ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ ජූනි 28 වන දින තිරගත කිරීම ආරම්භ කල Action ගණයට අයත් වෙන IMDb 5.2 ක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ වෙන ජන්ග් ටේ යොන්ග් ට පණ පොවන්නෙ හැමෝම දන්න අනන්තෙන් ආපු තරු කුමාරය තමයි. ඒ කියන්නෙ කිම් සූ හ්යුන්. මේ චිත්‍රපටිය අත…

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ ජූනි 28 වන දින තිරගත කිරීම ආරම්භ කල Action ගණයට අයත් වෙන IMDb 5.2 ක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ වෙන ජන්ග් ටේ යොන්ග් ට පණ පොවන්නෙ හැමෝම දන්න අනන්තෙන් ආපු තරු කුමාරය තමයි. ඒ කියන්නෙ කිම් සූ හ්යුන්. මේ චිත්‍රපටිය අති සාර්ථක චිත්‍රපටියක් වෙයි කියල තමයි මමත් අනිත් හැම දෙනාමත් හිතාගෙන හිටියෙ. ඒත් හැබැයි මේ චිත්‍රපටියෙ තියෙන සංකීර්ණ බව නිසා සහ තේරුම් ගැනීමේ අපහසුව නිසාම වෙන්නට ඕනෙ කිසිම කෙනෙක් නොහිතපු විදියෙ අඩු රේටින්ග්ස් මේකට ලැබුනෙ. හැබැයි මේ චිත්‍රපටිය මනසින් බැලුවොත් නම් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මටත් හරියටම තේරුම් ගියෙ දෙවැනි පාර බලද්දි තමයි.
හැබැයි මේ නිර්මාණයේ ක්‍රියාදාම වලින් නම් අඩුවක් නැහැ. ඒ හේතුව නිසාම සහ කුතුහලය නිසා මේ චිත්‍රපටිය බලන්න මම ආරාධනා කරනවා. ඉතින් සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි.. ජන්ග් ටේ යොන්ග් කියන්නෙ එකම ශරීරයක ආත්ම දෙකක් එහෙමත් නැතිනම් පෞර්ෂ දෙකක් තියෙන රෝගියෙක්. එක පෞර්ෂයක මෙයා අති සාර්ථක කැසිනෝ එකක අයිතිකාරයෙක් වගේම මැරයෙක්. ඒ වගේම තමයි විශේෂ මත් ද්‍රව්‍යයකටත් මෙයා ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙයාගෙ අනිත් පෞර්ෂය ස්වාධීන වාර්තාකාරයෙක් හැටියට තමයි පෙනී සිටින්නෙ. ඒ කියන්නෙ මෙයා අපරාද හොයාගෙන විමර්ශනය කරලා ඒක ප්‍රවෘත්ති හැටියට නාලිකාවලට විකුණනවා. ඉතින් මේ මැර ජන්ග් ටේ යොන්ග්ට ඕනෙ වෙනවා මෙයාගෙ අනිත් පෞර්ෂය නැති කරල දාන්න.එහෙමත් නැතිනම් මරල දාන්න.හැබැයි මෙයා දිවිනසා ගන්නෙ නැතුව ඒ පෞර්ෂය නැති කරන්න විදියක් නැහැ.නමුත් මෙයාගෙ දොස්තර මෙයාට වෙනස්ම විදියෙ අදහසක් දෙනවා. කොහොම හරි මේ වැඩේ හරි ගියා කියල තමයි ජන්ග් ටේ යොන්ග් හිතන්නෙ.ඒ වුනාට එයාගෙ අනිත් පෞර්ෂය වෙන කෙනෙකුගෙ ශරීරයකින් මතු වෙලා මේ ජන්ග් ටේ යොන්ග්ව හොයාගෙන එනවා. මෙයා එන්නෙ ලොකු අනතුරකට පත් වුණු කෙනෙකුගෙ සිරුරකින්. මෙයාගෙ මූණ සම්පුර්ණයෙන්ම විනාශ වෙලා නිසා මෙයාට ප්ලාස්ටික් සැත්කමක් කරනවා.ඒ සැත්කම කරන්නෙ ජන්ග් ටේ යොන්ග්ගෙ මූණ තියෙන විදියටමයි. ඒ වගේම තමයි කටහඬ පවා අනිත් ජන්ග් ටේ යොන්ග් වගේ හදා ගන්නවා.
ජන්ග් ටේ යොන්ල දෙන්නම තමන් තමයි ඇත්තම කෙනා කියල හිතාගෙන ඉන්නෙ.ඉතින් හැබෑම ජන්ග් ටේ යොන්ග් කවුද? මේ විශේෂ මත් ද්‍රව්‍ය මොකක්ද? අන්තිමට කවුද ඉතුරුවෙන්නෙ කියන එක බලලම තේරුම් ගන්න කියල මම ඉල්ලනවා. කතාව තේරුණේ නැතිනම් මට බනින්න එහෙම එපා හොඳද? එහෙනම් අදට ගිහින් එන්නම්. බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,931 downloadsDownload Real-2017.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
34 comments
malith
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
Udara Damith Dissanayaka
එල
එල
මොකෝ මේක 18 + දාලා තියෙන්නේIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Thirst (2009) ෆිල්ම් එකටත් සබ් දෙන්න
ජය වේවා!Ashanherath
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
harshani11112
ස්තුති කැලුම් සහො ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!madushangamage
thankes bro....
Ravindra.kunara
Thanks..
Haashan Dhanushka
thnxxxx
DLS
මාත් දැන් ඇබ්බැහි වෙලා ඉන් නෙ..... කොරියන් ෆිල්ම් වලට....
thanx..... bro......................samildilshan
Aniwa
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Aruna Amarasinghe
thanks macho..
krishuoc
බොහොම ස්තූතියි....
Maneth
Thank u.marama amarui tama meka terum ganna
Ashan Maduranga
sub ekata thank you wewa machan good luck
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!dhanush4343
ඔන්න 2000 වෙනියට සබ් එක මං ගත්තා...තෑන්ක්ස්
kalanamadubashana
thank bro...
Rashmika dumidu
Thanks
A Mune Munasinghe
විස්තරය කියෙව්වම්න්ම් ආසා හිතුනා... ඉස්තුත්යි.. සහෝ ගේ මහන්සියට.... ටොරන්ට් ලින්ක් එකක් සොයාගන්න නැතෝ..
Juanluis
✔❤
Dimuth
Thanks bro
Milindapriyalal
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Krishani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ela