous
puluwannam holloween 2009 ekatath sub denna
etakota thamai mekathawa complete wenneදහරා මුතු අමා
උණුසුම් සුබ පැතුම් මල්ලී...
ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ඒ වගේම වැඩ කටයුතු හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.kavinu
හො හෝ!! පළවෙනි කඩයිමට සුබ පැතුම් මල්ලි
මෙච්චර අඩු වයසකදි උපසිරැසි පනහක් කරනවා කියන්නෙත් සෙල්ලමක් නෙමෙයි.
100වෙනි උපසිරැසියටත් ඉක්මනටම යන්න ලැබේවා කියලා විෂ් කරනවා.ඒ වගේම අධ්‍යාපන වැඩ කටයුතුයි, අනෙත් සියලුම දේවලුයි හොඳටම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ උපසිරැසියෙන් මුණ ගැහෙමු.
ජය වේවා!Sohan Jayasooriya
පළමු කඩඉමට උණුසුම් සුභ පැතුම් මචෝ..
Anonymous
Sub ekata thanks saho
රොයිලි
කඩඉමට සුබ පැතුම් සහෝ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!DM Perera
Halloween Ends (2022) ekatath sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
ජය