Watch Trailer

Rear Window (1954) | හිත ඇත්නම් පත කුඩාද… [සිංහල උපසිරැසි සමඟ]

[box]Psycho චිත්‍රපටයට පසුව මම ඔයාල වෙත අරන් එන ඊළඟ Hitchcock චිත්‍රපටය තමයි “Rear Window”. සෑම හිච්කොකියානු චිත්‍රපටයකම වගේ මේ සිනමාපටයත් මුල සිට අග දක්වාම කුතුහලයෙන් සහ විශ්මයෙන් අනූනව ගලාගෙන යනවා. ඒ වගේම රන්වන් කෙසැති සුරූපිනියගේ වික්‍රමයත් ඔබට දැකගන්න පුලුවන්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අනතුරකින…

Rear Window (1954)Psycho චිත්‍රපටයට පසුව මම ඔයාල වෙත අරන් එන ඊළඟ Hitchcock චිත්‍රපටය තමයි “Rear Window”. සෑම හිච්කොකියානු චිත්‍රපටයකම වගේ මේ සිනමාපටයත් මුල සිට අග දක්වාම කුතුහලයෙන් සහ විශ්මයෙන් අනූනව ගලාගෙන යනවා. ඒ වගේම රන්වන් කෙසැති සුරූපිනියගේ වික්‍රමයත් ඔබට දැකගන්න පුලුවන්.

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අනතුරකින් පාදය බිඳීගොස් ඇඳට සීමාවී සිටින මැදිවියේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්ට මුහුණපාන්නට සිදුවෙන සිදුවීමක්. තමාට සිදුවූ අකරතැබ්බය නිසා සමාජ ඇසුර මගහැරීගිය ඡායාරූප ශිල්පි ජෙෆර්ජිව හමුවෙන්නට පැමිණෙන්නේ රක්ෂණ සමාගම් හෙදියක් වන ස්ටෙලා සහ ඔහුව විවාහ කරගැනීමේ අදහසින් ඔහුව හමුවීමට එන සුරූපී නිරූපිකාව ලීසා පමණයි. ඉතින් අපේ වීරයා කාන්සිය මගහරවා ගැනීමට කරන්නේ තම කුටියේ ජනේලයෙන් දකින්නට ලැබෙන අසල්වැසියන්ගේ තොරතුරු තම දුරදක්නයෙන් විපරම් කිරීමයි.

ඉතින් මෙහෙම අසල්වැසියන් ගැන ඔත්තු බලන අපේ වීරයාට මිනීමැරුමක් ගැන සැක පහලවෙනවා. මේ ගැන මුලදී නොසලකා හැරියත් තම මිතුරියන් දෙදෙනාටත් මේ බව එත්තුගන්වන්නට අපේ වීරයාට හැකිවෙනවා. මේ අභිරහස විසඳීමට තම පැරණි මිත්‍රයකු වන රහස් පරීක්ෂක ඩොයිල්ගේ සහය පැතුවත් ඔහුගෙන් ලැබෙන්නේ අවඥාසහගත කරුණු දැක්වීම් විතරයි. රහස් පරීක්ෂකයා උදවු ලබාදීම ප්‍රතික්ෂේප කලවිට ජෙෆ්ගෙ සහයට එන්නේ අපේ වීරවරිය ලීසා. ඉතින් ලීසාගෙ සහයෙන් අපේ වීරයා කොහොමද රෝදපුටුවක් උඩට වෙලා මේවගේ භයානක අපරාධයක් විසඳන්නේ, ඔයාලට බලාගන්න පුළුවන් වේවි “Rear Window” රසවින්දොත්.

IMDB දත්ත සමුදායේ ලකුණු 8.7ක් ලබාගෙන හොඳම චිත්‍රපට 250 අතර 28වන තැන රැඳී සිටින මේ චිත්‍රපටය Rotten Tomatoes වෙබ් අඩවියේ 100%ක විචාරක ආකර්ෂණයක් දිනාගෙන කුණුතක්කාලි අතර නැවුම් බව රඳවාගෙන තිබෙනවා. ඒ වගේම වසර 100ක ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ වඩාත්ම ත්‍රාසජනක චිත්‍රපට සියය අතරින් 14 වන ස්ථානය දිනාගෙන තිබෙනවා.

Rear Window (1954) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න 93df52d5ec185d4e3cf6cc7a7f72b2e8c6151b12 700 MB කොපිය මෙතනින් බාගන්න 9a022798a8d5a0c62f54eb8dacee855e692188fe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,353 downloadsDownload Rear.Window.1954.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සචිත්-රූපසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් රූපසිංහ” සොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් රූපසිංහ

Subtitles

1,353 downloadsDownload Subtitles101 KB

61 comments

  1. Blackhatlk

    තෑන්ක්ස් සහෝ

  2. geeth

    patta patta supiri film akak wage

  3. tharanga

    ලොවෙත් නෑ මචං මේවා තමා ෆිල්ම්ස් සුපිරි... දිගටම සබ් දෙන්න,..

  4. chami

    thnxxxxxxxxxxxxxxxx

  5. elakiri

    එල මචං කතාවේ හැටියට එක දිගට බලන්න පුළුවන් රහස් පරීක්ෂක කතාවක් වගේ.නියමයි දිගටම සබ් දෙන්න ලැබේවා!

  6. wow

    wow... maru :D

  7. උදාර

    ජය වේවා බාන්න දැම්ම

  8. quik

    thanks

  9. එරංග

    එලස් මචෝ පට්ටම එකක් නේ ගෙනැත් තියෙන්නේ..

  10. amilatk

    jayen jayama wewa!!!1

  11. උදාර

    පට්ට හොදේ දිගටම සබ් දෙන්න

  12. mihin ලංකා

    බොහොම පින්

  13. zumo man

    elazzz thnxzzzz

  14. naleen

    gr8 film :D tx

  15. rusuru | රුසිරු

    සුපිරිම කතා තමා හිච්කොක් ගේ ඒවා, මෙයාගේ අනිත් ඒවාත් ඕනේ. මචෝ. ජයම පතනවා.

  16. shann

    නියමයි... තුති

  17. ganidu

    තෑන්ක්ස් වේවා!

  18. Fernando

    shaa,,, ela kiri film akak..

  19. විමුක්ති

    මේ වගේ පරණ සුපිරි ෆිල්ම් වල sub දීලා ඔයාල කරන්නේ සුපිරිම වැඩක් ඇත්තම කියනවනම් මම මේ site එකෙන් film 50 ක විතර sub බාලා අද තමා comment එකක් දැම්මේ

  20. lahiru

    patta machan...

    thanks...

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  22. SLUTD

    ela ela ha

  23. vernie

    maru ekak wage

  24. uda

    මේවා තමයි සුපිරි චිත්‍රපටි! කිව්වත් වගේ මම මෑතක දුටුවා, එක්තරා වෙබ්පළක හිච්කොක්ගේ සිනමා රීතීන්ගේ ආභාෂය ලැබූ ඇගයිය හැකි මට්ටමේ චිත්‍රපටි 10ක් ගැන තොරතුරු දක්වා තිබෙනවා වෙසෙසින්ම. ඒ ගිය වසරේ තිරයට ආ Hichcoc (2012) යන චිත්‍රපටය සමගාමීව සිදු කෙරුණක්. ඉතින් ගිය වසරේ මොහුගේ ජීවිතය හා ඇළැලුණු සිදුවීම් සහිත චිත්‍රපට 2ක්ම තිරයට ආවා වගෙයි මගේ මතකය.

    හැකිනම් ඒවාත් අප වෙනුවෙන් අරගෙන එන්න කියන ඉල්ලීම කරනවා සහෝ! මේ වගේම හැකිනම් ස්වීඩන මහා නිර්මාණකරු Ingmar Bergman ගේ සහ රුසියානු මහා නිර්මාණකරු Andrey Tarkovsky ගේ චිත්‍රපටත් රැගෙන එන්නට හැකිනම් වටිනවා. ඔවුනගේත් තිබෙන්නේ තමනටම ආවේණික භාවිතාවක්. ඒ වගේම ලෝක සිනමාවට නව මානයක් මුසු කරන්නට සමත්කම් පෑ අති විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක්. කවුරුන් හෝ ඒ සම්බන්ඬ්අවත් අවධානය යොමුකරනවානම් අපේ මේ බයිස්කෝප් විබපළ වින්දනයෙන් ඔබ්බට ගිය අධ්‍යයන මධ්‍යස්ථානයක් බවට පෙරළා ගත හැකි වෙනවා අපට.

    ඉතින් මේ වෙනුවෙන් බොහොම තුති සහෝ. මේවා පැරණි නිසා අපේ හුග දෙනෙක් මේවා දකින්නේ දණිස්සට පහළින්. ඉතින් ඒවායේ ඇත්තටම තිබෙන අගය ගැන මේ විදිහට අපව දැනුවත් කරනවාට බොහොම සතුටුයි! ජය!

  25. Dhanuka

    Thank u very much brother.

  26. samith

    thankssss

  27. නලියා

    නියමයි රුපේ .. පට්ට පතුරු මුවි එකක් නේ

    මෙවගේ එවා තව ගෙනේන් සහෝ

    ජය වේවා..

  28. Pri

    THANKS A LOT

  29. Naween

    ela ela maxxaa..goda dawasakin ennath bari unaa.....250 n ekak nam aniwaa balanawa...jya wewaa!!!!

  30. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට

  31. සමීර කරුණාරත්න

    බොහොම අගෙ සචිත් හිච්කොක් තව අතිශය සුපිරි බයිස්කෝප් එකක් සිංහල උපසිරැස එක්ක අපි වෙත අරගෙන ආවට. Psycho උපරිම රසවින්ද බවත් නොකියාම බැහැ. මෙයත් ඒ වාගේම අනගි බයිස්කෝප් එක්ක බවට සැකයක් නැහැ. පොඩි කොපිය මසුරන් හොදේ. එහෙනම් බොහොම ස්තුතියි උපසිරැසට, නැවත හොදම සිනමා නිර්මාණයක් ඉක්මනින් අප වෙත ගෙන එන්න කියලා ඉල්ලනවා.... පරණ එකක් වුනාට කමක් නැහැ හොදේ....!

  32. IsuruD

    Ela ela

    thnx bro

  33. කේ.යු.ජී.උදාර

    උපරිමයි සචිත්............
    උදා කියල තියෙන දෙන්නගෙ ‍ෆිල්ම්ස් ටිකකුත් දෙන්න පුළුවන් නම් මසුරන්. කොහොමවුණත් සචිත් තව ටිකක් හිච්කොක් සහ රායි පස්සෙ එළවනවා දකින්න මං ආසයි.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  34. “චූටී මල්ලි”

    එලනෙ
    පහරක් වගේ...
    තව දෙන්න මේ වගෙ ලස්සන ඒවාට
    ඔබට ජය.....

  35. sampath

    thnxx bro!!!

  36. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ ඔයා ගේන්නෙම සුපිරි කතා,එල එල,ජයවේවා.

  37. mudiya / මුදියා

    ලිපියෙ තියෙන විදිහට ලොවෙත් නැති පට්ටම සුපිරි මහරක්නෙ.Psycho ෆිල්ම් එකත් බැලුවෙ ඊයෙද පෙරේදද කොහෙද.මරු ඒකත්.නියමයි සචිත්.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  38. Isuru Dimantha

    thamkz me wage maxxa film walata subtitle denawata

  39. දිනිඳු සම්පත්

    නියම කතාවක් වගේ. මමත් බාගන්නවා ඔන්න. බොහොම ස්තූතියි සචිත් සහෝ. ජයවේවා!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් නොවැ. ජය෴෴ :P :P

  41. Sachith

    @Uda
    Ingmaar Bergman, Tarkovskiගෙ සිනමාවන් රසවිඳින්න තවමත් අපේ සහෘදයින් සූදානම්ද කියල මට සැකයි සහෝ. කොහොම උනත් අදහසට ස්තුතියි. මම හිතන්නේ ඊට කලින් Stanly Kubrikව කට්ටියට හඳුන්වල දුන්නොත් හොඳයි කියල. ස්තුතියි අදහසට.

    1. විමුක්ති

      එහෙනම් කුබ්රික් ගේ shinning මුලින්ම දෙන්න

  42. Rashmika

    Thanks lot bro..digtma sub denna!!!

  43. Uvindu sathsara

    thanks mate

  44. Darshana

    Super, මෙ වගෙ ෆිල්ම් තමයි ඔනෙ

  45. uda

    ඔය 622ක් සබ් එක අරගෙන තියෙන්නෙ :D හැබෑටම හොද වැඩක් සහෝ! වටිනවා...

    @ සචිත් රූපසිංහ
    නියමයි සහෝ, ඔයාගේ ඒ තේරීම නියමයි! ඔන්න රාවයක් යනවා ඔහුගේ ජනකාන්ත නිර්මාණයට පෙරබැදි සිනෙරුවක් හැදෙන්නට යන බවට. තවමත් සනාථ වෙලා නෑ. හරිහමන් විස්තරයක් නෑ. පැහැදිලි තොරතුරු ලැබුණ සැණින් මංසලේ ඇති! ජය!

  46. රාම් රාජ්

    බැලුවා නියම ෆිලම් එකක්.ස්තූතියි.

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. අබා

    ස්තුතියි සචිත් සහෝ

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. hasitha

    Maxxa ayya !!!!! GO AHEAD

Load more comments