සහෝදරවරුනි, සමාවෙන්න ප්‍රමාදය ගැන. කාලෙකින් බලන්න වෙන්නේ නැති වෙනස්ම කතා තේමාවක් තියෙන පට්ටම හින්දි චිත්‍රපටියක් එක්කන් තමා අද මං ආවේ.”අපෝ හින්දිද.. චික් විතරක්.. අපි නම් බලන්නේ නෑ.. මල විකාර.. ඒ අස්සේ විකාර සිංදුත් ඔබාගෙන….” තනිකරම 100%ක් හොලිවුඩ් චිත්‍රපට රසිකයෝ කියන කතාවක් තමා ඒ. එයාලට විශේෂයෙන්…

සහෝදරවරුනි, සමාවෙන්න ප්‍රමාදය ගැන. කාලෙකින් බලන්න වෙන්නේ නැති වෙනස්ම කතා තේමාවක් තියෙන පට්ටම හින්දි චිත්‍රපටියක් එක්කන් තමා අද මං ආවේ.”අපෝ හින්දිද.. චික් විතරක්.. අපි නම් බලන්නේ නෑ.. මල විකාර.. ඒ අස්සේ විකාර සිංදුත් ඔබාගෙන….” තනිකරම 100%ක් හොලිවුඩ් චිත්‍රපට රසිකයෝ කියන කතාවක් තමා ඒ. එයාලට විශේෂයෙන්ම ආරාධනය කරනවා මෙගාබයිට් 700ක් වියදම් කරලා මේක බාගෙන බලන්න කියලා. පුදුම හිතෙයි.මේකේ මචන් නළු නිලියෝ මහා ගොඩක් නෑ.. සිංදුත් ඔබ්බලා නෑ.. වැඩි ලොකේෂන්ස් එහෙමත් නෑ.. ඒ වගේම කිසිම කම්මැලිකමකුත් නෑ කියලා කියන්නම ඕන. ඔයාලට හිතාගන්නම බැරි තේමාවකින් තමා කතාව දුවන්නේ.. අවසානය ගැන කලින් කිවහැකිද?…. ලොවෙත් බෑ…
චිත්‍රපටියේ ජීවනාලිය මෙහෙක් කියන කෙල්ල. චිත්‍ර ශිල්පිනියක්.. සැහැල්ලුවෙන් යාළුවො එක්කලා ජීවිතේ ගෙවන කෙනෙක්. දවසක් මෙයා එයාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ඉවර වෙලා රෑ ටැක්සියෙන් ගෙදර එන ගමන්. මෙයාට ටිකක් ඇහැ පියවෙනවා. ඒ අතරේ ටැක්සියේ ඩ්‍රයිවර්කාරයාට වෙන හිතක් පහල වෙලා, වාහනේ පාලු පැත්තකට අරන් යනවා මිනිහගේ ආසාවක් ඉස්ට කරගන්න. හැබැයි දෙයියෝ බැලුවා වගේ එදා මෙහෙක් බේරෙනවා… කොහොමද කියලා කතාව බලනකොට තේරෙයි. එදා මෙහෙක් බේරුනාට ඒ සිදුවීමේ බලපෑම ගොඩක් තදට මෙහෙක්ගේ හිතේ පැලපදියම් උනා. එයා ගෙදරින් එලියට බහින්න වගේම මනුස්සයෙක්ව ආශ්‍රය කරන්න එහෙමත් බය උනා. දොස්තරලා නම් කියන හැටියට ඇග්‍රෝෆෝබියාව. මාස 4කින් විතර ගෙයින් එලියට බැස්සෙම නැහැ. එයාගේ හොඳම යාලුවා ශාන් සහ අක්කා අනු විතරයි එයා ආශ්‍රය කරපු එකම කට්ටිය උනේ. කාලය ගත උනත් මෙහෙක්ගේ මේ අසනීපේනම් අඩුවක් වුනේ නැහැ. මේ හින්දා ශාන් තීරණය කරා මෙහෙක්ව වෙන ගෙදරකට එක්කන් යන්න.මිනිහගේ යාලුවෙක්ගෙ ගෙයක්ලු. මෙහෙක් දැන් ඒ ගෙදරට ගිහින් දවස් දෙක තුනක් තනියම ඉන්න ගමන්. ගෙදර නම් අමුතුයි. වටේ පිටේ මිනිස්සුත් අමුතුයි. එහා ගෙදර ඉන්නේ මනු කියලා කොල්ලෙක්. පිස්සෙක් වගේ නිතරම හිනා වෙනවා. තව අසල්වැසියෙක් තමා ගුල් ආන්ටි. එයාටත් පිස්සු. ගෙවල් වලට ගිහින් දොරට තට්ටු කරලා එයාගේ මිනිහා ගැන අහන එක තමා එයාගේ වැඩේ. පිස්සන් අතරේ මෙහෙක් හිරවෙලා වගේ එයාට දැනුනේ. ඒ අතරේ ගෙදර අල්මාරියක ලාච්චුවක තිබිලා මෙහෙක්ට ඩයරි එකක් හම්බ වෙනවා. ඒ ඩයරි එක මේ ගෙදර කලින් හිටපු ජියා කියන කෙල්ලගේ. මෙහෙක් ඒ ඩයරිය කියවගෙන කියවගෙන යනවා දැන්… මෙහෙක්ට තේරෙනවා මේ ජියා කියන කෙල්ලගේ මොකක්දෝ රහසක් මේ ගෙදර හැංගිලා තියෙනවා කියලා. හදිසියේම මෙහෙක්ට එක එක දේවල් පේන්න ගන්නවා… ඊට පස්සේ සිද්ද වෙන දේවල් බලලම දැනගන්න එහෙනම්.
IMDb අගය 7ක්ම අරන් තියෙනවා මචන්ලා. ප්‍රධාන නිළිය කවුරුත් දැන් නම් දැනගන්න ඕන චරිතයක්, රාධිකා අප්තේ. මේ චරිතයට එයා කරලා තියෙන සාධාරණය ගැන ඔයාලම තීරණේ කරන්නකෝ. එහෙනම් අනිවා බලන්න කියලා ඉල්ලා හිටිනවා. මේක බලන් ඉද්දි එක පාරටම හූ කියන් හිනා වෙන්න හිතෙයි.. ආයෙත් එකපාරටම තක්බීර් වෙයි. එකී මෙකී නොකී හැමදේම වෙන්න කියලා පතන ගමන් සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links
Phobia (2016) DVDRIP 1CDRIP x264 AAC MSub මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,141 downloadsDownload Phobia-2016.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
24 comments
Thithira Alahakoon
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Eranga Sandaruwan
බෝම ස්තූතියි.. ජය වේවා..
nishadi wickrama
tnx
praneeth madu
ela saho keep going
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Mayura
මෙතෙක් කියද්දී කමෙන්ට් 8යි. චීත්ත කෑල්ලක් අලි පැටියෝ ඔයයි මමයි එකට සබ් කරලා දැම්මනම් බලාගන්න තිබුනා කමෙන්ට් සියගණන් වැටෙන හැටි අර නිශාධිට වගේ :/
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
charter film ekak ........sub...........dunna thanx balana kenek hari balanawane
Kulanjana Maduranga
niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Lakru
Thanx.ela.
Manjula Kumara
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි... ජය..!!
rumesh
බොහෝම ස්තූතියි sub එකට. ජයවේවා...!
Dinusha
බොහෝම ස්තූතියි. හැකිනම් මෙ ෆිල්ම් එකටත් උපසිරසි දෙන්න. Indian [1996]
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you
Nilanka
Torrents hoyaganna godak amaruyi...pls help
Sohan Jayasooriya
ස්තූතියි සබ් එකට.. තවත් වෙනස් කතා දෙන්න
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
සාරංග J ලියනගම
Thanks
Tharindu
Boma stuti saho
Anonymous
Thank u....
Advertisement

godaak hodai meka.... upasirasiyta thuthi!!!