Watch Trailer

Seethamma Vakitlo Sirimalle Chettu (2013) Sinhala Subtitles | මිනිසත්කමේ බැදීම.. [සිංහල උපසිරැසි සමඟ]

2013 ජනවාරි 11 වෙනිදා නිතුත් වුන තෙලුගු සිනමාවේ මේ අවුරුද්දෙ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට අතර තියෙන Seethamma Vakitlo Sirimalle Chettu චිත්‍රපටියත් අරගෙන ඔයාලා හමුවෙන්නයි මේ සූඳානම. IMDb අගය 7.6/10 ලබාගන්න සමත් වුන සුපිරි චිත්‍රපටයක් තමා අද අරන් ආවේ. මුලින්ම චිත්‍රපටිය මට ලබා දුන් අපේ විකියා සහෝට මම…

2013 ජනවාරි 11 වෙනිදා නිතුත් වුන තෙලුගු සිනමාවේ මේ අවුරුද්දෙ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට අතර තියෙන Seethamma Vakitlo Sirimalle Chettu චිත්‍රපටියත් අරගෙන ඔයාලා හමුවෙන්නයි මේ සූඳානම. IMDb අගය 7.6/10 ලබාගන්න සමත් වුන සුපිරි චිත්‍රපටයක් තමා අද අරන් ආවේ. මුලින්ම චිත්‍රපටිය මට ලබා දුන් අපේ විකියා සහෝට මම ස්තුති කරන්න ඕනි. පොඩි පොඩි කරදර ටිකකට මුහුණ දෙන්න වුන නිසා උපසිරැසිය තරමක් ප්‍රමාද වුනාට හැමදෙනාගෙන්ම සමාවත් ඉල්ලනවා ඒ ගමන්ම. කොහොම වුනත් මේ චිත්‍රපටියෙන් අපිට සිනමාවෙ ප්‍රබල චරිත කීපයක්ම මුණ ගැහෙනවා. Venkatesh එතකොට Mahesh Babu වගේම Prakash Raj එක්ක Anjali, Samantha ඇතුළු තවත් හුරු පුරුදු චරිත රැසකින් සමන්විත වෙලා තියෙන මේ සිතුවම Srikanth Addala ගෙ අධ්‍යක්ෂණයක්.

“ඔයා මේ චිත්‍රපටිය බලන්න ඇවිදින් තියෙන්න පුළුවන් පවුලෙ අය එක්ක,
යාළුවෝ එක්ක ඔයාට හිනාවෙන්න පුළුවන්ද එහා අසුනෙ ඉන්න නොදන්නා පුද්ගලයෙක් එක්ක?
මේ මිනිත්තු 180 චිත්‍රපටයෙදි විතරක් නෙවෙයි,
හොඳ ආගන්තුකයෙක් පාරෙදි හමුවුනත්
එකිනෙකාට මිනිස්සු වගෙ හිනාවෙන්න පුළුවන් නම්
සමාජය ලස්සන වේවි! “

මේක අමුතුම ආරක කතාවක්. සමාජයෙ පුදගලයෙක් ජීවත් වෙන්න ඕනි හැටි පිළිබිඹු කරන රූපාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන් හිතට වදින කතාවක් තමා තියෙන්නෙ. පවුලක බැඳීම සතුට සිනාව ජීවිතයෙ දුෂ්කරතා මැඩගෙන ඉදිරියට යන්න මනා පිටුවහලක් වෙන හැටි තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. මිනිස්සු ජීවිතයෙ හැමදෙයම මුදල් කියල හිතාගෙන කටයුතු කරන කාලෙක එක යහපත් මනුස්සයෙක් තමන්ගෙ පවුල එක්ක සතුට සිනහව පදනම් කරගෙන ජීවිතය ගෙන යනවා. හැබැයි මෙයාගෙ ඥාති හැමෝම හොඳට සල්ලි හම්බ කරන අය. අර ලේසියෙන්ම කිව්වොත් එහෙම සල්ලි පස්සෙ දුවන මිනිස්සු අතර මිනිස්සු හම්බ කරගන්න මිනිසත් කම තියෙන මනුස්සයෙක්. හැබැයි ඉතින් මේ මනුස්සා අර සල්ලිකාරයන්ගෙ ඇසෙන් නම් විහිළුවක්, මෝඩයෙක්, දුප්පතෙක්. ඒත් අපිට අවසානයෙ දකින්න පුළුවන් මනුෂ්‍යත්වයද හොඳ මුදල්ද කියලා. මුදලට කරන්න බැරි බොහෝ දේවල් මනුෂ්‍යත්වයට කරන්න පුළුවන්ද කියලා.

“සාමාන්‍ය මනුස්සයෙක් විදිහට,
අපිට ආපහු මේ සමාජයට දෙන්න පුළුවන් මොකක්ද?
ආදරයෙන් පිරුණු පවුලක් මිසක්!
ඒකට වඩා හොඳ වෙන දෙයක් තියෙනවද?”

ඇත්තටම ගොඩක් ලස්සන ගොඩක් සංවේදි සිත්තමක් විදිහට Seethamma Vakitlo Sirimalle Chettu කතාව මම දැක්කෙ. මව් පිය දරු සෙනෙහස, සහෝදර බැඳීම, නෑ සබඳකම්, ආදරය, ගැන ලස්සනට හැඟීම් බර විදිහට සිත්තම පුරාම විසිරිලා තියෛනවා. ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකො කොහොමද කියලා. තව නිර්මාණයකුත් එක්ක ලඟදීම ඔයාලා හමුවෙන්නහිතාගෙන දැනට සමුගන්නම් මම. ඔබට ජය…!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

13,609 downloadsDownload Seethamma-Vakitlo-Sirimalle-Chettu-2013.zip220 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

කැලුම් රණවක

Subtitles

13,609 downloadsDownload Subtitles220 KB

81 comments

  1. එරංග

    පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා,,, බොහොම පින්

  2. SaDuN dAnUsHkA

    කැලුම් රණවක ඔයා නමි නියමයි..........

  3. Isuru

    elakiri macho digatama denna... thnxxxxxxxxxxxxxx

  4. chamath cafe

    ලොවෙත් නෑ මචං

  5. naleen

    thnxxxxxxxxxxxxxxxxxxxxxxx kalum

  6. wow

    wow... maru :D

  7. tharanga

    පට්ටම එකක් වගේ අනිවා නළුවෝ දෙන්නත් පට්ට බලන්නම ඕනේ ජයම වේවා!!!!!

  8. ganidu

    තෑන්ක්ස් වේවා!

  9. mihin ලංකා

    බොහොම පින් සහෝ

  10. chami

    thnxxxxxxxx

  11. amilatk

    jayen jaya!!!

  12. elakiri

    එළකිරි මචං මේක නම් සුපිරිම එකක් වගේ

  13. ccnp

    Thanks

  14. ගයාන්

    තැන්ක්ස්

  15. mihin ලංකා

    නියමයි මචං... :P

  16. sanjeewa

    නියමයි... ඔහොම යං.....

  17. shann

    පට්ට පතුරු සහෝ

  18. hh

    බාන්න දැම්ම.

    බොහොම පින්

    ජය!

  19. maleesha

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz thankzzzzzzzz you.............

  20. upali

    ela ela ela

  21. kalinga

    බොහොම තුති කරදර මැද්දේ සබ් දුන්න එකට. දිගටම සබ් දෙන්න අපි ඔයාලත් එක්ක හැමදා!

  22. akila

    නියමම වැඩක්.

  23. Sanda

    thanxxxxxxxxxxxxxxx.......................

  24. sameera nissanke

    ela ela sahoooooooooo
    keep it up....

  25. DARSHANA

    thanks macho, thawa telugu film deepan.jaya wewa.!

  26. eraNga

    අනිවා බැලිලක් මේක නම්... තෑන්ක්ස් සහෝට

  27. තුසිත

    thx sudda jaya wewa

  28. dj

    පට්ට්ට මචෝ

  29. nuraj

    thanks macho,

  30. Dilan-

    ela tx

  31. nuwan

    elama thamai machan. I lv thelingu movies....!

  32. නලියා

    ස්තුතියි රණවක සහෝ

    ජය වේවා

  33. lakshitha viraj

    මෙන්න film ...
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට ‍දෙන්න.......

    ජයෙන් ජය!!!

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  34. ns

    thanx....

  35. විදුර අධිකාරි

    බාගෙන තියෙන්නේ දැන් බලන්න විතරයි, ගොඩක් පින් යාලු ..

  36. “චූටී මල්ලි”

    එලනෙ
    සබ් දෙනවා වෙඩි වගේ
    ජුන්ඩන් සයිස් එකක් දුන්න එකනම් වටිනවා
    ඔබට ජය.....

  37. Eranda

    maxxa menna mamath down kola

  38. sanjeewa

    පට්ට මචන්.....

  39. සචිත උදාර

    එල එල... උපසිරැසට තෑන්ක්ස්...!

  40. Rajitha Abeysinghe

    ‍ෆිල්ම් එකක් බැලුවට පස්සේ මිනී මරාගන්න එකයි,ගහගන්න එකයි ඇරුනම ජීවිතයට යම්කිසි පාඩමක් ගන්න පුලුවන් මේ වගේ ‍ෆිල්ම් එකක් ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තුතියි සහෝ.

  41. Namika

    නියමයි සහෝ. එළම තමා. සමන්තා ඉන්නව නම් එකෙන්ම බානවා!

  42. Gembaa

    indiyawe demala parayange ewa ubalath rahakarakara balapan

  43. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  44. lakshitha viraj

    MAXXXXXXXXXa macho!!!

  45. Lakmal Dharmasena

    If you want.. I will give you dirrect link for torrent links

  46. bee

    bohma tnx onna bawa

  47. viraj

    supiriy yaluwa...aniwwaaa banawa..thanx machoo...

  48. achintha sameera

    ela kollek aluth ewatama sub denna balapan macho.supiri kollekneee.thanks sub ekata.jaya wewa»»»®

  49. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  50. $..Creative EYE..$

    ammata udu maru ne

Load more comments