Watch Trailer

Ratchet & Clank (2016) with Sinhala Subtitles | එකයි එකයි තුනයි [සිංහල උපසිරසි සමඟ]

එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි උපසිරැසි ගැන්වීම…

Ratchet and Clank (2016)

එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි උපසිරැසි ගැන්වීම. දැන් ඔයාල හත හොයන්න එපා මොකෝ ඒක කලාට තාම එළියට දැම්මෙ නෑ. අට වෙනි උපසිරැසිය මගේ පළවෙනි කාටුන් උපසිරැසිය උන එක ගැන නම් ගොඩක් සතුටුයි.හරි අපි කතාවට යමු.

කතාවෙ ඉංග්‍රීසි නමයි සිංහල නමයි ගැලපෙන්නේ නෑ නේද? මං ඒක හිතලමයි කලේ. අනික එකයි එකයි කොහොමද තුනක් වෙන්නේ? දෙකනේ උත්තරේ. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ රිලීස් උන මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් රැචට්, අනිත් එක්කෙනා ක්ලෑන්ක්. දෙන්නම ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. වෙනත් ග්‍රහලෝකයක. ඒක අයිති වෙන්නේ සොලානා කියන මණ්දාකිණියට. කතාවෙ ඉන්න ප්‍රධාන දුෂ්ටයා තමයි ඩ්රෙක්. එයාගෙ විනෝදාංශය තමයි ග්‍රහලෝක විනාශ කරලා අලුත් ග්‍රහලෝකයක් හදන එක. මෙයාට උදව් කරන්න වික්ටර් කියල පට්ට රොබෝ කෙනෙකුයි නෙෆාරියස් කියලා තව නපුරු කෙනෙකුයි ඉන්නවා. ඩ්රෙක්ගෙ විනාශයන් නවත්වන්න සොලානා වල සුපිරි භටයන් හතර දෙනාට අමාරු වෙනවා. ඉතිං එයාලට ඕන වෙනවා තව එක්කෙනෙක් බඳවා ගන්න. කැප්ටන් ක්වෝක් තමයි සුපිරි භටයන්ගේ ලොක්කා. ලොක්කා උනත් පොරට ටිකක් විතර වයර් ෂෝට්.  අන්තිමේදී රැචට් ව එයාගෙ දක්ෂතා නිසා සුපිරි භටයන්ගේ කණ්ඩායමට එකතු කරගන්නවා ඩ්රෙක්ට එරෙහිව සටන් කරන්න. රැචට් ගෙ උදව්වට එයාගෙ ලඟින්ම ඉන්නේ ක්ලෑන්ක්. ක්ලෑන්ක් ඩ්රෙක් ගාව කලින් වැඩ කරපු පුංචි රොබෝ කෙනෙක්. මේ දෙන්නා මන්දාකිණිය බේරගන්න අනිත් සුපිරි භටයන් එක්ක දෙන ගේම ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක කාටුන් එකක් උනත් මට නම් ඇක්ෂන් ෆිල්ම් එකක කොලිටිය දැනුණා. හිතා ගන්න බැරි විදිහට කතාව උඩ යට යනවා.

හරි, දැන් මොකක්ද එකයි එකයි තුනයි කියන්නේ. ඕක නම් මං ඉගෙන ගත්ත දෙයක්. ඒකෙන් කියන්නේ දෙන්නෙක් එකතු උනාම ඒ දෙන්නා තනි තනිව දෙයක් කරනවට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එකයි. අර සමගිය බලය වේ කියලත් කියන්නේ ඕකම තමයි. ඔය කතාව බිස්නස් වලත් පාවිච්චි වෙනවා.  Ratchet & Clank නමින් ගේම්ස් ඇවිල්ලත් තියනවා. මේ කතාවෙ IMDb අගය 5.8ක් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කලේ Kevin Munroe සහ Jericca Cleland. හඬ කවලා තියෙන අය අතරෙ පහල අය ප්‍රධානයි.  රැචට් – James Arnold Taylor ක්ලෑන්ක් – David Kaye  ක්වෝක් – Jim Ward  වික්ටර් – Sylvester Stallone (රම්බෝ අයියා)  ඩ්රෙක් – Paul Giamatti නෙෆාරියස් – Armin Shimerman මේකෙ මං ආසම දෙබස තමයි පහල තියෙන්නේ. ඒක අපි හැමෝටම වටිනවා. කතාවෙ නම් දාල ඉවර උනාට පස්සෙත් පොඩි කෑල්ලක් යනවා. ඒකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් තව උපසිරැසියක් අරං එන්නම්කෝ. ටටා!

“වීරයෙක් වෙන්න ලොකු දේවල් කරන්න ඕන නෑ. හරි දේවල් කලාම ඇති” 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Ratchet.and.Clank.2016.BluRay

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

5,962 downloadsDownload Ratchet.and_.Clank_.2016.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

5,962 downloadsDownload Subtitles52 KB

33 comments

  1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි චාමිකර විදානගේ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴...................Good..............Luck

    1. චාමිකර

      එලස්.

  2. Asitha

    මේක නම් දෙනකම් හිටියේ සහෝ.
    ජය වේවා!!!
    පුළුවන් නම් Blinky Bill the Movie (2015)
    Hell and Back (2015)
    Pixies (2015)The Snow Queen 2 (2014)
    Jack and the Cuckoo Clock Heart (2013)
    කියා ඇනිමේශන් ෆිල්ම් ගැනත් සලකා බලන්න සහෝ...

    1. චාමිකර

      හරි බොස්. වෙලාව තියෙන විදිහට කරමු. ජය!

    2. ලහිරු ප්‍රසාද්

      Hell and Back (2015) ලගදිම ඔයාලට බලන්න පුළුවන් වෙයි සහෝ.
      උපසිරැසියට ස්තූතියි සහෝ.

    3. Nipuna Weerasekara

      පොඩි වැරදීමක් උනේ... වෙන එකක් දාන්න ගියේ මේක මෙතන ඇලවුනානේ...

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ.
    Jin-Roh: The Wolf Brigade(1999),Redline(2009)
    Steamboy(2004), ,Cowboy Bebop: The Movie (2001)
    මේ ටිකටත් පුළුවන් වෙලාවක උපසිරැසි දෙන්න.ජයවේවා!

    1. චාමිකර

      ට්‍රයි එකක් දාන්නම් ලොක්කා.

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හැකිනම් "The BFG (2016)" චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

    1. චාමිකර

      බොහොම ස්තූතියි. ඔයා කියන ෆිල්ම් එකේ සබ් එක මං දන්න තරමින් කෙනෙක් මේ වෙනකොට බාර අරං ඉන්නේ. එයා ඒක කරලා දේයි. ජය!

    2. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  5. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. praneeth madu

    බොහොම ස්තූතියි

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. Jack

    නියමයි සහෝ.
    ඇනිමේශන් ඒවා අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය.

  9. Sajith Anthony

    3D & Cartoon අනිවා බලනවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  10. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............

  11. kamal deshapriya

    ela ela සබ් එකට ගොඩාක් තුති..........................

  12. Lahiru Lakmal

    Thanks for sub.
    Sub denakal balan hitiye.
    Thawa animation tikakma karanna.

  13. Lushan Kuruppu

    Thanks for sub bro...
    Jack and the Cuckoo Clock Heart (2013) will coming soon..

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  15. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thank

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Amila Mudalige

    Thanks saho sub ekta

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ.

  19. Manjula Kumara

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි… ජය..!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  22. Asanka

    Tnx sub ekata.
    Dragon ball cartoon series eke sub danna puluvanda

  23. ashan lankanath

    thanks ..................................................

  24. lahiru

    tanxxx broo

  25. Asanka

    ela ela bro

  26. Chamara Diaz

    Supiri..