හැමදෙනාටම ආයුබෝවන්.මම අද ඔයාලා එක්ක එකතු වෙන්නේ 250 වෙනි වාරය වෙනුවෙන්. ඇත්තටම මීට කලින් එක කඩ-ඉමකදිවත් මම විශේෂයෙන් කියලා නිර්මාණයක් තෝරගත්තේ නැහැ. ඒත් මේ වතාවේ විමුක්ති මල්ලි (විමා) යෝජනාවක් කලා 250 වෙනුවෙන් විශේෂ නිර්මාණයක් කරමු කියලා. ඉතිං චිත්‍රපටි ගොඩක් හෙව්වා ලස්සනයි කියලා තෝරගත්ත ගොඩක් ඒවාට…

හැමදෙනාටම ආයුබෝවන්.මම අද ඔයාලා එක්ක එකතු වෙන්නේ 250 වෙනි වාරය වෙනුවෙන්. ඇත්තටම මීට කලින් එක කඩ-ඉමකදිවත් මම විශේෂයෙන් කියලා නිර්මාණයක් තෝරගත්තේ නැහැ. ඒත් මේ වතාවේ විමුක්ති මල්ලි (විමා) යෝජනාවක් කලා 250 වෙනුවෙන් විශේෂ නිර්මාණයක් කරමු කියලා. ඉතිං චිත්‍රපටි ගොඩක් හෙව්වා ලස්සනයි කියලා තෝරගත්ත ගොඩක් ඒවාට සිංහල උපසිරැසි කලින් දීලා. තවත් ඒවා දුක වැඩියි. ඉතිං සෑහෙන වෙලාවක් ගියා මේ චිත්‍රපටිය තෝරගන්න. ඒ වෙනුවෙන් උදව් කරපු විමුක්ති මල්ලිටත් මම ස්තූති කරනවා. ඔයාලත් මේකට කැමති වෙයි කියලා මම හිතනවා. මම මේ කරපු උපසිරැසි 250 අතරේ ගොඩක්ම තියෙන්නේ කොරියානු නිර්මාණ. අලුත් භාෂාවක්, අලුත් පරිසරයක් නිසා ඒ නිර්මාණ වලට මම කැමති වුනේ. ඔයාලත් ඒ හැම නිර්මාණයක් එක්කම එකතු වුන එක ගැන මම ස්තූතිවන්ත වෙනවා. හැම නිර්මාණයකදිම අදහස් දක්වපු, උපසිරැසි ලබා ගත්තු හැමදෙනාටම ගොඩක් ස්තූතියි. ඒ වගේම සමහර වෙලාවල් වලදී උපසිරැසි දෙන්න පරක්කු වුනාම ඒ වෙනුවෙනු ඉවසලා හිටපු ඔයාලටත්, කාලය ලබාදුන්න ඇඩ්මින් මඩුල්ලටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අසනීප තත්ත්වයක් නිසා මාස ගණනක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා හිටියත් ආයෙමත් මාව සුපුරුදු ලෙංගතුකමින්ම පිලිගත්ත ඇඩ්මින් මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටත් ගොඩක් ස්තූතියි. එහෙනම් මෙච්චර කල් හිටියා වගේම ඉස්සරහටත් මගේ නිර්මාණ බලන්න, ඒ වෙනුවෙන් අදහස් දක්වන්න කියලා මම ඔයාලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. තව තවත් නිර්මාණ බයිස්කෝප් අඩවියට ගේන්න සහය මෙන්ම කාලය ලබාදෙන්න කියලා මම ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලන අතර සෑම දෙයක් වෙනුවෙන්ම ආයෙමත් සැමදෙනාටම ස්තූතිවන්ත වෙනවා.. බුදු සරණයි!!

ඉයොන් වූ කියන්නේ බොහොම තද තීරණ ගන්න නීතීඥවරියක්. හරි වැරැද්ද ගැන නොබලන එයා තමන්ගේ සේවාදායකයගෙ පැත්ත දිනවන එකයි කොයිවෙලාවෙත් කරන්නේ. එහෙම දිනවද්දි සාධාරණ පැත්තට වැරදි සිද්දවුනත් ඇය ඒ ගැන තැකීමක් කරන්නෙ නැහැ. එක දවසක් ඉයොන් වූ අනතුරකට ලක් වෙනවා. ඇත්තටම ඒ අනතුර වෙන්නේ ස්වර්ගයට වුන වැරැද්දක් විදිහටයි. වැරදීමකින් තමයි ඔවුන් ඉයොන් වූව ස්වර්ගයට ගෙනියන්නේ. ඉතිං ඉයොන් වූ ආයෙමත් තමන් හිටපු ජීවිතේට එන්න නම් එයා මාසයක් වෙනත් කෙනෙකුගේ පවුලේ ජීවත් වෙන්න ඕනෙ වෙනවා. කවදාවත් ආදරේ, පවුල් ජීවිතේ, දරුවෝ ගැන කැමැත්තක් නොදක්වපු සැපපහසු ජීවිතයක් ගත කරපු ඉයොන් වූට මාසෙම ජීවත් වෙන්න වෙන්නේ දරුවො දෙන්නෙක් ඉන්න සාමාන්‍ය පවුලක අම්මා කෙනෙක් විදිහටයි. ඉයොන් වූ මේ මාසෙ කොහොම ගත කරයිද… බලන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
3,380 downloadsDownload Wonderful.Nightmare.2015-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
65 comments
Krishan NiShalya
Chami.S
Congratulations sis..
Thawa thawath upasirisi labadeemata dhairya shakthiya prarthana karanawa..විමා
මුලින්ම 250 වැනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභපැතුම් අක්කේ
250ක් කියන්නේ ලෙහෙසි නෑ
ඒ වගේම සයිට් එකේ තියෙන වෙනම ෆෑන් බේස් එකක් වෙන කොරියානු රසික පිරිස වෙනුවෙන් උපසිරසි කරන කෙනෙක්
කොල්ලොත් එක්ක කරට කර ඉඳලා සබ් කරන කෙල්ලෝ දෙතුන් දෙනාගෙන් කෙනෙක්
සෑහෙන කාලයක් තිස්සේ වැඩේ කරගෙන එනවාඒ වගේම ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා කියලත්
කරන කියන සෑම වැඩ කටයුත්තක්මත් සාර්ථක වේවායි පතනවා
ඒ වගේම වැඩක් බාරගත්තම වගකීමක් ඇතුව කලට වෙලාවට වැඩේ හරියට කරන කෙනෙක් වගේම
කතාවකට සබ එකක් කරන්න ඉල්ලුවම අපිට නැතුව කතාවක් බාරදෙන්න දෙපාරක් හිතන්නේ නැතිව බාරදෙන්න පුළුවන් එලම උපසිරසිකරුවෙක්
එහෙනම් අක්කේ 300 වැනි කඩයිමත් ඊළඟට සමරමු
ජයෙන් ජය :Dtharidu sagara
250 වැනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභපැතුම් අක්කේ
ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය ට පත්වෙන්න කියා සුභ පතමි…
තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා !
එහෙනම් අක්කේ 300 වැනි කඩයිමත් ඊළඟට සමරමු
ජයෙන් ජයTHE NEW FOLDER
හදවතින්ම සුබ පතනවා 200 වෙනි කඩයිම වෙනුවෙන්. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි...................................
THE NEW FOLDER
හදවතින්ම සුබ පතනවා 250 වෙනි කඩයිම වෙනුවෙන්. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………..
Ravindu Dananjaya
Thanx broo ada movie ekak natiweida kiyala hitan idiya gedara inna dawase thanx for sub direct link ekat ikmanata danooo
baiscope_chandima
නියමයි සුභ පැතුම්,,, 300 ඉක්මනටම කරන්න ලැබේවා,
ස්තුතියි ඹබකරනා සේවයටදිල්ශාන් සචින්ත
250*ට සුභපැතුම් අක්කියෝ දිගටම සබ් දෙමු
Ravindu Dananjaya
Plzz direct link eka dannako baicecopdownlods eke
Ravindu Dananjaya
Plzzz direct link eka dankooo
Nimach273
Thanks sub akata. suba patum 250.....akth digatm apita hoda sub danna . jaya wewa
Tharaka
250ට සුභ පැතුම්! සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Buddika Manaram
250ta suba pathum,,250ta thora gatha ekath niyamai..aye parak balanawa bohoma sthuti sahodari
Buddika Manaram
250ta suba pathum!!!! 250ta thoragatha eka niyamai aye balannam ko bohoma sthuti sahodari
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
250 ට හදවතින්ම සුභ පතනවා
ජයAshanherath
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!Kulanjana Maduranga
welldone….Hat off Respect Sis….really appreciate your works & Lot of thanks KANISHKA Sis.wish u’r great future…..
harshani11112
ස්තුති කණිෂ්කා සහොදරී.....
Anujaya chathuranga
250ට සුභ පැතුම්! සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
widuranga
250ta subapathum ikmanata 300th gahamuuu
thanx sub waltaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතීීයිී උපසිිරසිියට... ..........
Nilush Angana
Sub ekata thanx
thanujamilandi
250 weni sub ekata suba pathum... thawa thawath idiriyatama yanna labenna kiyala wish karanawa... thank you me sub ekatath..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
250ට සුභපැතුම්thanujamilandi
250 weni sub ekata suba pathum... thawa thawath idiriyatama yanna labenna kiyala wish karanawa... thank you me sub ekatath..
SAjith Anthony
250 වෙනි උපසිරැසියට සුහ පැතුම්...!!
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sajiya99
Ela akke
James DC
250 වෙනි උපසිරසියට සුභ පැතුම්...
Bebzzz
Congrats Sis
Helili Hemamali
උණුසුම් සුබ පැතුම් අක්කේ! මම අක්කා උපසිරැසි කරපු
ටෙලි කතා සේරම වගේ බලලා තියනවා. අක්කගෙ රසිකාවියක් විදියටත්, බයිස්කෝප් පවුලෙ සාමාජිකාවක් විදියටත් අපට තව ගොඩාක් කොරියන් කතා ගේන්න කියලා ඉල්ලනවා ඔන්න.Ishan Madusha
250 උපසිරැසියට සුබපැතුම්
බොහොම ස්තූතියිsasala
thanks akki
N_R
Thanks.
Achi
තැන්ක්ස් අක්කා අපි වෙනුවෙනුවෙන් සබ් කරනවට...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ් 500ක් දෙන්න ලැබේවා..ජය
Kantha_DLA
Film eka beluwa..
harima lassana kathawak..
hemotama balanna kiyanawa..
Me wage lassana film digatama denna sis.......Viraj
250ta suba pathum. sub ekata thanks akke. jaya wewa!!
හසන්ත වික්‍රමරත්ත
250 වෙනි උපසිරසට සුබපැතුම්!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.......!
ඒ වගේම 250 වෙනි කඩඉමටත් සුබ පැතුම්......!SanjulaJeter
thanks
Soori
උපසිරැසට බොහෝම ස්තුතියි කනිෂ්කා නංගියෝ....
මමත් මේ උපසිරැසි 250ම බලලා ඇති.
ඉතින් අපිට ලබා දුන් ඒ රසවින්දනය වෙනුවෙන් ඔබට නැවතත් ස්තුතියි.
පතන්නා වූ ඔබගේ යහපත් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා යි පතමි.
ජය...!!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
ඒ වගේම කඩඉම් සබ් එක වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්.
ඔයාලගේ මහන්සිය හා උත්සාහය මෙන්ම අපි වෙනුවෙන් කැප කරපු කාලය නිසා තමයි බයිස්කෝප් සයිට් එක අද මේ වගේ තැනක තියෙන්න හේතුව.
ජයෙන් ජය.isuru dilshan
250වෙනි උපසිරැසියට සුභ පැතුම් අක්කේ!!! පෞද්ගලිකව කොරියානු නිර්මාණ එතරම් නරඹන්නේ නැතිවුවත් කොරියානු නිර්මාණ එක්ක එකතුවෙන ප්‍රේක්ෂක පිරිස වෙනුවෙන් අක්කා කරල තියෙන සේවය ප්‍රශංසනීයයි..ඉදිරියටත් උපසිරැසිකරණයේ නියැලෙන්න හැකිවේවායි ප්‍රාර්තනා කරනවා..ජය!!!
KH2130
thank you !!
ශසිත් සඳරුවන්
250 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් අක්කේ...
කොරියානු චිත්‍රපට, සීරීස් නරඹන අය වෙනුවෙන් ගන්නා වෙහෙසට බොහොම ස්තූතියි.
තවත් නිර්මාණ අරන් එන්න, කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!malith
Thank you
ප්‍රණීත් චින්තක
කොරියන් කතා බලන්නේ නැති වුනත්, තමුන් කැමති අංශයෙන් විදෙස් භාශාවක් සිංහලට හරවලා රසික රසිකාවියන්ට කොරියන් චිත්‍රපට කතා මාලාවන් අර්ථාන්විතව සමීප කරගෙන යන මේ ගමනේ කඩයිම වෙනුවෙන් උණුසුම් සුබපැතුම්.
මේ විදියට දිගින් දිගටම උපසිරැසි නිර්මාණය කරන්න කාල වේලාව වගේම හැකියාවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
arunaprasad
jaya wewa...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තූති අක්කේ මඟ නතර නොවී මේ තාක්දුරට ඔබගේ කාලය ශ්‍රමය වැයකරලා අනෙක් අය වෙනුවෙන් කරන සේවයට..
ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය ට පත්වෙන්න කියා සුභ පතමි...
තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා !