මුලින්ම මම ස්තුති වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව මා හට ලබා දීම ගැන. ඒ වගේම මෙහි සිංහල උප සිරස කිරීමෙන් දායක වන සියලු දෙනාටත් ඔයාලා හැම දෙනාටමත් මම ස්තුති වන්ත වෙනවා. මේ මගේ ප්‍රථම සිංහල උපසිරස කිරීමේ උත්සාහය බැවින් දෝෂයක් ඇත්නම් එයට මගේ සමාව ඉල්ලා සිටිනවා. හරි … අපි එහෙනම් කතා…

මුලින්ම මම ස්තුති වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව මා හට ලබා දීම ගැන. ඒ වගේම මෙහි සිංහල උප සිරස කිරීමෙන් දායක වන සියලු දෙනාටත් ඔයාලා හැම දෙනාටමත් මම ස්තුති වන්ත වෙනවා. මේ මගේ ප්‍රථම සිංහල උපසිරස කිරීමේ උත්සාහය බැවින් දෝෂයක් ඇත්නම් එයට මගේ සමාව ඉල්ලා සිටිනවා. හරි … අපි එහෙනම් කතාවට බහිමු.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මේ චිත්‍රපටිය නිපදවන්නේ 1977 වසරේදී, ඒ ඊට වසර කිහිපයකට පෙර 1974 දී Cornelius Ryan විසින් රචනා කල පොතක් ඇසුරින්. දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිපදවන ලද මේ සිනමා පටයට මුල් වන්නේ මිත්‍ර පාක්ෂික හමුදා විසින් දියත් කල Operation Market Garden නම් වූ අති අසාර්ථක මෙහෙයුමේ කතාවයි. මෙම සිනමා පටයත් ඇත්තටම සිදුවූ මෙහෙයුමත් අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් බව කියන්න පුළුවන්. ඔයාලට ඒ ගැන අන්තර්ජාලයේ YOU TUBE හරහා History Buffs: A Bridge Too Far ලෙස ටයිප් කරලා බලන්න පුළුවන්. කෙසේ වෙතත් වර්ථමානයේ පවා තවමත් මතභේදයට තුඩුදුන් ඒ මෙහෙයුමේ කතාව මේකයි.
ජර්මන් හමුදාව රුසියානු හමුදාව සහ මිත්‍ර හමුදාව ඉදිරියේ පහර කමින් ඉතා වේගයෙන් පසු බසින කාලයක, තම ජයග්‍රහණ ගැන උදම් වූ මිත්‍ර හමුදා නායකයන් මේ යුද්ධය ඉතා ඉක්මනට අවසන් වේවි යැයි සිතන්න පටන් ගන්නවා. මේ කාලයේදී බ්‍රිතාන්‍ය හමුදාවේ ෆීල්ඩ් මාෂල් මොන්ට්ගොමරි ඉතා කෙටි කාලයකින් මේ යුද්ධය අවසන් කිරීමට යෝජනා කල සැළසුම දේශපාලන බලපෑම මත ක්‍රියාත්මක කිරීමට අවසර ලැබෙනවා. එතෙක් ඉතිහාසය තුල ගුවන් සෙබළුන් යොදාගෙන සිදු කරන ලබන විශාලතම මෙහෙයුම වන මේ මෙහෙයුමට සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට ගත වන්නේ සතියක් වැනි ඉතා සුළු කාලයක්. ඉතින් හිතාගන්න පුළුවන් නේ මේක අනාගන්න යන්නේ කියලා.
Field Marshal Bernard Law Montgomery
මේ මෙහෙයුමේ කොටස් දෙකක් තිබුනා,
- MARKET : ගුවනින් පැරෂුට් සෙබළුන් රැගෙන ගොස්, අත්‍යාවශ්‍ය පාලම් කිහිපයක් සතුරු ග්‍රහණයෙන් මුදවා ගෙන ආධාරක සේනා පැමිණෙන තෙක් එම පාලම් ආරක්ෂා කිරීම.
- GARDEN : යාන්ත්‍රික හා පාබල හමුදා මුදවා ගත් පාලම් හරහා නියමිත ඉලක්කයට පැමිණීම.
පැරෂුට් සෙබළුන් 35,000 පමණ නෙදර්ලන්තයට ගොඩබාන ලද අතර මෙහෙයුමේ ප්‍රථම දිනය වැඩි කරදරයක් නොමැතිව මිත්‍ර හමුදා තම ඉලක්ක සපුරා ගනු ලැබුවා. ඇමෙරිකානු , 82 වන හා 101වන ගුවන් සෙබළුන් සාර්ථකව ගොඩ බැසූ අතර බ්‍රිතාන්‍ය පළමු වැනි සේනාවෙන් කොටසක් ආර්නම් වලට ඈතින් ගොඩ බැස්සා. එයින් අඩක් අර්නම් පාලමට ගිය අතර ඉතුරු සෙබළුන් තම සේනාවේ ඉතුරු කොටස ගොඩබසින තෙක් එම ප්‍රදේශය ආරක්ෂා කිරීමට රැදී සිටියා.

මිත්‍ර හමුදා ගොඩ බැසීම
පළමුව ගොඩ බෑ ග්ලයිඩර් යානය
අත්අඩංගුවට ගත් ඡර්මන් ss සෙබළුන්
ඒත් හැම දෙයක්ම හොදට උනේ නෑ, ඒක පාලමක් අත්පත් කිරීමට පෙර එය පුපුරවලා හරිනවා . සම්පුර්ණ මෙහෙයුමේ සාර්ථකත්වය රදා පවතින්නේ පාලම් ආරක්ෂා කර ගැනීමේ මත. ඒ වගේම ජර්මන් හමුදා අතට මෙහෙයුමේ සියලු තොරතුරු සටහන් පොතක් ලැබෙනවා. ඒ නිසා ඉදිරියට කලයුතු දෑ ගැන ඔවුන් දන්නවා.
මෙහෙයුමේ සැලැසුමක්
පාබල සේනාවට හිතපු තරම් ඉක්මනට යන්න ලැබෙන්නේ නෑ. මගදිගට ඔවුන් සටන් කරනවා. මොකද සියලුම පාබල හමුදා එකම පාරකින් තමයි යා යුතුව තිබුණේ. වැඩේ කොයිතරම් අමාරුද කිවොත් ඒ පාරට ඔවුන් කිවේ අපායට යන පාර “HELLS HIGHWAY” කියලා.
මේ අතර අර්නම් පාලමට ගිය සේනාවට ගොඩක් අමාරු සටන් කරන්න වුනා. අර්නම් පාලම අසලට පැමිණි සිටි බ්‍රිතාන්‍ය පළමු වන සේනාවේ සෙබළුන් ගේ නායකයා වූ Major General John Dutton (Johnny) Frost තම සෙබළුන් ඉතා හොදින් මෙහෙය වූයේ අර්නම් පාලම අසල සටන ලෝකයේ සිදුවූ හොදම සටන් වලින් එකක් බවට පත් කරමිනි. නමුත් දින දෙකකින් අවසන් කල හැකි යැයි කී මෙහෙයුම දිනෙන් දින කල් යන අතරම තම සෙබළුන්ගේ සැපයුම් අවසන් වේගන යන බව ඔවුන් දැන සිටි අතර ආධාරක සෙබළුන් හෝ තම සේනාවේ ඉතුරු කොටස එනතෙක් ඔවුන් සටන් කළා.
Major General John Dutton (Johnny) Frost
අර්නම් පාලම වර්ථමානයේ ජෝන් ෆ්රෝස්ට් පාලම
ඔක්කොම කතාව කිව්වොත් වැඩක් නෑ.ඉතින්, පාබල සේනාවට ඉක්මනට එන්න පුළුවන් උනාද අර්නම් වල සෙබළුන්ට මොකද උනේ කියලා ච්ත්‍රපටිය බලලාම දැන ගන්න.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
3,308 downloadsDownload A.Bridge.Too_.Far_.1977.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Captain Nobody” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Captain Nobody
Subtitles
25 comments
Lakshansilva18
Dulika_Chamodya
Good Idea !!
Dulika_Chamodya
Thanks Bro !!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ.....!
සහෝ පළවෙනිම සබ් එක කරන්න තෝරගෙන තියෙන්නෙ විශිෂ්ඨතම සිනමා සිත්තමක්....
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් පවුලට....
පුලුවන්නම් දිගටම මේ වගේ සබ් කරන්න මග ඇරුන පරණ උනත් හොද ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ...
දැන් පරණ ෆිල්ම් වලට සබ් දෙන අය හරිම අඩු උනත් ඒවා බලන්න කැමති අය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ....
ඔබට ජය.....!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ලහිරු (විනෝ)
සුපිරි ආරම්භයක් මචන්...ඉදිරියටත් කරන් යන්න
ජය වේවාRC Nethsara
superb....no words to tell....!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
සබ් එකට බොහොම ස්තූතියි බ්රෝ ඒ වගේම පළවෙනි සබ් එකට සුබ පැතුම්.. පලවෙනි සබ් එක කියල නෑ සුපිරි ලිපියක් ලියල තියනව.. තමන්ගෙ වැඩත් කරගෙන වෙලාව තියන හැටියට සුපිරි ෆිල්ම්වලට සබ් කරන්න..
තෙරුවන් සරණයි.!
ජය වේවා.!Kanchana
Thanx saho
ranga11112
thanks bro..niyama kathawaa...
visartnadeera
UPASIRASIYATA BOHOMA PIN....JAYAWEWA
Sandaru
Thanks for the sub good luck bro
jagath55
Thanks
madhusankha
Thanks bro.....
rangakushan
If it is your first effort I would like say it is excellent.
Priyantha Dayakeerthi
පළමුවෙනි සිංහල උපසිරසියට සුබපැතුම්! හැකිනම් 1960 වර්ෂයේ තිරගත වූ Spatacus සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරසි ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමි! එකළ එය ඉතාමත්ම ජනප්‍රිය සිනමාපටයක් වී ඇත. ඔබට ජය!!!
akalankagayan
Thnx ........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo subata
jkdsandanuwan
Thanks bro
chamara.j.bandara
1080p bluray downlod karanna torrent nadda.
brawo2zero
Go to RARBG Torrents.
sandharu
THanks brooo
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Waruna Kamalawansha
පට්ට... බොහෝම ස්තූති
Advertisement
උපසිරිසියට බොහොම ස්තුති ww2 movies walatama sub denna